කෝලක්කාර නැටුම්

12 thoughts on “කෝලක්කාර නැටුම්

  1. //නලල මත තබා ගත් රිටක් අග තුලනය කරමින් නටන….// මේකට ටිකක් විතර සමානයි නේද රබන් කරකවන එක. ඒකෙදිත් රිටක් උඩ තියල රබානක් කරකවනව වාගෙ මතකයි. මෙතනදි නම් වෙන්නෙ රිට අල්ලන්නෙ නැතුව නලල මත කෙලින් තියා ගන්න එක නේද..

    //කාන්තාවක් විසින් කඹ ගසේ බැඳ ඇදගත් කඹයක් මත සිට ඉදිරපත් කරන ඉතා අලංකාර විශ්මය දනවන නැටුමක්// මේක පෙරහැර යන අතර කර එකක් ද ? විස්තරය දිහා බලපුවාම පෙනෙන්නෙ එක තැනක ඉඳල කරන එකක් කියලයි.

    කැමතියි

    • නලල මත තුලනය කරමින් නංවන ලද රිටක් මුදුනේ රූකඩයක් ද තුලනය වනලේ තබමින් කරන නැටුමක් බවට කළ විස්තරය අනුව ඔබ පවසන රබන් කරකැවීමේ නැටමුට සමාන එකක් වියහැකි බව මගේද හැඟීමය.
      කඹේනැටීම යනු ඔබ අනුමාන කළ පරිදිම පෙරහරට පෙරාතුව ඉදිරිපත් කරන ලද ක්‍රීඩාවක් හෝ සෙල්ලමක් බව ද සැබෑවකි. කාමච්චී සින්දුවෙන් තේරුම් ගත හැක්කේ ද ඒ තත්වයමය. මේ කාමච්චී සින්දුව දැනට වයස 90 ද ඉක්මවා සිටින ඇලිස්නෝනා මාතාව කියාදුන් එකකි. එම නැටමු ඇය නුදුටු බවත් තම සීයා කියාදුන් විස්තර අනුව සින්දුව හා කතාව පවසන බවත් කියන ලදී. එය ඉදිරිපත් කර ඇත්තේ ලස්සන දෙමළ ලියකි. 1960 /70 දශකයන් හි දෙමළ මින්සුන්ද මේ පෙරහර උත්සවය සඳහා යහමින් පැමිණ සහයෝගීතාවෙන් කටයුතු කළ ආකාරයත් පුදපූජාවන්හි යෙදුන ආකාරයත් මා මතකයේ ද පවතී. 1958 දෙමළ සිංහල කෝලහාල වලින් මේ සහභාගීත්වය අඩපන වූ අතර 1983 න් පසුව එම සහයෝගී සහභාගීත්වය බෙහෙවින් අඩුවිය. මේ විරසක වීම නිසා දෝ ඉතා සුන්දර ලෙස එකතු වූ ජනවර්ග දෙකේ සාමූහික සහභාගීත්වයෙන් පැවති උත්සවාලංකාරය අද දක්නට නොලැබේ. අද ද දෙමළ මිනිසුන් සහයෝගය දෙතත් එය සහභාගී සහයෝගීත්වයක් සේ දියුණු වී නැත.

      කැමතියි

  2. අර පැරණි පින්තූර කොතරම් නිර්ව්‍යාජ ලෙස ඇත්තටම අපේ ගැමි පරිසරෙයේ නිසි පිළිවෙත් රකිමින් එදා පෙරහැර කළහැටි පෙන්වනවා. හරිම වටින පින්තූර. අපේ මිනිස්සුන්ගේ හැදිච්චකම සහ සංවරය ඉවසීම තියනවනම් අදත් පුළුවන් විදුලි බුබුළු නැතිව එවැනි පරිසරයක් මවා පෙරහරක් කරන්න.

    කැමතියි

    • මටත් ඔය අදහසම ඇවිත් තියේ….කැළණි පෙරහැර දවසේ ඕක තවත් තදින් දැනුන…අතිශය ප්‍රභල විදුලි ආලෝකය යටතේම කොප්පරා පන්දම් අරන් යනවා…එයින් ලැබිය යුතු අලංකාරය බිඳක් වත් ලැබෙන්නේ නැහැ…

      කැමතියි

    • ඇත්තෙන්ම සැබෑවකි. 2008 වසරේ ඈත පිටිසර ගම්මානයක පිහිටි මැදබැද්ද මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා සහ ආචාර්ය මණ්ඩලය ද සමග විදුලි බලය ශබ්දවිකාශන යන්ත්‍ර සදහා පමණක් යොදවා ගනිමින් පැවැත් වූ පිරිත් පින්කම සහ බුදු පෙරහර ආලෝක කළේ ‍මෙවැනි සාම්ප්‍රදායික ආලෝක ක්‍රම යොදවා ගනිමිනි. එහිදී ගැමියන්ගෙන් ලැබුණ සහයෝගය ඉතා ඉහළින්ම කැපී පෙනුනි. ගම ද, පාසලද, පන්සල මෙන්ම දූ දරුවන් ද එකාවන්ව එක්ව පැවැත් වීමට හැකි වූ ඒ පුණ්‍යෝත්සවය ඇසූ දුටු සහභාගී වූ කාගේත් ප්‍රශංසාව ලැබූ ඉතා මනහර අත්දැකීමක් බවට පත්විය. නිර්මාණශීලී මිනිසුන්ට එක්විය හැකිනම් බොහෝ දේවල් කළහැකි බව කදිමට ඔප්පු වූ අවස්ථාවකි. තව විශේෂත්වයක් වූයේ පාලනය කිරිමට අපහසු දඟයන් යයි සිතන ගැටවර දරුවන්ගේ සංවර බව ඉතා ඉහළින් පෙනියාමය. දරුව්න එාදා හැසුරුනේ මහත්සේ කැපවී සහයෝගය දුන් පිරිසක් වීම කාගේත පුදුමයට හේතවක්ව තිබිණි. අපේ ජාතික උත්සව සැලසුම් කිරීමේදී සම්ප්‍රදායික ක්‍රමවේද යොදා ගැනීමෙන් සියල්ලන්ගේ සහයෝගය අවංකවම දිනා ගැනීමට හැකි බව පෙනුනි. ඊට හේතුවක් විය හැක්කේ ජනජීවිතයේ හදවතේ පතුලේ හෝ තවමත් අපේ උරුම සම්ප්‍රදායයන් පිළිබද ආකල්ප ස්ථාවරව සැඟවී පවතින හෙයින් දැයි සිතේ.

      කැමතියි

  3. බඩා කෝලමේ කියවෙන ආකාරයේ නැටුමක් කොහේදී හෝ දැක ඇති බවට මතකයක් තියෙනවා…ඒ නැටුමම වෙන්න බැහැ…මං හිතන්නේ සන්නි යකුමක් බලන අවස්ථාවක දැකපු දෙයක් වෙන්න ඕන….

    කැමතියි

  4. පින්ග්කිරීම: දුනුකාර පංගවෙන් පෙරහර පෙළ ගැසුන මහා පෙරහර | sugv

  5. පින්ග්කිරීම: දුනුකාර පංගුවෙන් පෙරහර පෙළ ගැසුන මහා පෙරහර | sugv

  6. පින්ග්කිරීම: දුනුකාර පංගුවෙන් පෙරහර පෙළ ගැසුන මහා පෙරහර | sugv

  7. මහත්මයා ඉහත සමහරක් නැටුම් කෝලම් ලෙස හැඳින්වෙන්නේ ඇයිදැයි කිව හැකිද? සාමාන්‍ය ව්‍යවහාරයේ කෝලම් ලෙස හඳුන්වන්නේ වැදගැම්මක් නැති දේටය. නැටුම් සම්ප්‍රදායක් හැඳින්වීමේදී කෝලම් යන පදයට වෙනත් අරුතක් ලැබෙනවාද? කෝලම් ලෙස හැඳින්වෙන නැටුම් වලත් කෝලම් ලෙස නොහැඳිනෙන ඉහත සඳහන් නැටුම් අතරත් ඇති ශාස්ත්‍රීයමය හෝ ශීල්පීයමය වෙනසක් හරහා කෝලම් යන පදය තේරුම්ගත හැකිවේද?

    කැමතියි

  8. ඔබ නගන ප්‍රශ්නයම මටත් ඇතිවුනා. ඒ ගැනම විමසීම් කළා. මෙසේ හැඳින්වෙන්නේ අැයිද යන්න සෘජුවම විමසමින් වගේම වක්‍රාක‍ාරයෙන් ද විවිධ පැරැණි දැනමුත්තන් වෙතින් සොයමින් වෙහෙසුනා. මේ සොයා බැලීම් අනුව දැනට අනාවරණය වී ඇත්තේ ඒ අය කෝලම් ලෙස හැඳින්වූයේ ද “වැදගැම්මකට නැති දේ” යන අරුතෙන්ම බවයි පෙනී ගියේ.නැටුම් වර්ග දෙක අතර ශාස්ත්‍රීයමය වෙනසක් ඇති බවක් පෙනී ගොස් නැත. එහෙත් ශිල්පීය ක්‍රමවල වෙනස්කම් පවතී. පැරැන්නන් පවසන මතයක් වන්නේ මෙවැනි “කෝලම්” හෝ “උසුළු විසුළු පෑම්” කතරගම දෙවියන් උදෙසා කෙරෙන සාම්ප්‍රදායික දේව පූජාවලදී අත්‍යවශ්‍ය බවකි. පැරණි අත්තනායක මොහොට්ටාලවරුන් හා කපුමහතාගෙන් ද පැවසුනේ “කතරගම දෙයියො විහිළුතහළු වලට කැමතී”යන ප්‍රකාශයකි. දේව පුරාණයේ පවතින කතා පවසන මේ අය වල්ලිමාතා සම්බන්ධ කතාපුවත් සහ ගණදෙවියන් හා කතරගම දෙවියන් හා සම්බන්ධ කතා පුවත්වල මෙවැනි තැන් ඇති බවත් පෙන්වා දෙති. එහෙයින් මෙහිදී කෝලම් යනුවෙන් ඒ අය අදහස් කර ඇත්තේ “දෙවියන් විසින් සැලකූ වැදගැම්මකට නැති දේ” යන අරුතින් බව තෙරුම් ගන්නට සිදු විය. පත්තිනි දේව පුදපූජාශ්‍රිත පාන්මඩුව, ගම්මඩුව, අං ඇදීම, පොරපොල් ක්‍රීඩාව සහ සොකරි නැටුම් වැනි ශාන්තිකර්ම වල දීද මෙවැනි කෝලම් නැටුම් හා කියමන් ද දකුනට ලැබේ. කෙස් වුවද මේ ප්‍රශ්නය ඔස්සේ සෙවීමෙන් අවසන් නිගමනයකට පැමිණීමට නම් තව දුරටත් සෙවීම් කළයුතුය. ඒ සඳහා ශිල්පශාස්ත්‍රඥයන්ගේ සහාය සහ අවධානය ද අවශ්‍ය වේ. ‍ඔබ වැනි විද්වතුන්ගේ අවධානය යොමුවීම කෙතරම් අගනේද යන සතුට මාතුළ පවතී. විමසීම ගැන ස්තුතියි මහතාණනි.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )