රාවණා කොඩිය සහ කුකුලා කොඩි

ලිපිය සංස්කරණය ෙවමින් පවතී

23 thoughts on “රාවණා කොඩිය සහ කුකුලා කොඩි

  1. ඒ කියන්නෙ මහාචාර්ය සන්නස්ගල මහතාගෙ පොතෙහි එන පින්තූරය හැරුනු විට රාවණා කොඩියක් දැන් දැකගන්නම හැටියක් නෑ කියන එකද …?
    බොහොම ස්තුතියි විස්තරවලට….

    කැමතියි

    • ඇත්තෙන්ම නැහැ මියුරු. ඒ පැරණි කොඩියේ දිග අඩි 6.5 ක් හා පළල අඩි 4.25 ක් වූ බවත් ඒ වනවිට බොහෝ සේ දුර්වරණ වී පෙට්ටගමේ තැන්පත් කර තිබූ බවත් එම පොතේ කියවෙනවා. එය එළීයට ගැනීමට දේවාලයේ ඇත්තන් කැමති වී නැහැ. එම කොඩිය ගැන විමසූ මටද පෙන්විමට ඒ කාලයේ ජීවත්ව හිටපු සොරගුණේ අබේරත්න මොහොට්ටාලහාමි තුමා එකඟ වුනත් මා සූදානම්වනවිට එතුමා මියගොස් තිබුණා.මේ 1990 ගණන්වල දියි. දැන් සිටින්නේ එතුමාගෙන් පසුව රාජකාරිය කරනු ලබන මුණුපුරෙක් ඒ ගැන එයාගෙන් විමසා බැලීමට හිතාගෙන ඉන්නෙ. ඒත් එහෙ පෙට්ටගම විවෘත කරන්න පෙරහර කාලයක් පැමිණෙන තුරු ඉන්න වෙනවා. (සෑහෙන කාලයක් ගව ගිය බැවින් දැනට එය ඉතිරිව තිබේදැයි සැකයි.) බොල්තුඹය මහසමන් දේවාලයේ තිබී කොඩ්‍රින්ට ලැබුණ බව කියවෙන කොඩිය ද දේවාලය දැනට සතුව නැති බව එහි මොහොට්ටාල නිලමේ සමරසිංහ මහතා ඇතුළු රාජකාරි මණ්ඩලය පවසනවා. ඒ නිසා පුරාණයේ පැවති වෙනත් රාවණා කොඩියක් සබගරගමුවෙන් සොයන්න නැහැ. බොල්තුඹයේ පැවති කොඩිය එළියට ගෙන දිග හරිද්දී මහ වැස්සක් වැටෙන්න වූ බවත් කොඩිය හැකිලූ පසුව වැස්ස පෑයූ බවත් සුදු දිසාපතිවරුන් දුටු අසිරිමත් සබරගමුව (ඔවුනගේ දින සටහන්)කෘතියේ එච්.වේස් මහතාගේ සටහන් අතරින් දැකිය හැකියි. මේ සිද්ධිය ආශ්‍රිතව බොල්තුඹය ඇත්තන් අතර පවතින පුරාකතාව අනුව එම වැස්ස නිසා පැමිණ සිටි සුද්දන්ට බොල්තුඹයෙන් පිටත්ව යාමට නොහැකිව අසරණව අතරමංව සිටි බවත්, දෙගොඩ තලා ගොස් පිරී තිබුණ මහා ජල කඳ නිසා පසුව එගොඩ වීමට හැකිව ඇත්තේ ඇතකු පිටින් බවත් කියවෙනවා. ඒ ‍අය ගෙනා බඩමුට්ටු සියල්ලමත් නැතිවෙලා ආපහු ගොස් ඇත්තේ හිස් අතින් බව කියනවා.

      කැමතියි

  2. ඔබ ගාව තෙන්නකෝන් විමලානන්දයන්ගේ උඩරට මහ කැරැල්ල 3 කාණ්ඩය තියෙනවා නම් බලන්න ඒකේ තියෙනවා මහනුවර කතරගම දේවාල ධජය. ඒකේ මයුරාසනව වැඩ ඉන්න කතරගම දෙවියන්ගේ පාමුල ඇත් රූ දෙකක් දැකගන්න ලැබෙනවා. ඒ ඇතුන් දෙදෙනා දෙවියන්ට නමස්කාර කරන ලීලාවෙන් ඉන්නේ. මේ ධජයෙන් යම් කිසි ආභාෂයක් ඇවිත් මේ ඇත් රූ එකතු වුණා වෙන්න පුලුවන්.
    …
    …ඒ වගේමයි මේ කුකුල් රුවක් කියලා විශ්වාසද ? දේවාලයේදී එය කුකුල් කොඩිය කියලාද හඳුන්වන්නේ. මොකද මම කලින් කිව්වේ ධජයේ කතරගම දෙවියන් අසුන් ගෙන ඉන්න මොණරා නාගයෙක් මුවින් අරගෙන ඉන්න ආකාරය පැහැදීලිව දැකගන්න පුලුවන්.

    අනෙක් අතට ආරම්භයේදී කතරගම තිබුණු දේවාලය මහසෙන් දේවාලය නමිනුත් හැඳින්වුණු බව කියවෙනවානේ. සැළලිහිණියේ රනේ යට’ග සැවුළිඳු දද ගලපාය කියනවානේ. ඒ කියන්නේ සැවුලා එහෙමත් නැත්නම් කුකුලාගේ රුව තියෙන කොඩි තිබ්බාය කියලා. ඒක නිසා කතරම දෙවියන් එක්ක කුකුලාගේ තියෙන සම්බන්ධය නිසාත් කුකුල් රුවක් ආවා වෙන්න පුලුවන්
    …
    …රාවණා කොඩියක් දේවාලයට එකතු වුණු අකාරාය ගැනත් විස්තරයක් කරන්න පුලුවන් නම් වටිනවා.
    …
    …සන්නස්ගල මහත්මයාගේ කෘතියේ තියෙන රූපය උපුටලා දක්වන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මම හිතන විදිහට. මෙන්න මේ කෘතියේ මෙන්න මේ පිටුවෙන් මේක උපුටා ගත්තා කියලා දාපුවාම ඔබ වැරැද්දක් කරලා නැහැනේ 🙂

    ඉර හඳ කියලා දක්වපු දෙක නෙළුම් මල් දෙකක් විදිහටනේ මට පේන්නේ. ඒක එහෙමද ?
    …
    …උඩරට මහ කැරැල්ල පොතේ තියෙන වලපනේ මයුර කොඩියටයි, ඌවේ හංසයා කොඩියටට්යි බොහෝ සමාන ලක්ෂණ මේ කුකුළා කොඩියෙත් පේන්න තියේනව. පොඩ්ඩක් ඒකත් බලන්න

    කැමතියි

    • ඔය තියෙන්නේ වැදගත් විස්තර රාශියක් ! යන හැඟීම ඔබේ ප්‍රතිචාරය දුටු විගසම මට ඇතිවුන සිතිවිල්ලයි. ඔබ පවසන විස්තර ඉතාම වැදගත්. මෙවැනි ප්‍රතිචාර ලිපිය ලියද්දී මහත්සේ අපේක්ෂා කළා. ගමේ අයගෙන් පුන පුනා අහද්දිත් ඔවුන් අවධාරණය කළේ කුකුලා කොඩි යන නමම යි. සැවුල් කොඩිය යන ව්‍යවහාරය සහිත කවියක් ඇති බව මතකයේ තිබුණත් සටහන් අතරින් තවම සොයා ගන්නට අපහසු වී තිබෙනවා. කෙසේ වුනත් මේ අයගේ මතය වැදගත්ය කියලා මටත් හිතුනා. ඔබ පළමුඡේදයෙන් පවසන දෑ පිළිගතයුතු බව පෙනී යනවා. මොණරා නාගයකු ඩැහැගෙන ඉන්න රූපය මේ දේවාලයේත් තිබෙනවා. සෙරගුණයේ රතයේ එල්ලාගෙන යන කොඩිවලත් තියනවා. ඒ හින්දම මේ කොඩියෙ ඉන්නෙ මොණරෙක් නෙවෙයි ද යන පැනය නැගුවත් ඔවුන් ස්ථිර කර කීවේම ඒ කුකුලා බවමයි.
      රාවණා කොඩිය එකතු වුන ආකාරයක් ගැන පුරාකතාවක්වත් තිබේදැයි තවමත් සොයා බලමින් ඉන්නෙ. රාවණා කතාව සම්බන්ධ විවිධ පුරාවෘත මේ ප්‍රදේශයේත් සෙවිය හැකියි. “බොල්තුඹය” යනු හිස සුන් රාවණා කවන්දය වැටුනු තැනය කියා එක් කතාවක කියවෙනවා. ඊට පහළින් ආසන්යේ ඇති “ඕලුගන්තොට” යනු හිස වැටුන තැන බව එම කතාවේම පැවසෙනවා. සීතා එළිය නමින් හඳුන්වන ප්‍රදේශය ඇත්තේද මේ කිට්ටුවයි. මහඑළියේ මැණික් ගැරීම ගිය ගමේ ඇත්තන් “සීතා අග්ගල” නමින් කළුගල් වැනි යමක් දශක තුනකට පමණ උඩදී ගමට ගෙනා බව මා මතකයේ තිබෙනවා. මේ ආශ්‍රිතව ඇති දෙතනගල කන්දේ දක්නට ලැබෙන කඳු කපොල්ල “රාවණා කපොල්ල” ලෙස හැඳින් වෙනවා. රාවණාකන්ද නමැති ගම්මනායක් (මේ කොට්ඨාසයේ) ඉඹුල්පේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ තිබෙනවා. එහි රාවණා දේවගේ යනුවෙන් වාසගම සටහන් වන පිරිසක් සිටින බව ග්‍රා.නි. තුමාගෙන් සැලවුනා. තවම ඒ ගැන සෙවීම අතපසුවී තිබෙන කටයුත්තකි. මල් ලෙසින් දක්වා අත්තේ ඉර සහ හඳ බව ළංව බලන විට පැහැදිලි වෙනවා.(කොඩියේ සේයා රුව හදිසියේ ගත් එකකි.) වඩා හොඳ ඡායාරූපයක් ගැනීම පිණීස සැලසුම් කරමින් සිටින්නෙමි. රාවණා කොඩියේ ඡායාරූපය ඉතාම දුර්ලභ එකකි. සොරගුණු දේවාල පුවතේ ඇති ඡායා රූපය උපුටා ගැනිම හොඳද නරකදැයි තෝරා ගැනීම අපහසුවයි හිටියේ.ඔබ පවසන විස්තර අනුව එහි වරදක් නොමැති බව නිසැක නම්, සන්නස්ගල ශූරීන්ට ද ගෞරව පිණීස ඒ උපුටා දැක්වීමට කටයුතු කරන්නෙමි.

      කැමතියි

      • දේවාලය සම්බන්ධ කවි ගැන ඔබතුමා ගොඩක් හොයලා බලලානේ තියෙන්නේ සමහර විට ඒ කවිවල දේවාලයේ ධජය සම්බන්ධව විස්තර ඇති. ඒකෙන් සැවුලා ද මයුරා ද කියන එක හරියටම තීරණය කරගන්න පුලුවන් වෙයි. හැබැයි සැවුලෙක් නාගයෙක් කටින් අල්ලාගෙන සිටිනවාය කියන එක නම් විය නොහැක්කක් නිසා ඒ ගැන දෙවරක් සිතා බලන්න වේවි.

        බොල්තුඹේ, සොරගුණේ, උග්ගල් අලුත් නුවර දේවාල සියල්ලටම රාවණා රජතුමා සම්බන්ධ වෙලා තියෙන්නේ එතුමන් සටන් කරපු ප්‍රදේශයක් වීම නිසා නේද ? ඒත් ඊට බොහෝ කලකට පසුව ඇතිවුණු සුමන සමන් සහ කතරගම දේවාල කීපයකට රාවණා ධජයක් සම්බන්ධ වූ ආකාරය හොයලා බලන්න වෙනවා.

        කැමතියි

        • ඔබ පවසන කාරණා දෙකම ඉතාම වැදගත් සැවුලකු නාගයෙක් ඩැහැගැනිමක් විය නොහැකියි රාවණා ධජය සම්බන්ධ වුනේ කෙසේද යන්නත් තව සෙවිය යුතුයි. මේ සම්බන්ධව උත්සාහය අතහැර අවසන් නිගමනවලට පැමිණ නැත. තවතවත් විද්වතුන්ගේ අවධානය හා උපකාරය සෙවිය යුතුයි. මේ ලිපියේ මුල් ඡෙදයේ “නිමනොවූ කතාවක්” ලෙස සටහන් කර ඇත්තේ ද ඔබ පැවසූ ගැටළු සහ අදහස් මා තුළද මතුව තිබිම හේතුවෙනි.

          කැමතියි

  3. නැහැ. පර්යේෂණාත්මකව සෙවීම ගැන මේ දක්වාම කාගේවත් අවධානය යොමුවී නැහැ. මේ උත්සාහයේ එක පැතුමක් හා පරමාර්ථයක් වන්නේත් ඒ ගැන වගකිව යුත්තන්ගේ අවධානය ලැබේවා! යන්නය. මෙහි පවතින සෘණ පැත්ත මගේ ලිපිවල ලියවෙන්නේ නැහැ. වෙලාව ඇත්තේ නම් මෙහි කලින් ලියවි ඇති යකඩවානේ ශිල්පීන්ගේ විස්තර කියවන්න. අවදානම පිළිබඳ සෙවනැලි පෙනී යාවි.

    කැමතියි

    • මේ ඒ සඳහා කාලයයි. මොකද තව කල් ගියොත් මේ දක්වා තිබෙන සාධක වුණත් විනාශ වී යන්න පුලුවන්. ඒ නිසා දැන් තමා ඒකට සුදුසුම කාලය. ඒ වගේමයි මේ සඳහා සුදුසුම පුද්ගලයා ඔබ. ඒ සඳහා කැපවීම, උනන්දුව ආදී සියල්ල් ඔබ සතුව තියෙනවා. ඒ වගේමයි රැස්කරගත් කරුණු රැසකුත් ඔබ සතුයි. ඉතින් වැඩ ආරම්භ කළා නම් හොඳයි නේද ??

      කැමතියි

  4. මගෙ හිතට ආපු ගැටලු ඔක්කොම ඉහත කමෙන්ට් වලින් කතා කෙරිල තියනවා. ඔබ මට කලින් දිනක මතක් කල යකඩ සම්බන්ධ ලිපි පෙල පහුගිය දිනක කියවූවා.. ගිලිහී යන මේ දේවල් ගැන ලෝකය දැනුවත් කරන්නට ගන්නා මේ වෙහෙසට බොහොම ස්තුතියි.

    කැමතියි

  5. බොහෝ දෙනා දැන් මේ අඩවිය වෙත ආකර්ෂණය වීම මහත් සතුටක්. ඔබ මේ හැකිතරම් සංක්ෂිප්ත කර ලියන දේවල් සවිස්තරව ලියන්න නම් ජීවිතකාලයක් මදිවෙනවා. ඒ කෙසේ වෙතත් මා හැමදාමත් කියන පරිදි මේ සියල්ල සංරක්ෂණය කිරීමට පියවරක් ගන්න. දේවාලයේ බලධාරීන්ට එක වරක් හෝ ඔබේ මේ අඩවිය පෙන්වන්න. මුළු ලෝකයම එය බලන බවත් මෙය තොරතුරු සංරක්ෂණය කිරීමේ වටිනා ක්‍රමයක් බවත් පෙන්වාදෙන්න.

    කැමතියි

    • දේවාලයේ බස්නායක නිලමේතුමාගේ අවධානය යොමුව තිබෙනවා. එතුමා සේම අනෙක් බලධාරීන් ද උනන්දුවෙනවා. එය සතුටකි. බොහෝ දෙනකුගේ ඇස මේ වෙත යොමුවීමට හේතුව ඔබතුමා තාක්ෂණික ගැටළු අවම කරගැනීමට ඉගැන්වීමෙන් වගේම ප්‍රසිද්ධිය ලබාදීමෙන්ද කරන ලද උපකාරයන්ය. ඒ බව හැම විටම කෘතඥතාවෙන් යුතුව සිහිපත් කරමි.

      කැමතියි

  6. සැබැවින්ම පැහැදිලි විස්තරයක්… අගේ කල යුතුයි ඔබගේ කැපවීම මේ සම්බන්ධව…
    ඇත්තටම අලුත්නුවර(මාවනැල්ල) අහල තිබුණට ඔය කියන උග්ගල් අලඅත් නුවර අසා නෑ නෙව… හැකිනම් තිබෙන ප්‍රෙද්ශය සදහන් කරන්න . නැතිනම් මේ පිලිබදව ලියා ඇති පෙර ලිපියක ලිංකුවක් හෝ කමක් නෑ… කල හැකි නම් ස්තූතිවන්ත වෙනව ඔබට

    අවන්හල

    කැමතියි

    • මහේෂ් රත්නායකයෙනි, මේ ලිපි‍යට ඉහළින් ඇති භූගොලීය පිහිටීම යනුවෙන් දක්වා ඇති පිටුව විවෘත කරන්න. නැතහොත් උග්ගල් අලුත්නුවර තියෙන්නේ කොහේ ද on 2013 දෙසැම්බර් 22 යනුවෙන් දිනැති ලිපිය සොයන්න එහි ගූගල් සිතියම වෙනස්කරමින් කියවන විට ගමන් මාර්ගය ද පහසුවෙන් ලබාගත හැකිවේවි. ඔබගේ අගය කිරීම මට මහත්ම ධෛර්යයක්. ඒ වෙනුවෙන් ස්තුතියි හිතවත !

      කැමතියි

  7. පින්ග්කිරීම: කන්දකුමාර කොඩිය | sugv

  8. පින්ග්කිරීම: බෞද්ධ මුහුනුවර | sugv

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.