පේවීම   Leave a comment

පේවීම හා උග්ගල් අලුත්නුවර දේවාලයේ හාස්කම්

පේවීම යන්න මනාව සූදානම්වීම ලෙස සරලව අර්ථ දැක්විය හැකි වේ. කිල්ල යනු කිලිටිවීම හෝ  කිලිටිවී සිටීම යන තේරුම දෙයි. සමහර විටෙක මෙය කිලිකුණු ඇතිවීම ලෙසද ව්‍යවහාර වෙයි. උග්ගල් අලුත්නුවර පාරම්පරික දැනුමැත්තන් සමග කරන ලද සාකච්ඡාවලදී මතු කරගත් අදහස් අනුව මේ සංකල්ප විග්‍රහවන්නේ පහත දැක්වෙන ලෙසිනි. මේ ලිපි දෙකට “අධිවිශ්වාස හා අභිචාරවිධි” යන මාර්තෘකාව ද යෙදිය හැකිය. එවැන්නක් යෙදීමට සිත ඉඩ නොදුනි.

පේවීම යන්නේ  අර්ථය වඩා ගැඹුරින් පැහැදිලි කර දෙන ගමේ දැනමුත්තෝ එය බාහිර වශයෙන් ස්නානය කර අලුත්සළු පිලි  වලින් සැරසීම පමණක් නොව යටත් පිරිසෙයින් පන්සිල් හෝ සමාදන්ව සිත්සතන් ද පිරිසිදු කරගෙන සිටීම ද  බව පෙන්වා දෙති.

 කිල්ල යන්නේ “කිලි කුණු” යන යුගල පදය සැලකිල්ලට ගන්නා විට ද බාහිර අපිරිසිදු කම සේම අභ්‍යන්තරව අපිරිසිදුවීම ද  “කිල්ල” ලෙස ගැඹුරින් අර්ථ දැකිවිය හැකිය.

 කිලිකුණු සම්පූර්ණයෙන් බැහැර කිරීමට සාමාන්‍ය මිනිසා සමත් නොවේ. එහෙයින් දෙවියන් මිනිසුන් වෙත කිට්ටුවීම පිළිකුල් කරති. මේ නිසා දෙවියන් මිනිසුන්ට ආරූඪ නොවන අතර එසේ ආරූඪ වන්නේනම් ඒ වෙනත් ප්‍රේත හෝ භූත කොටස් බවත් කියති. නමුත් එවැනි භූතයන් හෝ ප්‍රේතයන් තමන් දෙවියන්සේ අඟවනවා මිස ඒ අය සැබෑ ලෙසම දෙවියන් නොවන  බව දැනමුත්තන්ගේ මතයකි. භාරතරත්න කපුමහතා කිසිදිනක ආරූඪ වන බවක් දක්නට හැකි නොවීය. මගේ නිරීක්ෂණ අනුව භාරතරත්න මහතාගේ දක්නට හැකි වූ එකම වෙනස වූයේ දේවාභරණ දෑතට ගෙන වැඩමවන අවස්ථාවේ දක්නට හැකි වූ සියුම් වෙවිලීමක ස්වභාවය පමණි. බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මාහිමිපාණන් වහන්සේගේ ලිපි හා දේශනාවන්හි ද නොයෙක් විට දෙවියන් පිළිබඳ මේ මතය පළ කරති.  තම ගම්මානයටද නෑකම් ඇති ආනන්ද මෛත්‍රෙය මහනාහිමිපාණන්වහන්සේ මහත් ගෞරවයෙන් සලකන ගමේ  පැරණි දැනමුත්තන් ද ඒ මතය හිස්මුදුනෙන් ඇදහුවා විය හැකිය.

“දෙවියෝ” යනු ඉතා සියුම් ශරීර සහිත ජීවී කොට්ඨාසයකි. ඔවුන්ගේ ආයුෂ වැඩීමට  පින්  අවශ්‍යය. එහෙත් ඔවුනට මිනිසුන්ට මෙන් පුණ්‍ය ක්‍රියාවල යෙදීමට  නොහැකිය. මිනිසුන් පින් කර දෙවියන්ට අනුමෝදන් කරවීමෙන් දෙවියන්ගේ ආයුෂ වැඩේ. එහෙයින් දෙවියන්ට කැවිලි සහිත බඳුන් පූජා කිරීම පමණක් නිෂ්ඵලය. ඔවුනට කළ හැක්කේ පුද දෙන පළතුරු කැවිලි ආදියේ සුවඳ ආඝ්‍රාණය කර සතුටු වීම පමණකි. මිනිසුන් දාන, ශීල භාවනාදී පුණ්‍ය කර්මයන් කර දෙවියන්ට පින්දීම අවශ්‍ය වන්නේ එහෙයිනි. එයම වුවද මෙලොව ජීවිතයට දේවපිහිට ලබා ගැනීමට ප්‍රමාණවත්ය. මීට අමතරව පළතුරු ආදී දෙයින් සැරසූ පූජාවට්ටි පුද දෙතොත් මනුෂ්‍යයා කෙරේ වඩා පැහැදී පිහිට වෙති. මෙලොව කරදර වලින් බේරති. අපල උපද්‍රව වලින් රැක දෙති. දෙවියන් පිළිබඳ මේ සංකල්පනාවන් උග්ගල් අලුත්නුවර වැසියන්තුළ  පමණක් නොව  ලංකාවේ සෙසු සාමාන්‍ය බෞද්ධ ජනතාව තුළ ද ඇත්තේ මේ අදහස ම  බව පෙනේ.

 පේවීම 

දේවාලයට යන්නේ මොන කාරියට උනත් දෙවියන් වෙනුවෙන් පේවී යායුතුය. යන්න ගමේ වැඩිහිටියන් තම බාලයන්‍ට දෙන උපදෙසකි. දේවාලයට යන පුද්ගලයා එදින මස්මාළු නොවළඳා සිටීමද පේවීමට අත්‍යවශ්‍ය සාධකයකි. අපි නං උම්මලකඩ කෑල්ලක්වත් කෑවොත් දේවාලයට යන්නෑ   යනුවෙන් පැවසීම නිතර දක්නා ලැබෙන්නේ මෙයයි. මෙසේ සුදුසු ආහාර වළඳා නියම විදිහටම අංගසම්පූර්ණව පේවන ආකාරය  පහත ලෙසට පෙන්විය හැකිය.

  1. ස්නානය කර පිරිසිදුවී පිරුවට[i]හැඳ (පිරිසිදු වස්ත්‍රවලින් සැරසී) උඩ මළුවට ගොස් තෙරුවන් වැඳ පන්සිල් ගෙන ත්‍රිවිධ බෝධිය වන්දනා කර දෙවියන්ට පින් දෙමින් තම අපේක්ෂාව සිතේ රඳවාගෙන දේවාලයට යා යතුය. දේව පිහිට වෙනුවෙන් යැදීමට හෝ දෙවියන්ගේ රාජකාරියට හෝ යායුත්තේ මෙලෙසිනි. රාජකාරි ඇත්තන්  එලෙස පේවී රාජකාරියට යතොත් දේව පිහිට ඔහුට පමණක් නොව ගමට රටටද ලැබේ යයි විශ්වාස කරති.. ස්නානයේදී කහ සහ දෙහි මිශ්‍ර ජලය භාවිත කළ හැකිනම් වඩා සුදුසුය.

  1. කිසියම් කෙනෙකු කිල්ලකට හසුවී තිබේ නම් එහි මහත් බව හෝ සුළු බව අනුව මග හැරී යාමට කිසියම් කාලයක් ගතවේ.

  1. නියමිත කාල පරාසය  ඉකුත් වීමෙන් අනතුරුව ඉහත අංක 1 යටතේ කියන ලෙසින් පේවී යාම කළයුතුවේ.

දේවාලයේ රාජකාරි ඇත්තන් සියලු දෙනාම නියම ලෙසට පේවී ගොස් රාජකාරියේ යෙදෙන්නේ නම් එය ඔහුට පමණක් නොව ගමට හා රටට ද යහපතම සලසන බව මේ ඇත්තන්ගේ අදහසය. එහෙයින් සාමාන්‍ය රාජකාරි කරුවකු පවා පේවී රාජකාරියට එන්නේද යන්න අත්තනායක මොහොට්ටාල හා කපු නිළමේ ද ඇතුළු සෙසු අය ද පරීක්ෂාකාරී වීම වගකීමක් හැටියට සැලකේ. එසේ  පේවී ඇත්තේ වුවද නොදැන අසුද්දයන් විය හැකිය. ඒවා මගහැරවීමට කපු මහතා යාතිකා කර දේව සමාව ඉල්ලා සිටී. මෙහි දී “දැන වැරදි දහසක් නොදැන දහසක් වැරදි ඇතත් ගැත්තන්ට සමාව දෙන සේක්වා” යි ආයාචනා කරන බව වරෙක සඳහන් කළ භාරතරත්න කපුමහතා  එයින් කිල්ලේ බල පෑම නිසා දේව උදහස ඇති වීම යම්තාක් වැලකීයන බව පැවසීය. එසේ සමාව ලැබෙතත් කිල්ල කිල්ලම වන බවත් ඇතැම් අය පවසන ලෙස එය කිසිදාක  කැපිය නොහැකි බවත් ඔහුගේ මතය විය. මෙසේ පේවීමේ බලපෑම වැඩියෙන්ම ඇත්තේ දෙවියන් පෙරහරේ වැඩමවීම පිණිස පිටකට්ටලයට වැඩම කරන දිනයන් හි දීය. එනම් කාත්ති පෙරහර මහ පෙරහර දිනවල වඩා පරෙස්සමින් පේවීම අවශ්‍ය වේ.

ප්‍රදේශයට වාසනාව උදා කළ නිධානය 

ඇසළ පෙරහර පවතින කාලය ප්‍රදේශයට  තද ඉඩෝර කාලයන් බලපවත්වන අවදියක් වීම සාමාන්‍ය තත්ත්වයයි. දිය කැපීමට පෙරදින සවස පොකුණේ තිබෙන දිය ඉස අලුත් දිය උනන ලෙස සකස් කිරීම පෙරසිරිත අනුව සිදුවේ.  1985 ඇසළ මහා පෙරහර උත්සවයේ දිය කැපීම  සඳහා ගිය ඇත්තන්ගෙන් විශේෂ ආරංචියක් ලැබිණි.  කලින් දින පොකුණ හිස් කර ඉසින ලද්දේ වුවද මෙදින දියකැපීමට යනවිට උතුරා පිටාර ගලමින් තිබී ඇත. මේ කුමක් නිසා දැයි පැරැන්නන් විග්‍රහ කරන්ට වූ අතර එය නරක කාලයක් ලැබීමේ පෙනිමිත්තක්වත් දැයි සමහරෙක් බිය වූහ.

එවකට උග්ගල් අලුත්නුවර ඓතිහාසික විහාරය හා දේවාලයේ පිරිත්නිළය භාරව  කටයුතු කළේ උග්ගල් අලුත්නුවර විවේකාරාම විහාරස්ථානයේ වැඩසිටි  අතිපූජ්‍ය උල්පතගම ඉන්දරතන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වූහ. උඩරට මහකැරැල්ල වශයෙන් ඉංග්‍රීසීන් කියූ 1818 ජාතික විමුක්ති සටනේ පෙරමුණේ සිටි වීරවරයෙක් වූ කිවුලේගෙදර මොහාට්ටාල යනු ඉන්දරතන හිමිපාණන් වහන්සේගේ මුත්තා කෙනෙක් විය. උන්වහන්සේ ගුප්තවිද්‍යාවන් ගැන ද මනා දැනීමක් ඇතිව සිටි බවත් මෙවැනි සිදුවීම්  විග්‍රහකර පෙන්වීමේ විශේෂ නුවණක් ඇතැයි ද සහිතව ප්‍රදේශයේ මහත් සේ පිළිගැනීමට ලක්ව සිටි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් විය. උන්වහන්සේට ඇති තතු පැවසූ  පැරැන්නන්ට ප්‍රකාශ කර තිබුණේ  දේවාලයේ පෙරහර රාජකාරි අසුද්දයකට හසුනොවී කරන ලද බවට එය සලකුණක් බවද මෙය ප්‍රදේශයට යහපත හා වාසනාව උදා කරන පෙරනිමිත්තක්ද බවය. එම ආරංචිය නිසා ගමේ ඇත්තන්ගේ සැකසාංකාතත්වයන් සමහන්ව තිබිණි.

මෙම වසරේම (1985) නොවැම්බර් මාසයේ අග සතියේදී එනම් උග්ගල් අලුත්නුවර ඉල්මහකාත්ති මංගල්‍යය නිමවූ දිනට පසු දිනක  දේවාලගමට තදාසන්නව පිහිටි ගුරියඹ ප්‍රදේශයේ තලාවේ සිටින ගවයන් සෙවීමට ගිය ගමේ ඇත්තකුට  බිමට අනින ලද කෙවිටි පහරකට ගැලවී ආවේ නිල් මැණිකකි. ප්‍රදේශය පුරා ලැව් ගින්නක් මෙන් ආරංචිය පැතිරිනි. ලොකු කඩා සියලු දෙනා, මහළු ඇත්තන් පවා යුහුසුළුව දිව ගිය හ. එසේ  ගිය සෑම දෙනාම ආපසු ආවේ නිල් මැණික් ද සමගිනි.  කිසිම කෙනෙකු අතර ආරවුලක් හිත නොහොඳකමක් ඇති නොවීය. ආරංචිවලට අනුව දුබල ඇත්තන්ට උදව් උපකාර කරමින් මැණික් වලට යාමට උදව් කර ඇත්තේ සිරීපාදේයනවිට ලැබෙන කරුණාව වැනි මෙත් සිතකින් බව සිද්ධිදාමය විස්තර කරන අය අදද පවසති. අඩි 15×15 වපසරියක අඩි 10 ක් පමණ ගැඹුරට යන තෙක් තිබූණේ පස් සමග මිශ්‍රවූ නිල් මැණික් පමණක් බව කියති. “නිධානය” යයි එය කා අතරත් ප්‍රසිද්ධ විය. ඒ සති කීපය මුළු ප්‍රදේශයටම වාසනාව ගෙනා කාලයක් බවට පත් වූයේ ඉන්දරතන හිමිපාණන් වහන්සේගේ අනාවැකිය සඵල කළාක් මෙනි.   අද ද මෙය සිහිපත් කරන ගමේ ඇත්තෝ මෙය කතරගම දේවාශීර්වාදයෙන්  තමන්ට ලැබුණ  වාසනාවක් බව ප්‍රකාශ කරති.

මඩුවන්වෙල නිළමේට දෙවියන්ගේ පිහිට ලැබුණ හැටි

හොඳහැටි පේවී දෙවියන්ට යාතිකාකර පිහිට පැතූ අවස්ථාවක දේව පිහිට ලැබුණ ආකාරය පැහැදිලි කර දේවාලයේ හාස්කම්  ගැන විස්තර කළ ඒ.එම්.එස්.එම්. පුංචිබණ්ඩාර නිළමේතුමා (2004 දී අභාවප්‍රාප්ත වූ නිළමේවරයෙනකි.) මඩුවන්වෙල දිසාවගේ මැණිකේ භයානක ලෙස රෝගාතුර වී භාර වූ ආකාරය පැහැදිලි කළේ හොඳ හැටි පේවන ආකාරය පෙන්වා දෙමිනි. එම මැණිකේගේ අසනීපය අපේක්ෂා කළ ආකාරයෙන්ම සුව විය. භාරය ඔප්පු කරනුවස් මැණිකේගේ මංගල්‍යයෙද් පැළඳූ අගස්තිමාලය දේවාලයට පූජා කළ අතර රිදී ධාතු කරඬුවද පූජා කළ බවත් අදත් එම වටිනා පූජා භාණ්ඩ තම දේවාලයේ පවතින බවත් පෙන්වා දුනි. මඪුවන් වෙල දිසාවේ ඇතුළු පිරිස භාර වී ඇත්තේ මස්මාංශ නොවළඳා දිනතුනක් තිස්සේ තෙරවන් වැඳ ත්‍රිවිධ බෝධිය නමස්කාර කර දෙවියන්ට පින් පෙත් පැමිණවීමෙන් අනතුරුවය.

කිල්ල පිළිබඳ විස්තර මී ළඟ ලිපියේ ඉදිරිපත්වන බව සලකන්න


[i]ඇතැම් පැරැන්නෙක් මෙය පිරිසිදු සුදුරෙදි ඇඳීම ලෙස ද විග්‍රහ කරති.

About these ads

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Glory of a regional historical and sub cultural heritage

බළන්ගොඩ නගර සභාවේ නිල බ්ලොග් අඩවිය

ශ්‍රී ලංකාවේ පලාත් පාලන ආයතනයක් ආරමිභ කල පළමු බ්ලෝග් අඩවිය

M U R A G A L A

Archaeology, History, & Culture

ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary

පර්යේෂණාත්මක බ්ලොග්කරණයේ රැඩිකල් පැත්ත

අසමි දකිමි සොයමි

ජීවිතයේ සියල්ල සරලව

~~~ පහන් යාය ~~~

Glory of a regional historical and sub cultural heritage

sugv

Glory of a regional historical and sub cultural heritage

රතු රජරට

Glory of a regional historical and sub cultural heritage

.: මල් කැකුළු : Sri Lankan Kids :.

Glory of a regional historical and sub cultural heritage

හෙළයේ ඉතිහාසය

අපේ ඉතිහාසය කාලයේ වැලිතලාවෙන් වැසී යන්නට ඉඩ නොදී ඔබේ දෑස මානයට ගෙන ඒමට හෙළයේ ඉතිහාසය දරනා උත්සාහයට සහය දෙන්න

Glory of a regional historical and sub cultural heritage

සංස්කාර විනිවිද

arts history archaeology films books

අරුණි ශපීරෝ‍ වෙතින්

ධනාත්මක චින්තනය හා දාර්ශනික සිතුවිලි

WordPress.com News

The latest news on WordPress.com and the WordPress community.

Follow

Get every new post delivered to your Inbox.

%d bloggers like this: