උභයකුල පාරිශුද්ධ දරුවා

3 thoughts on “උභයකුල පාරිශුද්ධ දරුවා

  1. මගේ අදහස අනුව සාමුහිකව වැඩ කිරීම සහ ඇත්තම යන්න එකෙනෙකට වෙනස් කරුණක්. මගේ තරුණ වියේදී මා(වැලිමඩ දී) සාමුහිකව වැඩ කිරීම මෙන්ම අත්තමේද ගොස් තිබෙනවා.පින්කමක්,මරණයක්,බලියක්,සාත්තුවක් වැනි කරුණකදී ස්වේච්චාවෙන් එකතුව වැඩ කිරීම සාමුහික ක්‍රමයයි.එතැනදී තමන් ශ්‍රමය වැය කරන අන්දමට තමයි තමන්ගේ ගෙදර වෙන කටයුත්තකදී අනි අය ශ්‍රමය වය කරන්නේ.මෙය වෙනස් වන්නේ ශ්‍රමය ලබන්නා අසරණයෙකු හෝ රෝගියෙකු වුන විටදීයි.

    අත්තම යනු හිතවතුන් කිහිප දෙනෙක් (සාමාන්‍යයෙන් 6ක්) එකතුවී එක දිනයකදී එක අයෙකුගේ ඉඩමක වැඩ කිරීමයි.සතියේ දින 6ක් මෙලෙසින් වැඩ කරනවා.එක දිනක් නිවාඩු ගන්නවා. ඉඩම හිමියා කෑම,තේ,බුලත්,බිඩි සැපයිය යුතුය. තමන්ට අත්තම හිමි අයට අනෙක් අය කැමති නම් පමණක් පිටස්තර අයෙකුට අත්තමේ දිනය විකිණිය හැකිය. එවිට අත්තාමේ සාමාජිකයන් ඒ පිටස්තර අයගේ කුඹුරේ හෝ ඉඩමේ එදින වැඩ කල යුතුය.

    කැමතියි

  2. සමරසේකර මහතාණනි,
    වර්තමානයේ උග්ගල් අලුත්නුවර අත්තම ක්‍රියාත්මක වන්නේද ඔබ පෙන්වා දෙන ක්‍රමයට තරමක් සමාන අයුරෙනි. අත්තම විකිණිම යන්න තවම නොහඳුනති. තවත් විශේෂ තාවක් වන්නේ කිසිවකු අත්තමට නොපැමිණියද සෙසු අය ඊට හේතු සොයා බලා සාධාරණ හේතුවක් දුට හොත් නොපැමිණිම නොසලකා හැර ඔහුගේ වඩැ වලදී අත්තමට යාම වර්තමානයේදී ද ක්‍රියාත්මක වන බවය. රොබට් නෝකස්ගේ එදා හෙල දිව පවසන්නේ ඒ අරුතම වෙයි.
    http://www.sinhaladictionary.org – පවසන්නේ ඉහත ආකාරයෙනි . සිංහල විකිපීඩියාවේ කමත යටතේ සෙවූ විට ද හමුවන්නේ ඊට සමාන අරුතකි.

    http://www.dictionary.gov.lk/ හි ඉහත අරුත මෙන්ම. අත්කම අත්තම සේ ගෙන හස්තකර්මාන්තයට ද අත්තම ව්‍යවහාර වන බව දැක්වෙයි. කම්කරුවකු දවසක දී කරන වැඩ කොටස සේද දැක්වෙයි. මධුර ශබ්ද කෝෂයද මිනිස් දවස සේ පෙන්වයි.
    http://www.trilingualdictionary.lk/ හි තවත් අරුත් පෙන්වයි. මේ කිසිවක් වැරදි නොවේ.

    එහෙත් උග්ගල් අලුත්නුවර පැරැන්නන් හා සාකච්ඡාවෙදී පෙන්වා දුන්නේ අතර්ථ සලසා ගැනීම පිණිස සියලු දෙනා සියලු කටයුතු වලදී එක්ව කටයුත් කිරීම අත්තම ලෙසිනි. ඔබ කියන අරුත ගැන කියමින් විමසද්දී පුරාණයේ පැවති බොහෝ පෞද්ගලික දෑ මෙන්ම ඒ සාමූහික කටයුතු සියල්ල ද ඔවුන් හැඳින්වූයේ “අත්තම” යනුවෙනි. අත්තම යනු එකිනෙකාටත් සියලු දෙනාටත් “අර්ථ සලසා” ගැනීම බව ඔවුන් තරයේ පැවසූහ. “සැම එකාටත් එකා සැමටත්” යන අදහස හෙවත් සමූපකාර අරුත එහි විය. ලිපියේ මා විසින් දක්වා ඇත්තේ එම අදහස් පමණි. ලිපිය දිගු වීම වලකා ලනු පිණිස ඉහත විවරණ අඩංගු තොරතුරු ඇතුළු නොකරන ලදී. එය මහත් අඩුවක් බව ඔබේ අදහස් දැක්වීමෙන් තේරුම් ගතිමි. ඔබට නැවත නැවතත් ස්තුතියි සොයුර.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )