“දෙයිහාමුදුරුවො වඩම්මන වෙලාව” !

13 thoughts on ““දෙයිහාමුදුරුවො වඩම්මන වෙලාව” !

  1. බුරම්පේත්තුව නමින් හැඳින්වෙන්නේ තුරන්පේත්තුව නම් වාද්‍ය භාණ්ඩයමද? මා අසා ඇත්තේ /මතකයේ රැඳී ඇත්තේ බුරම්පේත්තුව යන වචනය….

    කැමතියි

    • ඔව් ඔව් මේ අය මේ පද දෙකම භාවිත කරනවා. කටට පහසු ලෙස වදන් වෙනස් වන හැටි කදිමයි නේද. ඉංග්‍රීසි මව්බස කරගත් කෙනොට “කන්ද” යනු “කැන්ඩි” උනා. “මීගමුව” යන්න “නිගම්බු” උනා. දෙමළ අයට “දැල්” යන්න “දෙල්” වුනා. “බලන්ගොඩ” යන්න “වලංගොඩ” උනා. සිංහලයනට “ග්‍රෙගරීස් “යන්න “ගිරිගෝරිස්’ උනා. “චාර්ල්ස්” යන්න චාරලිස් අප්පු උනා වගේ වෙන්න ඇති නේද අයාල් සිත් .

      කැමතියි

  2. කලින් තිබුණා වගේ වාහල් බෙර කඳක් හදන්න පුළුවන්කමක් නැද්ද…? බොහොම ස්තුතියි බොහොම මහන්සි වෙලා පින්තූරත් එක්ක මේ වගේ කවදාවත් දැන නොසිටි අපූරු විස්තරයක් සටහන් කළාට…

    කැමතියි

    • පුළුවන් වේවි. මේ යෝජනාව මාත් හමුවන බලධාරීන්ට නිතරම යොමු කරනවා. සාම්ප්‍රදායික ශිල්පීන්ගේ උපදෙස් මත ඔවුන් මිය යාමට ප්‍රථම මේවා ක්‍රියාත්මක කළොත් තමා හරියන්නේ බොහෝම දුර්ලභ ශිල්ප ශාස්ත්‍ර නේ. මියුරුට ස්තුතියි අදහස් ඉදිරිපත් කළාට. එය මට ධෛර්ය දීමක්

      කැමතියි

    • එය සෑහන තරම් ලොකු බව සැභැවකි. 1996 දී ඔය බෙර කඳ සොයාගත්තෙ දේවාලය අසලම අතීතයේ සිටම වාගේ තිබෙන කඩයේ අටුව තුළ තිබිල. පැරණි බව නිසාම හදා තිබෙන දැව වර්ගය කුමක්දැයි ඒ සම්බන්ධ විශේෂඥ දැනුමක් ඇති කෙනෙකුට මිස හදුනාගත නොහැකියි. මේකත් රසවත් කතා පුවතක් ! ඒ අවදියෙ වාහල් බෙරය දේවාල පෙට්ටගමේ තියන සිරිතක් තිබිල නෑ. පෙට්ටගම තුළ නිල හේවිසි කණ්ඩායමේ බෙර සමග එය තබා ගැනීම තමන්ට මදිපුංචිකමක් විදිහට ඒ අය සැලකුවා ලු. මේ කට “වාහල් බෙරය” කිවත් නිල හේවිසි කණ්ඩායම පවසන්නෙ එය “වහල් බෙරය” නමින්. ඒ අයගේ තර්කය වෙන්නෙ බෙරය වාදනය කරන්නාට ‍හේවිසි මණ්ඩපය නමැති කොටසට ඇවිත් බෙරය ගහන්න වරම් නැත්තෙ ඒ නිසාලු. සුද්දනා ගුරුන්නාන්සේ පෙරහර නිම වු විට සෑහෙන දුරකින් බුදුන්වෙල පිහිටි තම නිවසට ඔසවාගෙන යාමේ අමාරුව නිසා පරෙස්සමට කඩේ තියල යන සිරිතක් තිබුණය කියා අසන්ට ලැබුණා. වයස නිසා රාජකාරිය මුණුපුරාට පැවරුවා මිස බෙරය භාර දී තිබුණේ නෑ. ඒ නිසා වසර කීපයක් මුණු පුරා රාජකාරිය කළේ දවුල ගහමින්. ගමේ ඇත්තන් වාහල් බෙර වාදනයේ රඟ ගැන කියන්නට වුනා. ඒත් ආතා තබා ගිය දෙයක් නිසා තමන්ට කඩෙන් ඉල්ලීමට නොහැකි බව ශිල්පියා කියන්නට වුනා. ඒ වනවිට සුද්දනා ගුරුන්නානසේ බුදුන්වෙල ගමේ හිටියෙත් නැහැ. මුණුපුරා ඔහු සිටින තැනක් දැන සිටියේත් නෑ. සුද්දනා ඇත්තේ කොහේදැයි සොයන්නට එකිනෙකා විමසමින් ලොකු වෙහෙසක් ගත්තා. අවසානයේ කිලෝ මීටර් 30 කටත් වඩා දුරින් පිහිටි මැදබැද්ද ඔහු දැනට සිටින ස්ථානය බව සොයාගත්තා. එහි ගොස් කැඳවා ගැනීමෙන් අනතුරුවයි බෙරෙය අටුවෙන් එළියට ගත්තේ. ඒ වනවිට බෙරය වසර දෙකක් ත්ස්සේ කුස්සියේ දුමේ පිහිටි අටුවේ රත්වෙමින් දුම් කමිනුයි තිබුණේ. බෙර ඇස්වලට අලුතෙන් සම් බඳින්නත් වෙලා තිබුණා. බස්නායක නිලමේ ගේ උදව්වෙන් කවුරුත් එක්ව වයස 90 ද ඉක්මවා සිටි සුද්දනා ශිල්පියා පවසන වර්ගයේ සම් සොයා ගෙනැවිත් දී නැවත හදවා ගත්තා. බෙරය වාදනය කරන නිවැරිදි විධික්‍රමය මුණුපුරාට නැවතත් පුහුණු කළා. නියමිත වෙලාවට කලින් සුද්දනා ශිල්පියාව දේවාලයට ඔසවා ගෙන ගියා. ඔහු මුණුපුරා ලවා වාදනය කෙරෙව්වා. ඒ විදිහට ගහන්න හැකි වුනේ වසර දෙකක් පමණයි. 1998 දි බෙරකඳ පිපිරුනා. 1999 දි බස්නායක නිලමේගේ නිල කාලය අවසන් වුනා. නව බස්නායක නිලමේ තුමකු පත්වුනා. ඒ වසර ආරම්භයේදීම මගේ රැකියාවේ තත්ත්වය වෙනස් වුනා. සෙනසුරදා ඉරිදා දිනයන් පවා මහත් කැපවීමෙන් එම වැඩ කරන්න සිදු වුනා. ඒ නිසා පෙරහර සම්බන්ධතා අකමැත්තෙන් හෝ අතහරින්න සිදුවුනා. විශ්‍රාම ලබා ගමට නැවත සම්බන්ධ වනවිට බොහෝ දේවල් වෙනස්ව ගිහින්. මෙවර පෙරහරට තමා නැවත සම්බන්ධ වුනේ. ඒ වනවිට දක්නට හැකිවුනේ වාහල් බෙරය කෞතුක වස්තුවක් සේ තබා ශිල්පියා සබරගමු දවුලට නැවත යොමු වී ඇති බවයි. දැනට සිටින්නේද තවත් අලුත් බස්නායක නිලමේ කෙනෙකි. මෙය ද ඇතුළුව සම්ප්‍රදායේ තවත් අඩුපාඩු ගැන ද අලුතෙන් හදාරමින් කටයුතු කරන්නට බස්නායක නිලමේට සිදුවී ඇති බවයි පෙනෙන්නෙ. අවස්ථාවක් පැමිණි විගස මේ ගැන එතුමාගේ අවාධානය යොමු කරන්නට උත්සාහ ගන්නට සිතා සිටිමි. ඔබේ විමසීම ගැන ගොඩක් සුතුටුයි, වගේම ස්තුතියි චන්දන

      කැමතියි

    • හරි ගිහින් නේද සමහර විට තේරුම් ගන්න බැරි තත්ත්ව ඇතිවෙනවා. ඇමරිකාවේ සිටින මේ ගැන උනන්දුවන අය ස්කයිප් මගිනුත් ටෙලි පෝනයෙනුත් මා අමතමින් මේ ගැන විමසනවා. මගේ කිසියම් දෝෂයක්දැයි ඔබතුමා විමසන්නට වරින් වර සිත්වෙනවා. කොහොමටත් මගේ මේ සම්බන්ධ තාක්ෂණික දැනුම බොහොම් ලාබාලයි. ඔබතුමාගේ උදව්වෙන් තමයි අර කෝඩ් වල ප්‍රයෝජනය ගන්න හැටි ඉගෙන ගත්තෙත් ඒ ගැන හමදාම ඔබට පින්දෙමින් තමා ලියන්නෙ.

      කැමතියි

  3. දැන්නම් හරිගිහින් වගේ. මම ඊයේ රෑ සහ අද උදේ කමෙන්ට් එකක් දාන්න බැලුවත් හරිගියේ නැහැ. මට කියන්න අවශ්‍ය වුණේ මෙයයි. දැන් ඉන්න බස්නායක නිලමේට කියලා පොඩියට හරි දේවාලය පිලිබඳ කෞතුකාගාරයක් පටන් ගත්තොත් නරකද?

    කැමතියි

    • ඔබතුමා ඉිදිරිපත් කරන්නේ ඉතාම වැදගත් යෝජනාවකි. මේ යෝජනාව අපි කීප දෙනෙකුම එක්ව වසර කීපයක සිටම බස්නායක නිලමේවරයාටත් ප්‍රාදේශීය ලේකම් වරයාටත් ඉදිරිපත් කරමින් සිටින්නෙමු. ඔවුහු ද ඒ සඳහා උනන්දුවෙති. එහෙත් තවම ඵල ගැන්වී නැහැ.

      කැමතියි

  4. පින්ග්කිරීම: දේවාභරණ රථය | sugv

  5. පින්ග්කිරීම: වීදිදාස් වැඩමවීම | sugv

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )