මීට පෙර උග්ගල් අලුත්නුවර තියෙන්නේ කොහේ ද යනුවෙන් ලිපියක් සේ පළ කරන ලද භූගෝලිය පිහිටීම
පිළිබඳ විස්තර නව පිටුවක් බවට මෙසේ දක්වා ඇත.
2013 දෙසැම්බර් 22
භූගෝලීය පිහිටීම(Geographical location)
උග්ගල් අලුත්නුවර නිරපේක්ෂ පිහිටීම(Absolute position) ආසන්න වශයෙන් උත්තරාක්ෂාංශ 6.684 හා නැගෙනහිර දේශාංශ 80.747සේ දැක්විය හැකිය. සාපේක්ෂ
පිහිටීම (relative position) අනුවකොළඹ බදුල්ල මාර්ගය හෙවත් A4 මාර්ගයේ බළන්ගොඩ නගරය පසුකර බදුල්ල දෙසට පැමිණෙන විට හමුවේ. එහිකිලෝමීටර් 151 කණුව අසල දකුණු පසින් දිස්වන තොරණකි. ඒ හරහා දකුණු දෙසට දිවෙන අතුරු මාර්ගයකි. උග්ගල් අලුත්නුවර දක්වා වන ඒ මග මීටර 500 ක් පමණි. වාහනයකින් දේවාල පරිශ්‍රය දක්වාම පැමිණිය හැකි සේ කාපට් අතුරා නවීකරණය කර ඇත්තේ මාස කීපයකට කලිනි.
එම මාර්ගයේ මීටර් 480 ක් එනවිටහමුවන මංසන්ධියෙන් නැවතත් දකුණට හැරී කාපට් කළ මාවතේ මීටර් 20ක් එනවිට උග්ගල් අලුත්නුවර නිර්මිත පරිසරය හමුවේ. එහි මධ්‍යයේ බටහිර දෙසට බරව ඉතා ආකර්ශනීය පූජනීය ගොඩනැගිලි (sacred buildings) සහිත මළුව (field) දිස් වේ. google maps අනුග්‍රහය මත ලබාගෙන ඇති පහතසිතියමේ විශාලත්වය වෙනස් කර බලන්න. මේ ගම්ප්‍රදේශය ශ්‍රී ලංකාවේ , සබරගමු පළාතේ, බළන්ගොඩට කිලෝ මීටර් 9 ක් පමණ නුදුරින් පිහිටි ස්ථානයකි. මෙහි පහතින් ඇති view Lager Map යන්න මත ක්ලික් කරන්න. එවිට පෙනෙන ගූගල් සිතියමේ විශාලත්වය හා පෙනුම වෙනස් කරගනිමින් එහි පිහිටීම මෙන්ම ඕනෑම තැනක සිට උග්ගල් අලුත්නුවරට පැමිණිය හැකි විදිහ ද සොයා ගත හැකියි. (ඓතිහාසික පුරාණ සීමාවන් සහිත විස්තර ලිපිය පසුව එක්වනු ඇති බව සලකන්න.)
උග්ගල් අලුත්නුවර පිහිටීම පිළිබඳව ලිවිය යුතුව තිබුණේ මීට බොහෝ කලින් බව මට
සිහිපත් කරවූයේ wicharaka විචාරක නමින් නිතරම පාහේ ඉතා වැදගත් නැවුම් දැනුමකින් අපව පෝෂණය කරන විද්වතා විසිනි. එතුමා හීන් සීරුවේ, හිත නොරිදවා මා අවදි කළේය ! “මේ ලිපි සමග ඈඳෙන ලෙස දේවාලය පිහිටි ප්‍රදේශය පෙන්වන ගූගල් සිතියමක් දානවානම් බොහොම වටිනවා.” යනුවෙන් සඳහන් කරමින් මා කර ඇති වරද දරුවකුට උගන්වන ගුරුවරයකු මෙන් පෙන්වා දුනි.
Like this:
මෙයට කැමති වන්න:
කැමතියි පුරණය වෙමින්...
ස්තූතියි මට මේ තොරතුරු දුන්නට…. ළගකදි බදුල්ලෙ එන්න අදහසක් තියේ මං හිතන්නෙ මට උග්ගල් අලුත් නුවරත් එන්න ඇහැක් වෙයි…
ස්තූතියි නැවතත්
කැමතියිකැමතියි
එන්න, එන දිනය About me හි දුරකථන අංකයෙන් දැන්වුවොත් ඔබව හමුවෙන්න හැකිවේවි. ස්තුතියි මහේෂ් නැවතත්
කැමතියිකැමතියි