මැරිච්ච මිනිස්සුත් හිනස්සන අය

12 thoughts on “මැරිච්ච මිනිස්සුත් හිනස්සන අය

  1. “ඒ සකස් කිරීමේ සිරිත පැහැදිලි කරමින් එන්.කේ නන්දෝරිස් මහතා” යනුවෙන් චාරිත්‍රවල විස්තරවෙන තන්හි පවතින නම එන්.කේ.සුවාරිස් මහතා ලෙස නිවැරදි වියයුතුය. වදන්වල අකරු ගිලිහී ගොස් විකෘතිව ගිය තැන් බොහෝය. කියවන ඔබට ඇතිවන දුෂ්කරතාව ගැන කණගාටුවෙමින් සමාවන ලෙස අයදිමි.

    කැමතියි

  2. අකුරු වචන වැරදි තැන් සංස්කරණය කරන්න පුළුවන්නේ. සුළු වෙලාවයි යන්නේ. මමත් බොහෝවිට ලිපි පල කලාට පසුව දකින වැරදි නිවැරදි කරනවා.

    මේ ලිපිය කියවා මම ඉගෙනගත් වැදගත්ම දේ තමයි බස්නායක නිලමේ කෙරුවාවත් ලේසි පහසු දෙයක් නොවන බව. සල්ලිකාරකම හෝ කුලවත්කමට වඩා දැනුම වැදගත් බව පෙනෙනවා.

    කැමතියි

    • සිඩ්නි එල්ලාවල සහ ටී.බී. වීරසේකර යන බස්නායක නිලමේ වරු පිළිබඳව ගවේශන වල යෙදිය දී ලැබෙන තොරතුරු අනුවත්, හැරී වීරසේකර, චන්ද්‍රගන්කන්ද, හරිශ්චන්ද්‍ර තෙනේනකෝන් යන බස්නායක නිලමේවරුන් ගේ අවදිවල පෙරහරට සමීපව සිටීමට අවස්ථාව ලබද්දී ලැබූ අත්දැකීම් අනුව ඒ අය තුළ ඔබ පැවසූ විශිෂ්ට ලක්ෂණය පැවතිනි. ඔවුහු විවිධ අවස්ථාවල සාම්ප්‍රදායික ඇත්තන් පවසන දෑට සංවේදීව සවන් දෙමින් සහ මේ සම්ප්‍රදාය පැවැත්වීමට නායකත්වය දෙන්නට යාමේදී ලැබෙන අත්දැකීම්වලදී තේරුම් ගනිමින් කටයුතු කිරීමට උත්සාහ කළහ. මෙවර පෙරහර නැරඹීමට වර්තමාන බස්නායක නිලමේවරයාගේ ආරාධත අමුත්තන්සේ පැමිණි හිටපු බස්නායක
      නිළමේවරුන් වන හැරී වීරසේකර සහ හරිශ්චන්ද්‍රතෙන්නකෝන් යන නිලමේවරු පිළිසඳරේ යෙදෙමින් රසවත් තැන් සිහි කරනු සවන් දුනිමි. “මම පෙරහර කරද්දි උදේ ඉඳල හවස් වෙනකං මේ අය එක්ක රණ්ඩුවෙනව. ඒ අය කෙලින්ම දොස් කියනව. මට ඉවසාගන්න බැරිතරමට යනව. ඒත් හවස තුන විතර වෙද්දි කවුරුත් පෙරහරට ලැහැත්ති වෙනව. මට දෙවියන්ට වගේ සලකල ගරු කරනව. පෙරහර ගෙනියන්න එකා වාගෙ එකතු වෙනව. “මේක ශුද්ධ භූමියක් කරන්න ඕන. ඒ හින්ද දේවාල‍ෙ ආසන්නෙ තියන ගෙවල් කඩා ගෙන යන්න වෙනව. මම ඒ වෙනුවට කිට්ටුවෙන් ඉඩං දෙන්නං” කිව්ව ඒ අයත් එක්ක වරින් වර රණ්ඩු වෙවි මාස තුනක් විතර කතා කළා. ශුද්ධ භූමියක් කරනවට ඒ සෙරම එක පයින් කැමති යි. හැම විටම ඒ බව කිව්වත්, රන්ඩු වුනේ තමන්ට මොනව වෙයි ද කියල හිතා ගන්න බැරිව වෙන්න ඇති. කිසි කෙනෙක් විස්වාස කරන එකක් නෑ මේ කියන දේ ! මගේ “කට වචනෙ” ගැන විතරක්ම විස්වාසය තියල, තමන් පරම්පරා ගණනක් ජීවත්වෙච්ච තැන් ඉතුරු කරල ගෙවල් කඩාගෙන ගියා. මට පුළුවන් තරමින් ඒ විස්වාසෙ රැක්ක. බලන්නකො මේ ඇත්තො අදත් මා දිහා බලන්නෙ මට සලකන්නෙ කොච්චර ගෞරව ආදරෙන්ද ? ඒ අයගේ පින්කම් වගේ ලොකු උත්සව වලදි මට ආරාධනා කරනව. මට දැන් හොඳටම වයසයි. දේවාලටෙ නගින්න බෑ. මිනිස්සු මාව දේවාලෙට වඩාගෙන උස්සගෙන යන්නෙ තර‍ෙඟෙට. මට මේ අය කවදාවත් අමතක කරන්න බැරි වේවි.” හැරී වීරසේකර නිලමේ තුමා 2013 ඔක්තොබර් 17 දින තානයමේ දී කළ ප්‍රකාශයකි. හිනාවෙමින් හා අනුමත කරමින් මේ කතාවට එක් වූ හරිශ්චන්ද්‍ර තෙන්නකෝන් නිලමේතුමා ” අර මහබඹාගෙ චීත්ත කෑල්ලෙ කතාවෙන් පස්සෙ මම හැම පෙරහර වාරෙකම පරෙස්සම් වුනා. මුලින්ම කරල තියන්නෙ චීත්ත කෑල්ල ගෙනත් තැබීම. මගෙන් ඉල්ලන්න ආපු වෙලාවට තිබ්බ තැන අමතක වුනොත් නරක හින්ද කාටත් ඒ තැන පෙන්නල කාරණේ කියල තැන්පත් කරනව. එහෙම නේද මහත්තය ? එතුමා මා විමසයි. “මතක ඇති දා ඉඳලත් මේක ඉගෙන ගෙන තවම ඉවර නෑ” කියල මේ මහත්තය කියද්දි, ටික කාලෙකට ආපු අපි කොහොම ද පෙරසිරිතෙ සේරම ඉගෙන ගන්නෙ. අපි කොච්චර වයසට ගියත් හැම දාම පෙරහර බලන එක නොවරද්දා ඒන්න හිතෙන්නෙ ඒ හින්ද වෙන්න ඇති නේද ?
      මෙසේ පිළිසඳරේ යෙදෙමින් තම අතීතාවර්ජනයේ යෙදෙන නිලමේවරුන් දෙදෙනාම වයස 80 ද ඉක්මැවූ ඉතා වයෝවෘද්ධ අවදියේ පසුවන්නෝ වූහ. මේ ඇත්තෝ උග්ගල් අලුත්නුවර පෙරහර තිබෙන කාලය ආසන්න වන විට දිනයන් ගැන විමසති. පෙරහරට ඒම නොවරද්දාම පුහුණු කරගත් පුරුද්දක් වැනිය. ගමේ කිසිවකු උත්සවයකට ආරාධනයක් කළ වීට නොවරදවාම පැමිණෙති. තවත් අපූරු තත්ත්වයක් වන්නේ ගමේ ද පවතී. තරුණ පෙළ මෙන්ම වැඩිහිටි ඇත්තන් ද “හැරී අප්පොට, හරිශ්චන්ද්‍ර අප්පොට, අකිල අප්පොට හෙම ආරාධනා කළාද දන්නෑ නේද ? යනුවෙන් මා වෙතින් පවා විමසා බලති.(අකිල අප්පො යනු සිඩ්නි එල්ලාවලයන්ගේ මුණුපුරා වන අකිල එල්ලාවල මහතාණන්ය. එතුමා දැනට සබරගමු පළාත් සභාවේ මන්ත්‍රීවරයකු සේ කටයුතු කරයි.)
      ආනන්දකුමාරස්වාමි ශූරීන් සිය “මධ්‍යකාලීන සිංහල කලා”හි ප්‍රකාශකරන මතයක් නිතරම පාහේ සිහියට නැගෙයි. ” පුරාණ රාජ යුගය තවම අවසන්ව නැත. මහජනයුගය පැමිණීමට තව බොහෝ කල් තිබේ.”
      අපේ විචාරක තුමා සිය ප්‍රතිචාරය අවසායේ අවධාරණය කරන මතය වැදගත්ය. දැනුවත්ව සහ ඉගෙනීමට සූදානමින් සිටින මෙන්ම තමන් ඉගෙන ගන ඉවරයි කියා නොසිතන බස්නායක නිලමේවරුන් ලැබීමට දේවාලගම් වාසනාවන්ත විය යුතුය. එැවැනි පාලකයන් ලැබීමට රට වාසනාවන්ත විය යුතුය” යන්න බව මට ඇති වූ සිතිවිල්ලකි.

      කැමතියි

  3. මං හිතුවෙ මහ බඹා ගෙ සැකිල්ල එක වරක් හදල පාවිච්චි කරන්න පුළුවන් තරම් කල් තියා ගන්නව කියලයි. ඒක කොච්චර විතර බරයි ද ?
    කෝලම් ගැන කියද්දි මතක් වුනේ “කෝලම්’ කියන වචනය ආච්චිල සීයල ගාවත් තියනව නේද කියල. සමහරු කියන්නෙ, “ආවද මෙතන කෝලම් කරන්න” එහෙම නැත්නම්..”මේ මොන කෝලමක් ද” කියල හෙම. සාමාන්‍ය ව්‍යවහාරයේ දි පාවිච්චි වෙන ඒ යෙදුම් එන්න ඇත්තෙත් පෙරහැර නිසා වෙන්න ඇති..

    අර මහ බඹා ට අන්දන රෙදි කෑල්ලෙ ප්‍රශ්නයෙදි නම් මට හිතුනෙ.. ඒ නිලයට පත් වෙන කෙනා පෙරහැර සම්ප්‍රදායයන් ගැන අධ්‍යයනය කරන්නෙ නැද්ද කියලයි.

    කැමතියි

    • මහ බඹා ගේ සෑහෙන බරක් තියනව. ශිල්පියා අවසර දුන්න පමණක් නෙවෙයි. බල කරලත් ඔසවා බලන්න කිව්ව නිසා ඒ වෙලාවෙ ඇතුළට ගිහින් බයෙන් බයෙන් වගේ කරට අරගත්තා. පහසුවෙන් ඔසවා ගන්න පුළුවන් බව මට තේරුනා. ඒත් මාවත් අරගෙනම මහබඹෘ එහාට මෙහාට වැනෙන්නට වූ නා. “කරට අරගෙන ගෙන යන්න නම් බෑ” කියන හැඟීම් මත වහාම එළියට පැමිණ ඒ ගැන විමසුවා. ඔහු සිනා සෙමින් සිටයේය. ඒ ගැන පැහැදිලි කළේ “ඔසවා ගෙන එක තැන ඉන්න මටත් අමාරුයි.! ඒත් යනවිට අමාරුවක් නෑ.” යන්නයි. ඒත් අරන් යන්න පුරුදු වෙන්න ඕන බව ශිල්පියා අවධාරණය කර පැවසූ බව මගේ මතකයේ තියනවා. වළං කද අරන් යන ඇත්තන්ව ඔබත් දැක තිබෙනවා නේද ? වළං කද බර උනත් කරට අරන් යා යුත්තේ ඊට අදාල රිද්මයටය. එසේ යනවිට බරක් දැනෙන්නෙම නැතය කියනවා. මහ බඹාත් ඒවාගේම ලු. ඒත් මහ බඹා අත්හදා බලන්න ගියේ නෑ. මෙහෙම අත්දැකීමක් මට තියනව. වළං කදක් කරට අරගත්ත මට සිදුවුන දේ දැක ඒ දැකපු අය තදින් හිනා වුනා. කොලු කාලෙ වළං කද ඔසවාගෙන යන්න උත්සාහ කළ මාව එහා මෙහැ වැනී විසිවෙලා ගිහින් බිම ඇද වැටුනා. වළං ගෙනියන ඇත්තාටත් මහ පාඩුවක් වෙලා වන්දි ගෙවන්නත් උනා. තාත්තාගෙන් හොඳටම බැනුම් ඇසූ නිසා වැටිල තුවාලවුන වේදනාවට වඩා හිතට අමාරු උනා. ඒ නිසා මහබඹා ඔසවා ගෙන යන්න උත්සාහ කළේ නෑ. ඇත්තෙන්ම ඓතිහාසික ස්ථානවල බස්නායක නිලමේවරයා ලෙස වගකීම භාරගන්න කෙනා ඒ සම්ප්‍රදාය ගැන හොඳ හැටි හැදෑරුවේ නැතිනම් අමාරුවෙ වැටනවා. එ් නිසා සාම්ප්‍රදායික ශිල්පීන් අධෛර්ය වෙලා අත්හැර ගියොත් අනෙක් සියලු අයටත් පාඩු වෙනවා. ඒ නිසා එ් ගැන ඉවසිල්ලේ ඉගෙන ගන්න එක අනිවාර්ය අවශ්‍යතාවක්. ! ඔබට වෙලාව වෙන් කර ගත හැකිනම් මීට පෙර ලැබුණ විචාරක තුමා ගේ අදහසින් පසුව මා පවසා ඇති දීර්ඝ කොටස කියවන ලෙස ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටිමි. ස්තුතියි

      කැමතියි

  4. “අර මහ බඹා ට අන්දන රෙදි කෑල්ලෙ ප්‍රශ්නයෙදි නම් මට හිතුනෙ.. ඒ නිලයට පත් වෙන කෙනා පෙරහැර සම්ප්‍රදායයන් ගැන අධ්‍යයනය කරන්නෙ නැද්ද කියලයි.” ඔබ පවසන්නේ බස්නායක නිලමේ වරුන්ගේ සහායක සේවාවන් ගැන විය හැකියි. මා දැක ඇති දුටු ලොකුම අඩුපාඩුව ද එයයි. රජ්ජුරුවන්ට හොඳින් සලකන්න ඕන නිසා එතුමාට නින්ද ගියත් ළඟටම වෙලා පවන් ගහමින් හිටිය වඳුරා මැස්සෙක් එලවන්න කරපු දේ පිළිබඳ කතාව අමතක කර දමන්න හොඳ නෑ. ඓතිහාසික ස්ථානවල බස්නායක නිලමේවරුන් ගේ ලියනමහත්තුරු ලෙස පත් කරගන්නා සහ සහායට එන සෙසු අයටත් කොපමණ වගකීමක් තියෙන්න ඕනද යන්න ඔබ පවසන දැයින් මනාව අවධාරණය වෙනවා. ස්තුතියි.

    කැමතියි

  5. පින්ග්කිරීම: වැඳීම | sugv

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )