උග්ගල් අලුත්නුවර ඇත්තන්නේ විත්ති 1

බෙරපලන පදේ වාදනය කළ ශිල්පියා

මේ අපූරු පුවත කියන ලද්දේ උග්ගල් අලුත්නුවර කලායතනයේ  අතීත තොරතුරු සොයා ගිය ගමනෙදි හමු වූ දැන මුත්තකු විසිනි.  බෙර පලන පදේ ගැන විස්කතර මෙහි මැද දී හුමවෙයි.  දැන මුත්තාගේම වදන් වලින් මේ තොරතුරු දැක්වෙයි.

කලායතනය ගොඩනැගුන හැටි

Mr.N.K.Nandorisඒ කාලෙකට ඉස්සර. ඒ කියන්නෙ 1935 විතර. අපට උඩරට නැටුම් පුහුණු වෙන්නත් උඩරට බෙර වාදනය පුහුණු වෙන්නත් කියල උග්ගල් අලුත්නුවර කලායතනයක් දැම්මෙ ඒ කාලේ හිටපු බස්නායක නිළමේතුමා විසින්. එතුමාගේ නම සිඩ්නි එල්ලාවල. උන්නාන්සෙ අපේ ගමේ සියලු දෙනාටම බොහොම කරුණාවෙන් ආදරෙන් සලකපු උත්තමයෙක්.

අපේ දුරුවලකං වල දී සැරවැර  වුනාට, බොහොම කරුණාවෙන් අපට දියුණු වෙන්න අත දුන්න . එයා ගැන මගේ වයසෙ ඉන්න, මේ ගමේ ඕන කෙනෙක් ගෙන් අහල බලන්න කො.

පට්ටියවත්තේ සුරඹා ගුරුන්නාන්සෙ තමයි උඩරට බෙරේ ගහන්න  ගැන්නුවෙ. එයා

මහනුවර.  නිත්තවෙල ගුණයා, කිරිගණිතා, පනීභාරත වගේ ලංකාවෙ ප්‍රසිද්ධම නැට්ටුවො තමයි නැටුම් කියා දීපු ගුරුවරු. ඒ උත්තමයො අපිට උගන්නල  පස්සෙ හරිහරියට අපිත් එක්කම නැටුව. ඒ කාලෙ ජිනදාස මහත්තය තමයි හොඳම නැට්ටුව උනේ. බෙර ගහන්න මාත් එක්ක වෙන කවුරුත් හිටියෙ නෑ. ඒ කාලෙ  බෙරවාදන තරගයක් පැල්මඩුල්ලෙ තිබුණ ගාන්ධර්ව සභාවෙ ප්‍රධානියා වුනේ දංගොමුවෙ උන්නැහැ. අපේ සිඩ්නි එල්ලාවල බණ්ඩහමුදුරුවොත් ඒකෙ සාමාජිකයෙක්. උන්නැහැල දෙන්න ගජ යාළුවෝ.

බෙරවාදන තරගයක්

පැල්මඩුල්ලෙ තියන උඩරට බෙරවාදන තරගෙට එන්ඩ කියල බණ්ඩහමුදුරුවො මටත් කිව්ව. ඉතින් මාත් ගියා. නුවරින් වගේ ම රත්නපුරෙනුත් තවත් බොහොම තැන් වලිනුත් වාදකයො ඇවිදිල්ල හිටිය. පට්ටියවත්තෙ සුරඹ ගුරුන්නාන්සෙ මගේත් ගුරුතුමා. එයා අපේ දස්ස කම් බලල හොඳ නරක කියන්න හිටිය. ඒ දවසෙ නිත්තවෙල ගුණය. කිරිගණිත වගේ බොහොම ප්‍රසිද්ධ ගුරුන්නාන්සේ ලා කවුරුත්  ඇවිත් හිටිය. අපි තරගෙට බෙර ගැහැව්ව.

එකෙකුට එකෙක්  පරිදින් නැතුව මාත් එක්ක කරට කර තුන් දෙනෙක් හිටිය . හොඳම දස්සය තෝරගන්න බැරුව අන්තිමේ දි දංගොමුවෙ උන්නැහැ පුළුවන්නම් බෙරය පලාගන් නැතුව මම කියන මේ පදේ දිගටම ගහපල්ල මුලින්ම බෙරේ පලාගත්තු කෙනා  තුන් වෙනිය . ඊ ළඟට පලන කෙනා දෙවෙනිය. දිටම ගහපු කෙනා තමයි පලවෙනිය කියල පදයක් කිව්ව.

මේන්න එදා දංගොමුවෙ උන්නැහැ හිටිගමන් කිව්ව බෙර පදේ

 

“එගොඩත් බුරුත බුරුතං – මෙගොඩත් බුරුත බුරුතං – දෙගොඩ දෙබුරුතං

ගෝනා ටං ටං – ලේනා ටිං පිටිං – ලේනා ටංපටං – ඉබ්බා වලට ජබු හ්”

 

මේ පදේ හරියටම ඇහෙන විදිහට එන්න ගැහැව්වොත් බෙර ඇස් දෙකට අත්දෙක එකපාරම වදින බව මට එකපාරටම තේරුනා. වැඩේ අමාරුයි. ඒත් මම පදය හොඳට මතක තියාගත්ත. පැත්තකට ගිහින් හෙමීට තට්ටු කල්ල බැලුවාම ඒ පදේ ගහන්න ගියොත් බෙර ඇස් දෙකට කීපවරක්ම එකවර වදිනවමයි . එහෙම උනොත් බෙරේ පැලෙනව. හෙමීට හෙමීට තට්ටු කර කර මේ අලකංලංචිය නොවී බෙරේ ගහන්න මම රහසේම, ඒ වෙලාවෙම පුරුදු උනා.

“උඹට පුළුන් වෙයි ද ?” කියා ගෙන අපේ බණඩහමුදුරුවො මා ළඟට ඇවිත් “හරියටම ගහපිය කොල්ලො නැත්තං මටත් ලැජ්වෙන්න වෙයි”  එහෙම කිව්වම මගේ හිතට හොඳ දහිරියක් දැනුන. උන්නාන්සේ අපට තමන්ගෙ දරුවන්ට වාගෙ ආදරෙයි. ඒ එක්කම බයකුත් දැනුන . වැරදුනාම උන්නාන්සෙ යකෙක් වාගෙ කේන්ති ගන්න නිසා. අපිව පුරුදු කරද්දි ගුරුන්නාන්සේටත් වඩා සැරට හිටියෙ උන්නාන්සෙ නේ. ඒකයි.

වයස 85 වි‍යේ සිටින මේ ශිල්පියා එම පදය නැවත වාදනය කරන්නට ගත් උත්සාහය පහත වීඩියෝවේ දැක්වෙයි.

 

මේ කතාව කියමින් අතීතය සිහි කළ ශිල්පියා 85 වියේ සිටියත්, තවමත් කායික හා මානසික වත් නිරෝගී ව සිටින දැන මුත්තෙක්. “මං තමයි බෙරේ පලා ගන්නෙ නැතු ව එක දිගටම ගහපු එක ම කෙනා. එදා මට තෑගිත් හම්බවුනා නම නන්දෝරිස් උනාට කවුරුත් මට අද වාගෙම එදාත් මට කිව්වෙ බබා කියල.

ඒ වෙලාවෙ මා ළඟට ඇවිත් “බබා උනාට උඹ කළේ ලොකු අයට කරගන්න බැරි දෙයක්” කියල බණ්ඩහමුදුරුවො කිව්ව. තරගෙට හිටි අනෙක් අය බෙර පලාගත්ත. මට   එවලෙම බණ්ඩහමුදුරුවො රුපියල්  100 ක් දුන්න. පස්සෙ තව තෑගිත් හම්බ උනා. ඒ කාලෙ මම ඉලන්දාරිය කවුරුත් ඇවිත් ඔලුව අතගාල හොඳයි කිව්ව.

 

පසු සටහන් සහ විශේෂ වදන්

  • මේ කලායතනය 2008 දක්වාම ස්වේච්ඡාවෙන් පවත්වාගෙන පැමිණි සම්භාව්‍ය ගුරුතුමා වූ ඒ. එම්. ජිනදාස මහත්මා  අභාවප්‍රාප්ත වීමෙන් පසුව පෙරතරම් ප්‍රභාවක් නොපෙන් වුවද 201 මේ වන විටත්  නිරූපද්‍රිතව පවතී. එතුමාගේ පුතණුවන් පාසල් ගුරුවරයකු සේ කාර්ය බහුලව සිටින මුත් නැවත පෙරතත්ත්වයට ගෙන ඒමට මහන්සි ගන්නාබව පෙනීයයි.
  • සිඩ්නි එල්ලාවල යනු 1933 සිට 1965 දක්වා උග්ගල් අලුත්නුවර බස්නායක නිළමේ තනතුර හෙබවූ කාගේත් ගෞරවය දිනාගත් නායකයා ව සිටි බව ප්‍රදේශයේ තතු විමසන විට පෙනීයයි. එතුමා සියැසින් දුටු බොහෝ දෙනකු හඳුන් වන්නේ “අපේ බණඩහමුදුරුවෝ” යන ගෞරව පදයකින් වීමම එම නායකත්වයේ මහිමය කියාපාන්නකි.
  • බෙර ඇස් දෙක – බෙරයේ දෙපස ඇති තට්ටු දෙක
  • නිත්තවෙල ගුණයා – කිරිගණිතා- පනීභාරත –  උඩරට නැටුම් කලාව ප්‍රගුණ කළ ප්‍රාමාණික ශිල්පියෝ වෙති.

 

 

One thought on “උග්ගල් අලුත්නුවර ඇත්තන්නේ විත්ති 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )