වීදිදාස් වැඩමවීම

10 thoughts on “වීදිදාස් වැඩමවීම

  1. යූ ටියුබ් වීඩියෝ කෙලින්ම දාන්න පුළුවන්. වර්ඩ්ප්‍රෙස් උපකාරක පිටුවලට ගිහින් බලන්න. නොලැබුනොත් කියන්න.

    මේ චාරිත්‍ර මෙතරම් ගුප්ත ලෙස පවත්වාගෙන යන්නේ ඒ කාලයේ සිටම යම් බලවත් කෙනෙකුගේ රජුගේ/දෙවියන්ගේ/ප්‍රාදේශීයජන නායකයන්ගේ නියෝගයක් නිසා වන්නට පුළුවන්. ඉතාම විශ්මය ජනක දේවල් මේ පසුපස සැඟවී තිබෙන බවනම් පෙනෙනවා.

    කැමතියි

  2. මා ගැටළුවකට මැදිව ඇතිදැයි සිතමින් නොපැකිලව උපදෙස් දෙමින් මැදිහත්වන ඔබ තුමාට පින් දෙමි. මෙයින් පසුව එන ලිපිවලට අදාල වීඩියෝ කෙලින්ම දැමීමට උත්සාහ ගන්නෙමි.
    ඔබතුමා හරි. අතීතයේ පනවන ලද ඒ නියෝගය අද පවා වලංගුතාවෙන් කෙතරම් ඉහළ මට්ටමක පවතිනවාද යන්න විශ්මයක්! ඒවා මෙලෙස ගුප්ත ලෙස පවත්වාගෙන එන නිසාම පවතින සුන්දරත්වයෙන් මා වශිකර රඳවා ඇතැයි ඔබතුමාගේ කොමෙන්ටුව කියවූ විට සිතෙනවා. ඊනියා නවීකරණයකට ගොදුරු වීමෙන් දූෂනයට ලක් නොවී අතීත සම්ප්‍රදායේ සුන්දරත්වය එලෙසින් රැකී තිබෙන පුරාණ එතරවාකෝරළයේ ඇති දේවාල ගම්මාන හතරක් තවම ඉතිරිව තිබෙනවා. උග්ගල් අලුත්නුවර, සොරගුණය ,අම්මඩුව හා බොල්තුඹය යන හතරේම අදත් ඔබතුමා පවසන ගුප්ත ලෙස පවත්වන සාම්ප්‍රදායික චාරිත්‍ර දැකීමට තිබෙනවා.එසේ තිබෙන තැන් සම්ප්‍රදාය සංරක්ෂිතව ඇති වැදගත්කම අනුව අවරෝහණ ක්‍රමයට පෙළ ගැස් වූවිට මෙසේය. සොරගුණය,බොල්තුඹය, අම්මඩුව උග්ගල් අලුත්නුවර මේ එකිනෙක සම්ප්‍රදායයන් අතර පවතින වෙනස්කම් වලට වඩා සමාන කම් වැඩියි. ඒ නිසාම එකිනෙක ගම්මානවල ඇත්තන්ට අනෙක් දේවාලගමක වුනත් ඊට ගැලපෙන ආකාරයෙන් චාරිත්‍ර ඉටු කළ හැකි බව මේ ස්ථාන අතර රාජකාරි කාර ඇත්තන්ගේ සංචලනවීම පෙන්වා දෙන්නක්. ඒවා ආවාහ විවාහ නිසා ඇතිවී තිබෙන ස්ථාවර මට්ටමට පැමිණ ඇති අවස්ථා මෙන්ම තාවකාලිකව පෙරහර දිනවලට යාමෙන් පැවැත්වෙන හැටි අදත් දක්නට හැකියි.මේ චාරිත්‍ර වාරිත්‍ර පවත්වන්නේ ඒවා නරඹන අයගේ අවධානය ගැනීම පිණිස හෝ බස්නායක නිළමේතුමා වැනි තමාව පාලනය කරන්නට බලය ලැබූ පිරිස සතුටු කරන පරමාර්ථයකින් නොවන බව පෙනීයාම අති විශේෂත්වයයි. එය අදත් මේ ගැන විශ්මයෙන් සිතන්නට මග පාදා තිබෙනවා.

    කැමතියි

    • ගුණසිංහ මහතාණෙනි. අර වීඩියෝව දැම්මට පස්සේ මට දැනුනා, එහි අයිතිකරු, වෙනත් අඩවි වල ක්‍රියාත්මක කිරීමට බැරිවන ලෙස, එය සකසා ඇති බව. ඒකටත් විසඳුමක් හොයන්නම්.

      මටනම් පෙනෙන්නේ ඔබ අතගසා තිබෙන්නේ ජීවිතකාලය පුරාම යාහැකි අපූරු පර්යේෂණ මාලාවකට බවයි. හරියට අපේ පරණවිතාන ශූරීන් වගේ, සී ද එස් කුලතිලක ශූරීන් වගේ, ඔබත් මේ යන්නේ ආත්ම ගණනාවක සිට ගෙන ආ පුණ්‍ය මහිමයකින් ලද තීර්ථ යාත්‍රාවක් බවයි මටනම් පෙනෙන්නේ. මම අහලක පහලක හිටියානම් ඉතා කැමැත්තෙන් ඔබේ ආවතේවකරු වෙනවා.

      කැමතියි

  3. පෙරහැර පිළිබදව ලියවුනු ලිපි පෙළම කියෙව්වා. මං හිතන්නේ තව ලියන්න තොරතුරු බොහෝමයක් ඔබතුමා ළග ඇති. ඒත් ඊට පෙරම මේ ගැන අහන්නේ කුතුහලය නිසාමයි. මහ පෙරහැර කොස් රුප්පයට ගෙවදීම ගැන සහ මහ දේවාලයට ‍ගෙවදින ආකාරය ගැනත් එයින් පසු සිදුවන දෑ ගැනත් දැනගන්න කැමතියි.

    රෑ පෙරහරේදි දෝලි හදගල ළගට වඩම්මන්නෙත් රහසේමද? දෝලි වැඩමවීමටත් නැකත් සකස් වෙනවද?

    මහ පෙරහැරේ රථයට දේවාභරණ වැඩමවීමට පෙර සධාතුක කරඩුව සහ දෝලි වැඩමවන බව පැවසුවා. ඒ සිරිත් පිළිවෙළ මොනවගේද? මේ අවස්ථාවලත් අර මළුවෙ විදානෙගේ අනදීම් එහෙමත් සිදුවෙනවද? ඒ කියන්නේ මේ අවස්ථාවල දී මළුවේ විදානෙ අනදීම් කිහිප වතාවක් සිදුවෙනවද?

    රෑ පෙරහැරේ අංග පෙළගැසීමත් තව ටිකක් පැහැදිලි කරනවද?

    මං ගැටලු ඉදිරිපත් කළා වැඩිද මන්දා. දැන් තමයි මේ තොරතුරු මට හොදට (තරහ වෙන්න එපා මෙහෙම කිවුවට) පත්තියම් වෙන්නේ.ඒකයි ගැටලු වැඩි. මොනා වුනත් මේ වටිනා තොරතුරු මේ විදියට රසවත්ව ඉදිරිපත් කරනවට නැවත නැවත ස්තූති කරනවා.

    කැමතියි

    • කොස් උරුප්පයට ගෙවදීමේ දී සිදුවන්නේ දෙවේලේ පෙරහරේ නම් දෝලියේ මහ පෙරහරේ නම් අලියා මත ගෙන ගිය ආභරණ කොස්උරුප්පය ළඟ ඇති පත්තිරිප්පුව තුළට වැඩම වීම පමණයි. අන් සියල්ල පෙරහර මාර්ගයේ නැවතී සිටිනවා. ඒ අතර පත්තිරිප්පුව ඉදිරි පිට දැකුම්අත්,කෝලම්, නයියින්ඩි නැටුම් වලින් පසුව පෙරහර පිටවෙනවා. මහ පෙරහරේදී විශේෂත්වයක් පෙනෙනවා. එහිදී යට කි නැටම්වලට අමතරව කොස්උරුප්පය ඉදිරිපට ඇති රථය ඉිදිරියේත් නයියන්ඩිහා කෝලම් නැටුම් තිබෙනවා. මහ පෙරහර 4 වන දින රාත්‍රී රෑ පෙරහරේ දී පේලි නැටීම නම් විශේෂංගයක් පවතිනවා. එහි වැදගත් අංගය දේවාල පුරාවෘතය අඩංගු දේව වර්ණනා කාව්‍යෙයේ අඩංගු ගායනා සහ තවත් ගායනා ඉිදිරිපත් කරමින් නැටීමය. එය කඳකුමරු පුවත මේ දේවාලය ගොඩනගීමේ අරමුණු හා රජුගේ වර්ණනයන් පවසමින් සෙත් ශාන්ති කිරීම් ඇතුළුව පැවැත්වෙන් ප්‍රසංගයක් වගේ එකක්. එහෙත් මේ තත්වය මෙලෙසින්ම වර්තමානයේ දී දකින්නට බැහැ අලුත් පරපුර කටපාඩම් කර ඇති බවක් පේන්නේ නැහැ. ඉහත පේලි නැටුම් මා දැක ඇත්තේ 1980 /90 කාලයේ පමණයි. ඒ රාජකාරි ඇත්තන් දැන් මිය ගිහින්.
      රහස් ගමන යයි පැවසුවාට හේවිසි තිබෙනවා. හඳ ගල දක්වා එන්නේ පෙර පරිදිමයි.
      1. සධාතුක කරඬුව පත්තිරිප්පුවට වැඩමවීම
      2.දෝලිය පත්තිරිප්පුවට වැඩමවීම
      3. රථයට වැඩමවීම
      මේ සියල්ල මළුවේ විදානේ විසින් අවාචික අණදීම් මත සිදුවෙනවා. මළුවේ විදානේ වාචිකව අණ දෙන්නේ විස්තරවල කියවෙන ලෙස එක් වතාවක් පමණයි. විමසා බැලූ විට පුරාණ සම්ප්‍රදාය ද එය ම බව ඔහු පැහැදිලි කළා. රෑ පෙරහරේ අංග මහ පෙරහරේ අංග පෙළ ගැසෙන ආකාරයටම තමයි සිදුවන්නෙ. ආගන්තුක අංග සහ බස්නායක නිළමේතුමා ගමන් නොකිරීම පමණයි විශේෂත්වය
      ප්‍රශ්න අසන එක ගැන සන්තෝෂයි ඉන්දුකා එයින් මා අතින් වී ඇති අඩු පාඩු මෙන්ම තව සෙවිය යුතු දේවල් ගැන ආලෝකයක් ලැබෙනවා

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )