දේවාභරණ රථය

6 thoughts on “දේවාභරණ රථය

  1. මේ සම්ප්‍රදායයන් මෙසේ ‘මියයන්නට’ ඉඩදීම නම් අණුවන කමක්. තව කල් යනකොට ඔය රාජකාරි කරන්න කවුරුවත් ඉදිරිපත් වෙන එකක් නැහැ. දැනට ඉන්න අය හිතාගෙන ඉන්නවනම් තමන්ගේ දූ පුතුන් අනාගතයේ මේ ආකාරයෙන්ම මේවා කරයි කියලා එය මුලාවක්.

    මේ වැඩිහිටි පරම්පරාව අතර තිබෙන අවාසනාවන්තම තත්වය තමයි දේව විශ්වාසය නිසා විවෘත සංවාදයකට එළඹීමට ඇති නොකැමැත්ත. නමුත් ගල් 100 ක් ගහනකොට එකක්වත් වදිනවා වගේ සමහරවිට ඔබට පුළුවන් වෙයි මේ අයව දිගුකාලීනව ආශ්‍රය කිරීම තුලින් යම් විශ්වාසයක් ගොඩනගාගෙන මෙලෙස අවාසනාවන්ත ලෙස අභාවයට යමින් පවතින චාරිත්‍ර පිලිබඳ වාර්තාවක් තබාගන්න.

    නමුත් ඔවුන්ට කරන ගෞරවයක් වශයෙන් ඔබ දන්නා සියල්ලත් එකවර ලියන්න යන්න එපා. කාලයට ඉඩදෙන්න. ඔබ දැනගන්නා දේ ලිඛිතව මෙන්ම විද්‍යුත් මාධ්‍ය මගින්ද සංරක්ෂණය කරන්න. දෙවාලයේ රාජකාරියේ යෙදීසිට විශ්‍රාම ගිය අයවලුන් ඇසුරු කිරීම, මේ කරුණු ගැන යම් යම් හෝඩුවාවන් දන්නා වැඩිහිටියන්, ඔය ප්‍රදේශයේ මෙන්ම ඈත ප්‍රදේශවලද ඇති. ඔබට රහස් පරීක්ෂක වරයකුගේ භූමිකාව රඟපාන්න සිදුවෙන බව පෙනෙනවා.

    කැමතියි

    • ඔබතුමාගේ උපදෙස් වලට පින් සිදුවේවා. මා උත්සාහ කරන්නේ සහ තරමක් දුරට ගමන්ගන්නේ ඔබ දක්වන මාර්ගයේ වුවත් එහි අඩුපඩු තිබෙනවා. උපදෙස් අවශ්‍ය වන්නේ ඒ නිසයි. සංස්කෘතිය වෙනස් වීම වලකා ගත නොහැකියි. එහෙත් මනා අවධානයක් දීමෙන් එය සංකරවීම වලක්වාගත හැකියි. මෙවැන්නක් සඳහා බලධාරීන්ගේ ද බුද්ධිමය කැපකිරීම් අවශ්‍ය වෙනවා. නේද ?

      කැමතියි

  2. කමෙන්ට් එක ලිව්වට පස්සේ රෑ නිදාගන්න ගියාම මට මෙහෙමත් හිතුනා. කවුද දන්නේ ඔබ තමයි මේ තොරතුරු අනාගතයට රැගෙන යන දූතයා ලෙස දෙවියන්ගේ කැමැත්තෙන් පහලවූ තැනැත්තා කියා. මට එය තදින්ම සිතුනා. ඒ නිසා ඔබත් කරන්නේ දේව රාජකාරියක් කියලා හිතාගෙන දිගටම අවංක, බැතිමත්, සිතින් වැඩ කටයුතු කරගෙන යන්න. ඔබට දේවාශීර්වාදය ලැබේවා!

    කැමතියි

    • ඔබතුමා ගේ මග පෙන්වීම් මෙන්ම දිරි ගැන්වීම් මට මහත්ම සවියකි. ඔබතුමාගේ කොමෙන්ටුව කියවා මගේත් අද නින්දට බාධා වේදැයි සිතමින් මට ඇති වූ සිතිවිලි ස්වල්පයක් මෙහි සටහන් කරන්නට අවසර දෙන්න. භෞතික සංස්කෘතිය සංරක්ෂණය අමාරුවෙන් හෝ කළ හැකි උපක්‍රම මානවයා ලබා ඇතත්. අභෞතික සංස්කෘතිය සංරක්ෂණය කළ හැකි වැඩ පිළිවෙලක් තවම දියුණූ වී නැතුවා වගේ. මෙහි දී භෞතික සංස්කෘතිය ලෙස අදහස් කළේ පුරාවස්තු වැනි ද්‍රව්‍යමය දේවල්. අභෞතික සංස්කෘතිය ලෙස අදහස් කරන ලද්දේ සිරිත් විරිත් පුරාණ ශිල්පීය සම්ප්‍රදායයන් වැනි දේවල්. ඉවතට නොදැමිය යුතු, නොදැමිය හැකි දෑ මේ අතර කෙතරම් තිබේද? ඒවා පසු කාලයක අතීතයේ දුටු සිහින පමණක් වේවි. මගේ ඇතැම් ලිපියක් “අපට අහවල් හැකියාවල් තිබුණා“ යනුවෙන් පවසන කයිවාරු වගේ වෙලා ඇති. මෑතක් වනතුරු තිබුණ, සදහටම අහිමිවන ලෙසින් මානවයාට අහිමි වූ එවැනි දෑ පිළිබඳ දත්ත හා තොරතුරු රාශියක් මගේ ලිපි ගොනු අතර රැස්ව තිබෙනවා. ඒවා ඉදිරියේ ලියන්නට සිතා සිටිමි. ඇත්තෙන්ම ඒවා කයිවාරු මිස වැඩකට ඇති දේවල් වේවිදැ යි විටෙක සැක සිතේ. එහෙත් ඒවා ඇස ගැටීමෙන් දැනට ඉතිරිව තිබෙන දෑ වත් රැක ගැනීමේ යොමුවක් කා තුළ හෝ ජනිතවේවි නේදැ යි තවත් අතකින් සිතෙනවා. බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය මහ නාහිමිපාණන් ජීවත්ව සිටිනතාක් වටිනාකම දැක්කේ කීයෙන් කී දෙනාද ? උන්වහන්සේ ගෙන් (මේ රටේ) ඵලදායි ප්‍රයෝජනයක් ලැබුවේ කී දෙනා ද ? උන්වහන්සේ ඉන්ද්‍රජාලිකයකුට සමකරමින් දැන් විවිධ විස්තර පල වෙමින් තිබෙනවා. එයින් ඇති ප්‍රයෝජනය කුමක් ද ? ජීවත්ව සිටියදී එක මලක් දීමට තරම්වත් අකමැතිව මැරුණාට පස්සේ මල් වඩමක් ගෙනයාමේ තේරුමක් තිබේද ? මේ මට ඇති වූ සිතිවිලි කීපයක්.

      කැමතියි

  3. වැදගත් ලිපියක්… පසුගිය පෙරහැරේ ඡායාරූප කීපයක් ද තිබීම සතුටට කරුණකි. පසුගිය වර පෙරහැර එකක් නෑර බලන්නට හැකිවිය. මෙවරත් දැන් දැන් පෙරහැර ළංවීම තවත් සතුටට කරුණක් වේ…..

    කැමතියි

    • මේ සේයා සටහන් ලබා ගත්තේ වීඩියෝ ක්ලිප තුළින් බැවින් ඒවා ගුණාත්මකව ඉහළ මට්ටමක නෑ. දිරි ගැන්වීම වෙනුවෙන් කුරුටු ගෑ ගී පවුරට ස්තුතියි. මී ළඟ පෙරහරට පැමිණියහොත් ඔබ ද හමුවුව හොත් මහත්ම සතුටකි. හමුවන ලෙස ඇරයුම් කරන්නෙමි.

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )