Skip to content

සිංහල ජනජීවිතයට බලපාන කිල්ල පිළිබඳ සංකල්පය

2012 ඔක්තෝබර් 26

උග්ගල් අලුත්නුවර  ජන ජීවිතය හා  කිල්ල 

උග්ගල් අලුත්නුවර මේ සංකල්පය තහවුරු වී ඇති අන්දම පිළිබඳ කරන අධ්‍යයනයන් මේ  අවබෝධය සඳහා මහත් එළියක් විහිදුවයි. උග්ගල් අලුත්නුවර පමණක් නොව බොල්තුඹය,  සොරගුණේ සහ අම්මඩුවේ ද ඇත්තේ මහනුවර සමයේ හෝ ඊටත් පෙර සිට ස්ථාපිත ඓත්හාසික දේවාල විහාර සහත ස්දිධස්ථානයන්ය. ඒ ස්ථානද පිහිටා ඇති පුරාණ එතරවා කෝරලයේ  අදටත් වසන පවුල් අතරින් විශාලතම පිරිස  දේවාල රාජකාරිවලට අයත් ඓත්හාසික පරම්පරාවලට අයත් වෙති. ඔවුන්ගේ මුල් නම් හෙවත් වාසගම් බොහොමයක් සැදී ඇත්තේ එම රාජකාරි සම්බන්ධ නිළ නාමවලිනි. නැතහොත් රාජකාරියට වෙන් වූ ගම්වල නාමයෙනි[i].

උග්ගල් අලුත්නුවර ගමේ ඇති පවුල් වලින් නිශ්චිතවම  90%  කටත් වැඩි පිරිසක් දේවාල රාජකාරියට සම්බන්ධ පුරාණ පාරම්පරික පවුල් වලට අයත් අය වෙති. ඇසල පෙරහර මෙහි ආරම්භ වූයේ  යයි පුරාණ ලේඛනයේ සඳහන් ක්‍රි.ව. 1582 වසරේ සිට  වාර්ෂිකව පවත්වන විශිෂ්ටතම ඓතිහාසික උත්සවය වන්නේ ඇසළ මහා  පෙරහර ය. ඉංග්‍රීසි පාලන සමයේ පැනවූ තහනම් නියෝග[ii]  නිසා මග හැරී ගිය අවස්ථාවන් හැරෙන විට අන් සෑම වර්ෂයකදීම පෙරහර පැවැත්වී ඇති බව පැහැදිලිවේ. එහෙයින් සාම්ප්‍රදායික ආකල්ප රටාවන් මේ ජන ජීවිතය තවමත් දැඩිව පාලනය කරයි.

උග්ගල් අලුත්නුවර ගමේ  ඇත්තන් තම ගෙවල් දොරවල් අලුත්වැඩියා කර සැරසිලි කරන්නේ මේ මහ පෙරහර වෙනුවෙනි. ගමෙන් පිටත රැකියාවලට ගිය පිරිස හා ආවාහ විවාහ නිසා පිටස්තරට ගොස් පදිංචි වූ ඇති පිරිස ද වෙනත් නෑ දෑ හිතවතුන් ද මේ වෙනුවෙන්ම  ගමේ නෑදෑයන් සොයා  පැමිණිම අනිවාර්ය සිරිතකි.  සිංහල අලුත් අවරුද්දට මෙන් බොහෝ විට ඊටත් වඩා හොඳින් ගමේ ඇත්තන් මේ පෙරහර උත්සවය වෙනුවෙන් මහත් බලාපොරොත්තු ඇතුව සැරසෙති.

සිංහල සමාජ සංවිධානය තුළ ජන ජීවිතයේ වැදගත් සෑම අවස්ථාවකදීම කිල්ල  හා පේවීම පිළිබඳ  සංකල්ප ඉතා තදින් කාවැදී තිබුණි. බුද්ධ පූජා දෙවියන් උදසො පූජා පිණිස ආහාර පිළියෙල කිරීම වෙනුවෙන් ගන්නා ද්‍රව්‍ය දෙහි කහ දියර ඉස පිරිසිදු කිරීම බැතිමතුන්ගේ චිරාගත සිරිත වෙයි. ඒ පමණක් නොව ඒවා පිළියෙල කිරීමේ දී  මුකවාඩම් බැඳ සිදු පිරුවට ඇඳීම ද තදින්ම අනුගමනය වේ. රජු උදෙසා ආහාර පිළියෙල කර ඇත්තේද එම වත් පිළිවෙත් අනුව බව මූලාශ්‍රවලින් පෙනේ.

උග්ගල් අලත්නුවර ජන විඥානය තුළ  මේ සංකල්ප  තහවුරු වී  ඇති අන්දම විමසීම සිංහල සමාජ සංවිධානයේ පිළිගැනීම් හා සම්මතයන් පිළිබඳ කදිම සාධකයන් සපයයි. පෙරහර  උත්සවය සම්බන්ධව  ඇතිවන ගැටළුක් හෝ  යම් අකරතැබ්බයකදී  මේ ඇත්තන් ඊට මූලික හේතුව ලෙස පළමුවම දකින්නේත්, මහත් ආවේගයකින් ප්‍රසිද්ධියේ පවා සඳහන් කරන්නේ  එය කිල්ලක් නිසා ‍ඇති වූ දේව උදහසක් වශයෙනි. මේ අවස්ථාවල  දැකිය හැකි  අපූරු ලක්ෂණයක් වන්නේ එවැනි කිල්ලකට හසු වූ අයෙකු කොහෙන් හෝ අනාවරණය කරගන්නට ද මේ ඇත්තන් සමත් වීමය.  

  1. 1979 වසරේ මහා පෙරහර දිනයන් හිප්‍රදේශයට තද වර්ෂාවක්ඇද හැලෙන්නට විය. කවුරුහරි කිල්ලට අහුවෙලා ඇති ඒකයි ඔච්චර වැස්ස. බස්නායක නිළමේතුමාවත් ගිහින් බාරයක් වුනොත් වැස්ස පායාවි. මේ ගමේ ඇත්තන්තුළ ඇති වූ අදහස විය.  බස්නායක නිළමේවරු  මේ  සාම්ප්‍රදායික මතයන් පිළිබඳ ගරු කරන ඒවා ගැන දැනුමැත්තන් ද වෙති. වැස්ස පෑව්වත් නොපෑව්වත් මෙවැනි පිළිවෙත් අනුගමනය කිරීම බැතිමතුන්ගේ සැනසීමට හේතුවන බව ඔවුහු දනිති. බාරවීම පිණිස දේවාලයට යාමට වඩා සුදුසු ආකාරය කපුමහතා මොහොට්ටාල නිළ‍මේවරු ඇතුළු පිරිස වෙතින් විමසන ලදී. එම උපදෙස් ද පරිදි නැවත ස්නානය කර  සුදු පිරුවට හැඳ පේවී අතපත්තු මොහොට්ටාල නිළමේ විසින් දේවාලය වෙතට කැඳවාගෙන යනු ලැබිණි.  ස්වල්ප වේලාවකින් වැස්ස ද තුරල්වූ ආකාරය දක්නට හැකි විය.

  2. පෙරහර අතරතුර දී ද වැසි වැටෙන අවස්ථා වෙයි. කෙතරම් වැස්සත් පෙරහර නොනවතී. සියලු දෙනාම සහභාගීවෙමින් සුපුරුදු පරිදි පෙරහර ගමන් ගනී. හැමගේම පවතින මතය වන්නේ කිලි සේදීමට වහින බවය., වීදි පිරිසිදු වීමට වහින බවය. එම වර්ෂාව දෙස සියලු දෙනා බලා සිටින්නේද බැතිමත් සිතිනි.

  3. 1983 වසරේ දහව‍ලේ කලබල වූ අලියකු දුවන්නට විය. මෙහිදී ද පළවූයේ කිල්ලක් ඇතිවී පවතින බවට  මතයමය. පෙරහර කටයුතු නැවත ආරමිභ කරන ලද්දේ සියලු රාජකාරි කරුවන් කහ දෙහිමිශ්‍ර ජලය  ඉස පරහඳ ගෑමෙන්  අනතරුවය.

  4. 1996 වසරේ පෙරහර ආරම්භ කරන්ට සූදානම් වීමට ආසන්න අවස්ථාවේ හදිසියේ එක් අලියකු කලබල විය. වහාම සෙසු අලි ඇතුන් තාවකාලිකව ගස් බඳින ලද අතර අතිරේක  ඇත්ගොව්වා ගේ ද උපකාරයෙන් කලබල වූ අලියා පෙරහර සීමාවෙන් ඉවතට ගෙන ගස් බඳින ලදී.     “කවුරු හරි  ඇතුල් කට්ටලේම රාජකාරි කාරයෙක් කිල්ලට අහුවෙලා  එන්න ඇතියන අදහස වගකිවයුත්තන්ට  නොසලකා හැරිය නොහැකි තරමට පැතිරෙන්ට වූ  ප්‍රබල මතයක් විය.  කිලි මග හැරනෙ පරිදි ප්‍රතිකර්ම  යොදවා, නැවත සකස් කළ  නැකතක් අනුව නැවත පෙරහර පිටත් විය.

  5. මේ වසරේ(2012)  පෙරහර ආරම්භයට සූදානම් වෙද්දී ද ඇතකු කුලප්පු වී දඟ කරන්නට වීමෙන් යම් යම් අලාභ හානිද සිදුවිය.  එය කිල්ලක් හෙවත් අසුද්දයක් නිසා සිදු වූ බවට පැතිරගිය  මතය නිසා මහත් නොසන්සුන් බවක් ද ඇතිවිය. කිල්ල නොසලකා කටයුතු කිරීම නිසා මේ තත්ත්වය ඇති වූයේ යයි මතු වූ උද්ඝෝෂණය පාලනය වී ඇත්තේ පොලීසිය ද මැදිහත්ව ගත් උත්සාහයකිනි. එදින රාත්‍රී පෙරහර පවා නැවතිනි.  ගමේ ඇත්තන්  ජනමාධ්‍යය වෙතට  කළ ප්‍රකාශවල තිබුණු බව දැක්වෙන්නේද  කිල්ල නොසලකා හැරීම නිසා දේව උදහසට ලක්වීමෙන් ඇතා කුලප්පු වුනු බවය. [iii]

මෙවැනි අවස්ථාවලට විකල්ප විසඳුම්ද දේවාල පෙරසිරිත තුළ වෙයි. එනම් කිල්ලට හසුවී ඇති රාජකාරි කරුවන් වෙනුවට ඊට සමාන්තර පරම්පරාවක වෙනත් අය කැඳවා ගැනීමය.

දේවාලයේ සියලුම රාජකාරි වෙනුවෙන් පරම්පරා කීපයක්ම පුරාණයේ සිටම අතිරේකව ස්ථාපනය වී ඇත. ඒ එක් එක් පරම්පරාවේ අය තමාට රාජකාරි කිරීමට වාරය  එළඹී නැත්නම් පෙරහර නරඹන අය ලෙස සිටීම සාමාන්‍ය තත්ත්වයන් යටතේ සිදුවේ.  එසේ ඇති රාජකාරි සමහරක් මාරු පංගු ලෙස නම් වන අතර තව සමරක් මහනිළය හා කුඩා නිළය ලෙසද  තවත් කොටසක් පාළු පංගුලෙසද නම් කර ඇති ආකරය දක්නට හැකිය.

ආරම්භයේදීම එනම් ක්‍රි.ව.1582 දී දේවාලය වෙනුවෙන් පත් කර ස්ථාපිත කළ රාජකාරි  මණ්ඩලයේ ද ‍ එක් රාජකාරියක් වෙනුවෙන් පරම්පරා කීපයකටම වගකීම් පවරා ඇති බව දැකිය හැකිය.[iv]  1870 ඉංග්‍රීසි ආණ්ඩුව විසින් පත් කරන ලද කොමසාරිස් වරුන් විසින් ලේඛන ගත කළ සටහන් වලද මෙසේ එක් රාජකාරියක් වෙනුවෙන් පරම්පරා කීපයක්ම ඇත්තේය.[v]  මේ නිසා  රාජකාරි කරුවකු කිල්ලට හසුවීම වැනි අවස්ථාවක  පෙරහර උත්සවය හෝ දේවාලයේ වෙනත් උත්සව හෝ කඩවීයාමකින් තොරව පවත්වා ගත හැකි ආකාරයේ විධිවිධාන සැලසී ඇති බව පෙනේ.

මෙවැනි අවස්ථාවන්හි කිලි හැරීම පිණිස කළ යුතු ප්‍රතිකර්ම විස්තර කර දෙන්නේ පහත දැක්වෙන ආකාරයෙනි. “කහ කුඩු මිශ්‍ර ජලයට දෙහි ඇඹුල් ද මිශ්‍ර කර එම ජලයෙන්  දේවාලය සේදීම කළ යුතුය. පිරිත් පැන් දේවාලය තුළත් දෙවියන් වැඩමවූ ස්ථානවලත් ඉසිය යුතුය. අනතුරුව කහ සහ දෙහි මිශ්‍ර ජලය  ඉස පෙරහර සීමාවම පිරිසිදු කළයුතුය.  අනතුරුව  ඇඹරුම් ගලේ උරගා ලබා ගන්නා සුදු සඳුන් කල්කය පොල්කිරෙන් මිශ්‍ර කර සාදන හඳුන් කිරිපැන්   දේවාලය තුළ ඉසීම මගින් තවදුරටත් පිරිසිදු ‍කෙරේ.  පසුව සියලුම රාජකාරි ඇත්තන්ට කහ දෙහිමිශ්‍ර වතුර ඉස කපුමහතා විසින් “පරහඳ ගෑම කළ යුතුය”.

මේ සංකල්ප අවිද්‍යාත්මක යයි බැහැර කළ හැකි ද ? 

“මෙවැනි සංකල්ප කාලයක් තිස්සේ  පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වීමේදී අතිශයෝක්තීන් ද එකතු කිරීමෙන් වටිනාකම අඩු වී තිබෙනවා විය හැකිය.  ” යි කෙනෙකුට අනුමාන කළහැකිය. බ්‍රිතාණ්‍ය ආණඩුක්‍රම ව්‍යවස්ථාව ගැන සලකන විට එහි බොහෝ  දෑ ලිඛිතව නැත.  පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වුවද වෙනස්ව ඇත්තේ ඉතා සුළු වෙනි. මේ පිළිගත් සම්ප්‍රදාය පද්ධතීන් ලිඛිත නීතිරීති වලට වඩා බලවත් බැවින් උල්ලංගනය නොවේ. දේවාල සිරිතේ  දැක්වෙන  කිල්ල හා පේවීම වැනි සංකල්ප පිළිබඳව ද  කොතැනකවත් ලිඛිතව සටහන් වී නැත. එහෙත් ඒවා පිළිගත් සම්ප්‍රදාය තුළ තහවුරු වී මුල් බැස ගොස් ඇත්තේ ඉතා පුරාණයේ සිටම ය. එහෙයින්ම මේවා  නොසලකා හැරීම කළ නොහැකිය.

ධනාත්මකව කල්පනා කරන්නකුට මේවා හුදෙක් මිථ්‍යා මත යයි බැහර කිරීම කිසිසේත් කළ නොහැකි ය. මළ සිරුරක් ගැන සලකන්න. මරණයක් සිදුවූ වහාම ප්‍රාණය නිරුද්ධවන සිරුර ඉතා ඉක්මණින් දරදඬු වී සැනින්ම කුණු වෙන්නට පටන්ගනී. එය බැක්ටීරියා ගහනයක් බවට පත්වෙයි.  පෝමලීන් යොදා සකස්  කරන ලද්දේ වුවද  ස්වල්ප දිනක දී මළ සිරුර ඉවසුම් නොදෙන සේ තද දුර්ගන්ධයක් වහනය වන කුණු ගොඩක් බවට පත්වේ. මළ සිරුරක් සහිත නිවස  විෂබීජ වලින් ගහන ස්ථානයකි. තුවාලයක් සහිතව සිටින්නෙක් මළ ගෙයකට නොයා යුතුයයි සලකන්නේ එයින් එම තුවාලය කිල්ලට හසු වී පැසවා අමාරුවන බැවින් යයි මේ ඇත්තෝ කියති.

මළ ගෙයක ගිය කෙනෙකු බෝවන රෝගියකු සිටින නිවසකට පැමිණීම වුවද  රෝගියා අධික වේදනාවකට ලක්වීමටත්  රෝගය බරපතල් වීමටත් හේතු වෙතැයි මේ යන්න මේ ඇත්තන් අතර පවතින ප්‍රබල මතයකි.  බෝවන රෝගියකු ඇති නිවසේ ඉදිරි දොරටුව  තුළ කාටත් පෙනෙන අයුරින් කොහොඹ කොල සහිත  අත්තක් හෝ අඹ කොල සහිත අත්තක්  එල්ලීම මේ ඇත්තන් අතර පවතින පිළිගත් චාරිත්‍රයකි. එය අන් අයට නිවසේ තත්ත්ව පිළිබඳ සංඥා කරන්නක් වැනිය. රෝගියා කිල්ලකට හසුවේයයි සැකයෙන්  හා/හෝ තමාට කිල්ලක් නැතත් එම නිවසේ අය සැක කෙරෙතැ යි බියෙන් කිසිවකු එවැනි නිවසට ගොඩ නොවෙති. එයින් රෝගියාට සිදුවෙතැයි අදහස් කරන අනතුරට වඩා  වැදගත්ම මෙහෙයක් වන්නේ බෝවන රෝගය පැතිරයාමේ අවදානම අඩු වීමය. එය රෝගියාට මෙන්ම සමාජයටද වැඩදායක වෙයි.

තම ලේ ඥාතියකු මිය යාමෙන් එම ඥාතීන් සියලු දෙනාම වියෝ දුකෙන් බරව මානසික වශයෙන් ද මහත් නොසන්සුන් තත්ත්වයට පත් වෙති.  මෙවැනි මානසික ස්වභාවයන් වෙනස්ව ඥාතීන් සාමාන්‍ය තත්ත්වයට පත්වීමට කාලයක් ගත වේ. කිල්ල යන්නෙන් බාහිර පිරිසිදු බව පමණක් නොව අභ්‍යන්තර සන්සුන් බවද අදහස් කෙරේ. මාස තුනක් කිලි පවතී යයි සිතන්නේ ඒ මානසික නොසන්සුන් බව කාලයක්ම පවතින  නිසා  වියහැකිය.

ගැහැණු දරුවකු වැඩිවියපත් වීම හෙවත් පළමු මාස්ශුද්ධිය ද උඩරට පැවති සමාජ සංවිධානයේ අති විශේෂ අවස්ථාවක් විය.  මේ පළමු ඔසප්වීම සම්බන්ධව ඇත්තේ පුදුම එලවන  තහනම් නීති බව විජේසේකරයෝද පෙන්වා දෙති. එය මුළු පවුලම මහත් වගකීමකින් බැඳෙන අවස්ථාවක් බැවින් විශේෂ උත්සවයක් පවත්වන අවස්ථාවක් බවටද පත් වෙයි. වැඩිහිටියන් විසින් තම දියණිය වැඩිවිය පත්වීම නිසා ඇයට පරිනතවන කාන්තාවකගේ වගකීම පැහැදිලි කර දෙන්නේද මේ අවස්ථාවේ දීය. එහෙයින් මානසිකව නොසන්සුන් බවට සියල්ලෝම පත්වෙති. පළමුව නාවනු ලබන්නේ  නැකත් ‍දිනයක දීය. ඒ වනතෙක් පියාට හෝ සිය දියණිය නොපෙන්වීමට තරම් මේ ඇත්තෝ නොසන්සුන් වෙති. උග්ගල් අලුත්නුවර ප්‍රදේශයේ දක්නට නොලැබුණත් ඇතැම් පළාතක දරුවා නියමිත කාලය යන තෙක් වෙනම ම ගෙයක පදිංචි කරවීමද සිදු විය.

දරු උපතක් ජීවිත දෙකක් අතර මතුවන අන්තරාය දායක  අවස්ථාවකි. මේ අවස්ථාවන් දෙකම ලේ හෙවත් රුධිරය සම්බන්ධ අවස්ථාවන් වේ. එහෙත් කිල්ල පිළිබඳ අදහස ලේ නිසා ඇති කරගත් අනියත බිය හේතුවෙන් ඇති වී යයි ඇතැම් විද්වතකු පවසන මතය නිරවද්‍ය නොවන බවට උදාහරණ දැක්විය හැකිය. හදිසියේ තුවාලයක් වීමෙන් ගලා යන රුධිරය හෝ කූඩැල්ලකු වැනි සතුන්ගේ දෂ්ටයකින් ඉවත්ව යන රුධිරය සම්බන්ධව කිල්ල යන සංකල්පය නොයෙදේ. ඊට අනියත බියකින් කටයුතු කරනු ද දක්නට නොහැකිය.

එහෙත් දරු උපතකදී ඉවත්වන රුධිරය හා ඔසප්වීමේදී බැහරවන රුධිරය සම්බන්ධයෙන් පමණක් “කිල්ල” යන සංකල්පය යෙදෙන්නේ කුමක් නිසා දැයි සිතා බැලීම වටී.  ස්වාභාවිකව ශරීරයෙන්   ඉවත්ව යන රුධිරය  මේ අවස්ථා දෙකේදීම දක්නට ලැබෙන්නකි. එසේ වන්නේ ඒවා ශරීරයට අනවශ්‍ය බැවිනි. එහෙයින් ඒවා නරක් වී බැහැරවන දෑ  වෙයි. මෙවැනි නිවසකට යන අයට ද එම අපිරිසිදු බව ආරෝපණය වන බව මේ සමාජයේ ඇදහෙයි. මේ පිළිගැනීම් සියල්ල යහපත පිණිස වන සෞඛ්‍යමය සංරක්ෂණය  සමාජය තුළ  තහවුරු කරවන සිරිත් විය. කිලි නොසැලකීමෙන් පිටින් සම්බන්ධ වන්නාටද එකාකාරව අනර්ථ කර වෙයි. එබැවින් රාජ නීතියට වඩා මේ ගැන සැලකිලි දැක් වූ බව ආචාර්ය විජේසේකරයන්ගේ ද නිරීක්ෂණය වී ඇත.

රෙබට් නෝක්ස්ගේ වාර්තාවන්හි සිංහලයන්ගේ නෑම ගැන ඇත්තේ විශ්මයෙන් තබන සටහන් වෙයි.  මේ අනුව ජන සමාජයේ පුද්ගල මෙන්ම සමාජයීය කායික හා මානසික සෞඛ්‍ය සංරක්ෂණය පිළිබඳ වැදගත්ම  උපාය මාර්ගය වශයෙන් කිල්ල හා පේවීම හා ඒ සම්බන්ධව බැඳුන  චාරිත්‍ර විධීන් වැදගත් බව පසක් කළ හැකිය.

ඕනෑම කාර්යයක සාර්ථකත්වය සඳහා පළමුවෙන් සැලසුම් කිරීම අවශ්‍ය බවට කිසිදු තර්කයක් නැත.  පේවීම යන්නේ අර්ථය වන්නේ යමක් සැලසුම් කිරීමට පළමුව කරනු ලබන සූදානම් වී මය. දේවාල කාර්යයන් සඳහා කිලිකුණු වලින් තොරවී සිටීම යනු වැඩසැලසුම් කිරීමට සූදානම් වීම හෙවත් පේවීමේ මුල්ම පියවර වෙයි.  කිලිකුණු වලින් තොරවීම යනු කායික වශයෙන්ද  මානසික වශයෙන්ද පිරිසිදු වීම ය. කෙනෙකුට තමන් අධ්‍යාත්මයෙන්ද පිරිසිදුය, සන්සුන්ය.යන විශ්වාසය ඇතිවීම ඕනෑම අභියෝගයකට මුහුණ දීමට ආත්මශක්තිය ජනනය කරන මහා බලයකි. මිනිසුන් යාඥා කරන්නේද ආගම් අදහන්නේද ආත්ම ධෛර්යය ඇති කරගැනීම පිණිසය. තමන් පාරිශුද්ධය යන විශ්වාසය වැඩ සාර්ථක කරදීමට අත්‍යවශ්‍ය ආත්මවිශ්වාසය ජනිත කර දෙයි. තමන්ට ආගමක් නැතැයි ප්‍රකාශ කරන්නෝ ද විෂබීජ හරණයට කටයුතු කරති. විවිධ කෘත්‍රිම රසායන ද්‍රව්‍ය භාවිත කරති. මානසික ආතතියෙන් බියෙන් වැලකීම පිණිස නොයෙක් පියවර ගනිති.

මේවා  බටහිර අධ්‍යාපනයේ ශික්ෂණයෙන් හුරු කරගත් ඇසින් බලන විට  හරිද වැරදි ද යනු තෝරා ගැනීම අපහසු වෙයි. මේවා දෙස බැලිය යුත්තේ විවෘත මනසිනි. කෙසේ වුවද මධ්‍ය කාලීන සිංහල  සමාජයේ සෑම ස්ථරයකම කිල්ල හා පේවීම පිළිබඳ ආකල්ප තහවුරුව පැවති බව පැහැදිලිවේ. ඒ ආකල්ප විසින් පාලනය කරනු ලැබූ සිංහල ජන ජීවිතය බාහිර මෙන්ම අභ්‍යන්තර පාරිශුද්ධියේ පෝෂණයෙන් ද සාරවත්ව තිබූ බව මේ තොරතුරු අනුසාරයෙන් මනාව පෙනී යයි.

විශෙෂ ස්තුතිය

මේවා අධ්‍යයනයට උපකාරවූ සම්පත් ධාරීන්වන උඩරට අමරපුර මහා නිකායේ සබරගමුව පළාත් ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය ගෞරව ශාස්ත්‍රවේදී මාමල්ගහ  පුඤ්ඤානන්ද හිමිපාණන් වහන්සේ , උඩරට අමරපුර මහා නිකායේ සබරගමුව පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක ගලගම සෝමාලංකාර හිමිපාණන් වහන්සේ,  ඇතුළුව දේවාලයේ අත්තනායක මොහොට්ටාල නිළමේවරුන් කපු නිළමේවරුන් ද රාජකාරි මණ්ඩලයේ  දැනමුත්තන්  සියලු දෙනා වෙත ද පිරිනැමේ.

විශේෂ වචන කෝෂය

  1. වාසගම් – සිංහලයන්ගේ නමට මුලින් යෙදෙන සිය පරම්පරානාමයන් හැඳින්වෙන්නේ වාසගම් යනුවෙනි. මෙය සිය අභිමානයට හේතුවන රජු විසින් පිරිනැමූ නිළයක නමක් හෝ මුලින්ම වාසය කළ ගමද සමග නිළ නාමය හෝ ගමේ පමණක් නම විය හැකිය.

  2. ඇතුල් කට්ටලේ - දෙවියන්ගේ වැඩහිටින මාලිගාව තුළට, එනම් දේවමන්දිරයේ අභ්‍යන්තරය දක්වාම යාමට බලය ලත් අය මෙනමින් හැඳින් වේ.

  3. දේව උදහස - දෙවියන් මිනිසුන් සමග කෝපයට පත්ව සිටීම

  4. පරහඳගෑම - කපු මහතා විසින් දෙවියන්ට යාතිකා කර සඳුන් අළු මිශ්‍ර කල්ලකයකින් නළලේ තිලක තැබීම

  5. මාරුපංගුව - කිසියම් රාජකාරියක් වාරයෙන් වාරයට මාරු වෙමින් ඉටු කිරීමය.  නීතිමය කටයුතු වලදී රාජකාරි පංගුව යන්න ඉඩම් හැඳුන්වන වචනයක් සේ භාවිත වුවද මේ අය රාජකාරිය හඳුන්වන්නේ රාජකාරි පංගුව වශයෙනි. මාරු පංගු අතරවන ආරවුල් විසඳා නිරවුල් කිරීම බස්නායක නළමේ ගේ කටයුත්තක් බවට පත්වන ආකාරය නිතර දැකිය හැක්කකි. තමා ඉටුකළ රාජකාරිය සම්බන්ධව විශේෂ ඇල්මක් ඇති විටක මෙවැනි ආරවුල් ඇතිවේ. රාජකාරිය ඉටු කිරීම පිළිබඳ බස්නායක නිළමේ නිකුත් කරන කුවිතාන්සිය හෙවත් සහතිකය ඉඩම් භුක්තිය තහවුරු කරන සහතිකයක් ද වන හෙයින් මෙවැනි මතභෙද ඇතිවේ.

  6. පාළු පංගුව - පාළු පංගුව යනු අදාල රාජකාරිය කරන්ට නුසුදුසු අවස්ථාවක ආදේශ කළහැකි රාජකාරියයි.

  7. මහපංගුව හා කුඩා පංගුව - ඇතැම් රාජකාරි මෙලෙසද හැඳින් වේ. කපු නළය මහබෙත්මේ නිළය ලෙස ද කුඩා බෙත්මේ නිළය ලෙසද පරම්පරා දෙකකින් ඉටු කළත් දෙදෙනාටම ඇත්තේ එකම රාජකාරිය වේ. ඇතැම්විටක දෙදෙනාම එකවිට ද රාජකාරි කරති.

  8. හඳුන්කිරිපැන් - පිරිසිදු කිරීම සදහා භාවිතවන අතිවිශේෂම දියරයයි. එය පිළියෙල කරනු ලබන්නේ ගලක පොල්කිරෙන් උරගාන ලබන සුදුහදුන් කල්කය පොල්කිරිද සමග යොදා කහකුඩුද මිශ්‍ර කිරීමෙන් බව දැන ගන්ට ලැබේ. කපුමහතා දේවාභරණ සියතට ගෙන හිසමත තබා වැඩමවන අවස්ථාවල ඊට ඉදිරිපසින් අතුගාන අතර ඉන්පසුව හඳුන් කිරිපැන් ඉසිනු ලැබේ. ඒමත එළන ලද පාවාඩය මත කපුමහතා පාද තබනු දැකිය හැකිය.

 පරිශීලන ග්‍රන්ථ

  1. රොබට් නොක්ස්ගේ එදා හෙළ දිව – ඩේවිඩි කරුණාරත්න පරිවර්තනය

  2. ආචාර්ය නන්දදේව විජේසේකර – ලංකා ජනතාව

  3. මහාචාර්ය රැල්fප් පීරිස් – සිංහල සමාජ සංවිධානය

  4. මධ්‍යකාලීන සිංහල කලා – ආනන්දකුමාරස්වාමි.


[i]මුල් නම් හෙවත් වාසගම් අනුව මේ ජනතාවගේ ශිල්පීය ශ්‍රේණීන් කුමක්දැයි පහසුවෙන් නිගමනය කළ හැකිවෙයි. මේවා කුල වශයෙන් හැඳින්විය හැකි වුව ද එය උස් පහත් වශයෙන් වර්ග කීරීමකට භාජනය කර ඇති හෙයින් එම වදන භාවිත කිරීමට සිත් නොදේ. විදේශිය විද්වතුන්ට අපේ උරුමයට අදාල සම්ප්‍රදායයන් හරිහැටි නිවැරදිව තේරුම් ගත හැකි වී නැත. රොබට් නොක්ස්, ජෝන්ඩේවි, ජෝන් ඩොයිලි වැනි ලේඛකයන්ගේ ආකල්ප සකස්ව තිබුණේ  මෙරට ජනතාවගේ ආකල්ප අනුව නොවේ. මෙරට පැවති සිරිත් විරිත් හා දැනුම පිළිබඳ නොක්ස්ගේ දැනුම කෙතරම් බොළඳ වී ඇත්ද යත් ඔහු බුදුන්වහන්සේ  හඳුන්වන්නේ සිංහලයන්ගේ ලොකුම දෙවියා වශයෙනි. රොබට් නොක්ස්ගේ ලේඛනවල ආභාසය ලැබූ බව බොහෝ තන්හි පෙනෙන ජෝන් ඩේවිගේ ඩේවිදුටු ලංකාව කියවන්නකුට ඔහු තුළ පැවතියේද එම ආකල්පම බව පෙනේ. එම කෘති මූලාශ්‍රකොට උඩරට සමාජය පිළිබඳ විවරණයන් ඉදිරිපත් කළ වෙනත් සමහර අයට ද  එම ආකල්ප  බෝවී ඇති බව  පෙනී යයි.

[ii]1818 දී දෙමෝදර මොහොට්ටාල උඩරට කැරැල්ලට සම්බන්ධ වූ කෙනෙකු බැවින් ඇති වූ බාධාවන් නිසා පෙරහර නොපවතින්ට ඇතැයි සිතිය හැකි වුවද 1819 පවා දේවාලයේ තේවා නිසි පරිදි පැවති බව ජෝන්ඩේවිගේ වාර්තා අනුව පෙනීයයි. 1915 මුස්ලිම් කෝලාහල අවදියේ පැනවූ යුද්ධ නීතිය යටතේ පෙරහර පැවැත්වීම තහනම්ව තිබිණි. 

[iii]2012 ඔක්තෝබර් 02 ලංකාදීප පුවත් පත හා මෙදිනම ලක්බිම පුවත් පත වාර්තා කළ උග්ගල් අලුත්නුවර පෙරහ සිද්ධිය පිළිබඳ වාර්තා 

[iv]දේවාලයේ ලේකම් මිටිය හෙවත් පුරාණ ලේඛනය 

[v] රාජ්‍ය ලේඛනාගාරයේ  ඇති ‍1870 අංක 4 දරණ ආඥාපනතට අනුව සකස් කළ ලේඛන

About these ads
ප්‍රතිචාර 3
  1. මෙහි පළමු ඡේදයේ ඇති වදන් සහිත සහ සිද්ධස්ථාන සේ නිවැරදි විය යුතුය. දෙවන ඡේදයේ සියයට 90 වඩා යන නිගමනය ගෙන ඇත්තේ ඉඹුල්පේ ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයීය තොරතුරු ඇසුරෙනි.

    Like

  2. කිල්ල සහිත ආහාර පිළිබඳ තවත් විස්තර දේවාලයේ අත්තනායක මොහොට්ටාල නිළමේ වරයකු වන ධර්මසේ බණ්ඩාර මහතා අද දින විස්තරාත්මකව පහැදිලි කරයි. ඒ අනුව උග්ගල් අලුත්නුවර සම්ප්‍රදායේ ඇති පහත දැක්වෙන අතිරේක විස්තර ද එකතු කිරීමට අවසර පතමි. මස් මාළු වලට අමතරව පහත සඳහන් එළවළු වර්ග ද කිලි සහිත වන බව ඒ අනුව පෙන්වා දෙයි. මඩුදළු, බේඳුරු කොකු, කරල්මුරුංගා හෙවත් රෑන මුරුංගා, අළුකෙසෙල් සහ අළු පුහුල් යන ආහාර වැළඳීමෙන් අනතුරව දේවාලයට නොයා යුතුය. මුළුතැන් පූජා සඳහා මෙවැනි ආහාර වර්ග කිසිදිනක භාවිත නොවේ.

    Like

Trackbacks & Pingbacks

  1. “නැතිවුනොත් නැති උනාමයි” | sugv

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / වෙනස් කරන්න )

sugv

Glory of a regional historical and sub cultural heritage

අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය

Glory of a regional historical and sub cultural heritage

බිත්තිය

Glory of a regional historical and sub cultural heritage

කුරුටු ගෑ ගී පවුර

Glory of a regional historical and sub cultural heritage

Sri Lankan Atheists| ලාංකික නිර්ආගමිකයෝ

Site dedicated for atheists, agnostics, secularists, humanists, free thinkers, rationalists, and skeptics of Sri Lankan origin.

Glory of a regional historical and sub cultural heritage

Aru-ge adaviya

Just another WordPress.com site

Sinhala story Blog

for Sinhala readers

මගේ රට | My Country

Glory of a regional historical and sub cultural heritage

Glory of a regional historical and sub cultural heritage

Glory of a regional historical and sub cultural heritage

Thambaru's Blog

To be bloomed over the mud...

Open Minds! (formerly: Moving Images blog)

An opinionated Asian comments on media, science & development - NOTHING official about this!

Glory of a regional historical and sub cultural heritage

පඨිත

සමාජ විද්‍යා හා සංස්කෘතික අධ්‍යයන ශබ්දකෝෂය

Gold fish ගේ blog ටැංකිය

:) , :( , ;) , :o , අතර ♥ත් සමගින්...

Glory of a regional historical and sub cultural heritage

යක් පරපුරේ සිංහලයා

Glory of a regional historical and sub cultural heritage

Glory of a regional historical and sub cultural heritage

යක් පරපුරේ සිංහලයා

Glory of a regional historical and sub cultural heritage

Glory of a regional historical and sub cultural heritage

Just another WordPress.com site

මුතුහර

සාර සංග්‍රහය

මීදුම.

Glory of a regional historical and sub cultural heritage

බෞද්ධ තොරතුරු සංචිතය

“යෝ ධම්මං පස්සති සෝ මං පස්සති” යමෙක් ධර්මය දකී ද හේ මා දකී.

Glory of a regional historical and sub cultural heritage

Glory of a regional historical and sub cultural heritage

බළන්ගොඩ නගර සභාවේ නිල බ්ලොග් අඩවිය

ශ්‍රී ලංකාවේ පලාත් පාලන ආයතනයක් ආරමිභ කල පළමු බ්ලෝග් අඩවිය

M U R A G A L A

Archaeology, History, & Culture

ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary

පර්යේෂණාත්මක බ්ලොග්කරණයේ රැඩිකල් පැත්ත

විචාරකගේ අඩවිය - සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය - wicharaka.blogspot.com

~~~ පහන් යාය ~~~

Glory of a regional historical and sub cultural heritage

Glory of a regional historical and sub cultural heritage

.: මල් කැකුළු : Sri Lankan Kids :.

Glory of a regional historical and sub cultural heritage

හෙළයේ ඉතිහාසය

අපේ ඉතිහාසය කාලයේ වැලිතලාවෙන් වැසී යන්නට ඉඩ නොදී ඔබේ දෑස මානයට ගෙන ඒමට හෙළයේ ඉතිහාසය දරනා උත්සාහයට සහය දෙන්න

සංස්කාර විනිවිද

arts history archaeology films books

අරුණි ශපීරෝ‍ වෙතින්

ධනාත්මක චින්තනය හා දාර්ශනික සිතුවිලි

Follow

Get every new post delivered to your Inbox.

Join 96 other followers

%d bloggers like this: