නීල පන්දම අරන් වරෙන්

18 thoughts on “නීල පන්දම අරන් වරෙන්

  1. විශේෂ වදන් කොටසේ රාජකාරි ගැන විස්තරයේදී යමක් මග ඇරිලා වගේ….අවසන් වාක්‍යය අතරමැද නතර වෙලා නේද??මේ වගේ ලිපියකදී අකුරක වැරද්දක් උනත් සෑහෙන්න බලපානවා…අපි කොහෙත්ම නොදන්නා දේවල් ගැන ලියවෙන නිසා අනුමානයෙන් වටහා ගැනීමක් කරන්නට හැකියාවක් නැහැනේ…

    කැමතියි

  2. සියල්ලම හොන්දිනවබෝධ වන ලෙසත්, සිතතුළ මනා චිත්‍රයක් මැවෙන ආකාරයටත්, විස්තර කර තිබෙනවා. බොහොම සිත්ගන්නාසුළුයි. අර වරෙන් පලයන් භාෂාව මම මහනුවර දළදා මාලිගාවේදීත් කලකට ඉහත අහලා තියනවා. අපිට එය අදට නොගැලපෙන බව දැනුනත් මා හිතන්නේ එය සම්ප්‍රදාය රැකීමක් පමණයි.

    අර පින්තූරවල රතුපාට අකුරු යොදන්න පාවිච්චි කළේ කුමන මෘදුකාංගයද? පින්තූරවල සියලු සංස්කරණ කටයුතු මෙන්න මේ මෘදුකාංගයෙන් සරලව කරන්න පුළුවන්. මෙය නොමිලේ දෙන්නේ.

    http://www.photoscape.org/ps/main/index.php

    කැමතියි

    • ඇත්තනේම මේ ඇත්තන් සියලු දෙනාම ඒවා පූජනීය වදන් සේ සලකන බැවින් සම්ප්‍රදාය රැකීමක් බවට ඔබ පළ කරන මතය නිවැරදිය. එම වචන පමණක් නොව පවසන ස්වරයේද ඇත්තේ දැඩි බවකි. එය ද සම්ප්‍රදාය රැකීමක් පමණි.
      ඒවා කරන ලද්දේ පේන්ට් යොදාගෙනය. ගුණාත්මක බව බෙහෙවින්ම අඩුය. http://www.photoscape.org/ps/main/index.php ලබා ගෙන ඇතත් එය මට අලුතෙන් ඉගෙන ගැනීමට සිදුව ඇත. විශ්‍රාම ගියත් කාර්ය බහුලතාවයෙන් මෙන්ම වයසත් මගේ ඉගෙනීම් පමා කරනවා විය හැකිය. හැම විටම උදව් කරන ඔබතුමාට පින් දෙමි.

      කැමතියි

  3. //හෙවනැන්නැහැ// මේ කොටස නමට සම්බන්ධ අය කීප දෙනෙක් මං දන්නව. ඒ අයත් අතීතයෙදි දේවාල රාජකාරි කල අයගෙන් පැවත එන්නවුන් වෙන්න ඇති.

    කැමතියි

    • ඇත්තෙන්ම මේ අය ආයුධ දරන්නට පුහුණුව ලත් උඩරට යුද සේවයේ යෙදුන පිරිස් වල පරම්පරාවලින් පැවත එන අය බවට ඔබ කරන අනුමානය මගේද මතයයි. හටන්පල පාරම්පරික යකඩ වානේ ශීල්පීන් සමග කතා බහක යෙදී සිටියදී එම දැනමුත්තකු පැවසු විස්තර අනුව “හෙවනැන්නැහැ” යනු යුද වීරයන් බව සැලකිය හැකියි. තමන්ගේ පැරැන්නන් කඩු සකස් කළේ අපේ යුද වීරයන් වුනු එක එක හෙවැනැන්නැහැගේ උපන් නැකත ලග්නය හා ගණයට ගැලපෙන ආකාරයෙන් වෙලාව ගෙන ලෙයින් පන්නරය තබා බව පැවසී මෙන් මේ අය දේවාලයේ රැකවරණය පමණක් නොව සිහල හමුදාවේ සිටි යුද වීරයන්ගේ පරම්පරාවලින් පැවත එනවා විය හැකියි නේද චන්දන .

      කැමතියි

      • ඔව්. එහෙම හිතල බලද්දි ඔබ කිව්ව දේ වඩාත් නිවැරදි බව වැටහෙනව. ඉලංගම් සටන් කරුවන් පැරණි සටන් බිම් වලදි සෑහෙන මෙහෙවරක් කල බවත් මා අසා තිබෙනව. ඔබ කියූ හටන්පොල ප්‍රදේශය ආයුධ සැකසීම සඳහා ඉතා ප්‍රසිද්ධයි නෙ. මට මතකයි මගේ පියා ඉන්න කොට ඔය ප්‍රදේශගේ ශිල්පීන් ගැන කතා කල වග. ඒ ආයුධ හදන ශිල්පීන් ලඟ තියනව නේද ලෝහ පාස්සන්නෙ නැතුව එකට සම්බන්ධ කරන ක්‍රමයක් ?

        කැමතියි

        • ඔව් චන්දන, දැනුත් තිබෙනවා. එහෙත් ඒ සම්බන්ධ ශිල්පීය හැකියාව දැනට ඇත්තේ හටන්පල “ලුවිස්හාමි” සහ “පියසේන” වැනි වයෝවෘද්ධ ශිල්පීන් සතුව පමණයි. “එලියස්” නමැති වයෝවෘද්ධ ශිල්පියා දැනට දෙසතියකට පෙර මිය ගියා. මේ ශිල්පීය හැකියාවන් ගේ වැදගත් කම ගැන අවධානය යොමු වී ඒවා දියුණු කිරීමට කිසියම් ගැලපෙන වැඩපිළිවෙලක් යෙදීම කාට හරි කළ හැකිනම් මහඟු ජාතික මෙහෙවරක් වේවි. මහා බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥවරියක් වූ ආචාර්ය ජුලිප් 1990 දශකයේ සිට මේ දක්වාත් මේ ගැන සොයමින් හදාරමින් සිටිනවා. එතුමියට මෙහි යපස් මගින්, මෙහිම පවතින සාම්ප්‍රදායික තාක්ෂණය භාවිත කර යකඩ නිපදවා ගැනීමට අදාල අඟුරු සංයුතිය සකස් කර දුන්නේ එලියෙස් ශිල්පියා විසිනි. ඇය මෑත දීත් පැමිණ යකඩ නිපදවූ සැටි මාධ්‍ය මගින් පළවුනා ඔබටත් සමහර විට දැකගන්න ලැබෙන්න ඇති. ඔබට සහ මට කළ හැකිව ඇත්තේ හටන්පල ම සැඟව අභාවයට යමින් ඇති වටිනාකම් ගැන ලිවීම පමණයි. ඇස්පනා පිට පෙනෙන ශාස්ත්‍රයක් විනාශයට යමින් තිබීම ගැන අභාග්‍ය සම්පන්න විස්තරයක් කරන්නට වීම මා කළ පවක් පල දීමක් වැනිය කියා හිතෙනවා. චන්දනට අවස්ථාව ඇත්නම් 2012 ජුනි 27 සිට 2012 ජුලි 13 අතර කාලය තුළ මෙහි ලියා ඇති ලිපි 6 න් එකක් හෝ කියවා බලන්න

          කැමතියි

      • මා වරක් දැක තිබෙනවා කැත්තකට යොදන විල්ලක් එසේ සම්බන්ද කල හැටි. ඒ වගේම තුවක්කු කඳක් ඇද ද බලන්නට දෙකට කපා, පසුවදා යන විට සලකුණක් වත් හොයා ගන්නට බැරි වෙන්නට පාස්සා තිබූ අයෙක් ගැනත් වැඩිහිටියකුගෙන් මා අසා තිබුන.. එය මතක් වී තමයි ඉහත සටහන තැබුවෙ.

        ඇත්තටම එවැනි දේ අභාවයට යන එක නම් කණගාටුවට කරුණක්. ඒ නිසාම තමයි ඔබගේ මේ උත්සාහය බෙහෙවින්ම වටින්නෙ.

        අර ලිපි ටික කියවන්නම්. ස්තුතියි ඒ තොරතුරු වලට.

        කැමතියි

        • ඔබ මටත් වඩා දේවල් දන්නවා වගේ චන්දන තුවක්කු කදේ කතාව මා ඇසුවේ දැන්. හිතාගන්නවත් බැරි බොහොම හපන්කම් මේ අයට කළ හැකියි. නැනෙ‍ා් තාක්ෂණය යන්න එම වදනින් නොවුනාට මේ අය ප්‍රයෝජනයට ගෙන තිබෙන බව පේනවා. වරක් “රන්නයිදේ” කියන දැනමුත්තා ඔවුන් නිපදවන ඉස්තරන්ම පෑස්සුම් හා ඉස්තරම්ම වානේ පන් නරය ගැබීම පිණිස හුඹස් මැටි යොදා ගන්න බව ඇසුව්ාම මට පුදුම සිතී ඒ ඇයි දැයි විමසුවා.ඔහු මගෙන් එක වරටම විමසුවේ “තුඹස වැස්සට සේදී නොයන රහස දන්නවාද” යන පැනයයි. එතනින් එහාට කතාව ගිය හැටි මට දැනට අමතකයි. රන්නයිදේ මිය ගිහින් දශක දෙකකටත් වැඩියි. මෑත දී මට තුඹස‍ේ සැඟවුන නැනෝ තාක්ෂණය ගැන කියවන්න ලැබුණාමයි රන්නයිදේ දැන සිටි දේවල වටිනාකම තේරුනේ.චන්දන හැබෑවටම අත්දැක තිපබන නිසාත් ඇස් ඉදිරිපිටම අනුක්‍රමයෙන් නැත්තටම නැතිවෙමින් යන බව පේන නිසාත් විශාල හිත්වේදනාවක් ඇතිවෙන්නෙ. චන්දනගේ වටිනා කාලය වෙන් කිරීම වෙන්ුවෙන් ස්තුතියි

          කැමතියි

  4. පින්ග්කිරීම: “දෙයිහාමුදුරුවො වඩම්මන වෙලාව” ! | sugv

  5. වරෙන් පලයන් යනාදී වහර වල දී නොසන්සුන් බවක් දැනෙන්නේ ඒවා තමන්ට වඩා සමාජ මට්ටමෙන් පහත් යැයි සලකන අයට පමණක් කියන්නට භාවිතා කරන හුරුවක් සමාජයේ තියෙන නිසා වෙන්නැති. ඉංග්‍රීසි you යන්න ඉංග්‍රීසියෙන් මෙහෙ ජනාධිපතිතුමා හා කතාබහේ කළ හැකි වූවක් වුවත් ලංකාවේ ජනාධිපතිවරයෙකුට තියා ආණ්ඩුවේ ලොක්කෙකුට හෝ සිංහලෙන් කතා කරද්දී නුඹ, ඔබ, උඹ භාවිතා නොකරන හුරුව උදාහරණයක්. පහළ සමාජ මට්ටමක ඉන්නා අයව පහත් යැයි සලකන බව පෙන්වන්නට ඔවුන්ව උඹ කියා අමතන අය ඉන්න නිසාම ඉතින් ගරු සරුවක් ඇතැයි පෙන්වන්න අනිත් අයට ඔබතුමා ඔබතුමිය පාවිච්චිය සිද්ධ වෙලා යැයි මට හැඟෙනවා! අපි හැමෝම මිනිස් සංහතියේ මිනිස්සු නිසා උඹ බං කිව්වත් වරෙන් පලයන් කිව්වත් හැමෝවම අමතන්නෙ එහෙම නම් එහෙම කියන එකේ වරදක් නැහැයි කියායි මට හිතෙන්නෙ.

    කැමතියි

  6. දිය වැඩීමේ තේවාව කියල මොකක්ද කෙරෙන්නෙ…? ඒක සාමාන්‍ය මිනිස්සුන්ට බලන්න බැරුවා වගේ… අංගං ඉලංගන් කියනකොට මම මුලින් හිතුවෙ දෙමළ වචන කියලයි… නීල පන්දමට දමන තෙල් වෙනමම හිඳිනවා ඇති නේද…? එතකොට පාන්කඩ…? ඇයි දන්නෑ ඒකට නීල පන්දම කියන්නෙ…

    කැමතියි

    • ඔබට ගොඩක් පින් අඩු ලුහුඬු කම් පෙන්වා දීම වෙනුවෙන්.
      දියවැඩීමේ තේවාව යනු “දෙවියන්ට පැන් හෙවත් දිය ගෙන ගොස් පිළිගැන්වීමය යි. මේ පිළිබඳව විචිත්‍ර විස්තර රාශියක් ඇත. දැනට මේ ප්‍රමාණවත් වේවි . පුරාණයේ තිබී ඇත්තේ වෙනමම තෙල් සිඳ ගෙන ගොස් දීමයි. ඊට තෙල් සැපයීම අදත් කරනු ලබන්නේ “තෙල්කාර පංගුව” නම් රාජකාරිය හිමි පරම්පරාව විසින්. ඔවුනගේ වාසගම පවා වන්නේ “තෙල්කාරගේ” යන්නය. පාන්කඩ සපයනු ලබන්නේ රත්නහළු, සුද්දහළු සහ දාහළු” යන රාජකාරි පංගු තුන හිමි ඇත්තන් විසින්.”නීල පන්දම” කියන්නේ “නිල පන්දම” (official torch) යන්නය. පිත්තලෙන් නිර්මිතව ඇති එම පන්දම අල්ලන්නේ දෙවියන් වැඩමවන ආසන්නයේම ය. ඔබට ස්තුතියි මියුරු හෙවත් මිහිරි

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )