උග්ගල් අලුත්නුවර තියෙන්නේ කොහේ ද

භූගෝලීය පිහිටීම(Geographical location)

උග්ගල් අලුත්නුවර නිරපේක්ෂ පිහිටීම(Absolute position)  ආසන්න වශයෙන් උත්තරාක්ෂාංශ  6.684 හා නැගෙනහිර දේශාංශ 80.747සේ දැක්විය හැකිය. සාපේක්ෂ indexපිහිටීම (relative position) අනුවකොළඹ බදුල්ල මාර්ගය හෙවත් A4 මාර්ගයේ බළන්ගොඩ නගරය පසුකර බදුල්ල දෙසට පැමිණෙන විට හමුවේ. එහිකිලෝමීටර් 151 කණුව අසල දකුණු පසින් දිස්වන තොරණකි. ඒ හරහා දකුණු දෙසට දිවෙන අතුරු මාර්ගයකි. උග්ගල් අලුත්නුවර දක්වා වන ඒ මග මීටර 500 ක් පමණි. වාහනයකින් දේවාල පරිශ්‍රය දක්වාම පැමිණිය හැකි සේ කාපට් අතුරා නවීකරණය කර ඇත්තේ මාස කීපයකට කලිනි. එම මාර්ගයේ මීටර් 480 ක් එනවිටහමුවන මංසන්ධියෙන් නැවතත් දකුණට හැරී කාපට් කළ මාවතේ මීටර් 20ක් එනවිට උග්ගල් අලුත්නුවර නිර්මිත පරිසරය හමුවේ. එහි මධ්‍යයේ බටහිර දෙසට බරව ඉතා ආකර්ශනීය පූජනීය ගොඩනැගිලි (sacred buildings) සහිත මළුව (field) දිස් වේ.  google maps අනුග්‍රහය මත ලබාගෙන ඇති පහතසිතියමේ විශාලත්වය වෙනස් කර බලන්නමේ ගම්ප්‍රදේශය ශ්‍රී ලංකාවේ , සබරගමු පළාතේ, බළන්ගොඩකිලෝ මීටර් 9 ක් පමණ නුදුරින් පිහිටි ස්ථානයකි. (ඓතිහාසික  පුරාණ සීමාවන් සහිත විස්තර ලිපිය පසුව එක්වනු ඇති බව සලකන්න.)

උග්ගල් අලුත්නුවර පිහිටීම පිළිබඳව ලිවිය යුතුව තිබුණේ මීට බොහෝ කලින් බව මට සිහිපත් කරවූයේ  wicharaka විචාරක  නමින් නිතරම පාහේ ඉතා වැදගත් නැවුම් දැනුමකින් අපව පෝෂණය කරන විද්වතා විසිනි. එතුමා හීන් සීරුවේ, හිත නොරිදවා මා අවදි කළේය !  “මේ ලිපි සමග ඈඳෙන ලෙස දේවාලය පිහිටි ප්‍රදේශය පෙන්වන ගූගල් සිතියමක් දානවානම් බොහොම වටිනවා.” යනුවෙන් සඳහන් කරමින් මා කර ඇති වරද දරුවකුට උගන්වන ගුරුවරයකු මෙන් පෙන්වා දුනි.

5 thoughts on “උග්ගල් අලුත්නුවර තියෙන්නේ කොහේ ද

  1. පින්ග්කිරීම: ඔයවගේ කතාවලින් වස්දොස් ඇති වෙනව | sugv

  2. පින්ග්කිරීම: මන්ද කරබා වැඩ හිටින්නේ ? | sugv

  3. පින්ග්කිරීම: මොකද මේ කොස්ගහ වටේ සුදු රෙද්දක් ඔතල තියෙන්නෙ ? | sugv

  4. පින්ග්කිරීම: පස්සෙ වෙලාවක කියන්නං. දැං බෑ ! | sugv

  5. පින්ග්කිරීම: ආයු රක්ඛායු බොහෝවා ! | sugv

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.