හස්තියා මත වැඩමවන ආභරණ

Advertisements

11 thoughts on “හස්තියා මත වැඩමවන ආභරණ

  1. “ඒක කියන්න හොඳ නෑ” කියන එක තුල දෙවියන් කෙරෙහි දක්වන, පරම්පරාවෙන් පරම්පරාවට ආපු අසීමිත බිය ගැබ් වෙලා තියනව කියල මට හිතෙනවා. ගම්වල කෙරෙන ඔය වගේ කටයුතු වලද ඒක ගොඩක් වෙලාවට දකින්න පුළුවන් දෙයක් නෙ. නමුත් ඒක නිසාම යම් යම් ශිල්ප ක්‍රම අභාවයට යන එකත් එක අතකට හිතන්න ඕන දෙයක්.. අලුත් කෙනෙකුට ඉගෙන ගන්න අවස්ථාවක් නැති එක නම් කණගාටුවට කරුණක්.

    කැමතියි

    • ඇත්තෙන්ම ඔව් චන්දන මේ තත්වය උඩරට සමාජ සංවිධාන ක්‍රමයේ පැවති දුර්වලතාවක්. මේ නිසා අපේ උරුමයේ බොහෝ වටිනා දේවල් නැතිව ගිහින්. මේ “බිය” ම විවිධ ස්වරූප වලින් තිබෙනවා. “කිව්වොත් සත්තක නැතිවෙනවා” කියන්නෙත් එම බියේ ම වෙනත් ස්වරූපයක් වැනියි.

      කැමතියි

  2. මේක කියවද්දි මටත් හිතුනෙ චන්දනට හිතුනු දේමයි… අපේ පැරණි වටිනා කියන ශිල්ප කීයක් නම් අභාවයට ගිහින් තියෙනවද ඔය වගේ දේවල් නිසා… ගුරු මුෂ්ටි කතා නිසා… වෙදකම පවා… ඒක නම් හරිම අපරාධයක්…

    කැමතියි

    • ඔව් මියුරු, චන්දන සහ ඔබ ද සමග මා ද මේ තත්ත්වය පිළිබඳව පසුවන්නේ මහත් කණස්සල්ලකින්. “ගුරු මුෂ්ටි”ය නිසා මානව වර්ගයාට බොහෝ වටිනා දෑ අහිමි වී ඇති ආකාරය ගැන නිදසුන් රාශියක් පෙන්විය හැකියි. දැනටත් ඒවා අහිමිවෙමින් තිබෙන ආකාරය ඇස් පනා පිටම අත්දකිමින් සිටින්නට සිදුවීම මහත් අභාග්‍යයක් ! හෙළ වෙදකම සම්බන්ධව කියලා වැඩක් නැති තරම් ඇස් ආබාධයකට විදේශ ගතව පවා පිළියම් ලැබූ ආනන්දමෛත්‍රෙය මහ නාහිමි සමිඳුන් අවසානයේ සාර්ථකව පිළියම් ලැබුවේ උග්ගල් අලුත්නුවර සිටි මැණික් අප්පු නම් වටිනා අක්ෂි වෛද්‍යවරයා වෙතින්. පසු කාලයේ මහනාහිමියන් විසින් මැණික් අප්පු වෛද්‍යතුමාව රත්නපුර මහ දිසාපති වෙත යොමු කරවන ලදුව ඒ මගින් ලියාපදිංචි කරවා රත්නපුර ආයූර්වේද රෝහලේ පාරම්පරික විශේෂඥ යෙකු ලෙස පත්ව සේවය කරමින් සිටියා. ඉතාම වයස්ගතව සිට මෑත දී අභාවප්‍රාප්ත වුනා. මෙලෙසම සෙංගමාලය ඇතුළු අක්මාව සම්බන්ධ රෝග මෙන්ම වකුගඩු රෝග සහ සර්පවිෂ වෙදකම සම්බන්ධව ද සිටි විශ්මිත වෛද්‍යවරයකු වූ ඇල්පේනිස් වෛද්‍යතුමා දැනට දින දහයකට පෙර වයස්ගතවීම නිසාම අභාවප්‍රාප්ත වුනා. මේ අය සතුව තිබූ දැනුම සහ රෝග නිශ්චය කිරීමේ ශිල්පීය ක්‍රම එයින් නැත්තටම නැතිව ගිහින්. මේවා ඔවුනගේ දූ දරුවන්ට පවා අහිමි වන්නේ ඇයි දැයි තදින් විමසමින් සිතිය යුතුව පවතී. මේ උදාහරණ දෙකක් පමණයි. ඉදිරියේ දී මේවා ගැන ලියන්නට සිතන බැවින් පිළිතුර මෙයින් නවතන්නෙමි.

      කැමතියි

  3. පින්ග්කිරීම: දේවාභරණ රථය | sugv

  4. රථයේ සහ හස්තියා මත වැඩමවන ආභරණ හැරුණු කොට දෝ්ලිවලත් ආභරණ වැඩමවන බව පැවසුනා. මේ දෝලියේ වඩමවන ආභරණ ගැනත් දැනගන්න කැමතියි.
    ඇතා පිට සහ රථයේ කපු මහත්වරුන් දෙදෙනා වෙන වෙනම ගමන් කරනවද? මෙයටත් කිසියම් විධිකමයක් තිබෙනවද?

    කැමතියි

    • දෝලිවල විෂ්ණු රාජ කඩුව ඇතුළු තවත් දේව ආයුධ ගෙන යන බව විදානේ විසින් පැවසූ පුවතක්. එහි දේවාභරණ කීපයක්ම ගෙන යන බව සිතිය හැකියි නේද ? අලියා පිට වැඩමවන්නේ පත්තිරිප්පුව දක්වා දෝලියේ ගෙන එන ලද රන් ඊ තලය බව පැවසෙනවා.

      කැමතියි

    • දෝලිවල දේවාලයේ ඇති තවත් ආභරණ ගෙනයන බව කලින් කොතැනක හෝ ඔබට පැවසුවා මතකයි ඇතා පිට එක කපු මහතකුත් රථය තුළ තවත් කෙනෙක් ලෙස දෙදෙනාම යනවා. යම් යම් දිනවල මේ දෙදෙනා ස්ථාන මාරුවන බව දැකිය හැකියි.

      කැමතියි

    • ඇතා පිට හා රථයේ යාම ගැන විධික්‍රමයක් නියමව නැහැ. දෙදෙනාම සමබලයක් දරන බව පෙනී යනවා. හැඳින්වීමේ දී මහබෙත්මෙ කපු නිලය කුඩාබෙත්මෙ කපු නිලයයි පැවසුනත් එක් අයකුට ඒමට තහංචි වැටුන විටෙක අනෙක් තැනැත්තා සියල්ලම ඉටු කරනවා. දෙදෙනාටම හොඳින් සිටින විට ස්ථාන හෝ දින මාරුවෙම්නි තේවාව කරන බව පෙනී යනවා.

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )