දුකසේ සැප විඳීම

4 thoughts on “දුකසේ සැප විඳීම

  1. මේක නම් නොවරදාවම නැවත වතාවක් කියවන්න ඕනෙ මිත්‍රයා. කාලෙකට පස්සෙයි මේ ආවෙ. රසවත් වගේම කියවන්න බොහෝමත් කැමති වර්ගයේ පෝස්ටුවක්. වැඩි වැඩියෙන් ලියන්න හැකියාව ලැබේවා. ජය.

    කැමතියි

  2. හිතවත් මිත්‍රයා,
    මේ බ්ලොග් ලිපිය මට මගේ කුඩා කාලය සිහිකරවූවා. කොත්මලේ ජන්ම භූමීය කොටගත් මගේ අත්තම්මලාගේ පරම්පරාවේ ජීවිතය පොළොන්නරුවේ ගොවිජනපදවල අපටත් යන්තමින් හෝ හුරුව තිබුණා. අපිත් උදේ පාන්දරම කුඹුරේ වක්කඩවල් බදින්නට ඇවිද යන්වා. නියරවල් වල තිබෙන කක්කුටු බෙන කකුලෙන් පාගා වසා දැමීම ගැටවර කොලුවන් ඌ අපට මහත් සතුටක් ගෙනදෙන්නක වුණා.
    මට එක තැනකදී පුංචි ගැටළුවක් මතුවුණා. ඔබ සඳහන් කර තිබෙනවා ගැමි කාන්තාවන් සවසට මැල්ලුම් තනන්නට පලා වර්ග එකතු කරන වග. නමුත් අපේ අම්මලාත් අත්තම්මලාත් රාත්‍රී ආහාරයට පලා මැල්ලුම් වර්ග එකතු කරගන්නට යම් මැළි කමක් දැක්වූ වග මට මතකයි. ඒ කියන්නේ රෑට මැල්ලුම් නොතිබුණු වගම නොවෙයි. නමුත් බොහෝම කලාතුරකින්. රෑට පලා වර්ග කෑවාම බඩ කැක්කුම් ගන්නවා වගේ විශ්වාසයක් අපේ අත්තම්මලා අතර තිබුණා.

    කැමතියි

    • හිතාදර ද චින්තක බණ්ඩාරයනි, ඔබ පවසන මතය මෙහි ද විය. මම ද ඒ ගැන විමසීමි. කටුතම්පලා වැනි දැයක් මැල්ලුමක් වශයෙන් නොව ව්‍යංජනයක් වශයෙන් පිසූ විට බඩේ අමාරු එන ගතිය නැති බවත් එය බත නොමැති දවසක සාගිනි නිවීමට පවා කදිම වූ බවත් මෙහි ඇත්තෝ පැවසූ බව මතකයේ ඇත. රාත්‍රියට නොකෑ යුතු මැල්ලුම් වර්ග අලුත්නුවර වැසියන් අතර ද විය. මැල්ලුම් සමග හයිය කට කවන අරගලය හා පලාවක් නැතුව බත් කෑම පවක් සේ කියමින් දරුවන් රවටන්ට ගත් උත්සාහය මගේ මෑණියන් සේම කිරි අම්මාද අනුගමනය කළ උපක්‍රමයක් බව මතකයේ පවතී. රෑට ඇතැම් මැල්ලුම් වර්ග ගැනීම තහනම් වූ අතර එරබදු වැනි මැල්ලුමක් පිසුවේ ද සති දෙකකට පමණ වරකි. මඩු දළු මැල්ලුම හා මඤ්ඤොක්කා කොල මැල්ලුම ද කුඩා අපට නොදීමේ වෑයමක් ද වූ බව ද මතක ඇත්තේය. ඒ අතර ගෙඳ පලා වැනි දෙයක් සෙම්ප්‍රතිශ්‍යා වෙන් සුවය ලැබූ විට උයා දෙන සිරිතක් ද විය. කැඳ වර්ග පිස දීමේදී ද විශේෂ සිරිත් හා අවස්ථාවන් පැවතිනි. මහ කන්නයේ වැසි අවදියේ ද මේ කාලෙට මැල්ලුම් නොකෑවට කමක් නෑ යනුවෙන් පවසා නවතා දැමුණු අවස්ථා ද වූ බව මතකයේ පවතී. අපේ පුරාණ ආහාර රටාව තවදුරටත් හැදෑරීම ඉතා ප්‍රයෝජනවත් වන බව ඔබේ සටහනෙන් වඩා අවධාරණය වීම ඉතා වැදගත්ය.මේ වෙනුවෙන් ද ස්තුතියි හිතවත

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )