මහ බඹාට මූණු දෙකයි

23 thoughts on “මහ බඹාට මූණු දෙකයි

  1. //ඒක ගෙනියන්නේ කෝලක්කාර පංගුවේ ඇත්තෙක්.// මං හිතුවෙ ඒක ඇතුලෙ දෙන්නෙක් ඉන්නවය කියල. පොඩිකාලෙ පෙරහැර බලන්න ගියාම පුදුමෙන් බලා ඉන්න දෙයක් නෙ ඕක. යක්ෂ මූණු නම් ගෙවල් වලට් එල්ලනව නෙ ඇස්වහ වදිනවට කියල. ඒත් දැන් දැන් ඒක නම් ටික ටික වෙනස් වෙලා බලන්න හිතෙන දෙයක් තමයි ගේ ඉස්සරහ තියන්නෙ.

    ස්තුතියි ඔබට !

    කැමතියි

    • ස්තුතිය නලින්. වගකිවයුත්තන් කිසිවකුගේ අයවධානය යොමු නූනොත් මේ පුංචි ගම්මානයේ ඇති සම්ප්‍රදායයන් පමණක් නොව තව බොහෝ දේ අහිමි වී යාවි. පුරාණ දේශීය වෛද්‍ය සම්ප්‍රදායේ තව ඉතිරිවෙලා තියෙන්නෙ වල්ගෙ විතරයි කියල හිතෙනවිට ඇතිවෙන්නෙ වේදනාවක්

      කැමතියි

  2. ඔය මහබඹා කියන සංකල්පය සබරගමුවෙන් පිට කෙනෙක්ට පැහැදිලි කරන එක හරි අමාරු දෙයක්.සබරගමු නැටුම් සම්ප්‍රදාය වගේ දේවල් පිටතට විසිරිලා ගියත් මේ දේ නම් සබරගමුවටම සීමා වුනු දෙයක් බවයි පේන්නේ.ඇත්තටම මමත් වෙන කිසිම පළාතක පෙරහැරක ඕක දැකල නැහැ.රත්නපුරේ උන්ට මූණු දෙකයි කියන කතාවනම් මමත් අහල තියෙනවා.කොහොම නමුත් සබරගමුවේ මිනිස්සු මොන දුකක් ආවත් ඒක හංගගෙන පුළුවන් තරම් හිනාවෙලා ඉන්න බවනම් අත් දැකීමෙන්ම දන්නවා.

    කැමතියි

  3. වටිනා ලිපියක්. ඇස්වහ ගැන නොදත් තොරතුරු දැනගත්තා. ස්තූතියි ඔබට

    උපන්තාක් කල් ඉඳලා නුවර පෙරහැර විතරක් බලන අපිට මහබඹා සම්පූර්ණයෙන්ම ආගන්තුකයෙක්. ආස හිතුණා අපට ආවේණික නුවර පෙරහැරෙන් ඔබ්බට ගිහින් රට වටේ තියන විවිධ පෙරහැර සංස්කෘතීන් ටිකක් බලා කියාගෙන එන්න.

    අර නොක්ස් ගැන කියපු උපුටනේට දෙයක් එක් කරන්න අවසරද?
    මං හිතන්නේ එදා හෙළදිව කියන ග්‍රන්ථය සර්ව සම්පූර්ණයෙන්ම සත්‍යම විස්තර අඩංගු වෙන එකක් විදිහට දක්වනවට වඩා සුදුසුයි උඩරට සමාජය ගැන නොක්ස්ගේ පරිකල්පනය විදිහට දැක්වුවානම්. මොකද සමහර තැන් වල ඔහු මුලින් කී දෙයක පරස්පර කරුණක් පසු අවස්ථාවක සඳහන් කරන තැන් තියෙනවා
    උදා :- ලංකාවේ ඉන්නේ ම්ලේච්ඡයන් බව මුලදි දක්වන ඔහුම පසුව ලංකාවේ මිනිසුන්ගේ දියුණු ශිෂ්ටාචාර ලක්ෂණ විග්‍රහ කරනවා. කොහොම වුණත් සමකාලීන සාධක විශ්වාසනියත්වයෙන් සඳහන් කරන නිසා ඔහුගේ වාර්තාවනම් ගොඩක්ම වැදගත් මූලාශ්‍රයක්. ඒ වගේ වෙන මූලාශ්‍රයක් ඇත්තෙන්ම අපට නැහැ

    තව ගැටළුවක්…. රාවණාගෙ හිස් දහයේ සංකල්පයටත් පාදක වෙන්නේ ඔහු සතු වූ ශක්තින් දහයක් කියනව නේද? මට හිතෙන්නේ මේවා සියල්ල මන:කල්පිත වූ නිර්මාණිත සංකල්ප

    කැමතියි

  4. ඇති පදමට මහබඹාව පෙරහැරේ දැකලා තිබුනත් මේ මුහුණු දෙකේ කතාව අද තමයි ඉගෙණගත්තේ. මේ ලිපි පෙළ ඉතා කැමැත්තෙන් කියවනවා…ස්තූතියි.

    කැමතියි

  5. පෙරහැරේ ගෙනියන මහබඹා අසා තිබුනත් හරිම විස්තරය දැන ගත්තේ ඔබෙන්,ස්තුතියි.
    පිටරටත් බඹාලා හිටියත් මුණු දෙකක් තියෙන්නේ අපිට විතරමද මන්දා 🙂

    කැමතියි

    • සමහර වෙලාවකට ඇත්ත තමා කියලත් හිතෙනවා. පිටරට ඉන්න මහ බඹාලගේ මූණ පේන්නෙ බොහෝවිට, දීර්ඝ කාලයක් ගියාට පස්සෙ වගේ නේද ? දෙවන රාජසිංහ එක්ක ගිවිසුම අත්සන් කළ වෙස්ටර්වොල්ඩ්ගෙ යක්ෂ මූණ පෙනුනෙ පෘතුගීසීන් පන්නා දැමුවාට පස්සෙ. ඒක නේ “ඉඟුරු දීල මිරිස්ගත්ත වාගෙ” කියල කතාවකුත් හැදුන කියන්නෙ. ජෝන් ඩොයිලි ලගෙ යක්ෂ මූණ පෙනුනෙ මුළු රටම ඉංග්‍රීසීන්ට අයිතිවෙලා පාලනය කරන්න උනාට පස්සෙ. (හැබැයි වාරියපොල සුමංගල හාමුදුරුවන්ට නම් ගිවිසුම හදනකොටමත් පෙනිල තිබුණ බව හිතාගත්තෑකි. ඒ වෙලාවෙ ඉංග්‍රීසි කොඩිය බිමට දැම්මෙ ඒ නිසා වෙන්න ඇති) කැප්පෙට්ටි පොල මහනිලමෙට බ්‍රවුන්රිග්ලගෙ යක්ෂ මුහුණ පෙනුනෙ තමන්ගේම අය ඉංග්‍රීසීන්ට විරුද්ධව අවි අරන් සටන් කරනව දුටුවට පස්සෙ. මේ විදිහට පිටරට බඹෘලගෙ යක්ෂ මූණු ගැන තවත් කිව්වෑකි. ඒත් ඔබ කිව්ව වාගෙ අපේ මහබඹෘ ලගේ මූණු දෙක ඉක්මණින්ම වගේ පේන නිසා මූණු දෙකක් තියෙන්නෙ අපිට විතරමද මන්දා කියල මටත් බොහොම වෙලාවට හිතිල තියනව. ඔබේ ලින්ක් එක බැලුවා ඒක මට යොමු කළාටත් අදහස් දැක්වීමත් වෙනුවෙන් දයාබර “නිකං”ට ගොඩක් ස්තුතියි

      කැමතියි

  6. පින්ග්කිරීම: රාවණා කොඩිය සහ කුකුලා කොඩි | sugv

  7. පින්ග්කිරීම: කන්දකුමාර කොඩිය | sugv

  8. පින්ග්කිරීම: රාවණා කොඩිය සහ කුකුලා කොඩි |

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )