ඉංග්‍රීසි සමයේ උග්ගල් අලුත්නුවර

8 thoughts on “ඉංග්‍රීසි සමයේ උග්ගල් අලුත්නුවර

  1. පාදක සටහන් වල පැවසෙන “සුදු දිසාපතිවරුන් දුටු සබරගමුව” යන්න පහත දැක්වෙන සේ නිවැරදි වියයුතුය
    සුදු දිසාපතිවරුන් දුටු අසිරිමත් සබරගමුව -සිසිර මලලසේකර පරිවර්තනය-තාරක ප්‍රකාශකයෝ 2006

    කැමතියි

  2. ඉංග්‍රීසින් මහා අධිරාජ්‍යයක් අල්ලා ගනිද්දී යටත් කරගත් රටවල මිනිසුන්ව දැක්කේ අධිරාජ්‍යයට වහල්කම් කළ යුතු අය හැටියට. ඔවුන් ද සිතුම් පැතුම් වලින් යුතු මිනිසුන් ඒත් ඒ සිතුම් පැතුම් විකාසනය වී තිබුනේ වෙනත් සංස්කෘතිමය ලෙසකට යැයි වටහා ගන්න හැකියාවක් එවක ලෝකයේ අධිරාජ්‍ය හැදූ කිසිම ජාතියකට තිබුනේ නැහැ. අන්තිමේ දී ඇමෙරිකන් සුද්දා යනු බ්‍රිතාන්‍ය සුද්දන් හා යුරෝපීයයන් මිශ්‍රණයක් වුනාට වෙනස් සිතුම් පැතුම් ඇතැයි දකින්නට නොහැකිවීම නිසයි ඇමෙරිකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට එරෙහිව අවි ගත්තෙ.

    තවමත් තියෙනවා ඒ හැදියාව. බලවතා තමන්ගේ උත්කෘෂ්ටයන් අනුව දුර්වලයාව වෙනස් කරන්නට යෑම. එකින් එක අරගෙන ඒවායේ හොඳ නරක ප්‍රතිඵල පෙන්වා දී වෙනස් වීමේ නොවීමේ තීරණ වලට ඉඩ නොදීම. එහෙම මුලින් ම ඉඩක් ලෝකයේ ලැබිච්ච එකම රට වූ ඇමෙරිකාවටත් නූතනයේ දී එය අමතක වී ගිහින් 😦

    කැමතියි

    • ඇත්ත. එය පුදුම සහගතයි. ඔබේ නිගමනයට එනඟවිය යුතුව ඇත. ලංකාව වගේ යටත් කරගත් රටවල මානසික වහල් බව නිසා ඇතිවුනු ගැති බව යයි සිතිය හැකිවුනත් ඇමරිකානු ඉතිහාසය හදාරන විට නූතනයේදී ඇමරිකාවට එසේ වූයේ ඇයි දැයි සෙවීම වැදගත් වන්නකි.

      කැමතියි

      • නූතන ඇමෙරිකාවට බහුතර වශයෙන් යටත්විජිත රටවල් වලින් එන වහල්බව නිසා ඇතිවුනු ගැති බව හුරු වූ සංක්‍රමණිකයන් හදන දරුවන් නිසා වැඩි ජනගහණයක් එකතු වෙනවා. 1960 ගණන් වල දී හිමිහිට පටන් ගෙන 80 ගණන් වල දී සීඝ්‍රගාමීව පැතිර ගිය ඉතිහාසය වෙනස් කරලා කියා දෙන සමාජවාදී හැඩගැසීම මහජන පාසැල් වලින් සිද්ධ වූ නිසාත්, මේ සංක්‍රමණිකයන් බහුතරයක් රට ගැන ඉගෙන ගත්තේ ඒ මහජන පාසැල් වලින්. ඒ නිසාම ඔවුන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය සහ ඇමෙරිකන් විප්ලවය අතර වෙනස හඳුනාගන්නේ ද නැහැ.

        කැමතියි

  3. Sugv,
    විහාර දේවාලගම් පනත කියන්නේ මොකක්ද?
    එහි අඩංගුවනුයේ ලංකාවේ එකල පැවති එක් එක් විහාරස්ථාන සහ දේවාල වල රාජකාරි ගැන විස්තරයක්ද?
    නැතහොත් සියල්ලටම පොදු ලක්ෂණ ඇතුලත් කර තැනු විස්තරයක්ද?
    මේ ගැන මෙලෝ දෙයක් නොදන්නා නිසාම අසමි

    කැමතියි

    • ඔබ අසන ප්‍රශ්නය ඉතාම වැදගත් එකක්. පිළිතුර බොහොම දිග එකක් ‍වන බැවින් වෙනමම ලිවිය යුතු ව ඇත. 1833 කෝලබෲක් ප්‍රතිසංස්කරණ ගැන දැනට උගන්වන්නෙ පාර්ලිමේන්තු ක්‍රමය විකාශනය වීමට මග පෑදූ අවස්ථාවක් හැටියට විතරයි. මේ ප්‍රතිසංස්කරණ වලින් පස්සෙ ඇති කරන්නට වූ වෙනස්කම් නිසා අපේ උරුමයන් විනාශයට පත්වූ ආකාරය ගැන ඉතිහාසඳයන්ගේ අවධානය යොමු වෙන්න ඕනනේද? තවමත් ඒ ගැන යොමු වී ඇති අවධානය මදියි. අපේ උරුමය මොකද්ද කියල දරුවන්ටවත් හරිහැටි තේරුම් ගන්වන්න සලස්වන්න ඉතිහාසඥයන් අවධානය දී කටයුතු සලස්වනවා නම් ලොකු පිනක් කර ගනීවි.ය විහාර දේවාලගම් පනත කියන්නේ අපේ ඓතිහාසික විහාර සහ ඓතිහාසික දේවාල සතුව තිබූ ඉඩම් ඉංග්‍රීසීන්ට අයිතියයි සැලකූ ලංකා බිමෙන් වෙන් කරගන්න හදා සම්මත කළ පනත් විශේෂයක්. මේ හින්ද දළදා මාලිගාවේ සිට සෑම ඓතිහාසික ස්ථානයකටම වගේම එම වටිනා සම්ප්‍රදායයටද විශාල ගැටළු ඇති වී තිබෙනවා. ඔවුන්ගේ කෝපි හා තේවගාවන්ට යටවුනේ මේ විදිහට විවිධ පනත් මගින් මගින් අයිතිකරගත් ඉඩම්. මේ නිසා ඉඩම් අහිමි ජනතාවක් උඩරට බිහිවුනා. කුඩා නිම්නවලට කොටුවී ඉඩම්තදබදයෙන් යුතුව අදත් උඩරට මිනිස්සු බොහොමයක් දුකසේ කල් ගෙවමින් සිටිනවා. ඉග්‍රීසීන්ගෙ වතුවල කුලියට වැඩකරන්න සිංහල මිනිස්සු ආවෙ නෑ. ඒ නිසා “අලිමදිවට හරක් කිව්වා වගෙ” දකුණු ඉන්දියාවෙන් දුප්පත් දෙමළ ජනයා දහස්ගණනින් ගෙන්වා අන්ත දුක්ඛිත විදිහට ලැයිම්වල පදිංචි කරවූ ආකාර බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය මහනා සමිඳුන් ලියා ඇති සටහන්වල තිබෙනවා. විවේක තිබෙනවා නම් මෙහිම ඇති “මහපොලවේ දරුවෝ” ලිපි පෙල කියවන්න. නායක මාහිමියන්ගේ ලිපිය ඒ ලිපිවල උපුටා දක්වා ඇති. පසුව තව විස්තර ලියන්නට උත්සාහ ගන්නම්. මෙහෙම විමසුවාට ඔබට ගොඩක් ස්තුතියි.

      කැමතියි

  4. පින්ග්කිරීම: චන්ඩි ඇවිත් අපේ ඇත්තන්ට බොහොම හිරිහැර කළා | sugv

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )