බෞද්ධ මුහුනුවර

8 thoughts on “බෞද්ධ මුහුනුවර

    • ඔබ විග්‍රහකරන ආකාරය නිවැරදියි. පඩුර ලනවා පඬුරු දානවා යන අරුත්වලට අමතරව, මේ ඇත්තන් “පඬුල්ලනවා” යන්න තවත් අර්ථයකින් භාවිත කරන බව පෙනී යනවා. බැතිමතා පඬුරු පෙට්ටියට පඬුරු දැම්මත් නොදැමිමත් සඳුන්කල්ක මිශ්‍රණයක් මගින් ඔහුගේ නලල මත තිලකයක් තැබීම හැඳින්වෙන්නේ ද “පඬුල්ලනවා” නමින්ම බව පෙනෙනවා. “මම දැන් කී දාහක් පැඬිල්ලුවද දැන් අනෙක් කපුමහත්තය එනකං ඉන්න” වැනි ව්‍යවහාරයන් තමන්ට මහන්සි වූ විටක කපුමහත්වරුන් පවසන අවස්ථා දක්නට ලැබී ඇත. මීටම “පරහඳගානවා” යන ව්‍යවහාරය ද පවතී. එහෙත් ඒ ව්‍යවහාරය ඇත්තේ රාජකාරි මණ්ඩල සම්බන්ධව පමණි. “රාජකාරි කාරයන් පරහදගානවා” යනුවෙන් කියවේ. එහතේ “බැතිමතුන් පඬුල්ලනවා” යනුවෙන් සෙසු අය සම්බන්ධයෙන් ව්‍යවහාරවන බවක් පෙනී යයි.

      කැමතියි

  1. //..දැනට වැඩමවන කරඬුව මඩුවන්වෙල මහ දිසාව විසින් තමන්ගේ දියණියකගේ අසනීපයක් වෙනුවෙන් වූ භාරයක් ඔප්පු කරමින් පූජා කරන ලද්දක් බව කියවේ….//

    මේ අපි දන්නා හඳුන්න මඩුවන්වෙල රටේ මහත්තයාගේ පරම්පරාවේ පූර්වගාමිකයෙක්ද ??

    කැමතියි

    • හසිත මෙහි කියවෙන්නේ මඩුවන්වෙල රටේමහත්මයා ගැනමයි. සිය තරුණ අවදියේම දෙමාපියන් අහිමිව නාරන්ගස්මඩ වලව්වේ හැදී වැඩී රටේමහත්මයා පදවිය ලැබ පසු කාලයේ මහ දිසාවේ බවටත් පත්ව ඇති එතුමාමය. දිසාවේගේ දියණිය ජීවත්ව සිටිනතාක් මහ පෙරහරට පැමිණි බවත් තමන් රෝද පුට්වේ තබාගෙන ඇයව පෙරහර බලන්නට ගෙන ගිය බවත් පවසන සෙනේහමි මෑණියන්1990 වන විට ඇයගේ වයස සියයකට අධික බව වැසුනා. ඒ වනවිටත් හොඳ සිහියෙන් කතා කිරීමට කවි කීමට ඇයට හැකිව තිබුණා. 2010 මාර්තුමාසයේ 19 දින කරඬුව හොරකම් කර ඇතිබවට පැතිරගිය රාවයක් නිසා ගමේ මිනිසුන් කැළඹී සිටියා. එවකට කටයුතු කළ බස්නායක නිළමේ ගේ ලියනමහතා විසින් පවසන ලද්දේ ධාතුකරඬුව පතුළේ මඩුවන්වෙල වලව්ව යන වදන කොටා ඇති බවත් එය දැනට ද දේවාලයේ පවතින බවත් කලබල නොවිය යුතු බවත් පැවසීය. මිනිසුන් සන්සුන් වූයේ අත්තනායක මොහොට්ටාල නිලමේ වරයකු අනෙක් වගකිව යුතුත්න්ද පොලීස්යේ මැදිහත්වීම හා ආරක්ෂාව යටතේ ඇතුළුව ධාතු කරඬුව නිරුපද්‍රිතව ඇති බව ‍සහතික කිරීමෙන් අනතුරුවයි ඇතිව පැවති උද්ඝෝෂණකාරි වාතාවරණය සමහන් වුනේ. මේ විස්තර ද අනුව ‍එය වටිනා පුරාවස්තුවක් බවත් මඩුවන්වෙල දිසාවේගේ පිදුමක් බවත් සිතිය හැකියි. මේසේ විස්තර එක් කිරීමට මග පාදන අපේ හසිතට ස්තුතියි
      (ඔන්න මම හසිතයන් කියන ව්‍යවහාරය නැවැත්තුවා)

      කැමතියි

      • @ mppgunasinghe

        අප දන්නා හඳුනන මඩුවන්වෙල ඉසිලුවේ රටේ මහත්තයා තනතුරක් මිස “මහ දිසාවේ” තනතුරක් නෙමෙයි. ඒක නිසා ඒක නිවැරදි විය යුතුයි කියලා හැඟෙනවා.

        ඒ වගේමයි උඩරට රාජධානි සමය තුළ “දිසාවේ” සහ “මහ දිසාවේ” කියන්නේ යම් වෙනසක් තිබුණු තනතුරු දෙකක්. උඩරට රාජධානි සමයේ තිබුණු දිසාවනි 12 උදෙසා පත් කරෙන නිලධාරීන්” දිසාව” නමින් හඳුන්වන බව හැබෑව. ඒත් මේ දිසාවනි 12 න් ප්‍රධාන එහෙමත් නැත්නම් වැදගත් දිසාවන් 4 ක් තිබුණා. ඒ තමා සතර කෝරළේ. සත් කෝරළේ, ඌව සහ මාතලේ කියන දිසාවනි 4.

        ඒ නිසා ඒ දිසාවනි 4 දිසාවේවරුන්ව තමා “මහ දිසාවේ” නමින් හඳුන්වලා තියෙන්නේ. ඒ වගේමයි මේ දිසා 4 බොහෝ වෙලාවට භාර කෙරිලා තියෙන්නේ අදිකාරම්වරු දෙදෙනාට හෝ ජ්‍යෙෂ්ඨතම රදළ ප්‍රභූවරයෙක්ට.

        කරඬුව සම්බන්ධව ඔබතුම එක් කළ ස්තුතියට බොහොම ස්තුතියි. හැකි නම් ධාතු කරඬුවේ සමීප ඡායාරූපයක් වගේම එහි මඩුවන්වෙල වලව්ව යනුවෙන් කොටා ඇති ස්ථානයේත් ඡායාරූපයක් එක්ක කරන්න. එය මේ සටහනට වැඩි වැදගත්මක එකතු කරාවි. 🙂

        ආර්.එල්. ස්පිට්ල්ගේ කෘතියක වෙන්න ඇති මතක විදිහට සඳහන් වුණා රටේ මහත්මයාගේ දියණිය අංගවිකල කෙනෙක් කියලා.

        //..(ඔන්න මම හසිතයන් කියන ව්‍යවහාරය නැවැත්තුවා)…//

        මේක නම් බොහොම හොඳ😀

        කැමතියි

        • හසිත හරි ! නිවැරදි කර ලිපිය සංස්කරණය කළා.
          මඩුවන්වෙල දිසාව පිළිබඳ මා සතුව තිබූ විස්තරය මේ පිළිතුර තුළ අඩංගු කරන්නට හැකි වුනේ නැහැ. එබැවින් ප්‍රධාන ලිපිය සංස්කරණයට ලක්කර එහි ඇතුළු කරන්නට අවසර දෙන්න. මට ඒ වන විට ලැබි තිබුණ විස්තර වල අන්තර්ගත වූයේ මඩුවන්වෙල දිසාව කොලොන්න කෝරලයේ රටේ මහත්මයා බවට පත්ව පසුව මහදිසාවේ බවටත් පත්වුන බවයි. ඉතිහාසය යයි පවසන දෙයක් විවිධ මූලාශ්‍ර කීපයක් මගින් තහවුරු විය යුතුය. එසේ නොවේ නම් එය “ඉතිහාසය”වෙන්නෙ නැහැ. බොහෝ දෙනකු අනෙකා පවසන දෑ දෙස විමසිල්ලෙන් බැලීමේ වැදගත් කම හසිත කියා දුන්නා.
          කරඬුවේ සමීප සේයා රුවක අවශ්‍යතාව ඉතාම තදින් දැනෙනවා. ඒ සඳහා උත්සාහ ගනිමින් සිටිනවා. මඩුවන්ෙවල දියණිය
          මේ ඇත්තන් විසින් හඳුන්වන්ෙන් “කෙරමැණිකේ” නමින්. සෙනේහාමි මෑණියන් විසින් ඇයව රෝද පුටුවේ තබාගෙන පෙරහර පෙන්වන්නට එක් කර ගෙන ගිය හැටිත් ඇයගෙන් තමාට බොහෝ දේවල් තෑගි ලෙස ලැබුණ හැටිත් පැවසුවා. ඒත් එම තෑගි ඒ් වනවිට(1990 වනවිට ) එම මෑණියන් සතුව තිබුණෙ නැති බව දැනගන්නට ලැබුණා. ස්පිට්ල් කියන කතාව නිවැරදි බව මේ මෑණියන් කී දේවලින් ද තහවුරු ෙවනවා.

          කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )