Skip to content

ලංකාවේ පළමු තුවක්කු හමුදා බලඇණිය

2012 සැප්තැම්බර් 23

පළමුවන රාජසිංහයන් නිර්මාණය කළ පළමු තුවක්කු හමුදා බල ඇණිය

පෘතුගීසී හමුදාවට සාර්ථකව මුහුණ දීම පිණිස නවතාක්ෂණය භාවිත කිරීමේ අවශ්‍යතාවය පළමු රාජසිංහයන් වටහාගත් බව පෙනේ. මෙහිදී තුවක්කු ආනයනය හෝ මෙහිම නිෂ්පාදනය මෙන්ම නවතාක්ෂණය පරිහරණය කිරීමේ පුහුණුවද අත්‍යවශ්‍ය වෙයි.   මේ දක්වා ගතව ඇති වසර දහස් ගණනක් තුළ දිවයින රැකගත් ලාංකේය රණවිද්‍යාව තුළ තුවක්කු වලින් සන්නද්ධ බලඇණි ගැන තොරතුරු සෙවිය නොහැකිය.  පළමු රාජසිංහයන් පෘතුගීසීන් පලවා හරින්නට කර ලද යුද්ධ වලදී පළමු වරට  සිංහල හමුදාව තුවක්කු භාවිතයට ගත් අවස්ථාව දැකිය හැකිය.

සිංහලයන් මීට පෙර තුවක්කු දැක නැති බවත් එය උගත්තේ පෘතුගීසීන්ගෙන් වියහැකි බවත් ඇතැමෙකු සිතති. එහෙත්  තුවක්කු නිපදවීම ඊට පෙර සිටම දැන සිටි බව මහාචාර්ය තෙන්නකෝන් වැනි වියත්තු පෙන්වා දෙති.  බොණ්ඩික්කුල  යනු සිංහලයන්ගේ විශේෂ තුවක්කු වර්ගයක් හැඳින් වූ  නමකි.  එය අරාබි “බණ්ඩක්” යන වදනනින් බිඳී ආවක් බව කියවේ. එහෙයින් තුවක්කු නිෂ්පාදනය පෘතුගීසින් ගෙන් උගත්තක් නොවන බව පැහැදිලි කළ හැකිය. එය පෘතුගීසීන්ගෙන් උගත්තක් නොවන බව ඔවුන්ගේම ලේඛනවලින් ද  පැහැදිලි වේ. 1515 රිබෙයිරෝ වාර්තාවල කොඩිතුවක්කු ගැන සඳහන් වේ. ඔහු ඒවා මීට පෙර දැක නොතිබූ  අමුතු වර්ගයක් බව කියන්නේ එහෙයිනි. දෙකට බෙදී ගිය මහත කඳක් සහිත එය අරාබි තුවක්කුවට සමාන විය. ඒ නිසා සිංහලයන් ඒ  උගත්තේ පෘතුගීසීන්ගෙන් නොව අරාබි ජාතිකයන්ගෙන් බව නිගමනය කිරීම සාධාරණය. පෘතුගීසි ආභාසයෙන් ඒවා නවීකරණය වුනා වියහැකිය.

ක්‍රිස්තු වර්ෂයට  පූර්ව ශත වර්ෂ ගණනාවකට පමණ පෙර පඤජාබය හරහා ඉන්දියාවට සංක්‍රමණය වූ ආර්ය පිරිස් අතර සිටි “දේවකම්මාලර්වරු”යනු යකඩ වානේ ශිල්පීන් බව කියනු ලැබේ. එම දේවකම්මාලර් ආර්ය පිරිස් හෝ කම්මාලර්වරු ඉන්දියාව පුරා පැතිරයමින් ලංකාව බුරුමය සියම ජාවා ආදීයේද පැතිර ගිය බව පෙනේ. පාකර් මහතාට වසර 2000 ට පෙර  අර්ධ වශයෙන් වානේ බවට පෙරලූ ආයුධ තිස්සමහාරාමයෙන්ලැබී ඇති බව කියවේ. ආනන්ද කුමාරස්වාමි ගවේශන මගින් උග්ගල් අලුත්නුවර  තදාසන්නයේ  තිබෙන  යකඩ නිෂ්පාදනය හා යකඩ වානේ කර්මාන්තයද මහත් සම්භාවනාවට පාත්‍රව ඇත.  සමාජ විද්‍යාඥයන් හා ඉතිහාස විශේෂඥ මතයන් අනුව 16 ,17,18 සියවස්වල ලංකා ජනගහනයෙන් ආචාරිපංගුවේ අය  10% තරම් වී ඇති බව ප්‍රකාශිතය. එහෙයින් යකඩ වානේ භාවිතයෙන් සෙසු ආයුධ සේම තුවක්කු නිෂ්පාදනය ද ලාංකිකයන්ට අරුමයක් නොවීය.

 නිෂ්පාදනය හා  ගුණාත්මක වටිනාකම

1660 ලංකාවට පැමිණි රොබට් නොක්ස් සහතික කරන්නේ යුරෝපීන්ගෙන් පැහැරගත්  තුවක්කුවලට වඩා සිංහල තුවක්කු විශිෂ්ට බව ය. ස්පාඤ්ඤ ජාතිකයකු  වන පෛfරියා- වයි සෝසා මුළු පෙරදිගින් අතිවිශිෂට තුවක්කු සිංහලයන් හැදූ බව කියයි. ප්‍රංශ ජාතික පෛරාඩ් තෙපා තුවක්කු හා අනෙක් තුවක්කු සෑදීමේ ලා සිංහලයන් දැක්වූ දස්කම් ගැන පුදුමවූ බව පැවසේ.  එ බැවින්  මෙරට කාර්මිකයන්ගේ ශිල්පීය නිපුණතාව ගැන සැක කළ නොහැකි වෙයි. කඳු මතට පහසුවෙන් ගෙනයා හැකි පාදතුනක් සහිත කොඩිතුවක්කුව ඇතා පිටේ ද තබා  භාවිත කළ හැකි විය. මේ අනුව  සිංහල සටන් උපක්‍රම වලට ගැලපෙන ආකාරයෙන් තුවක්කු සකස් කිරීමට  ඉතා කඩිනමින් මෙම ශිල්පීන් ප්‍රගුණ කරගෙන තිබූ බව පෙනේ. ඒ නිසා වඩනතුවක්කු, ගිනිතුවක්කු, බොණ්ඩික්කුල හෙවත් ගල්තුවක්කු,  අත්තුවක්කු ආදී තුවක්කු වර්ග රාශියක් පිළිබඳ තොරතුරු හමුවේ.

තුවක්කු කඳ දැරීමට අවශ්‍ය මිට සකස් කිරීම පිණිස විවිධ සතුන්ගේ අංවර්ග මෙන්ම දේශීය දැව වර්ගයක් වූ ගංසූරිය ඉතා හොඳ බව  හටන්පල නවන් දන්නා ඇත්තෝ කියති. සිංහලයන් රාත්‍රි කාලයේදී වෙඩිතබා බලකොටුවේ දැල්වෙන පන්දම් නිවාදමා සටනට වදින හෙයින් කොටුවේ සිටි පෘතුගීසීන් සිංහල සටන් උපක්‍රම හමුවේ අසරණව ගිය ආකාරය ක්වේරෝස් වාර්තා මගින් දක්වයි. ඒ අනුව නිෂ්පාදන නිපුණතාවන් මෙන්ම පුහුණුව ද ඉතා ඉක්මනින් ලබා ගැනීමට රාජසිංහ හමුදාවන්ට හැකි වී ඇති බව පෙනේ.

උග්ගල් අලුත්නුවර, බොල්තුඹය වැනි දේවාලයන්හි  නැකත් සංඥා කිරීම පිණිස  දැනටත් පාවිච්චිවන පුරාණ කාලතුවක්කුව ද තෙපා තුවක්කුවකි. උග්ගල් අලුත්නුවර දේවාලයේ උත්සව අවස්ථාවන්හි වසර සිය ගණනක් තිස්සේ මහා හඬින් ගිගුම් දෙමින් සංඥාකරන දැනටත් භාවිතයේ ඇති කාලතුවක්කුව 19 සියවසේ මැද භාගයේ පමණ නිෂ්පාදිත එකක් සේ සැලකේ. එය  හටන්පල යකඩ වානේ ගම්මානයේ සිටි මූලාචාරියා වූ උක්කු නයිදේගේ නිර්මාණයක් බව කියවේ.  තුවක්කුව දැල්වීම සඳහා මේ දක්වා ගෙබලන පංගුවේ රාජකාරි ඇත්තකු විසින් තමාට ලබා දෙන  තරම අනුව බෙහෙත් යොදවා  වෙඩි කොටනු ලබන බව කියයි.  අවශ්‍ය ප්‍රමාණය ගණනය නොකළ තරම් වෙඩි බෙහෙත් යොදන ලද්දේ වුවද  ඇතුලතින් ඇතිවන  පීඩනයට ඔරොත්තු දී එය තවමත් නිරුපදිතව  පවතී.  අදාල රාජකාරි ඇත්තා වූ ගෙබලන පංගුවේ අයගෙන් දැමිය යුතු වෙඩි බෙහෙත්  ප්‍රමාණය ගැන විමසූ විට ලැබුණ පිළිතුර වූයේ වෙඩිබෙහත් ප්‍රමාණය වැඩි කළ විට සද්දයද වැඩිවන බව පමණකි. කොපමණ ප්‍රමාණයක් දැයි විමසූ විට සෑහෙන තරමක් කීවා මිස නිශ්චිත ප්‍රමාණයක් නොකීය. මෙසේ  විමසන්නේ ශබ්දයේ අඩුබවක් නිසා බව  සිතූ හෙතෙම පැවසුවේ වෙඩි බෙහෙත් ස්වල්පයක් ගෙනවිත් දී විශාල ශබ්දයක් බලාපොරොත්තු වීම යුතු නැති බවය.  විශාල ප්‍රමාණයක් දැමුවොත් කඳ පුපුරන එකක් නැද්ද ? මගේ විමසීමට ඔහුගේ ක්ෂණික පිළිතුර වූයේ “එහෙම නෑ මේ තුවක්කු ව හැදුවේ හටන්පල හිටිය අපේ  උක්කු නයි‍ඳේ ඔහුගේ සාඩම්බර පිළිතුර විය. දේශිය යකඩ වානේ භාවිතයෙන් නිර්මිත එම තුවක්කුව ද නානුමුර මංගල්‍යය දින රාත්‍රී අන්‍ය ලෝහ භාණ්ඩ මෙන්ම නවන්දන්නා පංගුවේ ශිල්පියා පරීක්ෂා කරයි. තවත් වසර සියගණනක් වුවද එය පවතිනු ඇති බව ඔහුගේ  ද  නිගමනය විය.

මේ සියල්ලෙන් අනියමින් ඇඟවෙන්නේ කුමක් ද හටන්පල දැනමුත්තන්ගේ හා දේවාලයේ දැන මුත්තන්ගේ කතාවන් ද අනුව රාජසිංහයන්ට අවශ්‍ය ආයුධ කම්හල් පැවතියේ මේ පෙදෙසේ බව නිගමනට සාධාරණ හේතු ඇති බවය. බෙල්ගේ කෑගලු  වාර්තා හතරකෝරලේ යකඩ වානේ නිපදවීම ගැන කියවේ. හටන්පල මෙන්ම හතරකෝරලේ ඇත්තන් අතරද පවතින පාරම්පරික ඥාති සම්බන්ධතා අදටත් දැකිය හැකිය.

තුවක්කු හමුදාව පුහුණු කිරීම

1583 දී සිදුවූ මුල්ලේරියා වෙලේ පළමු රාජසිංහයන් කළ සටන පෘතුගීසීන්ට ඉතා දරුණු තම පරාජයක්  හිමිකර දුන්නකි.  මුල්ලේරියා වෙල ලෙයින් රතු කරන ලද බව කියවෙන මෙහිදී සමූලඝාතනය වූ පෘතුගීසි භට සංඛ්‍යාව 1600 ක් පමණ බව කියවේ. එය ඔවුනට පෙරදිග රටක සටනකදී  අත්කරදුන් ලොකුම පරාජය බව ද වාර්තා වේ.

1587 කොටුව වටලද්දී රජු සතුව තිබූ තුවක්කු හමුදාංකයේ විස්තර ද කූතෝ, ක්වේරෝස් වැනි අයගේ වාර්තා මගින් ද  තහවුරු වෙයි.   කොටුව වැටලූ රාජසිංහ හමුදාවේ බලකාය 50,000 ක් බවත් ඉන් 150 ක්  කාලතුවක්කු වලින් සන්නද්ධ බවත් ලෝහ කරුවන් 400 ක් සිටි බවත් කූතෝ කියන අතර එහි සිටි “මුක්කර හමුදා” ඛණ්ඩයක් ගැනද කියවී ඇත. ලංකාවේ පුරාණ යුද්ධ විද්‍යාව  පිළිබඳ  ලද හැකිව ඇති තොරතුරු ස්වල්පයකි. ඒ අනුව  ඇත්, අස්, රිය, පාබල යන අංශ හතරකින් සමන්විත චතුරංගනි සේනාවක් ගැන කියවේ.

එහෙත් තුවක්කු සේනාංකයක් ගැන  තොරතුරු  පළමුවරට දැකිය හැක්කේ රාජසිංහ සටන් ව්‍යාපාරයේදීය.  එම සේනාංකය තම  ක්‍රියාකාරී මෙහෙවර ඉටු කර ඇත්තේ ප්‍රධාන වශයෙන් සාහයක බල ඇණියක් වශයෙනි.  රාත්‍රී කාලයේදී  ගිනිහුළු නිවාදැමීම තුවක්කු කරුවන් ගේ ප්‍රධාන කටයුත්තක් වී ඇත. ඇතුන් මත තබා ගත්නා කොඩිතුවක්කුව මගින් කරන ලද පහරදීම් ද ඇති බව පෙනීයයි.

සිංහල හමුදාවේ තුවක්කු පරිහරණයේ සුරුබුහුටි කම කෙතරම් දැයි කියන  ක්වේරෝස්  , සැට පියවරක් ඈතින් සිට පිහිතලය මත තැබූ වෙඩි උණ්ඩ පලන හැකියාව ගැන විශමයට පත්වෙයි.  එකම ඉලක්කයට එකපිට වෙඩි 5 ක් පිට පිටම එවීමේ හැකියාව ද ඔහුගේ විස්තරය තුළ වෙයි. රාත්‍රී යේ දැල්වෙන ගිනිහුළු නිවාදමා බලකොටුව අඳුරු කිරීමට තුවක්කු භාවිත කර ඇති අතර  අඳුර සමග කඩාවදින  ගරිල්ලා හමුදාවකට මුහුණ දීමට උපක්‍රම පෘතුගීසීන්ට නොවීය. මාස 24 ක් තිස්සේ  කොටුව වටලා තිබිණි. මේ නිසා ඔවුන් මුහුණ පෑ ආහාර හිඟය ද ඉතා දරුණු එකකි. එය කෙතරම් බලවත්ද යත්  බළලුන්ගේ මස් පවා අහාරයට ගෙන ඇති බවත් පරංගි දේසේ රජුට මර උන ගැනී ගිය බවත් ප්‍රසිද්ධ ජනකවියක ද කියවේ.  පෘතුගීසීන්ට ගෝවේ සිට ලැබුණ හමුදා ආධාර පමා වූයේ නම් කොටුව අතහැර දමන තත්ත්වයකට වැටී  තිබිණි.

ඉහත විස්තර කළ   අන්දමේ විශිෂ්ට දස්කම් දැක්වීම සඳහා ගුණාත්මක ආයුධ මෙන්ම සෑහෙන තරම් පුහුණුවක් ද අත්‍යවශ්‍යය. ඒ පමණක් නොව පුහුණුව සඳහා සුදුසු ආරක්ෂිත රහසිගත ස්ථානයක්ද  අවශ්‍යය . යුද්ධ කිරීමේදී අනභිභවනීය රණශූරයකු මෙන්ම සැලසුම් කිරීමේ ද බුද්ධිමය කුසලතාවෙන් පිරි අයෙකු ලෙස රාජසිහංයන්  එය  කර ඇත්තේ ඉතා උපායශීලී ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙනි.

සීතාවක පිහිටීම කෝට්ටේ සිට සැතපුම් 26 ක තරම් නුදුරේ විය. එහි සිට හමුදාවේ මෙවැනි නවීකරණයන් කරනවාට වඩා  උග්ගල් අලුත්නුවර ප්‍රදේශය වැනි ඈත ගම්දනවු  මධ්‍යස්ථාන කරගනිමින් හමුදාව රහසේ අවශ්‍ය විධිවිධාන සලසා ගන්ට  ඇතැයි සිතීම සාධාරණය.  සේනා සංවිධානය පිණිස තුවක්කු වැනි ආයුධ වලින් සන්නද්ධ   බලකායක්  සකස් කරගැනීමද  පුහුණු කිරීමද පිණිස සුරක්ෂිත පෙදෙසක් වශයෙන්  උග්ගල් අලුත්නුවරට  ද පිහිටීම ලබාදුන්  “එතරවා කෝරලය ප්‍රදේශය ඉතා ගැලපෙයි.

සීතාවක සිට සැතපුම් 40 ක් පමණ නැගෙන හිර දෙසින් මධ්‍ය කඳකරයේ ඇති උග්ගල් අලුත්නුවර මෙන්ම  හටන්පල ගමද බොල්තුඹය ප්‍රදේශයද ඇතුලත්  එතරවා කෝරලය  පෘතුගීසීන්ට අසන්නට හෝ දකින්නට  කොහෙත්ම ඉඩක් නොතිබිණි.  එතරවා කෝරල මුළුමනින්ම ගිරිදුර්ග ජලදුර්ග හා වනදුර්ග වලින් පිරී ගිය පෙදෙසකි. සබරගමු සමන්දේවාලයේ ආභරණ ඇතුළු වටිනා වස්තුව සතුරු උවදුරකදී රැක ගැනීම පිණිස පළමු රාජසිංහයන් විසින් බොල්තුඹය දේවාලය සකසා ඇති බව ලේඛන ගත සාක්ෂියකි. පසු කාලයක පවා මෙහි පැවති සුරක්ෂීත බවට තොරතුරු හමුවේ.  1619 දී පමණ කොන්ස්තන්තීනුද සා මල්වානේ සිට තමන්ට හමුවන සෑම ගම්බිම් හා ආගමික සිද්ධස්ථානද  ගිනි තබමින් එතරවාකෝරලයේ ඉඹුල්පේ දක්වා පැමිණ ඇති බව  කියයි.  එහෙත් ඉඹුල්පෙට  නුදුරේම පිහිටි උග්ගල් අලුත්නුවරට හෝ බොල්තුඹයට පැමිණි බවට කිසිදු සලකුණක් හමු නොවීමට එම භූගෝලීය විෂමතාව ද හේතුවුනා වියහැකිය. එතරවාකෝරලය නමින් එකල භාවිත වූ පෙදෙස, කලින්ද කී ලෙස ගිරිදුර්ග, වනදුර්ග හා ජලදුර්ග වලින්ද සුරක්ෂිත වූ  මහවලතැන්න සානුවේ  ගිණිකොණ දිග අන්තය වෙයි. මෙවැනි රහසිගත පෙදෙසක් තුවක්කු බලකාය මෙන්ම සෙසු බලකායන්ට  මනා ලෙස පුහුණු වීමට සුදුසුම පෙදෙසක් සේ තෝරා ගත්තා නිසැකය.

උග්ගල් අලුත්නුවර හා හටන්පල පුරාවෘත අනුව  යපස් ගොඩ දමා ඒ මගින්  යකඩ නිස්සාරණය කිරීම හා  යකඩ වානේ කර්මාන්තයද කාලයක් තිස්සේම තිබුණ බව මීට පෙර ලිපිවල දක්වා ඇත.“හටන්පල” යනු සටන් පැවති ප්‍රදේශයක් නොව යුද්ධායුධ සකස් කිරීමේ නිරතව සිටි ශිල්පීන්ගේ ගම්මානයයි. ඔවුන් සකස් කළ කඩු ඉතා සුවිශේෂ විය. රජුට හා රණ ශූරයාට ආයුධ සකස් කළේ ඒ ඒ අයගේ පෞරුෂයන්ට  ගැලපෙන ලෙස වෙන වෙනම  බවට ද තොරතුරු ලැබේ. මෙහිලා “වෛජයන්තය” වැනි තාක්ෂණික අත්පොත් පවා තිබිණි. 

නවන්කරන අය හෙවත් නවන්දන්නා අය තුවක්කු වැනි නව ආයුධ නිෂ්පාදනයේ ශූරයන් වශයෙන් හටන්පල ආචාරිපංගුවේම විශේෂ කොටසක් ලෙස වෙන්ව සිටියහ.  නවන් කරන අය සඳහාම තිබූ  විශේෂිත ගම හටන්පලට නුදුරුව ඇති නවන්හැදූ ගම හෙවත් පසු කාලයේ  හැඳින්වූ පරිදි නැදුන්ගමුව විය.  යහමින් යකඩ නිස්සාරණය කළ බවට සාධක ඇති හතරබාගේ සහ කිංචිගුණය ගම්මානය ආසන්නයේ තිබූ මේ පෙදෙස මැදුන්ගමුව ලෙසින්ද හැඳින් වූ බව දේවාලයේ පුරාණ ලේඛනය අනුව පෙනේ. (නැදුන්ගමුව හා කිංචිගුණේ  ගම්මාන දෙකම වළවේගංගාවට ආසන්නයේම විය. ඒවා දැනට සමනළවැව ව්‍යාපාරය නිසා යටව ගොස් පවතී.)  දුරාතීතයෙම් නැදුන්ගමුවෙන් පැමිණ හටන්පල පදිංචිවූ නවන් කරන පංගුවේ කොටසක් වෙති. පසු කලක රත්නපුරේ සිටි ඉංග්‍රීසි දිසාපතිවරුන්ට තම හපන්කම් පෙන්වූ උක්කුනයිදේ ගේ පරම්පරාව එසේ පැමිණි අය වෙති. දැනට සිටින නවන් කරනලාගේ පියසේන මහතා උක්කුනයිදේගේ මුණුපුරෙකි.  වයෝවෘද්ධව දැනටත් සිටින පියසේන මහතාටඅද පවා වානේ භාවිතයෙන් අලුත් අලුත් දේ තනා දස්කම් දක්වන්නට හැකියාව ඇති සේ ප්‍රසිද්ධය.දේවාලයේ පුරාණ ලේඛනයේ දැක්වෙන  කදිරසිංහා   හෝ  තවත් විටක කදිරසිංහ තන්ත්‍රියා වශයෙන් හැඳින් වෙන්නේ හටන්පල සිටි නායකයා හෝ ඔහුගේ පරපුරේ අය වෙති. ගැට්ටපාන වන්නිරාල, කදිංරසිංහ තන්ත්‍රී,  බඩහැල වන්නිරාල, කෝට්ටයා කන්දේ වන්නිරාල  වැනි “වන්නි නායකයන් සේ පැවසෙන පිරිසක්ම දේවාලයේ පුරාණ ලේඛනයතුළ හමුවේ. ඒ අය ඒ ඒ  ජනකණ්ඩායම් වල නායකයන් ද වූහ.

මෙහි කාලයකට උඩදී මුක්කරුන්ද  වාසය කළ බවත්   ඔවුන් මැණික් ගැරීමේ නිරත වූ පිරිසක් බවත්  ප්‍රදේශයේ ජනශ්‍රැතිය පවසයි.  උග්ගල් අලුත්නුවර හා තදාසන්නයේ දැනුදු පතල් කැනීම්වලදී මැණික් ලබාගත නොහැකි එහෙත් මැණික් අඩංගු ඉල්ලමක ස්වරූපයට ඉතා කිට්ටු ඉල්ලම් ගොඩවල් ලැබෙන බව පැවසේ. ඒවා ගැරුම් කරුවන්  හඳුන්වන්නේ  “මුක්කර ඉල්ලම් ගොඩවල්” ලෙසිනි. මුක්කර ගොඩවල් දුටු විගසින් හඳුනා ගැනීමට  මෙහි පතල් කරුවෝ සමත් වෙති.

මේ ප්‍රදේශයේ සිටි සේනාංක සම්බන්ධීකරණය කරන ලද සෙනෙවියා වූයේ මැදගම බණ්ඩාර  බව දේවාලයේ පුරාවෘත අනුව පෙනේ. පළමු රාජසිංහයන්ගේ හමුදාවේ “වන්නිවරුන්” සේ සඳහන් වන පිරිසක් මෙන්ම “මුක්කර සේනාවක්” ගැනද කියවේ.  වන්නි රාලවරුන් නමින් මෙහිසිටි පිරිස රාජසිංහයන් පිළිබඳ මූලාශ්‍රවල ඇති වන්නිවරුන් වියහැකිය. රාජසිංහයන් උතුරේ වන්නි පෙදෙස් ජයගත් බවට සාධකයක් හමු නොවන බැවින් වන්නිවරුන් ලෙස කීවේ ගැට්ටපාන වන්නිරාල, බඩහැල වන්නිරාල සහ කෝට්ටයා කන්දේ වන්නිරාල වැනි නායකයෝ වෙතියි නිගමනය කළ හැකිය.

අංගම් හා ඉලංගම් සටන් රාජසිංහයන් මෙන්ම රාජසිංහ හමුදා සමග ද නිතර කියවේ.  එය හමුදාවේ වැදගත්ම කොටස ද විය. එහෙත් එවැනි සටන් ශිල්පීන් පිළිබඳ තොරතුරු හෝ මේ ප්‍රදේශයේ සිටි බවට තොරතුරු මෙහි ජනප්‍රවාදයේ ඉතා විරලය. එහෙත් දේවාලයේ පෙරහර බැසීමට ආසන්න මොහොතේ මළුවේ විදානේ විමසන සාම්ප්‍රදායික නියෝගාත්මක ප්‍රකාශයේ සඳහන් මේ වගන්තිය බලන්න.

 “ආලත්ති අංගං ඉලංගං වලින් ඇවිල්ල ඉන්නවද?  ගංදෙකේ නිලමක්කාරයෝ ඇවිල්ල ඉන්න වද ? නීලපන්දම අරන් වරේන් රාජකාරියට ලැහැත්ති වෙයල්ල”  

මේ ප්‍රකාශය හෝ පැනය ඈත අතීතයේ සිටම පරපුරෙන් පරපුරට පැවත එයි. අදත් පෙරහර ආසන්නයේ දේවාලයතුළ නිහඬතාව බිඳිමින් මළුවේ විදානේ වෙතින් හඬනැගී පැතිර යයි.  “ඌරා ලිඳ” යන ව්‍යවහාරය මෙහි පැරැන්නන්ට හොඳට පුරුදු එකකි. දැනට වයෝවෘද්ධව සිටින අත්තනායක මොහොට්ටාල නිළමේ වරයකු වන ඒ.එම්.එස්.එම්. කරුණාරත්න බණ්ඩාර මහතා මෙන්ම සෙසු පැරැන්නෝද උග්ගල් අලුත්නුවර ආශ්‍රිතව  ස්ථාන කීපයක  පැවති ඌරා ලිංගැන තොරතුරු පවසති. තදාසන්න පුරාණ ගමක් හැඳින් වෙන්නේ “අම්පිටියාවත්ත” නමින් වන අතර උග්ගල් අලුත්නුවරට පරිවාර දේවාලයක් සේ සැලකිය හැකි අම්මඩුව ප්‍රදේශය යනු ද විශේෂිත නමකි. බළන්ගොඩ යන වදන සකස්වී ඇත්තේ “බළඇණිගොඩ” යන වදනෙන් බව පවසන රාජකීය පණ්ඩිත  අතිපූජ්‍ය පණ්ඩිත සුධම්මවංශ මහා හිමිපාණන්වහන්සේ බළන්ගොඩ මධ්‍යමහා විද්‍යාලයට වස 20 කි පිරීම නිමිත්තෙන් සකස් කළ සමරු කලාපයට සපයන ලිපියකදී එකල යාපාමහරජුගේ සේනාව මෙහි රැඳීසිටි බව ලියමින් බළනුගොඩ නම සකස් වී ඇත්තේද බළඇණි රැඳී සටීම නිසා වියහැකි බව ජනප්‍රිය මතයක් සේ දක්වති.   බළන්ගොඩ යනු ද එතරවාකෝරලයේ පිහිටි ගමකි. අද එය  බළන්ගොඩ නගරයයි.

දැනට දශක  6 කට පමණ පෙර උග්ගල් අලුත්නුවර දේවාලයේ ඇසළ පෙරහර තුළ පැවති බව දක්වන පේලි නැටීම කොටි නැටුම, වලස් නැටුම, නෝක්කු දැරීම, ඉතා උස් කුඹයක සිට බඳින ලද කඹේ නැටීම වැනි පැරැන්නන් විශ්මයෙන් විස්තර කරන නැටුම් අංග සියල්ලම දරුණු පොර බැදීම් සේ දිස් වූ බව කියති. මෙහි කු‍ඹේ බදින ලද කඹේ නැටමු සඳහා පැමිණ ඇත්තේ කාන්තාවකි. ඇය දෙමළ ලියක් බවද කියවේ. අභාවයට ගොස් ඇති මේ නැටුම් ගැන විස්තර වෙනම දැක්විය යුතු වෙයි. දැනටත් දැකිය හැකි  දිග්ගේ නැටුමද පුරාණයේ පැවති එහි අඩව් වලදී සටනක ස්වරූපයට හැරුන බව පැරැන්නෝ කියති. මේවා ඇතැම් විට පුරාණ සටන්ක්‍රම ආශ්‍රයෙන් සකස් වුනා වියහැකිය.

රජු වැඩසිටි රහස්මාලිගාව  තිබූ  මැද්දේගම් නුවර යනුවෙන් නුවරක් ගැන පුරාණ ලේඛනයේ කියවෙන අතර උග්ගල් අලුත්නුවරට පිවිසුම ආසන්නයේ ඇති එක් ස්ථානයක් මාලිගා ගොඩැල්ල නමින් හැදින්වේ.  එහි රජුගේ  ගමන්මාලිගාව තිබුණ බව දේවාලයේ තොරතුරු ඇති පුරාණ ලේඛනයේ කියවේ. මෙවැනි ගමන්මාලිගාවන් තිබූ ස්ථානයක් වෑලියේද ඇත. ඒ කිසි තනක ගොඩනැගිල්ලක් නැතත් ස්ථානය මාලිගා ගොඩැල්ල ලෙස ව්‍යවහාර වෙයි. අතර පුරාණ ලේඛනයේ එය හැදින්වෙන්නේ වෑඑළිතැන්නේ ගමන්මාලිගය සේය.

රජුගේ සංචාරයන්හි දි තාවකාලිකව ලැගුම් ගැනීමට පිළයෙල කරන නිවහන ගමන්මාලිගය සේ ව්‍යවහාර වි ඇති අතර මැද්දේගම් නුවර යන්න රාජසිංහයන්ගේ රහස්මාලිගය තිබූ ස්ථානය ලෙස සැලකේ.  ප්‍රබල සතුරකුට මුහුණ දීම පිණිස සූදානම් වීමේදී මෙවැනි රහස් මාලිගා සහ ගමන්මාලිගා වැනි ස්ථාන වැදගත් වේ. සිංහල රජවරුන් තම රාජධානියේ විවිධ පෙදෙස්වල තාවකාලිකව නතර වෙමින් චාරිකා කිරීමේ පුරුද්දක් වූ බව රොබට් නොක්ස් වාර්තා මෙන්ම ජනකතාවලද බහුලය. මේ අවදියේ රටේ පැවති අවුල් වියවුල් සහ කුමන්ත්‍රකාරී තත්ත්ව නිසා ගමන් මාලිගා මෙන්ම කලක් රැඳී සිටි  රහස්මාලිගා ද විශේෂීත ස්ථානවල තිබුණි.

මෙවැනි තොරතුරු මගින්  රාජසිංහයන්ගේ විශේෂිත සේනාංක  පුහුණු කළ ප්‍රදේශයක් වශයෙන්  මේ පෙදෙස් භාවිත වූ බව නිගමනය කළ හැකිය. ……. මැදගම වනාන්තරේ නුගසෙවනේ වැඩසිටගෙන දෙකෝරලේ සේනාව දක්කවා ගන්නා වේලාවට සංඛ නාදයක් කණ් ආභරණේ වැටීමෙන් අහවදාල කල්හි…….යනුවෙන් දේවාල පුරාණ ලේඛනයේ  වාර්තාව මේ නිගමනයේ ලා  සැලකියය යුතු රුකුලක් වෙයි. මෙහිදී සේනාංක විධායකයා වූ මැදගම බණ්ඩාරයන් විසින් රජුට දී ඇති පිළිතුර අනුව රජු විසින්   බාරවී ඇත්තේ මේ යන යුධ ගමන සාර්ථක කර දෙන ලෙසත් ඉන් පසුව අලුතෙන් නව දේවාලයක් තනා දෙනබවට පොරොන්දු වෙමිනි.

සීතාවක රාජධානියේ තතු දක්වන ලිඛිත මූලාශ්‍ර සියල්ලම පාහේ සටන්  පිළිබඳව  විනා එකල පැවති පාලන පරිපාලන සංවිධාන රටාවන් ආර්ථික හා සාමාජයීක සංස්කෘතික තොරතුරු වැනි  දෑ ගැන ඇති තොරතුරු වලින් දුප්පත් ය.  සැවුල් සංදේශය වැනි  ග්‍රන්ථයක් හැරෙන විට  උපයෝගී කරගැනීමට ඇත්තේ උග්ගල් අලුත්නුවර දේවාලය වැනි එකල ඉදි කරන ලද පූජනීය ස්ථාන සම්බන්ධ පුරාණ ලේඛන හා ජනශ්‍රැතිය වෙයි.


පරිශීලන ග්‍රන්ථ හා ලිපි

  • සීතාවක උන්නතියේද අවනතියේද සමහර අංශ පිළිබද විමර්ශනයක් – මහාචාර්ය රිසිමන් අමරසිංහ

  • උඩරට මහකැරැල්ල – මහාචාර්ය තෙන්නකේන් විමලානන්ද

  • සිංහල සමාජ සංවිධානය – මහාචාර්ය රැල්ප් පීරිස්

  • සපරගමුවේ පැරණි ලියකියවිලි – රාජකීය පණ්ඩිත පූජ්‍ය කිරිඇල්ලේඤාණවිමල හිමිපාණන් වහන්සේ

  • විකිපීඩියා ශබ්ද කෝෂය – උග්ගල් අලුත්නුවර හා මන්දාරම් පුවත හා කුස්තනතීනු හටන විකි පොත් – අන්තර්ජාලය

  • ඉංග්‍රීසි විකි පොත් 1 රාජසිංහ විකිපොත් – අන්තර්ජාලය

  • මන්දාරම් පුවත

  • මෙම බ්ලොග් සටහන් අතර පවතින උග්ගල්අලුතුනුවර ජනකතා, හටන්පල යකඩවානේ ගම්මානයේ විස්තර හා දේවාලයේ පුරාණ ලේඛනය පිළිබඳව  ඇති පූර්ව ලිපි

  • සැවුල් සන්දේශය

  • කුස්තන්තීනු හටන

  • බළන්ගොඩ මධ්‍ය මහාවිද්‍යාලයීය 20 වස් සමරු කලාපය

About these ads
ප්‍රතිචාර 3
  1. තනි වදනකින් ලැබුණු ඔබේ ප්‍රතිචාරය ඉතා කදිමයි. එය බොහෝ දෑ පවසයි මට මහත් දිරියකි. හිතවත

Trackbacks & Pingbacks

  1. තිදස කෙලපු ජය රණ කෙලි පෙරහර ! | sugv

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / වෙනස් කරන්න )

විද්‍යා විජ්ජා | Science Magic

Glory of a regional historical and sub cultural heritage

sugv

Glory of a regional historical and sub cultural heritage

Aru-ge adaviya

Just another WordPress.com site

Sinhala story Blog

for Sinhala readers

මගේ රට | My Country

Glory of a regional historical and sub cultural heritage

Pradeep's page (ප්‍රදීප්ගේ පි‍ටුව)

Glory of a regional historical and sub cultural heritage

සසිදුගේ blog අඩවිය

Glory of a regional historical and sub cultural heritage

Thambaru's Blog

To be bloomed over the mud...

Open Minds! (formerly: Moving Images blog)

An opinionated Asian comments on media, science & development - NOTHING official about this!

Glory of a regional historical and sub cultural heritage

පඨිත

සමාජ විද්‍යා හා සංස්කෘතික අධ්‍යයන ශබ්දකෝෂය

Gold fish ගේ blog ටැංකිය

:) , :( , ;) , :o , අතර ♥ත් සමගින්...

Glory of a regional historical and sub cultural heritage

Glory of a regional historical and sub cultural heritage

Glory of a regional historical and sub cultural heritage

Glory of a regional historical and sub cultural heritage

ආගිය කතා

Glory of a regional historical and sub cultural heritage

Just another WordPress.com site

මුතුහර

සාර සංග්‍රහය

මීදුම.

Glory of a regional historical and sub cultural heritage

බෞද්ධ තොරතුරු සංචිතය

“යෝ ධම්මං පස්සති සෝ මං පස්සති” යමෙක් ධර්මය දකී ද හේ මා දකී.

Glory of a regional historical and sub cultural heritage

Glory of a regional historical and sub cultural heritage

බළන්ගොඩ නගර සභාවේ නිල බ්ලොග් අඩවිය

ශ්‍රී ලංකාවේ පලාත් පාලන ආයතනයක් ආරමිභ කල පළමු බ්ලෝග් අඩවිය

M U R A G A L A

Archaeology, History, & Culture

ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary

පර්යේෂණාත්මක බ්ලොග්කරණයේ රැඩිකල් පැත්ත

විචාරකගේ අඩවිය

~~~ පහන් යාය ~~~

Glory of a regional historical and sub cultural heritage

Glory of a regional historical and sub cultural heritage

.: මල් කැකුළු : Sri Lankan Kids :.

Glory of a regional historical and sub cultural heritage

හෙළයේ ඉතිහාසය

අපේ ඉතිහාසය කාලයේ වැලිතලාවෙන් වැසී යන්නට ඉඩ නොදී ඔබේ දෑස මානයට ගෙන ඒමට හෙළයේ ඉතිහාසය දරනා උත්සාහයට සහය දෙන්න

සංස්කාර විනිවිද

arts history archaeology films books

අරුණි ශපීරෝ‍ වෙතින්

ධනාත්මක චින්තනය හා දාර්ශනික සිතුවිලි

Follow

Get every new post delivered to your Inbox.

Join 25 other followers

%d bloggers like this: