හා! හා! කටවරද්දාගන්න එපා -ඓතිහාසික අලුත් සහල් මංගල්‍යය 3

Advertisements

8 thoughts on “හා! හා! කටවරද්දාගන්න එපා -ඓතිහාසික අලුත් සහල් මංගල්‍යය 3

  1. තවත් අනගි විස්තරයක්.

    ඇමෙරිකන් බේස්බෝල් ක්‍රීඩාවේ දී “කට වරද්දා ගන්න එපා” වැනි සිරිතක් තියෙනවා. කිසිවකුට පන්දුවට ගහන්න ඉඩක් නොලැබී බෝල යැවීම no-hitter නොහොත් shutout වැනි නම් වලින් හැඳින්වෙන්නෙ. එවැනි අවස්ථාවක් පටන් ගෙන බව දැක්කාම කිසිම කෙනෙක් පන්දුව යවන්නා සමඟ කතාබහ කරන්නෙ නැහැ. බොහෝ විට ඔහු තනිවම පැත්තකට වෙලා අසුන් ගෙන ද ඉන්නවා. සාමාන්‍යයෙන් ක්‍රීඩාංගනයේ අයත්, ක්‍රීඩාව වාර්තා කරන උදවියත් එය යන අවස්ථාවේ දී ඒ ගැන සඳහන් කිරීමෙන් වැළකී සිටින ආකාරයක් ද දකින්නට ලැබෙනවා, ඒ සඳහනක් කළොත් “කට වරද්දා ගෙන” එම වාසනා කාලය අහිමි වේ යැයි කියා. දෙවියන් සම්බන්ධයක් නැහැ.

    මෙවැනි කෘෂිකර්මය හා සමඟින් එන චාරිත්‍ර බොහෝ රටවල් වල ඉතිහාසයෙන් සොයාගත හැකියි. සමහර රටවල් අනෙක් රටවල් වලට වඩා වේගයෙන් කාර්මික වූ නිසා ඒ ගැන දැනුම මිනිසාට අඩුයි.

    කැමතියි

  2. ඉතාමත් රසබර ලිපියක්. අම්මඩුව ප්‍ර දේශයේ ජනතාව සතු සත් ගුණ ගැන මටත් අත්දැකීම් විඳගන්න ලැබුනා. මම 1991 සිට වසර 6 ක් පමණ වැලිගෙපොල උපදිසාපති වරයා ලෙස සේවය කරද්දී අම්මඩුව දේවාලයේ කටයුතු වලට සම්බන්ධ වෙන්න ඉඩ ලැබුණා පමණක් නොවෙයි, වරක් එහි බස්නායක නිළමේ වූයෙත් මගේ ග්‍රාම නිලධාරී වරයෙක්. ඔවුහු ඉතාමත් අව්‍යාජ ගැමියන්. ලිපියේ සඳහන් වන කටයුතු කළමණාකරණයේ ඔවුහු සතු පරිචය අනාදිමත් කලක පටන් මෙරට පැවති දෙයක් බවයි මගේ අදහස. දුටු ගැමුණු මහ රජු මහ සෑය කරවද්දී “නොමිලේ කිසිවක් බැහැ“ යන ප්‍රතිපත්තිය අනුගමනය කළ බවත්, සෑය කිරීමේ කර්මාන්තයේ නිරත වූවන් සඳහා ගෙවීමට සතර වාහල්කඩ වල වස්ත්‍ර, පරිහාර ද්‍රව්‍ය, සුවඳ විට ආදිය තබා වැඩ කළ පමණට රිසි සේ ගනිත්වා යයි පණවා නොමිලේ යමක් කෙරෙන්නේ දැයි සුපරික්ෂාකාරී වීමට නිලධරයන් පත් කොට සිටි බවත්, වරක් එක් සාමනේර නමක් මහ සෑයට ගඩොල් තබනවා දැක නිලදරුවන් එය රජුට සැල කළ බවත් රජු එයට සරිලන සේ පිරිකර සකසා සාමනෙරයන් වහන්සේ වෙත යැවූ බවත් ඓතිහාසික මූලාශ්‍ර වල දැක්වෙනවා. මෙසේ වැඩ කළ පමණට සරිලන සේ රැගෙන යාමට වස්තුව තැබීම අද අපට අරුමයක් සේ පෙනුනද, එයින් ශේෂ වූ පුරුදු අද වුවත් දැක ගැනීමට ඇතැම් විට අපට අවකාශ ලැබෙනවා. උදාහරණයක් දක්වතොත් මම ඇතැම් විටෙක ත්‍රීරෝද රථයකින් නිවසට ගොස් මගේ ගාස්තුව කීයදැයි විමසූ විට “ ඔය කීයක් හරි දෙන්ඩ සර්“ යයි පවසන මා නාඳුනන රියදුරන්ද කලාතුරෙකින් මුණ ගැසෙනවා. එහිදී පුරුදු පරිදි මා ගෙවන මිලට වැඩි මිලක් ගෙවීමට මා නිතැතින් පෙළඹෙනවා. මා ඔහුගෙන් ලද සේවයට සරිලන සේ ගෙවීම මා සතු යුතුකමක්. මෙම පුරුද්ද සමාජගතව තිබූ යුගයෙක කිසිදු ඇණවීමකින් තොරව තමා වැඩ කළ පමණට සීමාවන පරිදි මිල රැගෙන යාම අරුමයක් විය නොහැකි බවයි මගේ හැඟීම.

    කැමතියි

    • ඔබතුමාට ස්තුතියි ප්‍රාදේහීය මහලෙකම් විජේබන්ධු මහතාණන. මා හිතන්නේ ඔබතුමා වැලිගෙපල සිටින අවදියේ මාත් රජයේ සේවයේ යෙදුන කෙනෙක්. ඔබතුමා පිළිබඳව එම සේවා ලාබී ජනතාව අතර තිබූ ගෞරවය මුසු පැහැදීම මට මතකයි. මේ ලිපිය ගැන දැක්වූ අදහස් ඉතාමත්ම වටිනවා. ඔබතුමාට නැවතත් ස්තුතියි

      කැමතියි

  3. පින්ග්කිරීම: අලුත් සහල් මංගල්‍යය | sugv

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )