සැඟවීගත් ඉතිහාසය 2.1 – උග්ගල් අලුත්නුවර   1 comment

උග්ගල් අලුත්නුවර දේවාලය කරවූ රජතුමා ප්‍රාදේශීය ප්‍රධානියෙක් විය හැකි ද ?

(මෙහි මුල් කොටස සැඟවීගත් ඉතිහාසය 2 යටතේ මීට පෙර ලියන ලද ලිපිය බව සලකන්න)

දේවාල  පරිශ්‍රයේ පුරාණ ආකෘතිය වෙනස්ව ඇත්තේ මද වශයෙන් බව එහි දක්නට ලැබෙන ගොඩනැගිලි නෂ්ටාවශේෂ සාක්ෂි දරයි.

එහි වපසරිය දළවශයෙන් හෙක්ටයාර 5කට වැඩි බව බැලූ බැල්මටම පෙනීයයි. රූ සටහනේ පෙනෙන පරිදි පුරාණයේ  ඉදිකර ඇති   පෙරහර මග පමණක් කි. මී. ½  ක පමණ දිගු වටයකින් යුතුය.

උස්බිම් වලින් රැලිගැන් වී ගල් පර්වත සහිත ව තිබූ ප්‍රදේශය සුදුසු වන සේ සම භූමි කරවීමේදී ශේෂ වූ ගල් නිසි පරිදි හැඩගන්වා බැමි බැඳීම පිණිස යොදවා ඇත.  උස්බිම වටා එකිනෙකට උස්ව ඇති බැමි තුනක් වන සේ  බඳින ලද නිර්මාණය  දුරදිග සිතාමතා සකස් කළ සැලසුමක් අනුව මනා සංයමයකින් ඉටු කළ එකක් බව පෙනී යයි.   ඒ ආකාරයෙන් ඉදිරිකාලයේ  පාංශුඛාද‍නයෙන් ගරාවැටීම වලක්වන පරිදි මළුව සවිගැන්වීමෙන් අනතුරුව ඒ මත  ශක්තිමත් පදනම් සහිතව පූජනීය ස්මාරක ගොඩනංවා ඇත.

කලින් ලිපියේ කී පරිදි මාස 10 ක් තුළ පරිශ්‍රයේ කටයුතු නිමකර බෞද්ධ පූජනීය ස්ථානයක අංගයන්ද දේවමන්දිරද තනා ඇත. ඒ පමණක් නොව දේවාලයේ විවිධ තේවාවන් හා නඩත්තුව පිණිස පිටතින් ‍ද පිරිස් ගෙන්වා පදිංචි කරවා ඇත්තේද මේ කාලය ඇතුලතදීම බව පුරාණ ලේඛනය පවසන තොරතුරු අනුව පැහැදිලි වේ. රාජකාරි ඇත්තන්ගේ පරම්පරා නාමයන් විමසන විට හා ඔවුන්ගේ ජනප්‍රවාද අනුවද පුරාණ ලේඛනයේ පසන දෑ ඔප්පුවෙයි.  මෙලෙස සිද්ධස්ථානය තනා අවශ්‍ය කළමනාකරණ විධිවිධානද යෙදවීම ද රජතුමා විසින් සලස්වා ඇත්තේ මේ කාලය තුළදීම බව පුරාණ ‍ලේඛනය පවසයි.

චිරාත්කාලයක් පැවැතීම පිණිස ස්ථාපිත කරවා ඇති පරිපාලන විධිවිධාන

පුරාණයේ ස්ථාපිත උග්ගල් අලුත්නුවර දේවාල සම්ප්‍රදායේ විශාල කොටසක් තවමත් ජීවමානය. කුඹල් පෙරහර ,දෙවේලේ පෙරහර හා මහ පෙරහරේදීද මේ පුරාණ සිරිත් තවම පවතී. යුද්ධයට යාමට පෙර රජතුමා වී ඇති භාරය පුරාණ ලේඛනයේ විස්තරවන්නේ පහත සඳහන් ලෙසිනි. …සැපසේදිනාඑන්ඩඇරියොත්කන්දස්වාමීන්වහන්සේටමෙතනනුවරක්කරවාඊටගමුත්පුදවාදවසතුන්වේලේදන්මුළුතැන්සිද්ධකරවාඇසලමාසේටපෙරහැරකරවනහැටියටබාරවෙමින්….” ආදී වශයෙන් ආයාචනා කර කොස් පැළයේ රන්පනම් දහසක පඬුරු බැඳීමෙන් පො‍රන්දු වී තිබුණි. මැදගම වනාන්තරයේ තිබූ පුරාණ දේවාලය වෙනුවට අලුතෙන් නුවරක් ඉදි කර ඉමහත් ගෞරවයෙන් යුතුව අලුතෙන් ගොඩ නැගූ දේවාලයට ආභරණ වැඩමවීමේ මංගල්‍යය සිදු කිරීමේ පුවත විස්තරවන්නේද ද ඉතා විචිත්‍ර ආකාරයෙනි. භාරවී ඇති පරිදි ගම්බිම් කොටසක් පිදීම දේවාලය ඉදි කිරී පිණිස පැමිණි ගමනේදීම කලින්ම ඉටු කළත්, ඉදිරි පැවැත්ම තහවුරු කිරීම සඳහා වඩා විධිමත් පරිපාලන රටාවක් ස්ථාපනය කිරීමත් ඒ අනුව පෙරහර කරවා පෙන්වීමත් කළයුතුව තිබුණි. මේ සඳහා සැලසූ විධිවිධාන විශාල කොටසක් විශ්මය දන්වන ආකාරයෙන් අද සුරුක්ෂිතව ක්‍රියාත්මක වෙයි.  එම කළමනාකරණ සැලසුම අනුව සිදුවන දේවාල ක්‍රියාදාමය හෙවත් “රාජකාරි” අද වන විට පෙර සිරිත ඉටුකීරීම ලෙස ස්ථාපනය වී ඇත්තේය. එය රටට දායාද වූ විශිෂ්ට කලාත්මක සංස්කෘතික උරුමයක් ද වෙයි. ඇඳුම් පැළඳුම් සිරිත්විරිත් හා විවිධ නර්තනාංග හා ගායනයන්ද පඤ්චතූර්ය වාදන ශෛලීන්ද ඉතා විචිත්‍රය. ඒ පමණක් නොව මේ ස්ථානයට පමණක් අවේනික ඒවාද වෙයි.  ඉංග්‍රීසීන් විසින් 1870 විහාර දේවාලගම් පනත මගින් මේ සම්ප්‍රාදය ලේඛන ගත කිරීමට උත්සාහ ගෙන ඇත.  කොමසාරිස්වරුන් පැරණියන් විමසා එම තොරතුරු ලේඛන ගත කර ඇති බව පෙනියයි.  එම තොරතුරුවල සංකීර්ණත්වය  හා පිටස්තරයන්ට එකවර තේරුම් නොයන නිසා  නිවැරදිවම ලේඛනගතවී නැති බව පෙනීයන්නේ එහි නොසඳහන් නමුත් මේ වනතුරුත් පවතින පුරාණ වත්පිළිවෙත් රාශියක් තවමත් නිරුපද්‍රිතව දක්න ලැබීම නිසාය. පෙරසිරිත ලිඛිත වගන්තියකින් පැනවෙන විධානයකට වඩා බලසම්පන්නය. එය තම පරම්පරාවේ සාඩම්බර උරුමය ලෙස සලකන ආකල්ප ද දෙවියන්හා කෙරේ ඇති අප්‍රමාණ භක්තියද තවමත් මේ ඇත්තන් තුළ පවතී. තම රාජකාරියේ වැදගත් භුමිකාවන් “රාජකාරි රහස්” ලෙස තබාගත් බව පෙනේ. අද ද තමාගේඇවෑමෙන්හිමිකරදිමටතෝරාගත්ඥාතියාටහැරපවුලේඅන්අයටහෝ එම රහස් නොපවසයති. මෙහිදී රජතුමා විසින් ස්ථාපනය කර දී ඇති “පෙරසිරිත” නමින් හැඳින්වෙන  පරිපාලන විධිවිධාන සැලසීමේදී පුරාණ ලේඛනයේ දැක්වෙන දෑ  සාරාංශකර පහත දැක්වෙන සේ සැකසිය හැකිය. “…….දේවාලේ දහ අටක් තේවාව සිද්ධ කරන පිනිස……”

1

නාහැල්ලේ කිරි අම්මා වදාපු අම්මාප්පුහාම්වරු

7

2

මහවාසල රජ්ජුරුවන්ට දුක්ගන්නා කමට පැමිණ සිටිය හත් දෙනා අතරින්

2

3

මෙහි සිටි අයගෙන් කපුබත්වඩ නිල

2

4

නවරත්න ගණිතයා

1

5

කුමුද්‍රා හේනයා

1

6

මුළුතැන් (පිරිමි හෝ කාන්තා)

2

7

තේවකාරයෝ

14

8

ගබඩාවට අය උපදවන

7

9

ඉළඟන් ආරක්ෂක අව්දැරීමට බලය ලත් අය

2

10

සිඟාරක්කාරයෝ

10

11

බත්ලබයෝ

12

12

බඩහැලයෝ

2

13

උළු ඇන කැපූ ආචාරියෝ

2

14

කුලතොවිල් කාරයෝ

5

මේ අනුව විශේෂ තනතුරු ධාරින් 69 ක් ඇති කළ බව පෙනීයයි. පිදවිලිගම් වලින් එන අනෙකුත් අය ද ඇතුළුව මුළු කාර්ය මණ්ඩලය 99 ක් සිටි බව දැනමුත්තෝ පෙන්වා දෙති. ඒවායින් සමහරක් සමනළ වැව ව්‍යාපාරය ඉදිකිරීමට පවරාගැනීම නිසා රාජකාරිය සඳහා ලැබී තිබූ ඉඩම් අහිමිවීම හා එම රාජකාරි කරුවන් ප්‍රදේශයෙන් ඉතා ඈත පෙදෙස්වල පදිංචියට යැවීම හේතුවෙන් දැනට අභාවයට ගොසින් පවතී. මේ වනවිට ඉතිරිව ඇති පරවේනි රාජකාරි ප්‍රමාණය 40 ක් පමණ බව දේවාලයේ ස්ථිර ප්‍රධාන විධායක නිළධාරියාවන අත්තනායක මොහොට්ටාල නිළමේවරයා පවසයි. මේ විශේෂිත තනතුරු සමහරක් හා ඒවායේ භූමිකාව මතභේදයන්ට ලක් නොවී විග්‍රහ කිරීම තරමක් උගහටය. උදාහරණ වශයෙන්බත්ලබයෝ යනු කවුද යන්න හරිහැටි හඳුනාගත නොහැකිය.සුමංගල ශබ්දකෝෂයේ වුවද දක්නට ලැබෙන්නේ “බත්බැලයෝ” මිස බත් ලබයෝ යන පදය නොවේ.

මෙහි අංක 1 සිට 14 දක්වා ඇත්තේ වගකිවයුතු නිළධාරී මණ්ඩලය වන අතර මහවාසලට වගකීම බැඳී තිබුණ නිල ලත් අය දෙදෙනෙක් රජුගේ කාර්ය මණ්ඩලයෙන්ම පත් කර තිබුණ බවක් ද ලේඛනය කියයි. ඒ අය රජුගේ දුක්ගන්නා කමට පැමිණ සිටි අයගෙන් පත් කළ බැවින් ඔවුහු රජ පවුලට ළඟ සම්බන්ධ කම් තිබූ උසස් අය බව නිගමනය කළ හැකිය. නාහැල්ලේකිරිඅම්මාවදාපුඅම්මාප්පුහාමිවරු වශයෙන් දැක්වෙන්නේ ද එකල සිටි රටේ වගකිවයුතු වැදගත් පරිම්පරා වල අය බව පෙනේ 1819 මේ ප්‍රදේශයට පැමිණි රොබට් බ්‍රවුන්රිග්ගේ රාජකීය වෛද්‍යවරයා(ජෝන් ඩේවි) හමුවේ මේ දේවාලයේ නිළමේවරයකු පැමිණ කළායයි වාර්තා කර ඇති ප්‍රකාශය තමන්ගේ වර්ගපරම්පරාවන්හි ඇත්තන් හා ලාංකික ජනතාව ඉංග්‍රීසීන් මගින් සමූලඝාතනයට ලක්ව මුළුමහත් වර්ගයාම අසරණව සිටි අවස්ථාවක කරන ලද්දකි. එසේ වුවද ජෝන් ඩේවිහමුවේ ප්‍රකාශ කර ඇත්තේ ඌවේ වැසියා ඉංග්‍රීසින්ගේ දුර්දාන්ත ක්‍රියාකලාපය හමුවේ දුක්විඳින බව හා එය අමනොඥ වැඩක් බව හැඟවෙනප්‍රකාශයක් මිස මේ රාජකීයයා හමුවේ තමාට කිසියම් පෞද්ගලික ලාභ ප්‍රයොජන ලබා ගැනීමේ ආයාචනයක් නොවීම අභිමානවත් පරපුරක ප්‍රභාව හඟවන්නකි. පරිපාලන විධිවිධාන සැලසීමේදී දේවාලෙ තේවාව ඇතුළු මුරජාමවලට( දේවාලයේ දිවාරාත්‍රි ආරක්ෂක සේවය) අවශ්‍ය අය වෙනම පත් කර ඇත. වලේබොඩ, පල්ලෙකන්ද, දියඉන්න,ගලගම නින්දගම් නමයක් පුදවා පොල්ලමුරේගම ඇතුළුව ගම් හතලිස් අටක් පූජාකර අවශ්‍ය වන ආදායම් මාර්ග සැලසුවාක් මෙන්ම ඒ සඳහා වෙනම නිළ මඩුල්ලක් ද ස්ථාපනය කර ඇත. මේ ඇතැම් ගමක් හඳුන්වා ඇත්තේ එම තේවාවේම නමිනි. වර්තමාන ව්‍යවහාරයේද පවතින උදාහරණ කිහිපයක් පමණක් පහත වගු සටහනේ දැක්වේ. (මේ සම්බන්ධ වැඩි විස්තර හා තොරතුරු කුලක්‍රමය හා රාජකාරි තේමාව යටතේ ඉදිරියෙදී ලියැවෙනු ඇත. )

ගම්ප්‍රදේශයේනම

නියමිතරාජකාරිය හෝදේවාල තේවාව

බුලත්පංගුව හෝ දළුමුරුපංගුව

දේවාලයට බස්නායක නිළමේට හා මොහොට්ටාල නිළමේවරුන් වැනි විධායක ශ්‍රේණියේ ඇත්තන්ට  බුලත් ගෙන ඒම පෙරහර දිනවල දැනුදු සිදුවේ

සුදුහකුරු පංගුව

දේවාලයට හා ඉහත කී අයට නෑඹුල් මලේ (මුලින්ම හටගත් කිතුල් මලේ)පැනි මගින් සකස් කළ හකුරු සැපයීම

පැනිපංගුව

දේවාලයට හා ඉහත කී අයට පැනි ගෙනඒම(කිතුල් පැනි)දැනුදු පෙරහර දිනවල සිදුවේ

අලංකාරපංගුව

දැනුදු මහ පෙරහරේ දේවාභරණ රථය සැරසීමට හා අරංගුවට දෝතළු මල් ගෙන එන්නේ මේ ප්‍රදේශයෙනි

About these ads

One response to සැඟවීගත් ඉතිහාසය 2.1 – උග්ගල් අලුත්නුවර

Subscribe to comments with RSS.

  1. Pingback: මැද්දේගම රාජධානියේ ආරම්භය « sugv

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Glory of a regional historical and sub cultural heritage

බළන්ගොඩ නගර සභාවේ නිල බ්ලොග් අඩවිය

ශ්‍රී ලංකාවේ පලාත් පාලන ආයතනයක් ආරමිභ කල පළමු බ්ලෝග් අඩවිය

M U R A G A L A

Archaeology, History, & Culture

ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary

පර්යේෂණාත්මක බ්ලොග්කරණයේ රැඩිකල් පැත්ත

අසමි දකිමි සොයමි

ජීවිතයේ සියල්ල සරලව

~~~ පහන් යාය ~~~

Glory of a regional historical and sub cultural heritage

sugv

Glory of a regional historical and sub cultural heritage

රතු රජරට

Glory of a regional historical and sub cultural heritage

.: මල් කැකුළු : Sri Lankan Kids :.

Glory of a regional historical and sub cultural heritage

හෙළයේ ඉතිහාසය

අපේ ඉතිහාසය කාලයේ වැලිතලාවෙන් වැසී යන්නට ඉඩ නොදී ඔබේ දෑස මානයට ගෙන ඒමට හෙළයේ ඉතිහාසය දරනා උත්සාහයට සහය දෙන්න

Glory of a regional historical and sub cultural heritage

සංස්කාර විනිවිද

arts history archaeology films books

අරුණි ශපීරෝ‍ වෙතින්

ධනාත්මක චින්තනය හා දාර්ශනික සිතුවිලි

WordPress.com News

The latest news on WordPress.com and the WordPress community.

Follow

Get every new post delivered to your Inbox.

%d bloggers like this: