අදෘශ්‍යමාන අනභිභවනීය ආණ්ඩුවක් !

තාවකාලිකව හකුලන ලදී

8 thoughts on “අදෘශ්‍යමාන අනභිභවනීය ආණ්ඩුවක් !

  1. පින්ග්කිරීම: අදෘශ්‍යමාන අනභිභවනීය ආණ්ඩුවක් ! | sugv

  2. හොඳ අදහසක් ලියන්න ගන්නා උත්සාහයේ අඩුපාඩු ගොඩක් දකිනවා මේ සටහනේ ..😦

    පෘතුගීසින් ආවාට පස්සෙ “බුද්ධාගම හා භාෂාව ද ජාතිය සමගි කල මහා බලවේගයන් විය,” යන්න නිවැරදි ද? සිංහල අය වෙනත් ආගම් අදහන නිසා එහි දී සිංහල බෞද්ධයන්ට තැන ලැබී අන්‍ය ආගමික සිංහලයන්ට තිබූ තැන පහත් ලෙසින් සැලකෙන්නට පටන් ගැනීමක් සිද්ධ වුනේ නැත් ද? එසේම සිංහලෙන් කතා කරන්නට හැකි බෞද්ධයන්ට තැන ලැබෙද්දී ඉංග්‍රීසියෙන් කතා කරපු බෞද්ධයන්ට ඇති තැන පහත් ලෙසින් සැලකෙන්නට පටන් ගැනීමක් සිද්ධ වුනේ නැත් ද?

    මම රොබට් නොක්ස් ලියූ ඔරිජිනල් එක කියවා ඇත. එදා හෙළදිව කියවා නැහැ. දරුවන් පණ පිටින් වළලා දැමීම ගැන එහි සඳහන්. ඒ දරු උපත් වලින් දෙමාපියන්ට අපල යැයි කියමින් එසේ මරණයට පාත්‍ර වන්නේ දරුවන් වැඩියෙන් ඉන්නා පවුල් වල අන්තිමට ඉපදෙන දරුවන් යැයි ද ඔහු ලියනවා. එය ම්ලේච්ඡ යැයි දැක්කේ ඔහු බටහිරයෙක් වූ පමණක් නිසා ද? එහි දී අපූරු සුන්දර සමාජයක් දැක්කේ නැතැයි කියා නොක්ස්ට වරද කියන්නේ කෙසේ ද?

    අධිරාජ්‍යවාදීන්ගේ වැරදි මහත් සංඛ්‍යාවක් තිබුණා යැයි ඔවුන් පිළිගන්නවා. එහෙත් ලංකා වාසීන් තමන් අනුන්ගේ ගැට වලට හසු වූ අහිංසක සානුකම්පිත ජනතාවක් යැයි කියන්නට යන්නේ නම් ඔවුන් කරන්නේ මහත් බොරුවක් බවයි මගේ ඉතිහාස දැනුම මට කියන්නේ.

    කැමතියි

  3. ස්තුතියි අරුණි සපීරෝ ඔබේ ප්‍රතිචාර මෙන්ම ඔබ අතින් ලියවෙන සෙසු ලිපිද අපේ කල්පනා ලෝකය පුබුදවනවා. පෙන්වා දුන් අඩුපාඩු පිළිබඳව අදහස් පළ කිරීම පිණිස මට ස්වල්ප වේලාවකට අවසර දෙන්න

    කැමතියි

  4. ලිපියේ අඩුපාඩු පෙන්වා දෙමින් ඔබේ පළමු ඡේදය මගින් පෙන්වා දෙන කරුණට අදාලව ය. මා පවසන්නට උත්සාහ කළ දැය ඒ ආකාරයෙන්ම වැටහී යන සේ වැටහෙන පරිදි කියාගන්නට අපොහොසත් වීම නිසා නිසා අතිවී පවතින අඩුවක් යයි සිතන්නෙමි. එහි පැවසෙන දෑ ලංකාවේ “කන්ද උඩරට” යනුවෙන් වෙන්ව තිබූ භූගෝලීය සීමාව සලකමින් හා 1815 දක්වා කාල සීමාව පමණක් සලකා ගනිමින් ලියා ඇති බව අවධාරණය කරන්නට අවසර දෙන්න. මේ සීමාවන් යටතේ සලකන විට “බුද්ධාගම හා භාෂාව ද ජාතිය සමගි කළ මහා බලවේගයන් විය” යනුවෙන් පැවසීම අසාධාරණ යයි නොසිතමි. කෙසේ වුවද හින්දු බලපෑම් දැඩිවන්නට ක්‍රි.ව.1600 පෙර කාලය සම්බන්ධව එය වඩාම සාධාරණ යයි සිතන්නෙමි.

    දෙවන ඡෙදය මගින් පෙන්වන ‍පරිදි රොබට් නොක්ස් ගේ ලේඛන මගින් එම කාලය සම්බන්ධව හැදෑරීම පිණිස ලැබෙන ආලෝකය නොසලකා ඔහුව දැඩි දෝෂ දර්ශනයකට ලක්ව ඇත්තේ නම්, එය මා කර ඇති වරදක් සේ පිළිගැනීමට නිහතමානි වෙමි. මෙරටට ආගන්තුක වූ සංස්කෘතියකින් පැමිණීම, මේ රටේ දී ඔහුගේ නිරීක්ෂණයට හසුවූ සීමාවන්, මුහුණ දුන් වාතාවරණය යටතේ වුව ඔහු ගේ නිරීක්ෂණයන් පුදුම සහගතය. ලංකාවේ ඉතිහාසය සොයන්නාට මහත්සේ ප්‍රයෝනවත්ය .
    ඔහු මේ සමාජය අත්දකිමින් දකිමින් සඳහන් කර ඇති යහපත් ලක්ෂණ සමහරක් මෙසේය.
    1. හදිසියේ ගොඩ බැස්ස තමන්ට හිරිහැරයකින් තොරව නිදැල්ලේයාමට ඉඩ ලැබිණි. පැමිණ දින විස්සක් යද්දි මිතුරන් බවට පත් වැස්සෝ ඉතා කාරුණිකව සැලකූහ.ප්‍රදේශපාලකයාද කාරුණික විය.
    2. තමන්ගේ පැමිණීම රජුට දැන්වීමට පමා වෙද්දී පැමිණි නිලධාරියා තමන්ව අත්අඩංගුවට ගත්තත් සැලකූවේ මේ රටේ ආගන්නතුකයට ලබා දිය හැකි උසස්ම සැලකිල්ලකි. ප්‍රභූවරයකුට ලබා දෙන පහසුකම් සලසා දෙමිනි.
    3. දිසාවේ ඇතුළු පිරිස ද කළහැකි සෑම සත්කාරයක්ම කළහ.
    4. දිසාවේගේ ඉල්ලීමට කන් නොදී නැව පිටත්ව යාමෙන් පසුව ඔහු ආපසු ගියේ ගම්මුන්ට තමන්ව රැක බලාගැනීමට පවරමිනි. ඔවුන්ගෙන්ද ලැබුණේ උසස් සැලකිලිමය
    5. රජුගේ අණසක යටතේ රට මැද්දට යැවුවද ඔවුන්ගේ බඩුභාණ්ඩ ගෙනයාමට සේවකයකු යෙදවීමට කටයුතු සලසා තිබිණි
    6. සොරකම් කරතැයි බිය වුවද අංශුමාත්‍ර හෝ සොරබියක් තමනට ඇති නොවීය. ඔවුහු අපට ඉතා කාරුණික වූහ
    7. ඇති තරම් විවේක ගනිමින් උද්‍යානයකු තුළ යන විනෝද ගමණක් මෙන් යාමට අවස්ථාව සැලසූනි..
    8. කලකට පසුව පසුව කණ්ඩායමේ එකිනෙකා මුණ ගැසීමට අවසර ලැබිණි. ඇඳුම් හිඟයක් මිස කෑම බීම හිඟයක් නොවීය.
    9. නෝක්ස්ගේ අශාව පරිදිම රජුගේ පොල්වත්තේ නිවසක් ඉදිකර ගැනීමට අවසර ලැබිණි. එහි පොල් තමාටම ලබා ගැනීමටත් ඉඩ ලැබිණි
    10. සිංහලයාගේ ජල කළමනාකරණයේ ඉහළ වටිනාකමක් තිබේ.
    11. සිංහලයන් අපට පෙරදිගදී හමු වූ කාරුණිකම පිරිසයි
    12. ඔවුහු කඩිසරය. සුරුබුහුටිය. තමනට අවැසි හැම දෙයක්ම නිපදවා ගැනීමට දනිති.
    13. වහා කෝප නොවෙති. වෛරක්කාරයෝ නොවෙති කෝපයක් ඇතිවුවද වහා සන්සිඳවා ගනිති.
    14. අඬදබර දුර්ලභය. ලේ හැලීමක් සිදුවූයේ නම් ඒ ඉතාම කලාතුරකිනි. පිහිවලින් ඇන ගැනීමක් දක්නට නොවිනි.
    15. සොරකම් නොකරති. එය හෙලා දකිති. මස්මාංශ අනුභවයෙන් වැලකී සිටිති. අලපලා වර්ග ආහාරයට ගනිති. ගෙරිමස් ඉතා පිළිකුලෙන් බැහැර කරති
    16. පිළිවෙත් පිළිපදිමින් කටයුතු කරන අයට ගරු කරති. ඔවුන්ගේ වෙදකම ඉතා වටිනා එකකි. දුප්පතුන්ට බත බුලතින් සංග්‍රහ කරති. අමුත්තනට උස් ආසන මත ආහාර පිළිගන්වති
    17. ඉක්මනටත් පිරිසිදුවටත් ආහාර පිළියෙල කරති. දිනපතා ස්නානය කර පිරිසිදුවෙති. ශරීර කෘත්‍යයෙන් පසුව එම පෙදෙස් සෝදති.
    18. නිකරුණේ ගෙවලට නොයති. මිතුරෙක් තවත් මිතුරකු හමුවීමට යන්නේ තෑගි සහිතවය.
    19. තරුණයෝ සලෙලුන් නොවෙති. වැසියෝ මත්පැන් ගැනීම තදින් පිළිකුල් කරති.

    රොබට් නෝක්ස් මේ රටේ සිරඅඩස්සියට ලක්ව සිටියෙකි. තමන්ට අවශ්‍ය පරිදි ඇවිද විමසා බැලීමට තරම් නිදහසක් නොවීය. එහෙයින්ම වැරදි වටහා ගැනීම් නොවුයේ නම් පුදුමයකි. එවැනි වැරදි තිබේ නම් ඒවා ඔහුට පැටවීම සාධාරණ නොවේ. ඔහු පවසා ඇති පහත දෑ ඔහු විසින් වරදවා තේරුම් ගත් දේවල් බව මගේ අදහසය..
    1. ගංගාවල මසුන් බහුලව ඇත්තේ මසුන් ඇල්ලීමට මේ රටේ මිනිසුන් අදක්ෂ වීම නිසා වියහැකිය. (එළවළු මිස මස්මාංශ ආහාරයට ගැනීම වැසියන්ගේ පුරුද්ද නොවූ බව අමතකව ඇත)
    2. උසම කන්ද සමනළ හෙවත් ඇඩම්ස්පීක්ය. (උසම කන්ද පිදුරුතලාගල බව පෙනී ගොස් නැත.)
    3. සෙංකඩගල නුවර යනුවෙන් ව්‍යවහාරය ඇති වූයේ සිංහලයන්ගේ නුවර වූ නිසා විය හැකිය.
    4. අනුරපුර සිටියේ රජවරුන් 95 කි.
    5. පුත්තලමට නුදුරුව කතරගම පිහිටි බව පැවසීම
    6. චීනයෙන් පැමිණි අයගෙන් ජනාවසවීම ඇරඹි බව පෘතුගීසි ජාතිකයකු ඔහුට පවසා ඇති බව පවසමින් එවැන්නක් නොවිය හැකිය යන නිගමනයට එයි. (මේ රටේ ඉතිහාසය ගැන දැන උගත් පුද්ගලයකුගෙන් තොරතුරු ලැබී නැති බව මෙයින් හෙලි වෙයි.)
    7. මේ රටේ අය යකඩ කර්මාන්තය නොදනිති.
    8. ස්ත්‍රීන්ගේ ඇති විනීත ගති පැවතුම් ඉගෙන ගන ඇත්තේ පෘතුගීසීන් වෙතිනි. යන මතය
    9. මස්මාළු සහිත ආහාර නොගත්තේ රජයෙන් තහනම් කර ඇති බැවින් විය හැකිය.යන මතය.
    10. “දෙවියෝ” සහ “දිව්‍ය ලෝකය” යන වදන් ක්‍රිස්තියානින් වෙතින් ණයට ගත් වදන් බවට දක්වන මතය.
    11. බුදුන් වහන්සේ නිතර බෝගස යට වාඩි වී සිටි අයෙකි.යි පෙන්වා දෙන කරන විස්තරය
    12. බුදුන් වහන්සේ මේ ලෝකය හැරගියේ සමනළ කන්ද මුදුනෙන් බව පැවසීම.

    ඔහු බටහිර සංස්කෘතිය තුළ හැ දී වැඩනෙක් පමණක් නොව සමාජය පිළිබඳව විධිමත් ලෙස හදාරා විශ්ලේෂණයක යෙදීමට තරම් අවස්ථාවක් ලැබුවකු ද නොවීය. ඉහත දැක් වූ උදාහරණ අනුව ඇතැම් දෙයක් වැරදියට වටහාගෙන ඇත්තේද ‍නිගමන ලබා ගෙන ඇත්තේද ඒ හේතු නිසා විය හැකිය. දරුවෙක් ඉපදුන විට ඔහුගේ වෙලාව හොඳ ද ? නරකද ? දරුවා උපතේදී තිබූ ග්‍රහචාරය නිසා සෙසු අයට හොඳක් වේද නරකක් සිදුවේද යනු ශාස්ත්‍රකරුවන් විමසා බැලීම එකල මෙන්ම මෙකල ද ලාංකික සමහරකුගේ සිරිතකි. එහිදී “නරක” යයි තීරණය වුවහොත් දරුවා හදා ගැනීම පිණිස වෙන අයකුට දීම හෝ පිටස්තර අයට ද “නරක” බව පැවසුනි නම් නම් පන්සලකට පූජා කිරීම වැනි සිරිත් ඇතැමුන් තුළ මෑතදීද දක්නට ලැබිණී. ඒ මිස දුෂ්කරතා නිසා දරුවන් මරා දැමීම “සාමාන්‍ය සිරිතක්” බවට පත්ව තිබුණ බවට තොරතුරු ජනශ්‍රැතියේ හෝ නොලැබේ. සමාජයේ පිළිගත් චාරිත්‍ර වල එවැන්නක් තිබී ඇති බවට වෙනත් සාධක නැත.
    “යක්කුන් උපදිතැ”යි විශ්වාසයක් මෑත කාලයේදී ද ඇතැම් ගැමියකු තුළ තිබිණි. (මෙහිදී යකා යනුවෙන් අදහස් කළේ විරූපී අංග විකල දරුවන් විය හැකිය ) මා අසා ඇති කතාවන් තූළ එවැනි “යකුන්” හැමවිටම විට ඉපදී ඇති බව පැවසෙන්නේ මිය ගිය අය වශයෙනි. සෑම ගමෙකම පාහේ “අහවලාට ඉපදුනේ යකෙක්.! කැරකිලා පිටට ආපු දත් දෙකකුත් තිබුණා.!! ඇඟ පුරාම මයිල්.!!! බැරිවෙලාවත් පණ තිබුණ නං සේරම විනාසයි”!!!! වැනි දෑ ඇතැම් විටක මා අසා ඇතත් එවැනි යකෙක් ඉපදීම නිසා මරා දැමූ කතාවන් හමු වී නැත. රොබට් නෝක්ස් දැක ඇතියයි ඔබ දක්වන විස්තරය මා කියවූ එදා හෙළදිව පරිවර්තන කෘතියේද ඇත. කවර හේතුවක් නිසාවත් කුහුඹුවකු වත් මරා දැමීම බුදු දහම අනුමත නොකරයි. එවැන්නක් නෝක්ස්ට දක්නට ලැබුණ ද එය පිළිගත් සිරිතක් ව බුදු දහම ඇදහූවන් තුළ තිබුණ බවක් නොක්ස් පවා විස්තර කර ඇති බවට තොරතුරුක් නොමැත.

    1958 ගුණසේන සමාගමේ ප්‍රකාශනයක් ලෙස ඩේවිඩ් කරුණාරත්නයන්ගේ පරවර්තනයක් ලෙස එළි දැක ඇති “එදා හෙළදිව” මෙහිදී මා පරිශීලනය කළ ග්‍රන්ථයයි. එහි 13 පිටුව සිට 19 පිටුව දක්වා ඇත්තේ ඔවුන් පැමිණි අලුත ලැබූ අත්දැකීම් සම්බන්ධ විස්තරයකි. රොබට් නෝක්ස් ඇතුළු පිරිස අනවසරයෙන් ගොඩ බැස නිදැල්ලේ සැරිසරමින් දින විස්සක් පමණ ගත වුවද රජුට දන්වා යැවීම හෝ පමා වූ බව නිහතමානීව විස්තර කරමින් ඒ කාලයතුළ ගම්වැසියන්ගෙන් ලැබූ කාරණික සැලකිලි ගැන ද පවසයි. අත්අඩංගුවට පත් වූ පසුවද ඔවුන් ලැබූ සැලකිලි හා සත්කාරවල අඩුවක් නොපවසයි. එහෙත් අවසානයේ තමන්ට ඒ වනචාරී ම්ලේච්ඡයන්ගේ අනුකම්පාවට භාජනය වී මෙහිම රැ‍ඳෙන්නට වූ බවක් පවසයි. (අනුවාදකයා අධෝ ලිපියකින් දක්වා ඇත්තේ මේ අවස්ථාවේ සඳහන් වූ වදන Barbarians ලෙස සටහන්ව ඇති බවය.)
    අපූරු සුන්දර සමාජයක් ඔහු නුදුටු බවක්, මේ ලිපිය කියවන අය තුළ ඇති කිරීමට වෑයමක් මා විසින් ගෙන ඇති බවක් කියවන්නාට හැඟි යයි නම් එය මා අතින් සිදුව ඇති බලවත් වරදක් බව නැවතත් අවධාරණය කරමි. එම කෘතියේ බොහෝ තන්හි රොබට් නෝක්ස් විස්තර කර ඇත්තේ ඔහුට විඳින්න ලැබුණ මිනිසත් බවේ ආශ්වාදයයි. රොබට් නෝක්ස් ද කිතුනු බැතිය හද පුරවාගත් වටිනා අයෙකු සේ වැසියන්ගෙන් සැලකුම් බව ද ඔහුගේ ලේඛනය කියවන්නකුට පෙනී යයි. මේ පිළිතුරුදැක්විම විවාදයක් උදෙසා නොව සාකච්ඡාවක් සඳහා පමණක් බව සලකනු ලැබේවා !

    කැමතියි

  5. පින්ග්කිරීම: අදෘශ්‍යමාන අනභිභවනීය ආණ්ඩුවක් ! | sugv

    • මේ අදෘශ්‍ය මාන ආණ්ඩවේ සක්‍රිය වීම “මීරිය බැද්ද නාය” යාමේදීත් දක්නට හැකි වුනා. ගෙන එන ලද බඩු දෙන්න විදිහක් නැතිව, ගෙනා අයට ආපසු ගෙන යන්නත් බැරිව අසරණ වුනු අවස්ථාවක් දක්නට ලැබුණා. එක් ලොරි රථයක සිටි අය එහි ගොස් ආපසු අවේ ළඟක වැඩිහිටි නිවාසයක්වත් නැද්දැයි අසමින් කෝපයෙන් !

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )