යනකොට ගෙනියන්න දෙයක් තියනව ද ?

 

4 thoughts on “යනකොට ගෙනියන්න දෙයක් තියනව ද ?

  1. මෙහි වචන වල අකුරු අඩුවැඩිවීම් රාශායක් ඇති බව පසුතැවෙමින් සටහන් ‍කරන්නෙමි. සානුකම්පිකව සලකා බලනවිට අදහස තොරා ගැනීම අපහසු නොවනු ඇතැයි සිතන්නෙමි.
    විශේෂ වදන් විමසුම ද ගිලිහී ගොසිනි. මෙහි මෙනව හරි ගැහැව්වත් යන්න “මොනවහරිගැහැව්වත” ලෙස තනිවදනක් විය යුතුය. එහි අදහස කොපණ දේ රැස් කළත් යන තේරුම දෙන්නකි. එලෙසම දේවක්කේඩුව යනු දේව උදහස සේ තේරුම් කෙරේ.
    පිල – වාඩිවීමට ගෙදර ඉදිරිපස සකස් කර ඇති ස්ථිර ආසනයයි
    පෙරහර ගෙවදින කං – පෙරහර නිමාවනතුරු

    කැමතියි

  2. සංවාදයට ලක් විය යුතු කාරණා බොහොමයක් මේ සටහනෙන් ඔබ ඉදිරිපත් කර ඇත. ඒත් මානව දයාවෙන් ම ඒවා ගැන ලංකාවේ කතාබහට අවකාශයක් ලැබේවිදැයි සැකයි. පුද්ගල අයිතීන් යනු මොනවා දැයි නිරාකරණයට ඉඩක් නොලැබෙද්දී මානව හිමිකම් ගැන අවබෝධයක් නැත. එවිට මාධ්‍යවේදියෙක් සිය ගිනි තබා ගත්තෙක්ව බේරාගන්නට නොගියා යැයි හිරබාරයට ලක්වන්නට හැකි අවනීති වලට ඉඩක් ලැබේ. දරුවා තමන්ට දාව ඉපදුන පමණින් තමන්ගේ ද? එහෙම යැයි සලකන්නේ නම් දරුවා තමන්ගේ වස්තුවක් බැවින් මරණයට පත් කිරිමට අවසර ලැබෙනවා ද? දරුවා තමන්ට දාව ඉපදුනාට ඒකීය පුද්ගල අයිතීන් වලින් යුතු ස්වාධීන පුද්ගලයෙක් ද? එහෙම නම් තමන්ට පින් පිණිස දරුවා දානය කරන්නට ඉඩක් ලැබෙනවා ද? මෙවැනි ප්‍රශ්න වලට පිළිතුරු සොයාගන්නට පොලු අරගෙන එන අය නැති තැනක සංවාදයක් නොහැකි වීම නිසා එක පැත්තකින් නීති විරෝධීව මහත් සංඛ්‍යාත ගබ්සා කරන අයත් තවත් පැත්තකින් කැමැත්ත අකමැත්ත කියන්නට නොදන්නා බාල වයස්කාර දරුවන් නීත්‍යානුකූලව මහණ කිරීමත් දකින්නට ලැබේ. මේවා සාකච්ඡා පටන් ගත්තේ නැත්නම් මානව දයාවෙන් යුතු වූවන් රට හැර දමා වෙනත් රටවල් වල පදිංචියට යනු ඇත.

    කැමතියි

  3. විශේෂ සටහන්

    1. මොනව හරි ගැහැව්වත් යන්න උදෘතපාඨ ලක්ෂණ යටතේ සටහන් කළයුතුව පැවති මේ ඇත්තන් අතර පැවති ව්‍යවහාරයකි. “මොනවහරිගැහැව්වත්” යනුවෙන් අදහස් කරන ලද්දේ තමන් උපයාගත් ධනය වැය කරමින් භෞතික වශයෙන් තමන් උදෙසා කුමක් කුමණ තරමින් ඉදි කළත් නිෂ්ඵය යන්නය. එය හුදු අන්‍යයන් උදෙසා ඇති වූ ඊර්ෂ්‍යා පරවසව පැවසු දෙයක්ම නොවන බව කතාකරන ස්වරවලින්ද බොහෝ විට ද්වනිත විය.භෞතික සියල්ල අනිත්‍ය හා නිස්සාර බවක් පැවසීම එහි අරුත වුනා විය හැකිය.

    2. දරුවා පූජා කිරීම – මෙහි දී අදහස් කරන ලද්දේ දරුවා භාරදී ආපසු පැමිණීමක් නොවේ. ඉපදී මාසතුනක් පමණ ඇවෑමෙන් දරුවා රැගෙන විහාර මළුවට යන මේ ඇත්තෝ දරුවා චෛත්‍යය බෝධිය සහ විහාර ගෙයි බුදු පිළිමය ඉදිරියේ එහි පාමුල තබා දරුවාට තෙරුවන් ආහීර්වාදය ලබා ගැනීම පිණිස ඉටු කරන චාරිත්‍රයකි. තෙරුවන් සරණින් තම දරුවාට සුවසේ භාග්‍යවන්ත ලෙස වැඩීම පිණිස තෙරුවනනේ බලය යැදීමකි. ඉන් පසුව දේවාල මන්දිර මහ දොරටුව අබියස තබා යදින්නේද දරුවාට දේව පිහිට ලබා දී ආරක්ෂා කර දෙන ලෙසය. ඒ මිස දරුවා භාර දී ආපසු ඒමක් අදහස් නොවේ. දරුවා මහණ වන්නේ නම්, ඒ සඳහා දෙමාපිය අවසරය ලබා දීම වෙනම කෙරෙන්නකි. දෙමාපිය අවසරය ලබා එන තෙක් දරුවන් මහණ කිරීමක් සිදු නොකෙරේ. එය බුදුන් වහන්සේ විසින්ම නියම කරන ලද සිරිතකි. මහණ බවට පත් වූ දරුවකු අතර මගදී සිවුරු හැර ආව ද දෙමාපියෝ දරුවා මග නොහරිති.

    3.”සෑම මළ ගෙයකම පාහේ සතිපට්ඨාන සූත්‍රය හා වෙස්සන්තර ජාතකය මාරුවෙන් මරුවට දක්නට හැකි වූ දසුනකි”. – යනුවෙන් තුන්වන ඡේදයේ සදහන් වාක්‍යය “සෑම මළ ගෙයකම පාහේ සතිපට්ඨාන සූත්‍රය හා වෙස්සන්තර ජාතකය එකිනෙකා මාරුවෙන් මාරුවට කියවනු දක්නට හැකි වූ දසුනකි.” යනුවෙන් නිවැරදි විය යුතුව පවතී. එය වර්තමානයේ උග්ගල් අලුත්නුවර වුවද දක්නට ලැබෙන්නේ කලා තුරකිනි. එම සිරිත මේ වන විට අතුරුදහන්ව යමින් පවතින බව පෙනේ.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )