උග්ගල් අලුත්නුවර ඇති “හටන්පල“

4 thoughts on “උග්ගල් අලුත්නුවර ඇති “හටන්පල“

  1. මේ ආටිකල් එක අප්ලෝඩ් කරන අවදිය වනවිට පරිගණකය වගේම අන්තර්ජාලය සම්බන්ධවත් මට තිබුණේ ලාබාල දැනුමක් කසුන් ඒ නිසා පාඨකයන් යොමුවීම අඩුවුනා වෙන්න ඇති. අනෙක් අතට බ්ලොග් එකකට ගැලපෙන ලෙස ලිවීමේ හුරුවත් ඒ දිනවල පුහුණු වී තිබුණේ නැහැ. ඔබවැනි කෙනෙකු පැමිණ සටහනක් තබා දිරිගැන්වීම වෙනුවෙන් දහස්වාරයක් ස්තුති යි.
    තවමත් මේ ශිල්පීන්ඒ අතරින් මේ ඡායාරූපවල සිටින අය ජීවත්ව සිටිනවා. මරණයට පත්වූ බව සැල වූ සැනින් ඒ බව අදාල වීඩියෝ සටහන් තුළ දක්වා ඇති. මා දකින විට හමු වූ පිලිස්සුම් වෙදකම ගැන නිපුණතාව ලැබසිටි මෑණියන් මෑතදී අභාවයටපත්වුනා. අනෙක් අය තවම සිටිනමුත් ඒ ශිල්පීය ක්‍රමය දියුණුකිරීමට අවශ්‍ය පහසුකම් සැලැස්වීම අඩු නිසා ජීවත සාරව් වී නැහැ. යකඩ නිපදවීම 1905 න් පසුව අභාවයට ගොස් ඇතිබැවින් දැන් යකඩ ලබාගන්නේ ආනයනය කරන ඒවා මගින්. ඒ අතරම ඔවුනට අවශ්‍ය අඟුරු වර්ග සකස් කර ගැනීමට රජයෙන් බාධා එල්ලවීම නිදහස ලැබුවායින් පසුව වුවද නැවති නැහැ. ඒ නිසා තව කොතෙක් කල් මේ වටිනා ශිල්පක්‍රම පවතීද යනු සිතීම අපහසුයි කසුන්. ඔය තමයි අපේ රටේ ලොකුම අවාසනාව. අප අපවම නැතිකරගන්නා ජාතියක් ද මන්දා. ඔබේ දිරිගැන්වීම වෙනුවෙන් නැවතත් ස්තුතියි

    කැමතියි

      • කසුන් මා දැන් සිටින්නේ ඇමරිකාවෙ ලංකාවට පැමිණි විට හමු වෙමු. එතෙක් ඔබට හැකිනම් අදාල ගම්මානයට ගොස් ලුවිස්හාමි මහතා සහ ඔහුගේ පුතා චමින්ද යන අය හමුවන්න. මා ගැනද පවසන්න. අමතරව කැලණි සරසවියෙන් අවුට්වුන නිල්මිණි ඔය ගමේමයි එයා සහ එයාගෙ සොයුරනුත් අවශ්‍ය හැම සහායයක්ම දේවි. ඔබට කිසියම් ලෙසකින් යන්න ලැබුණොත් ඔය කිව් පිරිස හමුවන්න. ඔය ලිපියටම අදාලව ඇති අනෙක් ලිපි සහ ඩේටා ගැටළුවක් නොවේනම් අදාල යූටියුබ් චැනල් එකට ගොස් විමසා බලන්න. ඒ අය මහා විශ්මය ජනක දැනුමක් ඇති මිනිස්සු. ආචාරය ජුලී (එංගලන්තය) 1990 සිට මේ අය වෙතින් ලංකාවේ ඔය ප්‍රදේශය ආශ්‍රිතව ලැබෙන යපස් මගින් ලංකාවේ පැරණි ක්‍රමයට යකඩ නිපදවන විදිහ ඉගෙ ගත්තා එය අත්හදා බැලුවා. ඒ නිසා ඒ අය උගන්වන්නට ලෑස්ති බව පෙනෙනවා.
        ඔවුන්ව විවිධ අය රැවටුවා. ඒ අවදියේ ජුලී මහත්මිය විසින් කළ බලපෑම මත රජයේ සහායෙන් අඟුරු සකස් කිරීමට බලය ලැබී තිබුණ බවත් එය ඉගෙනගත් පසුව එම බලපත්‍රය අහෝිසි කර ඇති බවත් ලුවිස්හාමි මහතා ඒ අවදියේ මාසමග පැවසුවා. ඒත් මට ඒක කරදෙන්න බැරිවුනා. අපේ විශ්ව විද්‍යාල මේ අය සම්පත් පුද්ගලයන් විදිහට එකතු කරගෙන පර්යේෂණ වලට එනව නම් මොනතරම් වාසනාවක්ද ඒත් ඒ ගැන කැපවීමෙන් කටයුතු කරන ලාංකික උගතුන් දැන් හිඟයි කසුන්. ඔවුන් පර්යේෂණ සඳහා ලබාගන්න මුදල් යන්තම් වැය කර නිබන්ධනයක් ලියා උපාධිය ගැනීමෙන් පසුව සියල්ල නිම වෙනවා විය හැකියි. හටන්පල මිනිසුන්ගේ ජනජීවිතයත් ජීවනතත්ත්වයත් තාක්ෂනයත් එතනම නැවතිලා. අඩු ගානෙ එහාට තනිකලා විදුලිය හරි ලැබුණෙත් 1990 දශකයෙත් අග හරියෙ. ලංකාවට පැමිණි පසුව මා හමුවිය හැකියි. මගේ ඊමේල් එත mppgguna@gmail.com

        කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )