අලුත් සහල් මංගල්‍යය

2 thoughts on “අලුත් සහල් මංගල්‍යය

  1. පාන් මඩු, ගම් මඩු, අලුත් සහල් මංගල්‍යය කියන තුනේ වෙනසක් තියනව ද ? එක් වරක් මොරහැල තිබුනු පාන් මඩු උත්සවයක් බලන්න නම් ගියා. ඇත්තටම ඒ දවස් වල විනෝදය උදෙසා ගියා මිසක් මේ පෞරාණික වටිනාකම් ගැන වැටහීමක් තිබුනෙ නෑ. රෑ පහන් වන තුරු හිටියත් ඒ කෙරෙන කටයුතු ගැන ලොකු අවධානයක් තිබුනෙ නෑ එතකොට. ඒ ගැන නම් දැන් කණගාටු හිතෙනව.

    ගෙවල් වලින් වෙන් කරනු ලබන වී අරන් යන්නෙත් අලුත් සහල් මංගල්‍යට ද ?

    හුණුවල ගැන විස්තර ත් කලින් අහල/ කියවල තිබුනෙ නෑ. ස්තුතියි ඒ සේරටම.

    කැමතියි

    • ඔව් චන්දන ‍පාන්මඩුව හා ගම්මඩුව යනු ප්‍රදේශවාසීන්ගේ ලෙඩදුක් නිවාරණයකිරීම හා එැවැනි උවදුරු පැමිනීම වලක්වා ගැනීමේ මූලික අරමුණ කරගනිම්න් පැවති ශාන්තිකර්ම විශේෂයක්. ඒවායේ නැටුම් ගැයුම් යාදිනි ගායනා වල පැහැදිලිව ඉස්මතුවන්නේ දේව බලය හා දේව වර්ණනාවන් වෙයි. ඇතැම්විට ලාංකික ජන නාට්‍ය කලාවේ මූලාරම්භක ලක්ෂණත් ඒවා තුළ විද්‍යමානවෙනව. ඒවායේ කේන්ද්‍රගත දෙවියන් වන්නෙ පත්තිනි දෙවියන් වීම ද විශේෂත්වයකි.
      එහෙත් අලුත්සහල් මංගල්‍යය උඩරට සමාජ සම්ප්‍රදායට අයත් ආර්ථිකයේ ජීවනාලිය වූ කෘෂිකර්මාන්තයේ සංරක්ෂණය හා වර්ධනය අරමුණු කරගත් උත්සව විශේෂයක්. ඒවා ද ඉතා විචිත්‍ර චාරිත්‍රවාරිත්‍ර සමූහයකින් යුක්තයි. වී වැනි ධාන්‍යවර්ග හැඳින්වෙන්නේ බුද්ධ භෙෘ්ග ලෙසටය. එහි අග්‍රඵලය බුදුන් උදෙසා පිදීමට වෙන්කර ගැනීම කැපී පෙනෙන ලක්ෂණයකි. මේ අස්වැන්නේ මුල්ම කොටසෙන් කිරිපිඬු උයා බුදුන් පුදා දෙවියන්ට එම පින් අ‍නුමෝදන් කරවීමෙන් දේව පිහිට ආරක්ෂාව පතනු පිණිස තමතමන්ගේ දේවාලගම්මාන වෙත වැඩමවා ගෙනයාම අලුත්සහල් මංගල්‍යය තුළ ඉස්මතුව පෙනී යනව. තමතමා සතු කුඹුරෙන් හෝ හේනෙන් ලද මුල් අස්වැන්නේ නොයිඳුල් කොටස රැස්කර ගෙවල් වල තබා ගෙන අලුත්සහල් පෙරහර ආපසු යන විට පූජාකිරීම සිරිතක්. මේ මහකන්නයේ අස්වැන්න පුදන ආකාරයයි. අභනව කෘෂිවර්ෂයේ මුලින්ම ලැබෙන අස්වැන්න බුදුන් පිදීමට වෙන් කරන අතර දෙවන කන්නයේ එනම් යල කන්නයේ අස්වැන්න මුල් කොටස පාන්මඩු ගම්මඩු වැනි උත්සව සඳහා වෙන් කරන බවක් පෙනී යනව. විමසීම ගැන ස්තුතියි ච්නදන එය මට විශාල ධෛර්යයක්

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )