කන්දකුමාර කොඩිය

Advertisements

17 thoughts on “කන්දකුමාර කොඩිය

  1. තුන්හුලස් කොඩි පතාක කියලා හඳුන්වනවා නේද? ඉර හඳ සබරගමු පළාතට අයත් ලකුණක් ලෙසයි මට මතක තියෙන්නේ.

    ඡායාරූප ගැනීමේදී හෙවනක ගන්න එපා. එවිට පින්තූරය අඳුරු වෙනවා. එහෙම හෙවනක ගන්නවානම් ක්‍ෂණිකාලෝක – flash යෙදිය යුතුයි. එහෙම නැත්නම් ඡායාරූප සංස්කරණ කරන මෘදුකාංගයකින් පින්තූරයේ අඳුර ඉවත් කළයුතුයි. වඩාත් නිවැරදි ක්‍රමය වන්නේ හොඳ ආලෝකයක් ඇති වෙලාවක/තැනක/අවස්ථාවක පින්තූර ගැනීමයි.

    කැමතියි

  2. මෙහි පවසා ඇති ඇතැම් කරුණු පිළිබදව සැබැවින්ම මීට පෙර අසා දැන තුබූ ඒවා නොවෙයි… මතක පථය ප්‍රමාණාත්මක කරන්න හේතුවූ ඔබේ ලිපියට නොවක් තුති

    කැමතියි

  3. //..හසිත ගුණසිංහයන් විසින් එහිදී මතු කර පෙන්වන ලද අදහස් හා යෝජනා ඉතා වැදගත් වෙයි…//

    මෙච්චර ගරු නම්බු කුමටද 🙂

    //..මෙහි දි තේරුම් ගැනිමට අපහසු ගැටළුවක් වන්නේ කොඩියේ සිටින කුකුලා නාගයකු කටින් ඩැහැගෙන සිටින ආකාරයක් යොදා ඇත්තේ ඇයි ද යන්නය….//

    සමහර විටෙක මෙය පසුකාලීනව කාගේ අතින් හෝ සිදුවූ අත් වැරැද්දක් වන්නට පුලුවන්. එය නිවැරදි කිරීමට නොයාම මත ඒ සිතුවම ඉදිරියට පැමිණෙන්නට ඇති

    //..ඉරහඳ දෙන්නා:- ඉරහඳ කොටන ලද ගල් පර්වතයක් 1980/90 දක්වාත් අටවක්වෙල රතනපාල විද්‍යාලය අසල තිබිණි. ඒ ගැන විමසිමේදී හඳුන්වා දුන්නේද ඉරහඳ දෙන්නා හෝ ඉරහඳ දෙවි වරුන් ලෙසිනි….//

    කඩ ඉම් සළකුණු කරද්දිත් ඉර හඳ දුනු ඊතල ආදී සළකුණු යොදපු බව කියවෙනවා. මේ එවන්නක් වන්නත් පුලුවන්.

    කැමතියි

    • ගරුනම්බු දීම ගැන කියන්න එපා හසිත, අපේ රටේ නැවතත් කළගුණ සැලකීම වගේ ගුණාංග පුනරුත්ථාපනය කළයුතුයි නේද ? නවිකරණය නමින් හඳුන්වන බටහිරකරණයට ගොදුරු වීම නිසා ඒවගේ ගුණ ධර්ම පිරිහී යාමේ ලක්ෂණ වලට උදාහරණ ලැබෙමින් පවතිනවා. (දෙමාපියන් මහලුමඩම්වලට යවන සංස්කෘතික ලක්ෂණයක් එක්වෙමින් පැවතීම පහසුවෙන් දැක්විය හැකි උදාහරණයකි.)

      ඔබ පවසන ආකාරයට කුකුලා සිය කටින් නයකු ඩැහැගෙන සිටීම පුරාණ කාලයේ පැවති කොඩිය දෙස බලමින් නව කොඩිය සකස් කිරීමේදී ඇතිවුන වෙනසක් වන්නටත් හැකියි.

      ඔව්. කඩඉම් ලකුණු කරද්දී එම සලකුණු දක්වා තිබෙනවා. අටවක්වෙල කියන්නේ 1620 දී පමණ කොනස්තන්තීනුද සා ආක්‍රමණ මගින් ගිනිතබා විනාශ කිරීම නිසා නැතිව ගිය මැද්දෙගම් රාජධානිය පැවති ප්‍රදේශය. මට ලින්ක් එකක් ප්‍රතිචාරවලට ඇතුළු කරන්නේ කෙස්ද කියා තවම වැටහෙන්නේ නැහැ. ඒ නිසා අවස්ථාව ලබාගත හැකිනම් මෙහි ඇති මැද්දේගම රාජධානියේ ආරම්භය on 2012 නොවැම්බර් 8 සිට ඇති ලිපිය හා යාබද ලිපි බලන්න.

      කැමතියි

      • මට පොඩ්ඩක් ලැජ්ජත් හිතුණා ඔබතුමා වගේ වැඩිහිටියෙක් මට හසිත ගුණසිංහයන් කියද්දී 🙂

        link එකක් ප්‍රතිචාරවලට දාද්දී ඇඩ්‍රස් බාර් එකේ තියෙන සම්පූර්ණ ලින්ක් එකම ප්‍රතිචාර තීරුවට එකතු කරන්න. ඒක එක ක්‍රමයක් තව ක්‍රම නම් තිබෙනවා. මමත් ඒවා හරියට දන්නේ නැහැ
        …
        …මේ මැද්දේගම රාජධානිය ප්‍රාදේශීය රාජ්‍යයක් ද ?

        කැමතියි

        • වැඩිහිටි බව තීරණය වෙන්නෙ වයසින් නොවේ. මට මේ වෙලාවෙ සිහිවෙන්නෙ මහාචාර්ය නන්දදාස කෝදාගොඩ සංගීතය ඉගෙන ගන්න රෝහණ බැද්දගේ ශූරීන් ළඟට ගිහින් “සර්” කියා ඇමතීමෙන් අතිවූ තත්ත්වය. “මෙතන මගේ ගුරුතමා ඔබ”මේ මහාචාර්ය කොදාගොඩයන් අවසානයේ රෝහණයන්ට දුන් පිළිතුර බව අසා තිබෙනවා.

          ලින්ක් එක ගන්න හැටි කියාදුන්නාට ස්තුතියි හසිත.

          මැද්දේගම රාජධානිය කියන්නෙ පළමු රාජසිංහයන්ගේ රහස් රාජධානිය ලෙස නිර්මාණය වී පැවත, රජුගේ අභාවයෙන් පසුව පෘතුගීසීන් පන්නා දමමින් ජාතික සටනට උර දෙන්න ඒ අවදියේ නැගී ආ රාජධානියක්. සීතාවක රාජධානිය ගිනිතබා අතුරුදහන් කළා වගේ මේ රාජධානියත් ගිනිතබා විනාශ කළ හැටි කුස්තනතීනු හටන කාව්‍යයේ දිගින් දිගටම විස්තර වෙනවා. සියුම්ව සෙවුවොත් මිස එහි නටබුන් අද දක්නට නොහැකියි. “ඉරහඳ දෙන්න” කොටපු ගලත් මෑතදී නිධන් හොරුන් විනාශ කළා. එහෙත් කණතිරියන්වෙල කොට බෝධිය නමින් හඳුනවන ශ්‍රීමහා බෝධි ශාඛවාක් ලෙස වැඳුම්පිදුම් ලබන බෝධීන් වහන්සේ, එළුගාලේ පන්සල හා පුරාණ ටැම්පිට විහාරය සහ බොල්තුඹය දේවාලයත් ඒ අශිිතව පවතින ජනශ්‍රැතියේ පැහැදිලිවම කියවෙනවා. මට ලැබුණ විස්තර අර කිව්ව ලිපිවල ඇති. ඒ සියල්ලත් නිම නොවූ කතන්දර පමණි. මේවා පිළිබඳ විධිමත් ගවේශන හා පර්යේෂණ තවමත් පමා වෙමින්. හරි ලින්ක් එක ගන්න හැටි කියා දුන්නාට නැවතත් ස්තුතියි. පහතින් ඇත්තේ ඒ මැද්ගේම රාජධානිය ගැන විස්තර ආරම්භ කරන ලින්ක් එක. කුස්තන්තීනු හටන කුමාරණතුංග සංස්කරණය ක් ඇත. සිංහප විකිපීඩියාවේද කුස්තන්තීනු හටන උඩුගන්වා තිබෙනවා. කොස්ගොඩ දුනුසිංහ මහතා සංස්කරණය කර පළ කරන ලද පොතක් ද ඇත.

          https://sugv.wordpress.com/2012/11/08/%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B6%9C%E0%B6%B8-%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9A-%E0%B6%86%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7/

          කැමතියි

  4. මට මේ ලිපිපෙළ තුල විෂයට අදාලව අදහස් දැක්වීමට දැණුමක් නැති වුවත්….කියවා රසවිඳිනවා පමනක් නොව …නොදන්නා බොහෝදේ ඉගෙණගනිමි.

    කැමතියි

  5. පින්ග්කිරීම: තිදස කෙලපු ජය රණ කෙලි පෙරහර ! | sugv

  6. මුල සිට අගට ලිපි පෙළ කියවාගෙන ගියත් රසවිදීමේ ආශාවෙන් කියවාගෙන ගියා මිසක ඒ ගැන සිතා බැලුවේ පස්සේ. මේ ලිපිය නැවත අවධානයෙන් කියවද්දි ගැටලු ගොඩක් මතු වුනා. ඒත් ප්‍රතිචාරවල තිබෙන කරුණු නිසා ගොඩක් ගැටලු මග හැරුනා. කුකුළා කොඩියේ නාග රුව ගැන මටත් තිිබෙන්නේ ගැටලුවක්. එහෙත් කුකුළා කොඩියද දේවාල සම්ප්‍රධාය හා බැදී පවතින බැවින් කුකුළා කොඩියටද මුල් තැනක් හිමිවන්නට ඇති. කන්දකුමාර කොඩියේ ඇති නයෙක් ඩැහැගත් මොනර රුව ගැන මගේ අදහස මේකයි. මොනරා නාගයාගේ හතුරෙකු බවට අදහසක් ජනප්‍රවාදවල පවතිනවා.මොනරා‍ගේ හඩ ඇසීමෙන් නයි බිත්තර වදවෙන බවත් අදහසක්. අපේ ගෙවල් අසළට ඇතැම් කාලවල මොනරුන් පැමිනෙනවා. දැන් නයිනම් නැතුව ඇති කියලා අම්මලා ඒ වෙලාවට කියනවා. මේ නිසා ජයගහණය සංකේතවත් කරන්න මේ නාග රුව එක් කරන්නට ඇති බව මගේ හැගීමයි.මොනරා කතරගම දෙවියන්ගේ වාහනය නාගයාගෙන් අසුරයන් සංකේතවත් කළා විය හැකියි. මේ ගැන පැවසෙන කවියක් මගේ ආතම්මා කියා දී ඇතත් එය උවමනාවෙන්ම පාඩම් කර නොගත් බව මතකයි. එහෙත් මගේ මවට ඇය කුඩා කාලයේ අසා තිබූ ඒ කවිය මතක තිබු‍ෙනේ වාසනාවටය.අවුරුදු 10 කට 15 කට කලින් අහපු දෙයක් ඔයාට මතක නැත්නම් අවුරුදු 50 කට විතර අහපු මට මතක තියෙයිද කියලා උපහාසයෙන් ඇහුවත් අම්මා පද හතර මතක් කර ගත්තා.එහෙත් එහි පද පිළිවෙල අමතකව තිබුනි.මෙහි සදහන් කරන පද පිළිවෙළ නිවැරදිදැයි නොදනිමි.

    කොටියා එන බව ගවයා දුටුවම ගාල කඩාගෙන පැන යනවා
    නරින්ගේ හූ හඩ කුකුළ‍ට ඇසුනම කූඩුව ඇතුළේ වෙව්ලනවා
    ලස්සන මොනරගෙ කටහඩ ඇහුනම නයින්ගේ බිත්තර වදවෙනවා
    මුගටින් රංචුව හමු වූ තැනදී නයින්ගෙ දස්කම් නැතිවෙනවා

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )