සිරී පාදෙ වැඳගත්තු අයට කොච්චර පිහිට ආරස්සාව තියනව ද

ශ්‍රී පාදස්ථාන සමන් දේවාලයේ 1946 -1956 කපු මහතාගේ අත්දැකීම්

මෙහි ඇත්තේ සබරගමුවේ රුවනක වරුණ පොතෙන් උපුටාගත් ඡේදයක දෙවන කොටස පළමු කොටස මීට පෙර ලිපිය මගින් ලියා ඇති බව සලකන්න.මේ කෘතිය සිඩ්නිඑල්ලාවලයන් ගැන ලියන ලද කුඩා පොත් පිංචකි.

වයස 17 දී (1946 දී) සිරිපා මළුවට කැටුව ගිය ඩබ්.එම්.ජයසේකර තරුණයා 1956 දක්වා පළමු වසර මුරකරු සේද ඉන් අනතුරුව එහි දේවාලයේ කපු මහතා ලෙසද වතාවත්වල යෙදී ඇත. මෙහි දී අත්දකින ලද බොහෝ අනුවේදනීය පුවත් මෙන්ම  රසමුසු තැන් පිළිබඳව ද අසා ගත හැකිය.

වන්දනා නඩයක ප්‍රධානියා වූ නඩේගුරා පළමුවම මේ කපු මහතා හමු වී තම කණ්ඩායම පඬුල්ලා ගනී. තම කණ්ඩයමින් සිදු වූ අත්වැරදි ප්‍රකාශ කර දෙවියන්ගෙන් සමාව ලබා දෙන ලෙස ඉල්ලා සිටිති. ඒ හැම අවස්ථාවකම තමාට හැකි අන්දමින් කන්නලව් කර දෙවියන්ට පින් දෙද්දී බියෙන් පෙළෙන අයගේ මුහුණු එළිය වැටෙන හැටි තමාට සිතුවම් පටක් සේ ‍

1946 සිට 1956 දක්වා කපුමහතා ලෙස සිරිපා සමන් දේවාලයේ කටයුතු කළ කපුමහතා කරුණු විස්තර කරමින්

1946 සිට 1956 දක්වා කපුමහතා ලෙස සිරිපා සමන් දේවාලයේ කටයුතු කළ කපුමහතා කරුණු විස්තර කරමින්

දැනුත් පෙනෙන බව පවසයි. වරක් නඩේ ගුරා සමග පැමිණි මවක් හඬා වැලපෙමින් කපු මහතාට පසෙකට එන ලෙස ආයාචනා කර ඇත. ඒ කුමක් නිසා දැයි විමසීමට සෙනගමග හැර වෙනත් ස්ථානයකට ගිය බවත් දැන ගන්ට ලැබුණ කාරණ නිසි තමන්ද වික්ෂිප්ත වූ බවත් පැවසීය. මව සමග සිරිපා මළුවට පැමිණි දියණිය මළු මත දී “කොටහළු වෙලා” . කුමක් කරන්න දැයි තමාට ද නොතේරුනා වුනත් අම්මට දරුවා  ගේ අතින් අල්ලාගෙනම සිටින ලෙස පවසා තමා තනිවම පැමිණ දෙවියන්ට කන්නලව් කළේ මේ නොදැන සිදු වූ මහා අත්වැරැද්දට සමාව දෙන ලෙසය. මුළු මළුවම අසුද්ධ වෙලා.! මොනවා කරන්න ධ අපි කවුරුත් බය වුනා.!! අප මහා බුදු රජාණන් වහන්සේට මේව අදාල නෑ. ඒත් සිරිපා මළුව රැකගන්නා සමන් දෙවියන්ට අශුද්ධ බව නරකයි. ඒක මහ කිල්ලක් !!! දැන් ඉතින් “නත්ථිමේ සරණං අඤ්ඤං බුද්ධෝ මෙ සරණංවරං” ගාථව සිහිකරගෙන ඒකම කිය කියා ආපසු කරුණා කරන එක තමා තියෙන්නෙ. කොහෙමටත් සමන් දෙයිහාමුදුරුවො කියන්නෙ සෝවාන් උන කෙනෙක් නෙව. අපමහ බෝසතාණන් වහන්සෙ වජිරාසනේ වැඩ ඉඳ ගෙන බුදු බව ලබන්න ඔන්න මෙන්න තියෙද්දි වසවර්ති මාරය ආවම එයාට බයේ දෙවිවරු ගියා ලු. හැංගිලා හරි ඉඳල තියෙන්නෙ දැඩිමුණ්ඩ දෙවියො විතරයි කියල නේ කියන්නෙ. දැඩි මුණ්ඩ කියන්නෙත් ඒ හින්දමලු. බුදුන් ඉදිරියෙ මාරයත් දනගැහුව. ඒ හින්ද

“මේක කාට කවදා වුනත් පිහිටට තියන බොහොම බලගතු ගාථාවක් මහත්තය. ඕන ගමනක් යන්න ඉස්සෙල්ල සිහි කරන්න. බුදුසරණ ඇර වෙනත් සරණක් නෑ.!

මම ඒ විදිහට කියා දීල  දරුවා හැරමිටිපාන සීත ගඟුල පහුවෙන කම්ම අම්මට අතින් අල්ලගත්තු ගමන්ම අත හරින්නේ නැතුව පහළට කරුණා කරන්න කිවිවා.  ඒ අය ඒ විදිහට යන්න ඇති.

ඒ අය කවුරුවත් හිතා මතා කළ දෙයක් නෙවෙයි නේ. “සුබාව දරුමෙට” මොනව කරන්න ද ? ඒක තමයි මට තවමත් අමතක කර ගන්න බැරුව තියන සිද්දිය. අනික් හැම කොනාම දෙයියන්ගෙ පිහිටෙන් ඉහළටයි පහළටයි කරුණා කළා මිසක් දැන් වාගෙ අතන මෙතන මැරුණා කියල නං ආරංචි වුනේ නෑ ! වයසක අය, කොරවෙච්ච අය, පුංචි දරුවො විතරක් නෙවෙයි බඩදරු අම්මලත් ආවා. එක බවලතෙක් ඩිංගක් අමාරුවෙන් හිටිය වාගෙ පෙනුන හින්ද  මං බයවෙලා නඩේ ගරුන්නානසෙගෙන් ඇහුවා  “මේ බවලතා අරං ආවෙ ඇයි කියල . ඒ අය කිව්වෙ බාරයක් නිසා එක්කරගෙන ආ බවක්. ඒ ඇත්ති පහළට කරුණා කරද්දි අපේ අයත් මස්කෙලියට යනකං ගියා, ආරස්සාවට !  අනේ කුරා කූඹියකුගෙන්වත් කිසි අන්තරාවක්  නැතුව ඒ ඇත්තිත් එක්ක නඩේ සේරම බොහොම සතුටින් කරුණා

කළාලු !!  සිරීපාදෙ වැඳගත්තු අයට පිහිට ආරස්සාව කොච්චරක් ද ?

ලිහිණි හෙලෙන් කෙනෙක් වැටුනා කියල කිව්වට ඒකත් හරි ආරංචියක්ම ද කියන්න මම නං දන්නේ නෑ. දැන දැනම කටවරද්දා ගත්තු අය නං අතරමංවෙලා. නඩේ මගෑරිලා කරදර වෙච්ච වෙලාවල් තියනව. සමහරු දවස් ගණං ඉබාගතෙ ඇවිදලාත් තියනව.  නඩේ ඇත්තන් බාර උනාට පස්සේ ආපහු හම්බ වෙලා තියනව. ඒවගේ දේවල් ගැන නං කියවුනා. ඉහළට කරණා කරද්දි එහෙම කට වැරදිලා තඩලගෙන වගේ මළුට ගෙනාපු කෙනෙකුට පිහිට ඉල්ලල දෙයියන්ගෙන් සමාව  ඉල්ලල කන්නලව් කරන්න උන අවස්ථාවක් දෙක තුනක් වගේ මතකයි. ඒවට පිහිට තිබුණ. ඒ ඇත්තො සමාව අරන් අාපහු හොඳින් ගිය බවයි දන්නෙ. සිරීපාදෙට තිබුණය කියන නඩුවට පස්සේ ඒ කියන්නෙ1956 දී අපේ බණඩ්හමුදුරුවො සිරී පාදෙ බාර දීල ආපහු ආව. අපිත් ගමට ආව. මේ කියන ජයසේකර මහතා දැනට වයස 80 ද ඉක්මවා ඇතත් තවමත් උදේ සවස sugv ට දකින්න ලැබෙනව. ඒක කොච්චර වාසනාවක් ද එදායින් පසුව එයා සිරිපා දේවාල කපු කමක් නොකළ බවත් දැනටත් එවැන්නක නොයෙදෙන බවත් පවසයි.

විශේෂ සටහන්

  • සුබාව දරුමෙ – ස්වාභාවික දේවල්

  • බවලතා  – කාන්තාව

  • කොටහළු වීම- කාන්තාවකගේ පළමු ආර්තවය සිදුවීම හෙවත් වැඩිවියට පත්වීම

  • වජිරාසනේ– වජ්‍රාසනය නමි. සිද්ධාර්ථ තවුසාණන් බුද්ධත්වය ලබද්දී වැඩසිටි ආසනය

2 thoughts on “සිරී පාදෙ වැඳගත්තු අයට කොච්චර පිහිට ආරස්සාව තියනව ද

  1. පින්ග්කිරීම: මේ සිරීපාදෙ කාලෙ | sugv

  2. පින්ග්කිරීම: අපේ බුදුන් අපි වැන්දා! පෙරලි පෙරලි අපි වැන්දා !! | sugv

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )