අපේ බුදුන් අපි වැන්දා! පෙරලි පෙරලි අපි වැන්දා !!

එදා සිරිපා කරුණා කළ පිළිවෙල  කියා දුන් පාඩම ?

රැකියාවේ යෙදෙන අතරතුර එක් අවස්ථාවක ධනාත්මක චින්තනය පිළිබඳ  පිළිබඳ  වැඩමුළුවකට සහභාගී වෙමින් සිටියෙමි. දේශකයන් හා පුහුණු කරුවන්  අපව ආකර්ශනය කර ගනිමින් සහභාගීත්වය රඳවා ගැනීමට සමත් වූහ.  ධනාත්මක චින්තනය පිළිබඳ දේශනවල දී කියැවුන දේවලට මා කුඩා කල අත්විඳි සිරිපා ගමනේ අත්දැකීම් හි සම්බන්ධයක් පෙනෙන්නට වූ බැවින් සිතිවිලි ඒ දෙසට යන්නට විය.

සිරි පා පියස පිහිටි සමනල කඳු මුදුන

අන්තර්ජාලයෙන් උපුටා ගැනුනි

නඩේ ගුරුන්නාන්සේ – දරදඬු කාරුණික අධ්‍යක්ෂවරයා 

1960 හෝ 61 විය හැකිය. මගේ වයස 12 ක් පමණය. කෝඩු කාරයෙක් ලෙස ගිය ඒ ගමන මා මතකයෙන් තවමත් ගිලිහී නොමැත. වැඩිහිටියන් කියන  විස්තර වලින්  ඉගෙන ගෙන  ඇති මට   එය ජීවිතයේ දී කරගතයුතු මහා පුණ්‍ය කාර්යයක් සේම  අතිශය දුෂ්කර ත්‍රාසජනක ගමනක් ලෙස ද හිතේ පැලපදියම්ව  තිබිණි.

අපි පඩියෙන් පඩිය නැග්ගේ ඒ නගින්න තියන පඩිය දිහා බලාගෙන විතරයි. ඒක තමයි ගුරුන්නාන්සේ  දීපු උපදේසය. ඒක  නියෝගයක් වගේ නික්තු කරපු උපදේසයක්. ඒ පඩිය ගැන විතරයි හිතවෙ. ඊ ළඟ මොහොත දකින්න ඕන ඒ පඩිය විතරයි . මේ විදිහටයි යායුත්තෙ.

තව කොච්චර යන්න තියනවද කියල අහන්නවත් ඉහළ බලන්නවත් ගුරුන්නාන්සේ  ඉඩ දුන්නෙ නෑ.  කෝඩු කාරයෙක් වුන මාත් කිව්ව විදිහටම නැග්ගේ යාමට ඇති ආසාව සමගම හිතේ ඇතිවෙලා තිබුණ මහා බියක් ද නිසාය . නගින්න පඩියක් නැතිවෙන තුරුම  අපි  පඩි නැගගන, නැගගන ගියා.

අන්තිමේ අපි නොදැනම පද්මෙ ගාවට ඇවිත් !  “කෝඩු මෙහෙවරෙන් පුතේ,” මම ගුරුන්නාන්සෙ  ගාවට ගියා. එයා මගේ  ඔලුව  අල්ල ගෙන “මේ තියෙන්නේ අපේ සම්බුදු මෑණියන්ගෙ  සිරී පතුල ! වැඳ ගනිං පුතේ !! ‍දොහොත් මුදුනේ තියාගන  වැඳ ගනිං !!!  ගුරුන්නාන‍්සෙ මගේ ඔලුව පද්මේ මතට හයියෙන් ඇන්න. චුට්ටක් වත් රිදුන බවක් මට මතක නෑ. !   ඒ වෙලාවෙ ඇතිව තිබු  සතුට දැන් වුවද විස්තර කළ නොහැකි තරම්ය. මම සිරිපා වැඳගත්ත !

මහ කඳු සිරස පුරා මෙත්තා මුදිතා උපේක්‍ඛා ගුණයන් නිරතුරුවම පිළිරැව් දෙයි. උතුරායන ශ්‍රද්ධා සම්පන්න සිතින් යුතුව සැදැහැවත්තු සිරිපා මළුවට ළඟා වෙති. සියලු දෙනා  මේ සූදානම් වන්නේ තමාගේ ශාස්තෲවරයාණන්ගේ ගුණ සුවඳ විඳ සිත් පුරවා ගන්නට ය.  බුදුන් වහන්සේගේ පා පියස ස්පර්ශය ලැබූ පොළව සිප ගන්නට ය. පාද පද්මය වැඳ ගන්නට ය. හද උතුරා යන ගෞරවය පුද දෙන්නට ය.

දුක් වින්දේ නැත්නම් මෙච්චර සතුටක් ඇති වෙන්නේ නෑ. ඒ ගමන  ඇත්තටම පුදුමාකාර සතුටක්.!  ඒ තුළින්  මා උගත් පාඩම්  මේ විදිහට කැටි කරල ලියවෙන්නෙ ඒක ධනාත්මක චින්තන වැඩමුළුවේ දේශන වලට සමාන තැන් මෙන්ම   බෙහෙවින්ම වෙනස් තැනුත් තියන නිසා විය හැකිය.

නඩේගුරාගේ උපදෙස්වලට ගැලපෙන මාතෘකාව !  “ධනාත්මක චින්තනය….” ?

ගුරුන්නාන්සේ අපට දුන් උපදෙස් තුළ වූ අන්තර්ගතය අද දේශනයේ පැවසෙන දේවලට කෙරතම් සමාන දැයි වැඩමුළුවේ සිටින  අතරතුර  සිතෙන්නට විය. දුෂ්කරයයි සිතන ඕනෑම දෙයක් කරන විට, එය තමාට කළ හැකි බව විශ්වාස කරන්න.  ඒ සඳහා ඔබ අදහන උත්තර බලවේගයේ උදව් ද ලැබෙන බවට තමාටම සහතික වන්න.  තමාට කළ හැකි බව  සැබෑවටම විශ්වාස කරන්න.  විශ්වාසයෙන්ම  ක්‍රියාත්මක වන්න. ඔබේ අරමුණ කරා යන තවත් අය වේ නම්   ඔවුන් කෙරේ මෛත්‍රියෙන් කරුණාවෙන් යුතු වන්න. ඒ අයට  උදව් කරන්න. ඔවුනට සෙත්පතා දිරිගන්වන්න. ඔවුනට  ගරු කරන්න.

තමා මේ මොහොතේ කරමින් සිටින දේ ගැන පමණක් අවධානය දෙන්න. මේ මොහොත ගැන පමණක් සතිමත් වන්න.  එනම් මේ මොහොතේ  කරමින් සිටින දේ  ගැන සිහියෙන් සිටින්න. හෙවත් එළඹ සිටි සිහියෙන් කටයුතු කරන්න. අවසන් ඉලක්කය දෙස බලමින් එහි දුෂ්කරතාවක් හෝ පහසුවක් ගැන නොසිතන්න. මේ මොහොතේ කරන දේ ගැන පමණක් සිහිය යොමන්න.

මෙයට  අමතරව තවත් පිළිපැදිය යුතු හා කොළයුතු දේවල් ගණනාවක් ද ඇති බව ද අපට උගන්වයි.  එහි දී කිරීමෙන් හෝ කීමෙන් වැලකිය යුතු දේවල්  පවතී.   එය තමාට කළ හැකි බවක් වචනයෙන් නොකියන්න. තමාට කළ නොහැකි බවක් හෝ අපහසුවක් ගැන ද කිසිවිට නොකියන්න.  ඒ අරමුණ වෙනුවෙන් තමාට සමාන ගමනක යෙදෙන සෙස්සන්ට ඊර්ෂ්‍යාවෙන් කටයුතු නොකරන්න. එහි දී ඔබට පෙනෙන  දුබල වූ අය වේනම් ඔවුනට සහාය වන්න. ඔවුන් දිරිගන්වන්න.  අවසාන ඉලක්කයට තව කෙතරම් දුර ද හෝ  කෙතරම් ළඟදැයි තක්සේරු නොකරන්න.  පියවරෙන් පියවර යාමේ දී   ඒ පියවර ගැන පමණක් අවධානය දෙන්න. ඒ ගුරුන්නාන්සේ දුන් උපදෙස් කැටි කළ විට තේරුම් ගත් දේයි.

වැඩමුළු දේශනයේ දී පැවසුන විදිහට “Yes I can” වැන්නක් හඬනගා කීම සම්පූර්ණයෙන්ම තහනම් වීම නඩේගුරු උපදෙස් වල  දක්නට ලැබුණකි. මේ උපදෙස් දෙවර්ගය අතර තිබුණ  ප්‍රධානතම වෙනස එයයි.

එදා සිරි පා වඳින අරමුණෙන් බෞද්ධ බැතිමතුන් ගියේ කිසියම් පිළිවෙතක් අනුව සිය චර්යාව වෙනස්කර සකසා ගනිමිනුයි.  සිරිපා වැඳිම ධනාත්මකව සිතමින් පියවරින් පියවර ජයග්‍රහණය ලබමින් ලඟා කරගත යුතු දුෂ්කර අරමුණකි. අදාල පිළවෙත් නොබිඳ ගිය කිසිවකු අසාර්ථක වූ බවට වාර්තාවක් ‍තමාට නොලැබුණ බව ශ්‍රී පාද සමන් දේවාලයේ නොකඩවා අවුරුදු 10 ක් සේවය කළ කපු මහතාගේ අත්දැකීම් අනුව පෙනීයාම වැදගත් පණිවුඩයක් ගෙන එයි.

සිරිපා පුරාණ කපු මහතාගේ විස්තර

 1950 වකවානුවේ  සිරිපා මළුවේ සමන්දේවාලයේ කටයුතු කර ඇත්තේ දැනට 85 වන

1946 සිට 1956 දක්වා කපුමහතා ලෙස සිරිපා සමන් දේවාලයේ කටයුතු කළ කපුමහතා කරුණු විස්තර කරමින්

සිරිපා සමන් දේවාලයේ කටයුතු කළ  පුරාණ කපුමහතා (1946-1956) එකල  තතු විස්තර කරමින්

වියේ පසුවන ඩබ්. එම්. ජයසේකර මහතාය. වයස නිසා ඇතිවන දුබලකම් ස්වල්පයක් නොවී නම් හේ අදත් සනීපයෙන් සුවයෙන් හා සතුටින් වෙසෙන්නෙකි. එදා  තමාට පවා තීරණයක් ගැනීම අපහසු වූ සංවේදී අවස්ථාවක් ගැන කරන විස්තර මේ ලිපියේ  ඒ වෙනුවෙන් ඔවුනට පිහිට ලබාදුන්නේද උපදෙස් දුන්නේද තමා බලවත් ශ්‍රද්ධාවෙන් සිහිපත් කරන බුදු ගුණ බලයේ පිළිසරණ පැතීම කළයුතු හොඳම නොවරදිනම පිළිවෙත බවය. එම බැතිමතුනට සහතික කර කියා දී ඇත්තේ චේතනාවෙන් තොරව සිදුවන වරදක් පුද්ගල වරදක් සේ පල විපාක නොදෙන බවය. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සියලුම කිලි කුණු නැති භංග වෙයි. උන්වහන්සේ මළ මිනියකට තබා බැඳ දමා සිටි සෝපාකට ද පිහිට වූ මහෝත්තමයාණන් වහන්සේය. බුදුසරණ ගියවුන් හමුවේ දෙවියෝ දමනය වන බව ඔවුනට පැහැදිලි කර දුනි.  බුදු දහමේ හරය වැළඳගත් ශ්‍රද්ධාවන්තයෙක් වූ  කපු මහතා  දෙවියන්ට යාඥා කරමින්  බැතිමතුනට පිහිට පැතුවද  බුදු බලයට දෙවියන්ද අවනත වන බවට ඇති විශ්වාසයෙන් යුතුව අසරණ වූ පිරිසට උපදෙස් දී ඇති  බව පෙනේ.

අරමුණක් ජයගත හැක්කේ යමක් දෙස ධනාත්මකව බැලීමෙන් පමණක් නොව ධනාත්මකව ක්‍රියාත්මක වීමෙන් ද බව මෙයින් උගත හැකි පාඩමකි.  ධනාත්මකව ක්‍රියාත්මක වන අයට ඇතිවන බාධාවන් ආශීර්වාදයන් බවට හරවා ගැනීමට ද ක්‍රම පවතී යන්න තවත් පාඩමකි. නොසැලෙන ධෛර්යය යනු සිහියෙන් සිටීම හෙවත් සතිසම්පජඤ්ඤය හා මෛත්‍රිය හා දයාව සමග බැඳීමෙන් ජනිතවන ශක්තියක් බව මේ අත්දැකීම පෙන්වා දෙන බව මට සිතේ.

 පහළට කරුණා කරද්දි කියන්නට ලැබුණ කවියක් මේසේය.

අපේ බුදුන් අපි වැන්දා – පෙරලි පෙරලි අපි වැන්දා

සංසාරේ දුක නිවෙන්න – අපේ බුදුන් අපි වැන්දා

පෙරලි පෙරලි අපි වැන්දා

වඳින්න යන මේ නඩේට

බුද්ධං සරණේ සරණයි

වඳින්න යන මේ නඩේට

සුමණ සමන් දෙවි පිහිටයි

Advertisements

8 thoughts on “අපේ බුදුන් අපි වැන්දා! පෙරලි පෙරලි අපි වැන්දා !!

  1. මෙහි අවසන් ඡේද තුන ලියැවෙන්නේ මීට පෙර ලියන ලද සැප්තැමිර් 14 දිනැති සිරිපා වැඳගත්තු අයට කොච්චර පිහට ආරස්සාව තියනවද යන මාතෘකාවෙන් ලියවුන ලිපිය අනුව බව සලකන්න.

    කැමතියි

  2. ස්වයං මෝහනය සහ ධනාත්මක චින්තනය අතර වෙනසක් ඇත. ධනාත්මක චින්තනයෙන් තම ජීවිතය පවතිනවාට වඩා ප්‍රීතිමත් වූවක් කරගන්නට ආධාරකයක් වෙද්දී ස්වයං මෝහනයෙන් සිද්ධ වෙන්නේ සීමිත කාලයක් සඳහා සිතට සහනයක් ලැබීම පමණි.

    ඒ වේලාවේ චුට්ටක් වත් රිදුන බවට හැඟීමක් දැනුනේ නැහැයි කියද්දී එයින්, හයියෙන් වැදුනා නම් පසුව ඔළුවේ ගැටයක් හටගැනීම සිද්ධ වීමක් නොවෙනවා යැයි කියන්නට පුළුවන් ද?

    කැමතියි

    • ඇත්තටම මට එවැනි අපහසුවක් ඇති වුනා ද යන්න ගැන හරිහැටි මතකයක් නෑ. ඔබ පවසන පරිදි ස්වයං මෝහන තත්වයකට අප පත්ව සිටියා වන්නට පුළුවන්.
      මගේ අත්දැකීමටත් වඩා මා කල්පනා කළේ ඒ අවදියේ, එහි වසර දහයක් පමණ නොකඩවා වැඩෙහි යෙදුන අය ගැනයි. විශේෂයෙන් එහි වැඩ කළ කපු මහතා (සාමාන්‍යයෙන් අපට දේවාල වල දැනට පෙනෙන අයකු මෙන් කපටියෙක් නොවූ බව පෙනේ.) ඔහු දෙවියන්ට යාඥා කළත් බුදු දහමේ හරය කිසියම් පමණකින් හෝ තේරුම් ගෙන මිනිසුන්ට උපදෙස් දෙමින් බියපත්ව සිටියවුන්ට පිහිට වී ඇති බවත් පෙනෙනවා. (මේ පුද්ගලයා දැනට වයස 80 ඉක්මවා වුවද කායික මෙන්ම මානසිකවත් නිරෝගීව තමන්ම උපයා ගත් දැයින් දිවි ගෙවමින් කවුරුත් විසිනුත් ප්‍රිය කරන්නෙක් ලෙසත් නිතර සිනා වෙමින් සතුටින් සිටින්නෙක් ලෙසත් දක්නට ලැබෙනවා.)

      කැමතියි

  3. ඔබේ ඒ අත්දැකීම හා කපු මහතාගේ මුළු ජීවිත කාලය අතර වෙනස එක හා සමාන නොවේ යන්න මගේ හැඟීමයි.

    තවත් කෙනෙකුට මෙහෙම දකින්න ද පුළුවන්: තමන් අදහන කුමක් වුවත් එය තම හෘදය සාක්ෂියට එකඟ වූ ඇදහිල්ලක් බව විශ්වාස කරන අයෙක්ට තම ක්‍රියාවන් වලින් හිතට වද දීමක් නැහැ. වදයක් ලැබෙන්නේ ඇදහිල්ල ගැන සැකයක් පවතිනවා නම් පමණයි. බොහෝවිට සිතන්නට පුළුවන් අයෙකුට හෘදය සාක්ෂිය වදයක් වෙනවා.

    ඊ ළඟට, කායික මෙන්ම මානසික නිරෝගී බව දැහැමි ජීවිතයෙන් පමණක් ලැබේවි යන ප්‍රස්තුතයේ දී “දැහැමි” යන්න කුමක් දැයි ප්‍රශ්න කෙරෙනවා. එය හෘදය සාක්ෂියට අනුව දැහැමි වූවක් ද? පුද්ගලයා වාසය කරන සමාජය පිළිගන්නා අන්දමට දැහැමි වූවක් ද?

    ඒ ගැන කල්පනා කරන්නට මම උදාහරණයක් දෙන්නම්. හිරෝෂිමා සහ නාගසාකි වලට පරමාණු බෝම්බ දාපු Paul Warfield Tibbets, Jr. ට එච්චර මිනිසුන් සංඛ්‍යාවක් ඝාතනය වූවාට හා රෝගී වූවාට ඔහුගේ හෘදය සාක්ෂිය කරදර කළේ නැහැ. මන්ද ඒ ක්‍රියාව තවත් මහත් මිනිස් සංඛ්‍යාවක් ගලවා ගැනීමට අවශ්‍ය වූවක් බව ඔහු විශ්වාස කළ නිසා; ඔහු කිව්වේ “මගේ හිතේ කිසිම කරදරයක් නැහැ, මට හැමදාම රෑට හොඳින් නින්ද යනවා,” කියල. වයස 92 දී මිය යන ඔහු කායිකව හා මානසිකව සතුටින් දිවි ගෙවූයෙක්.

    කැමතියි

    • ඔබේ අදහසට කිසිදු විරෝධතාවක් නැත. සම්පූර්ණයෙන්ම එකඟ වෙමි.හෘදය සාක්ෂීය යන්න මෙහි දී වැදගත්ම කාරණයයි. මා කියන්නට උත්සාහ ගෙන ඇත්තේද ඔබ කියන දැයම බව මගේ කල්පනාවයි. හෘදය සාක්ෂය යන්න එක් එක් අය විසින් පිළිගන්නා කුමණ හෝ “දහමක්” මගින් තීරණය වන්නක් වනු ඇත. මෙහි දී “දහම” හෝ “දැහැමි” යන්නෙන් මා අදහස් කර ඇත්තේ කිසියම් සම්භාව්‍ය ආගමකට අයත් දහමකට පමණක් සීමා වූ දැක්මක් වැළඳ ගැනීමක් නොවන බව සලකන්න. Paul Warfield Tibbets, Jr.ට හෘදය සාක්ෂිය කරදර නොකළේ ඔහුගේ දැක්මේ ස්වභාවය එය වූ නිසයි. වෙනත් දැක්මක් සහිත කෙනෙකුට එය කෙසේ පෙනුනත් ඔහුගේ හෘදය සාක්ෂය බවට පත්වූයේද ඔහු ඇදහූ “දහම” අනුව හෘදය සාක්ෂිය කරදර නොකළ නිසා ‍නොවන්නේද ? ඔබේ අදහස් දැක්වීම මගින් ලිපියෙන් මා පවසන්ට උත්සාහ කළ මතය වඩා නිරවුල් නිරවුල් වන බවයි මගේ කල්පනාව. මෙහිදී පෙන්වා දුන් උදාහරණයද ඉතා කදිම එකකි.

      කැමතියි

  4. පින්ග්කිරීම: මේ සිරීපාදෙ කාලෙ | sugv

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )