තිදස කෙලපු ජය රණ කෙලි පෙරහර !

13 thoughts on “තිදස කෙලපු ජය රණ කෙලි පෙරහර !

    • පුරාණ ලේඛනය අනුව සූරිය මහ රජු හිටිය බව පැවසෙන්නේ ශ.ව.1304 කියල නේ. ව්‍යවහාර වර්ෂ වලට පෙරලූ විට ඒ ක්‍රි.ව. 1382 වසර. දැනට සම්මතව හඳුනාගෙන ඇති ජාතික ඉතිහාසය තුළ මේ වකවානුව ගම්පල රාජධානි සමය. 1382 කියන්නේ 5 වනබුවනෙක බා රජ සමය. සමහර විට මේ ලේඛනයේ පැව‍ෙසන්නේ ” සූර්ය වංශික රජකු” ලෙස පොදු නාමය නම් ඒ බුවනෙකබාවන්ම විය හැකියි. මේ පිළිබද විස්තර බොහොම පරෙස්සමින් සොයා බලන්න වෙනවා.(දැනට ලියමින් තියෙන්නෙ සම්ප්‍රදායික සිරිත් පිළිබඳව අවධානය දෙමින් නිසා එය පමා වෙනවා) පුරාණ ලේඛනයේ , පුරාකතා සහ කවි වල පැවසෙන සූරිය මහ රජු සම්බන්ධ විස්තර ගෙන ඒමට තව ටිකක් පමා වෙිවි දුව.

      කැමතියි

  1. තිදස පුර කියන එක දැක්ක ගමන් මත වුනේ ගුණදාස කපුගේ මහත්මයා ගෙ සිංදුවක කොටසක්. “තිදස පුරෙන් බිමට බසිනු මෙත් මහ බෝසතුණේ” එහෙම බලපුවාම තිදස පුරය කියන්නෙ තව්තිසා දෙව්ලොව කියන එක ද ?

    කැමතියි

    • //මේ මහත්මා ලක්ෂපාන විදුලි බලාගාරය විවෘත කරද්දී මගුල් බෙර වාදනයට// ලක්ෂපාන වේල්ල විවෘත කරපු අවස්ථාවෙ ගත්ත පින්තූරයක් තියනව මගෙ ලඟ. බලාගාරය විවෘත කලා කියන්නෙත් ඒකම ද, නැත්නම් වෙන අවස්ථාවක් ද ? උඩ කියපු වාක්‍යය දැකල ඒක අරන් බැලුවා. ඒත් ඒකෙ මිනිසුන් පේන්නෙ ඉතා කුඩාවට. පැහැදිලි මදි.. ඒක 1959 එකක්.

      කැමතියි

      • ලක්ෂපාණ විදුලි බලය නිපදවා මුල්වරට ශ්‍රීපාදස්ථානයට ලබා දෙන අවස්ථාවෙ මගුල් බෙර වාදනය කළ ශිල්පියා කියා මගේ සටහන සංස්කරණය විය යුතු බව ඔබේ අදහස දුටු ගමන්ම තේරුම් ගත්තා. මේ පිළිබඳ විස්තර අඩංගු ලින්ක් දෙකක් මේ ශිල්පියාගේ හැදින්වීම අතරට එක් කළා. MPP Gunasinghe -youtube යන නමින් යූටියුබ් වල මේ ශිල්පියා සමග කළ සාකච්ඡාවක කොටස් දෙකක් තිබෙනවා. ඒ වෙලාවෙ අරගත්තු ඡායාරූප කිසිවක් මෙහේ සොයන්න නෑ චන්දන ඒ නිසා ඔබේ සේයා සටහන් ඉතාම වටිනවා. මේ ලිපියෙ කියන්නේ වේල්ල විවෘත කළ අවස්ථාව නොවෙයි. ලක්ෂපාණ මුලින්ම විදුලිය නිපදවාගෙන ශ්‍රීපාදස්ථානයට දුන් අවස්ථාව ගැනයි ඒ වරදත් නිවැරදි කළා.

        කැමතියි

    • “තිදස පුරය” කියාත් තව්තිසාවට කියන බව මතක් වුනේ දැනුයි. ඒකට චන්දනට ස්තුතියි. ඒ අනුව ලිපියත් නිවැරදි කළා. මේ ඇත්තන් ගෙන් අහපු හැම වෙලාවෙම කිව්වෙ මුළු තුන් ලෝකෙටම කරදරයක් වෙලා තිබුණ අසුරයන් පරදවන්න මවාපු කෙනා කතරගම දෙවියන් නිසා මේ කියන්නේ තුන් ලෝකයම එක පුරයක් ලෙස සැලකුවා කියලයි. වෙන මොකද්දෝ මතකයක් තිබුණ බවක් මිස ඒ තව්තිසාව බව සිහි වුනේ ඔබේ අදහස දැක්කමයි.

      කැමතියි

  2. http://sinhalajanakatha.blogspot.co.uk/2013/05/blog-post_7729.html
    ගුණේ මහත්තයෝ….මෙන්න මෙතනත් තියෙනවා පේරස් ඇල සහ උග්ගල අළුත්නුවර කතරගම දේවාලය සම්බන්ධ කෙටි සටහනක්

    කැමතියි

    • ඒ ලිපිය බැලුවා ඉතාම කදිමට මෙහි පවතින ජනකතාවන් යොදා ගනිමින් පුරාවෘතය පවසන්නට සිංහල ජනකතා බ්ලොග් එක සමත්වෙලා තියනවා.
      මගේ උත්සාහය වන්නේ
      1. ගමේ ඇති පුරාකතා, කවි , ලේඛනගත ප්‍රාථමික හා ද්විතීය මූලාශ්‍ර හා නටබුන් ද ඇසුරු කරමින් ඓතිහාසික සත්‍යයන් මතු කළ හැකිද යනු සොයා බැලීම
      2. පැවති හා දැනටත් පවතින සිරිත් සම්ප්‍රදායන් යටතේ මිනිසුන්ගේ සිතුම් පැතුම් යහගුණ ආකල්ප සකස්ව තිබූ ආකාරය හා දැනට පවතින තත්ත්ව විමසා බැලීම(මෙහි දී ධනාත්මක ලක්ෂණ වලට ප්‍රමුඛතාව දී ඇත.)
      3. පැරණි දැනුම් හා ශිල්පීය තත්ත්වන්ගේ ස්වභාවය හා අගය, ඒවා අදට ප්‍රයෝජනවත් ලෙස ගපා ගත හැකිද , ප්‍රතිනිර්මාණය තුළින් වර්තමානයට ගත හැකි ප්‍රයෝජන සහ මෙහි දැනට පවතින ජීවන තත්වයන් දියුණු කිරීමට ඒවා උපයෝගි කරගත හැකිදැයි අවධානය දීම, ඇතැම්වා නැතිව යමෙන් සිදුව ඇති පාඩුව හා ඒවා මුහණ දෙමින් පවතින අවදානම ගැන විමසීම

      යනාදිය ට උත්සාහ ගැනීමක් බව ඔබට පෙනී යනවා ඇති. මේ උත්සාහයේ අඩුලුහුඬු තැන් බොහෝ විය හැකිය. ඒ වෙනුවෙන් නිතරම වගේ උදව් කරන ඔබ හැමත් අලුතෙන් ඇස යොමු කරන වෙනත් අයත් වෙතින් ලැබෙන පෝෂණය හා මග පෙන්වීම් ද නිරන්තරව ලැබේවායි ප්‍රාර්ථනා කරන්නෙමි. මේ කෙරේ සැලකිලිමත්වීම හා මග පෙන්වීම වෙනුවෙන් aruge adaviya ට ස්තුතියි

      කැමතියි

  3. මේ අඩවියේ ලිපි වඩ වඩාත් සංවාදයට ලක්වීම ගැන සතුටු වෙනවා. අනේ පුලුවන්නම් අර ඉතා අගනා කවි ටික ඒ කවි නිවැරදිව ගයන්න දන්නා කෙනෙකු ලවා ගායනා කරවා, ඒ හඬ පටිය මෙවැනි ලිපියකින් අහන්න සලස්සනවානම් ගොඩක් පින්. කවි ටයිප් කරන හැටි ඊ මේල් එකකින් කියන්නම්.

    ගුණසිංහ මහත්තයෝ, දැන්නම් සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව ටිකක් වෘත්තීය මට්ටමේ කැමරාවක් ගන්න කාලේ හරි වගේ. මේ වගේ පින්තූර වලට වඩාත් ගැලපෙන්නේ ඒ වගේ කැමරාවක්. දුවට කියමුද එනකොට අරං එන්න කියලා එකක්.

    කැමතියි

    • කවි විශාල ගණනක් එකතුවී තිබෙනවා. තෝරාගත් ඇතැම් කවි ජයන්තලාල් සෝමරත්නයන් විසින් බෞද්ධයා නාලිකාවෙ සමහර අවස්ථාවල ගායනා කර තිබෙනවා. ගායනා සහ වාදන හඬ කොටස් මේ තුළ ඇතුළු කරන විදිහ කෙස් දැයි වටහා ගන්න තවම බැරි වුනා . දුව හොඳ කැමරාවක් අරන් එන බව කියා තිබෙනවා. මේ සඳහා ගැලපෙන්නේ මොනවගේ කැමරාවක් දැයි දැන ගන්නට හැකිනම් තවත් වටිනවා. ඔබතුමා ගේ උපදෙස් සම්බන්ධව ස්තුතිය පිරිනමන්නෙමි.

      කැමතියි

  4. පින්ග්කිරීම: හස්තියා මත වැඩමවන ආභරණ | sugv

  5. පින්ග්කිරීම: දේවාභරණ රථය | sugv

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )