එතරවා කෝරළයේ අවුරුදු හැඩවැඩ

Advertisements

11 thoughts on “එතරවා කෝරළයේ අවුරුදු හැඩවැඩ

  1. පින්තූර ක්ලික් කර ලොකු කර බලන්න දානවාට වඩා හොඳයි එක වරම ටිකක් ලොකු පින්තූර දාන එක. නැත්නම් ඒ පින්තූර ක්ලික් කර බලමින් ලිපියද කියවීම ටිකක් වෙහෙසකරයි. අර අවුරුදු උත්සව දැන්වීම වැනි ලේඛන (කඩදාසි) ස්කෑන් පිටපතක් දාන්න පුලුවන්නම් මීට වඩා බොහොම පැහැදිළිව පෙන්වන්න පුළුවන්. එමෙන්ම එම ස්කෑන් පිටපත සංරක්ෂණය කිරීමත් පහසුයි. අර ලේඛනයට හානි වුනත් 100% ක් සමාන ස්කෑන් පිටපත තියනවා.

    එතරවා කෝරලය ගැන මීට පෙර අහලා තිබුණේ නැහැ. (පරණ ලිපියත් මට මගහැරිලා) හත් මාළුවා අපි අදටත් සිංහල අවුරුද්දට වරද්දන්නෙ නැහැ. සමහර පැතිවල හාල්මැස්සෙක් හෝ පුංචි කරවල කෑල්ලක් එකතු කරනවා කියා අසා තිබුණත් අපි එහෙම කරන්නේ නැහැ. ඔබ දක්වා ඇති වට්ටෝරුව තමයි. හැබැයි බතල නැත්නම් අර්තාපල් දානවා.

    අනේ ගුණසිංහ මහත්තයෝ බැගෑපත්ව ඉල්ලනවා මේ සියලු තොරතුරු මීට වඩා සංරක්ෂණය කරන හැටියට.

    කැමතියි

    • ඔබතුමා කරන මග පෙන්වීම හැම විටම ඉතාම වැදගත් වුනා. හදිසිය නිසා අදාල කඩදාසියේ සේයාව කැමරාවෙන් ගත්තේ. එය ඉතා කඩිනමින් ස්කෑන් කර ඇතුළු කරනවා. පින්තූර ගොඩක් ඇතිවිට කරන පුරුද්ද නිසා මෙහිදීත් ඉබේම යොමු වී තිබෙනවා. ඒක කියවන්නා වෙහෙසට පත් කරන බව තේරුමි ගත්තා.
      කුස්තන්තීනු හටන, පරංගි හටන, දේවාලයේ පැරණි ලේඛනය වැනි කීපයක පමණයි. මේ කෝරලය ගැන පැවසෙන්නේ. සබරගමුවේ මායිම් වෙනස් වීමක් දෙවන රාසිංහ අවදියේ සිදු වී තිබෙනවා. කන්ද පල්ල කෝරළය (සොරගුණ ප්‍රදේශය) තමන්ට අයිති කොටස බව ඉංග්‍රීසි ආණ්ඩුවට පවසමින් එය ඇඳා දෙන ලෙස රදල නිලමේ වරුන් ඉල්ලා සිටියා. ඒ අනුව බෙදී යාම සම්බන්ධව විශාල මතභෙද පැවති බව පෙනෙනවා. එතරවා කෝරලය නාමාවශේෂ බවට පත් වුනේ ඒ නිසා බව පෙනීයනවා. මේ සම්බන්ධව විස්තර රාශියක් සබරගමුවේ පැරණි ලියවිලිහි තිබෙනවා. හත්මාළුව හෝ හත්මැල්ලුම පිළයෙල තකිරීම සම්බන්ධ සිරිත සබරගමුව හැර ලංකාවේ වෙනත් පළාත්වල පුරාණයේ සිටම තුබුණේද යන්න ගැන සොයන්නට ගත් වෑයම නිෂ්ඵල උනා. මේ සබරගමුවට පමණක් උරුම වී ඇති සිරිතක්ද ? යන විමතිය මා තුළ දැනුත් පවතිනවා. මෙහි ඉන්දුකා පවසන විස්තරය තුළීන් මෙහි ඇති ආහාරමය වටිනාකම ගැන ද ඉඟියක් ලැබෙනවා.

      කැමතියි

  2. හත්මාළුවට ගන්න එළවළු ගැන අපේ අම්මා මට කියාදුන්නේ මෙහෙමයි ” හත්මාළුවට එළවළු 7 තෝරන්න ඕන අල, ගෙඩි, කරල්, පළා, මද, ඇට වර්ග වගේම එළවළුවක දඩුත් අහුවෙන්න. එහෙම මාළුවක් නැකතට ඉයන කොට මොකද්ද දැනෙන්නේ බවබෝගවලින් අඩුවක් නැති අවුරුද්දක් මේකට කිරි හකුරු දාලා හදන බතත් එකතු වුනාම වසනාවයි” අම්මා පිළිගත්ත නිවැරදිම වට්ටෝරුව මේක. අල කුරුල්ලෝ‍‍ [කිරි අල], කෙසෙල්, බෝංචි හෝ මෑ කරල්, වට්ටක්කා කරටි, කජු මද, කොස් ඇට, වම්බටු. නමුත් වර්තමානයේ සොයාගත නොහැකි වුවහොත් අර්තාපල්, ගෝවා,කැරට්, තම්පලා වැනි දේ දානවා.

    ඇතුල් කට්ටලේ යන්නට ඇතුළු කට්ටලේ යන්න ක‍ොතැනකවත් ව්‍යවහාර වෙන්නේ නැද්ද? මොකද ඇතුල් කියන වචනය වැරදියි.

    නොයිදුල් කැවිලි කියන්නේ මුලින්ම හදන එකද? අපි මුලින් ම හදන එක වෙන්කරලා තියලා ‍අනික් ඒවයින් කෑමට ගන්නවා.

    කැමතියි

    • ඉතාම වැදගත් අදහස් දැක්වීමක් ! හත්මාළුව ගැන වැදගත් විග්‍රහයක් වගේම වටිනා තවත් විස්තරයක් ඔබ ගෙන එනවා. ඔබ පවසන සිරිත ඇති ගම්මානය සඳහන් කරන්න ඉන්දුකා.
      “ඇතුළු“ සහ “ඇතුල්“ යන වදන් දෙකෙන් “ඇතුළු“ යන්න නිවැරදි බව ඔබ අපට කියා දෙනවා. මා සදහන් කළේ මේ ඇත්තන් අතර පැවති ව්‍යවහාරයයි. මෙහිදි සැම විටම දක්නට ලැබුණේ “ඇතුල් කට්ටලේ“ යන ව්‍යවහාරයයි. ඒ වචනය වැරදිද නිවැරදි ද යන්න සෙවීමට වඩා මා තැත් කළේ ඔවුන්ගෙ ව්‍යවහාරය සටහන් කරන්නයි. බලන්න “සංක්‍රාන්තිය“ යන්න මේ ඇත්තන්ගේ කටට හුරුවී ඇත්තේ “සංගරාන්දිය“ ලෙසයි.
      ඔබ සදහන් කළ “නොයිඳුල්“ හෝ මේ ඇත්තන් “නොඉඳුල්“ ලෙස අදහස් කළේ virgin යන ඉංග්‍රීසි වදනෙන් දෙන අරුතම බව පෙනෙනවා.
      මුලින්ම හදන කොටස වෙන්කර තබා ඉතිරියෙන් කෑමට ගැනීම මෙහෙත් ඇතැම් අය කරනවා. සමහර අය අදාල කැවිලි වර්ගය මුලින්ම ආහාරයට ගත යුත්තේ අවුරුදු කුමාරයාට නැකතට තැබුවායින් පසුව බව සිතන බව පෙනී යනවා. sugv නිවසේ අය සිතා ඇත්තේ මේ දෙවන ක්‍රමයටය. හොඳින් මතක ඇති සිද්ධියක් තමා කුඩා කල මා සනසා ගන්නට අවශ්‍ය නිසා තාත්තා පළමු ක්‍රමයට මුල් කොටස අරන් තියමුදැයි ඇසුවා. ඒත් අම්මා කිරි අම්මා ඇතුළු අය ඊට තදින් විරුද්ධ වුනා. ඒ අය “ඇතුල් කට්ටලේ අය පුතේ. ඒ හින්ද මටත් කරන්න දෙයක් නෑ අපි ඉවසගෙන ඉම්මු“ යනුවෙන් තාත්තා හිනා වෙමින් පැවසුවේ මේ ආධිපත්‍යය නිසා උපහාසයෙන් බව මගේ මතකයේ තියනවා. ඒ වෙලාවේ ජය ගත්තේ අම්මා සහ කිරිඅම්මා ඇතුළු පිරිස. නැකතට අවුරුදු කුමාරයාට තබන තුරුම ඒවා මට වත් තාත්තාට වත් මාමලාට වත් දුන්නේ නැහැ. පොඩි මාමා හොරෙන් කෑ අවස්ථාවක අම්මා සහ කිරි අම්මා තදින් වේදනාවට පත්ව දොස් කියා මාමට දඬුවම් ද කළ බව තවමත් මතකයේ තිබෙනවා. ඒ අය කලින් පිසින ලද ඉදුල් කළ කැවුම් ඉවත් කර නැවත පිටි දියේ දමා අලුතෙන් හැදුවා. බලන්නකො මොනතරම් තදින් ඒ පෙරසිරිත ඒ අවදියේ පිළිපැද ඇත්ද යන වග. පන්සලට දානය පිළයෙල කරද්දී ලුනු ප්‍රමානවත්දැ යි බැලුවේ එහි සුවඳින්. ඒත් බුදුන්ට මහසඟරුවනට නොයිඳුල්ව පිළියෙල කර පිළිගැන්විය යුතු නිසා. දේවාලයේ මුළුතැන් පිළයෙල කරන්නේ සහ බෙදාගෙන විහාරයට හා පසුව දේව මන්දිරයට ගෙන යන්නේ හිසට සුදු ජටාවක් බැඳ මුකවාඩම් බැඳගෙන. ඒ නොයිදුල් බව රැකගන්නත් මුවින් නාසයෙන් පිටවන අපද්‍රව්‍ය මුසු නොවන්නත් යෙදූ උපක්‍රමයක්. ඒ තමා පෙරසිරිත අනුව කෑම පිසින ලද ක්‍රමය හා පිළිගැන් වූ ආකාරය. රජු වෙනුවෙන් පිළයෙල කර පිළිගන්වා ඇත්තේ ද මෙලෙස බව මූලාශ්‍රවලින් පෙනෙනවා.

      කැමතියි

  3. අවුරුදු මේසය මත තැබූ පහන දැල්වීමට යොදා ගත්තේ ගිතෙල් බව සටහන් කරන්නට අමතක වී ඇත. අවුරුදු කුමරුට තැබුවේ ද ගිතෙලින් පොඟවා දල්වන ලද, එහි තිබූ අනෙක් පහන් තිරයයි. ඒ එතරවා කෝරළයේ පෙරසිරිත යි. දුරකථනයෙන් විමසූ හිතවතාට ස්තුතියි

    කැමතියි

  4. අපේ ගම දෙනගම, හේන්යාය ප්‍රදේශය. ඔබතුමා පවසන කරුණු පැහැදිලියි. නොයිදුල් ලෙස මා සදහන් කළේ නොඉදුල් යන වදනමයි. භාෂ‍ා විකාසනයෙදි සිදුවන වෙනස්කම්නේ ඔය.

    කැමතියි

  5. හරිම වටිනා ලිපි පෙළක්. දිගට ම කරගෙන යන්න කියලා ආරාධනා කරනවා. උග්ගල් අලුත් නුවර කතරගම් දේවාලය හා බැදුනු ඔය ගමට ම අනන්‍ය වුණ උපසංස්කෘතියක් ම තියෙනවා නේද? විශේෂයෙන් ම ගම්වැසියන්ට අවුරුදු කාලය වගේ ම වැදගත් කාලයක් තමයි පෙරහැර කාලයත් නේද?

    කැමතියි

    • අගය කරමින් දිරිගැන්වීම වෙනුවෙන් ස්තුති පූර්වකව පින් දෙමි. ඔබ පවසන්නේ හැබෑවකි. මේ ගමටම අනන්‍ය වූ උපසංස්කෘතියක් තිබෙනවා. ඔබ පවසනවා මෙන්ම ගම් වැසියන්ට පෙරහර කාලයත් බොහෝම වටිනා කාලයක් ! දේවාලය සේම ගමේ ඇත්තන් සිය ගෙවල් දොරවල් ද අලුත්වැඩියා කරමින් පින්තාරු කරමින් වෙනමම පෙරහරටත් සූදානම් වෙනවා. ඈත ගම්වල සිටින නෑදෑයන්ටත් පෙරහරට එන්නැයි කියා යවනවා. පෙරහර හඳුන්වන්නේත් “අපේ පෙරහර“ ලෙසයි.

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )