20 සියවස උදාව හා උග්ගල් අලුත්නුවර රජමහා විහාරය 1

Advertisements

3 thoughts on “20 සියවස උදාව හා උග්ගල් අලුත්නුවර රජමහා විහාරය 1

  1. අතිපූජ්‍ය දික්කාපිටියේ සීලානන්ද හිමිපාණන් පිළිබඳව ලියැවෙන කොටසේ තුන්වන ඡේදයේ සටහන්ව ඇති “ඌවේ ගම්බිම් වනසා දමා වයස 12 න් ඉහළ පිරිමි දරුවන් පවා මරාදමන්නට..” යනුවෙන් ඇති සටහන “වයස 18 න් ඉහළ පිරිමි දරුවන් පවා මරා දමන්නට” යනුවෙන් නිවැරදි විය යුතුය. “මාෂල් ලෝ” යන්න විග්‍රහ කෙරෙන සාකච්ඡාව- වි.ජ.මු. ලොකුබණඩාර ශූරීන්ගේ ප්‍රකාශය – 2013 ජුනි 24 රාත්‍රී ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වූ මහා සිංහලේ යටත්විජිත වංශකතාව

    කැමතියි

  2. මා දන්නා අන්දමට දික්කාපිටිය ප්‍රදේශය පිහිටා ඇත්තේ වැලිමඩ බදුල්ල මාර්ගයේ පුහුල්පල කඩ මන්ඩියෙන් ඇතුලත ගිය විටය.එහෙත් කැප්පෙටිපොල පරම්පරාව මාතලේ පදිංචිව සිටියත්, එහි මුල් තිබුනේ මාවනැල්ලේය. ඌව පළාතත් කොත්මලේ පළාතත් අතර සම්බන්ධතා දුරාතිතයේ පටන්ම තිබුනත්, මාතලේ හෝ මාවනැල්ල සිට ඌව පළාතේ වැලිමඩ ප්‍රදේශයේ දික්කාපිටියට සම්බන්ධකම් තිබුණේදැයි මා අසා නැත.එබැවින් ඒ ගැන වැඩි විස්තර ඉදිරිපත් කරන්නේ නම් මැනවි.

    කැමතියි

  3. දික්කා පිටියේ පිහිටීම හා කැප්පෙට්ටිපොල වීරයාගේ පරම්පරාව පිළිබඳව ඔබතුමා පවසන විස්තර වලට එකඟ වෙමි.හිතාදර සමරසේකර මහත්මාණනි,
    කැප්පෙට්ටිපොල වීරයාගේ පරම්පරාව පිළිබඳ දික්කාපිටියේ සීලානන්ද හිමියන් සම්බන්ධ පුවත මා ඇසුවේ දැනට වසර තුනකට පෙරදීය. මාමල්ගහ ශ්‍රී ජිනජෝතිකාරාමයේ වර්තමාන විහාරාධිපති වන්නේ උඩරට අමරපුර මාහා නිකායේ සබරගමු පළාත් ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලැබ සිටින ශාස්ත්‍රපති, අතිපූජ්‍ය පුඤ්ඤානන්ද මාහිමිපාණන් වහන්සේ වෙති. සුපේෂල ශික්ෂාකාමී මහා යතිවරයකු ලෙස මහත් කරුණාවෙන් යුතුව නිස්සරණාධ්‍යාසයෙන් මහා සේවාවක නිහඬව යෙදී සිටින මහා යතිවරයෙකි. මේ නායක හිමිපාණන් වහන්සේට සීලානන්ද හිමිපාණන් පිළිබඳව ඇත්තේ තමන්ගේ ගුරුවරයා වූ ධීරානන්ද නායක හිමිපාණන් වහන්සේ පැවසූ විස්තර පිළිබඳ මතකයන් විය. මේ විස්තර අසාගත් දිනම සීලානන්ද නායක හිමිපාණන් වහන්සේ කුඩා කල දී දැක දැන සිටි සබරගමු පළාත් අධිකරණ සංඝනායක පදවියකින් පිදුම් ලැබ වැඩසිටි මුල්ගම නායක හිමිපාණන් වහන්සේ සමග ද ඒ අවදිය පිළිබඳ දැනසිටි වයෝවෘද්ධ වැඩිහිටියන් කීප දෙනෙකු සමගද සාකච්ඡා කරන්නට අවස්ථාව ලදිමි.
    1818 විමුක්ති සටන පිළිබඳව තෙන්නකෝන් විමලානන්දයන්ගේ ගවේශන මෙන්ම සොයා ගත හැකි වූ වෙනත් පොත් පත්ද කියවද්දී පැහැදිලි වන වැදගත් තොරතුරු වෙත අවධානය යොමු කරන විට පැහැදිලි වන විශේෂ කරුණු කීපයක් වෙයි.
    1. විමුක්ති සටනට උරදුන් නායකයා සමග පුවුල් පරම්පරාවල ඇත්තන්ද වෙනත් ආරක්ෂිත යයි හැඟෙන ප්‍රදේශ කරා සංක්‍රමණය වන්නට වීම
    2. විමුක්ති සටනේ නායකත්වය ගත් සහ අපේ සාම්ප්‍රදායික නායකත්වයට සම්බන්ධ පවුල්වලට ගෑවුන අය පවා මරාදමන්නට ඉංග්‍රීසි ආණ්ඩුව නියෝග දී තිබීම
    3. “මාෂල් ලෝ” පැනවීම මගින් කැරැල්ල පැවති පෙදෙස්වල වයස 18 ඉක්මවූ පිරිමි දරුවන් සියල්ලන්ම මරා දමන්නටත් ගම්බිම් විනාශ කරන්නටත් නියෝග තිබීම හා ඒ සඳහා පියවර ගැනීම
    4. තම පිරිමි දරුවන් රැක ගන්නා පිණිස විවිධ වෙස්ගන්වා රැකවරණය පිණිස සුදුසු යයි සිතූ තැන්වලට යවන්නට ඇතැයි අනුමාන කළ හැකි වීම
    5. දෙමෝදර මොහොට්ටාල විමුක්ති සටනේ නායකයෙකු විය. උග්ගල් අලුත්නුවර බස්නායක නිළමේ ලෙස කටයුතු කරමින් සබරගමු දිසාව ලෙස ද සිටි එතුමා මාතර දෙසට ගිය බවත් තම පවුල් පරම්පරාවල සියලු දෙනාද දකුණු දෙස ඈත ගම් බිම්වලට ගිය බවත් සමහර පිරිමි දරුවන්ය පන්සල්වල නැවතී ඒ අතරින් සමහරුන් පැවිදි වූ බවත් තමා පවා පැවිදී වීමට ඉගෙන ගත් බවත් කරුණාරත්න බණ්ඩාර මොහාට්ටාල නිළමේ ලෙස හැඳින් වූ උග්ගල් අලුත්නුවර අත්තනායක මොහටේටාල නිළමේ පැවසූ විස්තර අනුව බොහෝ දෙනා තම මුල්ගම් බිම්වලින් ඈත පෙදෙස්වලට ගිය බව පෙනේ. තම පියා ආපසු ආවත් සමහරු ඒ පළාත්වලම සැඟවුන ජීවිතයක් ගෙවී බවත් අසන්ට ලැබිණි. මේ විස්තර පැවසුවේ එතුමා ජීවිතයෙන් සමුගන්නට සතියට පෙර දිනක මගේ බලවත් ඇවිටිල්ල නිසාය. මිය යන විට එතුමා වයස 87 ක් ඉක්මවා තිබිණි.
    6. කිවුලේගෙදර වලව්වට සම්බන්ධ පවුල් වල ඇත්තන් ගෙන් සමහරු මුහුද දක්වාම පලා යාම පිළිබඳ පවතින මතය. ( මුහුදු වැද්දන් ලෙස හැඳින්වෙන්නේ මේ අය දැයි ඇතැම් විද්වතකු මෙසායා බලමින් සිටිති)
    7. කිවුලේගෙදර වලව්ව තමයි මේ යැයි මා වෙත පෙන්වමින් අතිපූජ්‍ය උල්පත්ගම ඉන්දරතන හිමිපාණන්වහන්සේ තම පරිම්පරාවේ මුතුන් මිත්තන් එකල පැවති භීෂණයෙන් බේරෙන්නට ගත් විවිධ උපක්‍රම ගැන පැවසූ විස්තර ( මේ විස්තර මට අසන්ට ලැබුණේ දැනට වසර 35 කට පමණ පෙර කන්දකැටිය ප්‍රදේශයට හිමිපාණන්වහන්සේ සමග යන්නට අවස්ථාව ලද විටක දීය)

    මෙවැනි කරුණු ගැන අවධානය යොමු කරන විට සිලානන්ද හිමියන් යනු කැප්පෙට්ටිපොල පරම්පරාවේ කෙනෙකි විය හැකිය යනු සිතා ගැනීම අපහසු නොවේ. 1818 කැරැල්‍ලට සම්බන්ධ වූයේ යි නිගමනය කර ලෙප්ටිනනට් කර්නල් කෙලී විසින් මඩුල්ලේදී පැවති විභාගයකින් පසුව මරණ දඬුවම නියම කළ “අරුමා” නමැති වීරවරයා වේයන්ගොඩ ප්‍රදේශයට ගොස් සැඟවී මරණයෙන් ගැල වී සිටි බව එතුමාගේ පරම්පරාවට අයත් මිමුණුපුරකු වහයෙන් සැලකිය හැකි මා හිතවත් ඥාතිවරයකු පැවසිය. 1818 සිදු වූ විමුක්ති සටන පිළිබඳව මෙන්ම එම සටනේ යෙදුන අයගේ පවුල් පිළිබඳව ඓතිහාසික විස්තර ලබා ගැනීම පිණිස දේශීය මූලාශ්‍රවල විශාල හිඟයක් පවතී. මහාසිංහලේ යටත් විජිත වංශකතාව නමින් මේ දිනවල විකාශනය වන ස්වර්ණවාහිනී වැඩසටහන තුළ වටිනා විද්වත් සාකච්ඡාවක් පවතී. මෙවැනි ගැටළුවලට එමගින් හෝ පිළිතුරක් ලැබේදැයි අවධානය යොමු කිරීම ඵලදායක විය හැකිය.

    තමන්ගේ මුල්ගම් ප්‍රදේශය නොමැතිව වෙනත් ගමක නමින් පැවිදි බිමට ඇතුළු වීමේ සිරිතක් ද අපගේ හිමිපාණන් වහන්සේලා අනුගමනය කර ඇති බව පෙනීයයි. උදාහරණ වශයෙන් සබරගමුව පළාත් ප්‍රධාන සංඝනායකව සිටි මෑතදී අපවත් වූ බළන්ගොඩ සුධම්මවංශ නායක මාහිමිපාණන් වහන්සේගේ පරම්පරාව මෙන්ම උපත ද බළන්ගොඩ නොවේ. උන්වහන්සේගේ උපත ඕපනායක තානායම් වත්තය. එහෙත් පැවිදි නාමය බළන්ගොඩ සුධම්මවංශ විය. රත්මලවින්නේ ප්‍රඤ්ඤානන්ද නායක මාහිමිපානන් වහන්සේ තෙන්නකෝන් පරම්පරාවට අයත් කෙනෙකි. තෙන්නකෝන් පරම්පරාව රත්මලවින්නේ යයි කිව නොහැකිය. එහෙත් පැවිදි නාමය රත්මලවින්නේ පුඤ්ඤානන්ද වෙයි.
    මේ අනුව සීලානන්ද හිමිපාණන් වහන්සේ මාතලේට සම්බන්ධ වුවද දික්කාපිටියේ සීලානන්ද නමින් පැවිදි බිමට ඇතුළු වූවා විය හැකියයි සිතීමට හැකිය. සමරසේකර මහතාණනි, ඔබ සතුව ඇති දැනුම ඉතා වටිනා එකක් බව විවිධ ප්‍රතිචාර මත පෙනී යන තත්වයකි. හැකි නම් එම වටිනා දැනමද අන්තර්ජාල ගත කරන ලෙස ඇරයුම් කරන්නෙමි. මා දිරිගැන් වූ ඔබේ ප්‍රතිචාරයට ස්තුති වන්ත වෙමි.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )