සොරකමක් කළා ඒත් පින් කරන්න නොවැ

8 thoughts on “සොරකමක් කළා ඒත් පින් කරන්න නොවැ

  1. බොල්තුඹේ දේවාලේ කිව්වේ සුමන සමන් දේවාලය නේද ?? දේවාලේ බස්නායක නිළමේ තාමත් මිගාර ජයසුන්දර මහත්තයාද ??
    …
    …මටත් ලොකු උවමනාවක් තියෙනවා උග්ගල් අලුත් නුවර දේවාලේ, හොරගුණේ දේවාලේ බලන්න එන්න. ඉඩක් ලැබුණු ගමන් එන්න තමා hithaagena ඉන්නේ

    කැමතියි

    • බොල්තුඹේ සුමණ සමන් දේවාලය බව හැබෑවකි. මගේ ප්‍රමාද දෝෂයක් නිසා එය සටහන් වී නැහැ. පෙන්වා දීම වෙනුවෙන් ස්තුතියි. එමෙන්ම අම්මඩුව හා අලුත්නුවර යන ස්ථාන දෙකේ ඇත්තේ කුඩා කතරගම දේවාල සේ සටහන් වියයුතුව තිබෙනවා. හැකි අවස්ථාවක මේ ස්ථාන දෙකටත් පැමිණ බලන්න ස්තුතියි. ඔව් බොල්තුඹේ සුමණ සමන් දේවාලයේ ගරු බස්නායක නිළමේ ධුරය දරන්නේ මිගාර ජයසුන්දර නිළමේතුමා මය.

      කැමතියි

  2. ස්තූතියි මේ පෙර සිරිත හැදිච්ච හැටි ලිව්වට.

    මම ලංකාවේ ටික කලක් සේවය කරපු පුද්ගලික කොම්පැණියක වාර්තාවක් සකස් කරන්නට පැවරුනා. එහි දී කොළඹට බඩු අරගෙන එන තැනැත්තා මඟ දී තැන් කිහිපයක ඒවා බෙදල සල්ලි තමන්ගෙ සාක්කුවට දාගන්න බව මට අහුවුනා. වාර්තාව මගේ බොස්ට දුන්නම එයා හිනාවෙලා කිව්වෙ “ඒකනෙ අපි … ගේ පඩි වැඩි කරන්නෙ නැත්තෙ,” කියලයි. එයාව අස්කළේ නැහැ. දන්න හොරා නොදන්න හොරාට වඩා හොඳ නිසා කියල බොස් කිව්වෙ!!!!!

    කැමතියි

    • ඇත්ත සම්පූර්ණයෙන්ම ඇත්ත. දන්න යකා නොදන්න දෙවියන්ට වඩා හොඳා කියන්නෙත් එයම නේද ? ඉන්න යකා එන දෙවියන්ට වඩා හොඳා කියල විදුහල්පති මාරුවක් ගැන විරෝදය දක්වපු කෙනෙකු ඔසවා ගෙන සිටින දසුනක් මෑතදී මටත් දක්නට ලැබුණා. දයාබර අරුණි සපිරෝ ඔබ මටමහත් දිරියකි. අනුර මනතුංග මහාචාර්ය තුමා මට සම්බන්ධ කරගන්න හැකිවුනා. ඔතුමා ගෙ කෘතියේ පිටපතක් කොළම පැමිණි විටක දෙන්නත් පොරොන්දු වුනා. ඔබ මා ගැන හැඳින්වුවාට ගොඩක් ස්තුතියි.

      කැමතියි

  3. අපූරුයි. ඇත්තටම ජනශ්‍රැති අධ්‍යයනය මටත් පුදුමාකාර සංතුෂ්ටියක් ගෙන එන වැඩක්. කාලයක් ඒ වෙනුවෙන්ම් වෙහෙස වූවා. දැන් කාලාතුරකින් සයිබරයේ ලියැවෙන මෙවැනි විස්තරයක් කියවා සතුටු වනවා. ස්තූතියි.

    කැමතියි

    • ඔබ ලියා ඇති ලිපි නැවත නැවතත් කියවීමට වටිනවා. වරින් වර ඒවා මා කියවන්නේ ආසාවෙනි. හැකි අවස්ථාවක නැවතත් සොයා ලියන්න මහතාණනි. එය ජාතියට වටිනවා. ලංකාවේ ජනශ්‍රෑති අධ්‍යයන ක්ෂේත්‍රයේ තවදුරටත් පර්යේෂණ අවශ්‍යයි නේද ? මෙතෙක් කල්ම අහක දා තිබුණා වැනි වටිනා මූලාශ්‍ර විශේෂයක් වගේ පෙනි යන්නෙ. ඒ නිසා ඔබේ අවධානය නැවතත් යොමුවේනම් එවැනි පර්යේෂණවල යෙදෙන්නන්ට මහඟු අත්වැලක් වේවි ස්තුතියි රතුරජට

      කැමතියි

  4. මෙහි සාකච්ඡා මණඩපයේ පළමු සේයාරුවේ වමේ සිට හතරවැන්නාගේ නම සඳහන්ව නැත. ඔහු හුණුවල විදානේ(සාම්ප්‍රදායික නිලයකි) තනතුර දරන ටී.එල්. ප්‍රේමරත්න මහත්මා ලෙස සටහන් වියයුතු වුවද අතපසුවීමකින් මගහැරී ඇත.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )