වැඳීම

10 thoughts on “වැඳීම

    • උග්ගල් අලුත්නුවර, පහළ ගම කියන ප්‍රදෙශයේ පවතින කුඹූරු යායට බටහිර දිගින් පිහිටි ළඳු කැළෑව සහ ඒ ආශ්‍රිත ප්‍රදේශය හැඳින්වෙන්නේ රතවැල් ආර ගලාගෙන එන රතවැල් කැළව ලෙසයි. 1970 පමණ වනතුරු අදාල රතවැල ලබා ගත්තේ ඒ ප්‍රදේශයෙන් බව කියවෙනවා. එහෙත් කැළෑ විනාශය විශේෂයෙන්ම වෙළඳාම පිණිස වේවැල් අනවසරයෙන් කපන්නට වුනා. දැන් ඒ ප්‍රදේශයේ වේවැල් සොයන්න නෑහැය කියනවා.

      කැමතියි

  1. නව සංශෙෘ්ධනන එකතු කිරීම :- බුලත්වල එතූ පඬුරු පොදිය සම්බන්ධව තවත් විස්තර රාශියක් දැනමුත්තන් පැවසූ විස්තර අනුව අලුතෙන්ම හෙලිවේ. 1930 දශකයේ මේ පඬුරු වශයෙන් තබන ලද්දේ රන් මුද්දකි. එය ඉඹූල්පේ ආචාරි පංගුව විසින් මළුවෙ විදානේ ට භාර දෙන අතර ඔහු එය බුලත් අතක තබා රත්නහළු පංගුව විසින් අතුරන ලද පිරුවටය මත තබයි. එහි හිමිකාරීත්වය ඇත්තේ අත්තනායක මොහොට්ටාල නිලමේට වුවද තමාට වඳිනු පිණිස පිරුවටය අතුරන ලද රත්නහළු පංගුවට පරිත්‍යාග කිරීම සිරිතක් බවට පත්ව ඇත. තම උසස් කුලයේ සාඩම්බර අභිමානය ප්‍රදර්ශනය කමින් මෙය සිරිතක් හැටියට කළා විය හැකිය. අත්තනායක මොහෙට්ටාල නිලමේ පිරුවටය මතට වෙන ගොඩවුන වහාම රත්නහළු පංගුව විසින් ඔහුගේ ඇඳුම මතින් පිරුවටයක් අන්දවනු ලබන බව ඉහත විස්තර විය. එ් සමගම හටන්පල ආචාරි පංගුව විසින් නිපදවන ලද “ගිරා කැත්තක්” ඉනේ දැවටීමේ සිරිතක් ද පවතී. එම කොටස ලිපියේ ඇතුළුව නැත. “ගිරා කැත්ත” යනු “ගිරය” යයි අප ව්‍යවහාර කරනු ලබන උපකරණයමය.

    කැමතියි

  2. මං මේ පෝස්ට් එක කලින් කියෙව්වෙ මේකෙ තියෙන විස්තර හරියට ඔළුවට යන වෙලාවක නෙවේ… ඒ හින්දා අද ආයෙත් කියෙව්වා… මං නම් මේ වැඳුම් ක්‍රම ගැන මොනවත්ම දැනගෙන හිටියෙ නෑ මීට කලින්… කපු නිල පංගුව මොකක්ද…? දැකුම් අත් නැටීම කියන්නෙ මොකක්ද…? ආචාරි පංගුව කියන්නේ කාටද…? එයාලගෙන් කෙරෙන්නෙ මෙතැනදි කියල තියෙන රාජකාරිය විතරද…? අර රත වැලේ සයිස් එක දැක්කම කොහෙන් ඒ වගේ ලොකු වේවැලක් හොයාගත්තද කියලා මටත් හිතුණා… මේ විස්තර කියවනකොට හිතෙනවා මේ කියලා තියෙන දේව කාරි පොඩ්ඩක් හරි එහා මෙහා උනොත්, මේතරම් ගෞරවයෙන් බය පක්ෂපාතීව මේ කාර්යයන්වල නිරත වෙන මිනිස්සු කොච්චර බය වෙනවා ඇද්ද කියලා…
    මෙච්චර මහන්සිවෙලා මේ විස්තර සපයන ඔබතුමාට බොහොම ස්තුතියි…

    කැමතියි

    • මටත් ඇතිවෙලා තියෙන්නේ ඔබේ හැඟීම් සමුදායමයි මියුරු. මේ අයගේ ආකල්පව පැවති පුදුම සහගත තත්ත්වයක් 2010 මාර්තු මාසෙ දකින්න පුළුන් වුනා. මුළු රටම මැතිවරණ උනුසුමෙන් කැළඹීලා තියෙද්දි, දේවාලටෙ හොරු පැන්නා කියන ආරංචිය නිසා මේ ගමේ මිනිසුන්ට මැතිවරණෙ ගැන වගක්වත් නැතුව ගියා . මනාප ඉල්ලගෙන ආපු ඇතැම් අපේක්ෂකයන්ට බනින්නත් ගත්තා. කවදාවත් දේශපාලනයට ක්‍රියා කාරීව සහභාගී නොවූ ඇත්තන් පවා අපේක්ෂකයන්ව හමුවෙලා දේවාලයට සිදු වී ඇති අසාධාරණය වලක්වා දෙන ලෙස ඉල්ලන්න වුනා. මේ අය උනන්දු වුනේ තමන් ගැන තිබ්බපෞද්ගලික උවමනා කම් අමතක වෙලා වගේ ! මේ සිද්ධිය ආශ්‍රිත මාසයක පමණ කාලය ගැන තවමත් මා සිතන්නේ විශ්මයෙන්. සාමාන්‍ය අවස්ථාවල අනෙක් සාමාන්‍ය මිනිසුන් සේම හැසිරුන මේ අය එදා හිටියෙ අමුතුම ආවේශයකින් ! භවාංග ගතවෙච්ච කොච්චර දේවල් සැඟවිලා මිනිසුන් හසුරවමින් තියෙනව ඇද්ද. මියුරුට ගොඩක් ස්තුතියි අදහස් දැක්වීම වෙනුවෙන්.
      කපු නිල පංගුව,දැකුම් අත් නැටීම මේ ලිපියට පසුව ඇති ලිපියේ විස්තර වේ. ආචාරි පංගුව යනු යකඩවානේ නිෂ්පාදන ශීල්පීය පරම්පරාව් ප්‍රභේදයකි. එහි විස්තර සඳහා විශිෂටත්වය ගැන 19 සිවසේ දී ද සහතික ලත් හටන්පල යකඩ වානේ කර්මාන්තය ගැන ලිපිය කියවන්න.

      කැමතියි

  3. පින්ග්කිරීම: රන් කොත බබලන නියාව | sugv

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )