අලුත් අවුරුද්‍ෙ බැහැදැකීම

සුබ අලුත් අවුරුද්දක් වේවා !

බැහැදැකීම කියන්නෙ උඩරට සමාජයේ රජතුමා, අදිකාරම්තුමා, බස්නායක PIC_5464නිලමේතුමා  වැනි නිලමේ වරුන් වෙත සෙසු අය සම්බන්ධ තා පැවැත්වීමේ දී  ව්‍යවහාර වූ  වචනයක්.  උග්ගල් අලුත්නුවර  ඇත්තන්  හා  එක්ව sugv ද ඔබ සැම බැහැදකියි.  ඡායාරූපය මගින් “දැකුම්“  හා විස්තර මගින් “පෙනුම්“ පිළිගන්වමින් “ඇයි හොඳයි“ කියනවා.  එළඹෙන්නා වූ නව වසර ඔබ සැමටම සතුට සෞභාග්‍යය පිරි නව වසරක් වේවා !PIC_5465

 “දැකුම්, පෙනුම්, ඇයි හොඳයි“ කියන්නෙ මොනවාදැයි  තේරුම් ගැනීමට පහත විස්තර වැදගත්වේවි.

උග්ගල් අලුත්නුවරින් ලැබෙන විස්තර

2014 අප්‍රෙල් 10 බස්නායක නිලමේ තුමාගේ කාර්යාලයේ දී පළිහ වඩන පංගුවේ කපුනැටුම ඉදිරිපත් කරන රාජකාරි ඇත්තා බැහැදකින අවස්ථාව

2014 අප්‍රෙල් 10 බස්නායක නිලමේ තුමාගේ කාර්යාලයේ දී පළිහ වඩන පංගුවේ කපුනැටුම ඉදිරිපත් කරන රාජකාරි ඇත්තා බැහැදකින අවස්ථාව

“දැකුම්“ කියන්නෙ කොල හතලිහක්

දොදොල් යනු ඉතා ඈත අතීතයේ සිට පැවති ආවේනක රස කැවිල්ලකි. ලංකාවෙන් රෝමයට ගෙන ගිය දොදොල්වල රසය රෝමයන්ගේ රෝමයක් පාසා ඇතැයි ලංකාවට පැමිණි වෙළෙන්දකු වූ කොස්මස් විසින් මුගලන් රජතුමාට සැල කර ඇතැයි එදා හෙළදිවේ ප්‍රස්ථාවනවා ලියමින් ඩේවිඩ් කරුණාරත්නන් සටහන් කරයි

දොදොල් යනු ඉතා ඈත අතීතයේ සිට පැවති ආවේනක රස කැවිල්ලකි. ලංකාවෙන් රෝමයට ගෙන ගිය දොදොල්වල රසය රෝමයන්ගේ රෝමයක් පාසා ඇතැයි ලංකාවට පැමිණි වෙළෙන්දකු වූ කොස්මස් විසින් මුගලන් රජතුමාට සැල කර ඇතැයි එදා හෙළදිවේ ප්‍රස්ථාවනවා ලියමින් ඩේවිඩ් කරුණාරත්නන් සටහන් කරයි

කැවුම්ද ලංකාවට ආවෙනික ඉතා ප්‍රනීත රස කැවිල්ලකි. රොබට් නොක්ස්ගේ එදා හෙළදිව බලන්න

කැවුම්ද ලංකාවට ආවෙනික ඉතා ප්‍රනීත රස කැවිල්ලකි. රොබට් නොක්ස්ගේ එදා හෙළදිව බලන්න

ඇති බුලත් අතක්.  “පෙනුම්“ හෙවත් තවත් විටක ව්‍යවහාර වන “පෙනුම“ කියන්නෙ පිරිනමන තෑගි.  සිංහල අවුරුද්ද එළඹෙන දාට පෙර දින  උදේ පාන්දරම දැකුම් පෙනුම්  අරගෙන බස්නායක නිළමේතුමා බැහැ දකින්නට ඒම උග්ගල් අලුත්නුවර  රාජකාරි අැත්තන්ගේ ප්‍රධාන කටයුත්තකි.   දැකුම් පෙනුම් යනු යුගල පදයකි.   සමහර ඇත්තන් දැකුම් පෙනුම් දෙකම සහිතව ද තවත් අය දැකුම් පමණක් අතැතිවද පැමිණෙති. එය අඩුපාඩුවක් නොවන බවත් බොහෝ අයට නියමව ඇත්තේ දැකුම් පමණක් ගෙන ඒම බවත් දැන ගන්නට ලැබිණි.බුලත්වල අමුත්තක් වගේ පේන්නෙ ඒව “නාගවල්ලී බුලත්“ නිසයි. ඒ බුලත්, බුලත් අතර ඇති උසස්ම ගණයේ ඒවා බව සැලකෙනවා. මේ ගැන විස්තර පසුවට තබන්න අවසර දෙන්න.

මේ දැකුම් පෙනුම් යන යුගල පදයම  “දැකුම් පඬුරු“ යනුවෙන්ද ව්‍යවහාර වන බව සැලකිය යුතුය. මෙහි පඬුරු යනු පෙනුමටම ව්‍යවහාරවන පදයක්ම දැයි සිතිය යුතුව පවතී.   උසස් අය විසින් පහළින් සිටින අයට පිරිනමන දේවලට  “පඬුරු“ යන වදන යෙදෙන අතර පහත් මට්ටම් වල අය විසින් බස්නායක නිලමේ තුමා වැනි අයට  පිරිනමන දෑ “පෙනුම“ ලෙස ව්‍යවහාරවන බවක් පෙනීයයි. “අපිට බස්නායක නිලමේ තුමාගෙන් මේ පාර නම් පඬුරු හැටියට හොඳ චීත්ත රෙද්දක් හම්බ වුනා. ගියපාර අපටත් හම්බ වුනේ සුදු රෙදි. මේ පාර පිරිමි අයට විතරයි  සුදු සරමක් වගේ දෙයක් දුන්නෙ“ PIC_5461මේ ආලත්ති බැමේ රාජකාරියට ආපු මෑණි කෙනෙකුගේ ප්‍රකාශයකි. පෙනුමක් ගෙනිච්චෙ නැද්ද ? (හිනා වෙමින්) අපි පෙනුම ගෙනියන්නෙ නෑ. එහෙම PIC_5472ගෙනිච්චොත් පන්නගයි. පෙනුම් ගෙනියන්නෙ මොහොට්ටාල වගේ උසස් අයනේ“1 පෙනුම හා පඬුරු යන වචන පිරිනමන්නාගේ තරාතිරම අනුව වෙනස් ස්වරූප ගන්නා බව මේ අනුව පෙනී යයි. එහෙත් එහි අර්ථය සමානය.

සමහර විටක පෙනුම වශයෙන් කිසියම් මුදලක් පිරිනැමීමක්ද සිදුවේ.  මොහොට්ටාල නිලමේ වරයා බස්නායක නිලමේ වරයා වෙත පිරිනැමීමට ගෙන එන “කැවිලි පෙට්ටිය“ හඳුන් වන්නේ  පෙනුම PIC_5468වශයෙනි. අවුරුද්දට ගේන කැවිලි පෙට්ටියේ කැවුම් දොදොල් අනිවාර්යයෙන්ම තියනවා.  සෑම දෙනාටම පෙනුම ගේන්න නියමයක් නෑ. ඒත් දැකුම ගෙන ඒම සෑම දෙනාම කරනවා. එහෙත් සෑම දෙනාටම බස්නායක නිලමේ තුමා 1 2අතින් පඩුරු පිරිනැමීම සිදුවන බව මෙහි ඇති සංවාද සටහන් මගින් සිතා ගත හැකියි නේද? මේවා  පුරාණයේ සිටම පැවත එන පිළිගත් චාරිත්‍ර බව ද පෙනීයයි . ගරු කටයුත්තකුට දැකුම් පිරි නැමීමේ දී බුලත් කොලවල නැටි ඉදිරියට සිටින සේ පිරි නැමීමද පෙර සිරිතෙන් නියම වූවකි.2

බැහැදැකීම යනු උඩරට සමාජ සමයේ ඉහළින් පිළිගත් වටිනා චාරිත්‍රයකි. අද වනවිට ඒ සාම්ප්‍රදායික වදන් එලෙසම භාවිත කෙරෙමින් පවතින  පෙරසිරිත දක්නට හැක්කේ   සම්ප්‍රදායික රාජකාරි ඇත්තන් ඉතිරිව සිටින දේවාල ගම් වැනි ඓතිහාසික ගම්මාන වල පමණක් බව උග්ගල් අලුත්නුවර තොරතුරු ඇසුරෙන් සිතිය හැකියි.

පෙරහර පිළිබඳව ලියාගෙන යමින් ඉඳල මේ “බැහැදැකීම” ගැන ලියන්න ඕන කියල හිතුනේ මාර්තු 27 සිට ඊයේ(2013.අපේල් 10) දක්වා මේ පාරම්පරික ගම්මානයේ සිදුවුන දේ දකින්ට ලැබීම නිසා ඒ උණුසම පිටම ලිවීම ගමටත් වැදගත් විය හැකි නිසයි.

10 වනදා උදේ පාන්දර සිටම රාජකාරි ඇත්තන් මහ ගොඩක් තානායම අසළට පැමිණ සිටියා.  ඒ අය  සිටටියේ අලුත් සුදු ඇඳුමින් සැරසී ගෙන ඇතැම් දෙනෙක් තානායම ඉස්සරහ අඹගස වටා ඇති තාප්පයේ වාඩි ගෙන සිටියා. සෑම අතකම සුදු රෙදි කැබැල්ලක දවටාගත්  බුලත් අතක්

බස්නායක නිලමේ තුමාට අවුරුද්ද වෙනුවෙන් දෙන්න වෙන්න ඇති. ඒත් ඇයි මේ කලින්ම ! sugv ට ඇති වූ සිතිවිල්ලකි.

sugv:- ඇයි මේ බුලත් අතක් අරගෙන. තවම අවුරුද්ද ඇවිල්ලනෑ නේද ,?

පිළිතුර:-ඇයි නැත්තෙ අවුරුද්ද ඇවිල්ල ! අවරුදු කාත්ති මංගල්ලෙ මේ දවස්වල කෙරෙන්නෙ ඒ හින්ද. අප‍ේ දේවාලෙ අවරුදු චාලිත්තර කෙරීගෙන යන්නෙ මේ දිනවල මේ විදිහට  තමයි. තව ටිකකින් බස්නායක නිළමේ තුමා එනව උන්නාන්සේ බැහැ දකින්න එපායැ. ඒකයි අපි ඇවිල්ල ඉන්නෙ.

sugv:-මොකද්ද බැහැ දකිනවා කියන්නෙ?

පිළිතුර:ඒක ඒ හැටි දෙයක් නෙමෙයි. බුලත් අතකුයි පඩුරුයි අරගෙන ඇවිත් බස්නායක නිලමේතුමාට කතා කිරීම. මේව පුරා‍ණෙ ඉඳන් නියමවෙච්ච සිරිත් චාලිත්තර. බුලත් අතක පඬුරු තියල  බණ්ඩහමුදුරුවන්ට ඇයි හොඳයි කියනවා. ඒක තමයි බැහැ දැකීම කියන්නෙ.

වර්තමාන අපට සාමාන්‍යයෙන් අප්‍රේල් 12 හෝ 13  පරණ අවුරුද්ද එළඹී.පසු දින දින අලුත් අවරුද්ද උදාවන බව සැලකුවත් මේ ඇත්තන්ගේ පරණ අවුරුද්ද ලෙස සලකා ඇත්තේ අප්‍රේල් 10 වන දිනය.  “සමහර විට බස්නායක නිළමේතුමාට පහසු දිනය යොදා ගත්තද දන්නෑ” මේ පළමුව ඇති වූ සිතිවිල්ල ඇතිවිය.

sugv:- ඉතින් මේ පාර පරණ අවරුද්ද එන්නෙත් 13 වැනිදා මොකද මේ 10 යොදා ගත්තෙ?

පිළිතුර:- නෑ නෑ. හරිනං අප්‍රේල් 8 විතර තමයි ඒ දවස. ඒත් ඒක මේපාර අඟහරුවාදා වුන හින්ද 9 හරි 10 හරි හොඳ බවයි කතාවුනේ  අපි කාගේත් පහසුවටයි මෙදාපර 10 දා අරගත්තෙ.

උග්ගල් අලුත්නුවර දේවාල වර්ෂය ඇරඹෙන්නේ බුද්ධ මාස උදාවත් සමගය. ‍මේ ඇත්තන් බුද්ධ මාස කියන්නෙ  ජනවාරි සිට අප්‍රෙල් මාසය දක්වා කාලය යි.

“බුද්ධ මාසවල මහ කන්නයේ අස්වැන්න නෙලා ගන්නව. ඒ කියන්නේ ගොයම් කපා පාගාගන්නව. මහ කන්නය කියන්නෙ අස්වැන්න සරුවටම ලැබෙන කාලෙ. හැබැයි ඒව ගෙනාගමං  තමන්ගෙ පොරොජනේට ගන්නේ නෑ. ඔක්කොටම ඉස්සෙල්ල අග්‍රභාගය බුදුන්ට දෙයියන්ට වෙන් කරල පූජාකරල සතුටු වෙලා තමයි. අපි කෑමට ගන්නෙ. මේ පාර අවුරදු 16 කට පස්සෙ අලුත්හාල් මංගල්ලෙ කළා නේ. ඒ හින්ද බුදුන්ට දෙයියන්ට වෙන් කරන කොටස් පෙරසිරිත අනුවම ඉටු වුනා.    අස්වැන්නේ අග්‍රභාගයේ  බුදුන්ට දෙයියන්ට වෙන් කරපු කොටස, පල්ලෙකන්ද දෙයියන්නේ වෙල් යායෙදි නැකතට ගොයං කපල, වී කරල් මළුවට වැඩමවාගෙන එන්නේ මහා පෙරහරකින්. ගෙනාවට පස්සේ ඒ කරල්වලින් වී අගෙන කොටල පොලල පූ කරල කිරි ආහාර පූජාකළා. ඊ ට පස්සෙ දෙවියන්ට මුළුතැන් බෑව. ඒ ගමන්ම දෙයියන්ට පින් සිද්ද වෙන්න රැස්වෙන ගමේ ඇත්තන්ට දානයක් දුන්න. ඒක තමයි අලුත්හාල මංගල්ලෙ කියන්නෙ. අලුත්හාල් මංගල්ලේ කළාට පස්සෙ අපි මේ අවුරුදු කාත්ති මංගල්ලෙ කරනව. ඒක කරන්නෙ අවුරුද්ද පිළිගන්න වගේ. ඉතින් අලුත් අවුරුද්ද උදාවෙනව. අවුරද්ද ලබා ගෙන එද්දි අපි බස්නායක නිලමේතුමා බැහැදකිනව. උන්නාන්සෙ අපි ගෙනිච්චට වඩා තෑගි අපට දෙනව ඒක තමයි පෙර සිරිත.”

මේ එහිදී සාම්ප්‍රදායික ඇත්තා බොහොම සංවේදීව පැවසූ  විස්තරයෙන් ලිපිය අවසන් කරන්නේ අනෙක් විස්තර පසුවට තබා ගෙන. අවුරුද්ද නේ ඒකයි.

 විශේෂ සටහන්

  • බුලත් අත :- අත් දෙකින් පිරිනමන බුලත් ප්‍රමාණය. බුලත් අතට සම්මත ගණන 40 කි. පහතින් දැක්වෙන ලින්ක් මගින් මේ පිළිබඳ වටිනා විස්තර විමසිය හැකියි.
  • කතාකරනවා :- බුලත් අත දී වැඳීම මිස මෙහිදී වචන භාවිතයක් සිදු නොවේ. ඇයි හොඳයි කීම ද මිටම ව්‍යවහාර වේ. රොබට් නොක්ස් නම් ගමනක් යද්දී එකිනෙකා මුණ ගැසුන විට කෙනෙක් ඇයි යනුවෙන් විමසන බවත් එවිට අනෙකා හොඳයි යනුවෙන් පිළිතුරු දෙන බවත් කියවෙනවා.

1. බී.එල්. දයාසීලි මෑණියන් 2014 අප්‍රෙල් 12 ප්‍රකාශය

2. උඩරට සමයේ අවුරුදු චාරිත්‍ර පැවතී ඇති අවුරුද් සිරිත් පිළිබඳ තොරතුරු හොයාගන්න  මූලාශ්‍ර ලෙස ජොන් ඩේවි ගේ ඩේවිදුටු ලංකාව රොබට් නොක්ස්ගේ පොතේ දැක්වෙත විස්තර භාවිතයට ගත හැකියි. වැඩිදුර විස්තර සඳහා මහාචාර්ය රැල්ප්ƒ පීරිස් ගේ සිංහල සමාජ සංවිධානය ද උපකාර කරගත හැකියි.

බුද්ධ මාස

දුරුත්තේසිටබක්පටාරය ” (ජනවාරි සිට අප්‍රෙල්) – “බුදුන් උදෙසාම වෙන් කර ඇති කාලයයි. මේ කාලෙ පින් කරල දෙවියන්ට පින්දෙන්න ඕනි. ඉස්සර අලුත්සාල් මංගල්‍යය පවත්වල කිරි ආහාර පූජාවන් දීල දෙවියන්ට පින් දුන්න. එවිට දෙවියන් ගේ ආයුෂ වැඩෙනව. මිනිස්සු ගැන සතුටු වෙලා මෙලොවට පිහිට වෙනවා. අපටත් පින් සිද්ද වෙලා සම්පත් පහළ වෙනව. අලුත් සහල් මංගල්ලෙ තිබුණෙත් මේ මාසවල මේවාට බුද්ධ මාස කියලත් අපේ මුත්තල කිව්ව”

මීට අදාල   සම්පූර්ණ ලිපිය මෙතනින්  කියවන්න හැකියි.

  • බුලත් අතත පිළිබඳ වැඩිදිර විමසීම පිිණිස

බුලත් සිංහල ජන ජීවිතයේ විශේෂ අවස්ථා සමග  මහත්සේ බැඳුනකි.  වර්තමානයේ පවා බුල්වලට ලැබෙන මේ තැන අහිමිව නැත. බුලත් කෑම පිළිබඳව ද ඇත්තේ දිගු ඉතිහාසයකි. බුලත් සම්බන්ධ තවත් විස්තර සදහා පහත ඇති ලිපි ද බලන්න.

11 thoughts on “අලුත් අවුරුද්‍ෙ බැහැදැකීම

  1. ගුණසිංහ මහතා,

    ඔබටත් පවුලේ සැමටත් එසේම උග්ගල් අලුත්නුවර සියලුම ඇත්තන්ටත් සුබ නව වසරක්!!! ඔබේ මේ අමිල ලිපිපෙල නිසා ඇත්තටම උග්ගල් අලුත්නුවර වැසියන් අපිට බොහොම හුරුපුරුදු හිතමිතුරන් වගෙයිනෙ දැන්….

    එසේම එලඹෙන නව වසරේත් ඔබ ඉටුකරගෙන යන මේ මහඟු සත්කාර්යය උදෙසා ඔබට නිරෝගී සුවය සහ කාල වේලාව ලැබේවා!!!

    / අවරුදු කාත්ති මංගල්ලෙ මේ දවස්වල කෙරෙන්නෙ ඒ හින්ද. /

    මේ කියන්නෙ අවුරුදු සංක්‍රාන්ති මංගල්‍යය කියන අදහසින් වෙන්න ඕන .

    කැමතියි

    • ඔව් අවුරුදු සංක්‍රාන්තිය වෙනුවෙන් දින පහක් තිස්සේ දේවාලය වටා දේවාභරණ වැඩමවමින් තවත් මූලික පියවර රැසක් ගැනෙනවා. ඒවා ලිවීම පසුවට තැබුවා. රවිට ගොඩක් ස්තුතියි, සුබ පැතුම් පිරිනැමීම මෙන්ම දිරි ගැන්වීම වෙනුවෙනුත්. රවිටත් පවුලේ සියලු දෙනාටත් නැවතත් පෞද්ගලිකව සුබපැතුම් පිරිනමන්නෙමි

      කැමතියි

  2. දළදා මාළිගාවේ නිළකරුවන් තෑගි භෝග අරගෙන කාරියකරවන රාළගේ ප්‍රමුඛත්වයෙන් දියවඩන නිළමේතුමාවට බැහැ දකින්න යන ඡායාරූපයක් මම දැකලා තියෙනවා. එතකොට උඩරට පළාත්වල තියෙන හැම දේවාලයකම වගේ නිළකරුවෝ බස්නායක නිළමේතුමාව බැහැ දකින්න යන එක සිද්ධ කරනවාද ?

    දළදා මාළිගාවේ නම් තමන්ගේ නිළ ඇඳුමෙන් සැරසිලා තමා නිළකරුවෝ ගියේ ? උග්ගල් අලුත් නුවරත් එහෙමද ?
    …
    …ඒ වගේමයි අප්‍රේල් 14 අලුත් අවුරුදු දවසට දේවාලයේ මොකුත් විශේෂ චාරිත්‍රයක් එහෙම සිද්ධ වෙනවද ?

    අවසාන වශයෙන් ඔබතුමාත් පවුලේ සැමටත් උදාවෙන සිංහල අලුත් අවුරුද්ද නීරෝගි බව සතුට සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙂

    කැමතියි

  3. ඔව් හසිත උඩරට ඓතිහාසික දේවාල හැම එකකම මේ සිරිත පවතිනවා. මේ දවසේ බස්නායක නිලමේතුමාගේ වගේම අකේ අයගේ නිල ඇඳුම වන්නේ සුදු ඇඳුම පෙරසිරිත බව විමසූ විට දැනගන්ට ලැබුණා. අප්‍රෙල් 14 මුළුතැන් බෑම වගේම හිසතෙල් ගෑමේ චාරිත්‍රත් පැවැත්වෙනවා. ඒ විස්තර මී ළඟ ලිපියට තබා තිබෙනවා. හසිතටත් පවුලේ සියලු දෙනාටත් යහළුවන්ටත් නැවතත් නව වසරකට සුබපතමි.

    කැමතියි

  4. මේ චාරිත්‍ර නොකඩවා පවත්වා ගැනීම මහත් අභියෝගයක් වෙයි තව කල් යනකොට. මෙතෙක්කල් පවත්වාගෙන ඒමත් එවැනිම අභියෝගයක් වෙන්න ඇති. ඔබ සඳහන් කර ඇති රැල්ෆ් පීරිස් මහතාගේ සිංහල සමාජ සංවිධානය පොත මාලඟ තිබෙනවා. ඇත්තෙන්ම ඉතා වටිනා වැදගත් කරුණු රැසක් එහි සඳහන් වෙනවා.

    ගුණසිංහ පවුලේ සැමට මා සහ මගේ පවුලේ සියලු දෙනාගෙන් නව අවුරුදු සුබපැතුම් මෙසේ පිළිගන්වනවා.

    කැමතියි

  5. පින්ග්කිරීම: දේවාල ගමක අවුරුදු සිරිත් | sugv

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )