Skip to content

සැඟවීගත් ඉතිහාසය 2 උග්ගල් අලුත්නුවර

2012 අගෝස්තු 5

උග්ගල් අලුත්නුවර නව දේවාලය කරවූ මහ රජතුමා කවුරුන් විය හැකිද ?

මීට පෙර ලියන ලද සැඟවීගත් ඉතිහාසය අංක 1 ලිපියේ දක්වන පරිදි ආරම්භය පිළිබඳ එකිනෙකට පරස්පර මත දෙකක් ඇති බව කියවේ.  සීතාවක යුගයේ දැනට විද්‍යමාන පරිශ්‍රය හා පූජනීය ගොඩනැගිලි අලුතෙන් නිර්මාණය කරවා ඇති බව සෑම මූලාශ්‍රයකින්ම තහවුරු වේ. එහි ලී කැටයම් ගල් කැටයම් හා නිර්මාණ සැලසුම් ද සීතාවක හා මහනුවර  සමයට අයත් ඒවා වෙයි. එම  කාර්යයන් ඉටුකර ඇති ආකාරය  පිළිබඳ මූලාශ්‍ර වලින් ලැබෙන තොරතුරු ඉතා විචිත්‍රය. එහෙත් නිර්මාණ කාර්යයේ පෙරමුණගත් රජතුමා කවරෙක්ද යන්න මූලාශ්‍ර මගින් හඳුනාගෙන පැහැදිලිව පෙන්වීමට නොහැකිය. ඒ කවුද යන්න ගැන  ඒකමතික මතයක් ද  නොවේ. දේවාල ලේකම් මිටයේ ඇති පුරාණ ලේඛනයේ සහ කන්දකුමාරසිරිත කාව්‍යග්‍රන්ථයෙද පෙන්වා දෙන්නේ “යාපා මහ රජු” නමැති රජතුමකු විසින් එය කරවන ලද  බවකි. එහෙත් මේ යාපා මහරජු කවරෙක්ද ඔහුගේ රාජධානිය කුමක්ද යන්න අපැහැදිලිය. මේ රජු කවරෙක්දැයි තෝරා ගැනීමට තැත් කළ ඇතැම් විද්ව‍තෙක් මේ කිසියම් ප්‍රාදේශීය ප්‍රධානියකු වියහැකි බව අනුමාන කරති.

          

ජනශ්‍රැතියේ මෙන්ම ලේඛනගතව ද දැක්වෙන ලෙස මේ කටයුතු කරවා ඇත්තේ ශක වර්ෂ 1504 දී හෙවත්  ක්‍රි.ව. 1582 දී ය. බැලූ බැල්මට නිසැකවම පෙනී යන්නේ මේ පරිශ්‍රය හා  සිද්ධස්ථාන ගොඩනැගිලි ද හොඳින් සිතා මතා කරවන ලද්දක් බවය. එය උද්‍යාන විද්‍යා සහ වාස්තුවිද්‍යා විශේෂඥයන් විසින් සැලසුම් කර  විෂය විශේෂඥ කාර්මිකයන් හා  විශාල ජනතාවකගේ ශ්‍රමයෙන්  මහත් වගකීමෙන් ඉටු කර ඇති දැවැන්ත ව්‍යාපෘතියක් බවය.

පළමුවම  මහවනයකින් වැසී ගිය කඳු ගොඩැලි සහිත භූමි ප්‍රදේශය මධ්‍යයේ එක් උස් බිමක්  ඉතිරි කර  සමභූමියක් බවට පත් කර පෙරහර මාවත් සහිතව වීදි සකස් කර ඇත.  දෙවනුව මධ්‍යයේ ඉතිරි කළ ගොඩැල්ල  වට කර විශාල බැමිතුනක් බඳවා ගරානොවැටී කාලාන්තරයක් පවතින පරිදි මළුව සවිගන්වා සුරක්ෂිත කරවා ඇත. මළුව සඳහා ලබාගත් ගල්ද හැඩගන්වා සකස් කර ඇති බව පෙනී යයි. තෙවනුව එහි මුදුනත සමභූමියක් කර මළුව සකස් කර ඇත. සිව්වෙනුව පසෙකින් වඩා උස් ස්ථානයක් සකස් කරවා රෝපණය කර ඇත්තේ අනුරපුරෙන් වැඩමවන ලදැයි පැවසෙන ශ්‍රීමහා බෝධි ශාඛාවකි. පස්වෙනුව බෝධීන් වහන්සේ ඉදිරිපසින් වටය මීටර 16 ක් පමණ වූ උස මීටර 12 ක් පමණ වන ඝනඨාකාර ආකෘති ගත විශාල දාගැබක් බඳවා ඇත. සයවෙනුව ඊට නැගෙනහිර පසින් බුදු පිළිම වහන්සේ නමක් සහිතව විහාරගෙයක් ඉදිකරවා ඇත.

සත්වෙනුව දෙවියන් සඳහා තෙමහල් මන්දිරයක් හා ‍මුළුතැන්ගේ ගබඩා ගෙවල් ඉදිකර දිග්ගෙය කරවා ඇත. අටවෙනුව මහ දේවාලය ඉදිරිපසින් මීටර 175 කට පමණ දකුණු දෙසින් පත්තිනි දේවලය හා වල්ලිමාතාව සඳහා කෝවිලක් ද කරවා ඇත. නව වෙනුව සතර දෙස වාහල්කඩ ඉදි කරවා සීමාවන් නියම කර ඇත. දසවෙනුව දේවාලයේ තේවාවන් විධිමත්වන පරිදි හිඟ කාර්ය මණ්ඩල හා විශේෂඥ පුද්ගල පරම්පරා තම රජමහනුවරින් ගෙන්වා පදිංචි කරවා ඇත. අනතුරුව ඇසලමාසයේ පෙරහර කප්සිටුවා පහලොස්දවසක් පෙරහර කරවා ජය කෙහෙලි නංවා රජු ආපසු ගොස් ඇති බව කියවේ.

ආනන්දකුමාරස්වාමි ගවේශන අවදිය වන තෙක් (ක්‍රි.ව. 1900) ටැම්පිට විහාරයක්ව තිබූ පිළිම ගෙය සිඩ්නි එල්ලාවල බස්නායක නිළමේ යුගයේදී (1950 දී)එහි දැව තට්ටුව දිරා යන හෙයින් ඉවත් කර පිළිසකර කර අලුතින් පිළිමයක් තනවා ඇතිමුත් ප්‍රමාණය විශාල කර නැත.  ටී.බී. වීරසේකර බස්නායක නිළමේ යුගයේ වර්තමානයේ පෙනෙ දාගැබ දිරාගිය කපරාරුව ගලවා නැවත කපරාරු කර නව කොත්වහන්සේ නමක් පැළඳවීම මිස පසු කාලයක විශාල කළ බවට  කිසිදු තොරතුරක් නොමැත. එහෙයින් පුරාණයේ පැවති ප්‍රමාණාත්මක අගයයන් වෙනස්ව නැති බව සිතිය හැකිය.

මෙහි ඇති විශ්මය ජනක තත්ත්වය වන්නේ මුළු පරිශ්‍රය හා  සිද්ධස්ථානය ඉදිකරවා ඇති රජතුමා  ඒ සියල්ල කරවා ඇත්තේ මාස 10 ක් තුළ දී වීමය. මෙවැනි දැවැන්ත කාර්යයක් කරවීමටත් කළමණාකරනය කිරීමත් ජාතික වැඩ පිළිවෙලක් යටතේ මිස ප්‍රදේශීය ප්‍රධානයකුට හැකියාවක් නොමැත.  එහෙයින් යාපාමහ රජතුමා යනු ප්‍රාදේශීය ප්‍රධානියකු විය නොහැකිය.

මෙය කරවා ඇති කාලය වන්නේ 1582 ය.  1582 යනු සීතාවක යුගයේ ස්වර්ණමය අවදියයි. මේ වනවිට පළමු රාජසිංහ රජු පෘතුගීසින් යටතේ පැවති මූදුබඩ හැරෙනවිට මුළු රටේම ආධිපත්‍යය ලබාගන්නට සමත්ව තිබිණි. (ක්‍රි.ව.1521 -1593)  වනවිට  සිද්ධස්ථානයේ හාස්කම්  පිළිබඳ රාවය රට පුරා පැතිරගොස් තිබුණි. යුද්ධය දිනා දෙන ලෙස යදිමින් ඉන් පසුව අලුතෙන් දේව මන්දිරයක් ඉදි කරන බවටත්  රජතුමා විසින් භාරවී ඇති බව සියලුම මූලාශ්‍ර පෙන්වා දෙයි.

ඉතිරි විස්තර “සැඟවීගත් ඉතිහාසය 3 උග්ගල් අලුත්නුවර ” නමින් ඉදිරියේ එලිදක්වන ලිපියේ සටහන්වන බව සලකන්න.

පසු සටහන්

කන්දකුමාර සිරිතේ සඳහන්ව ඇති සේම කවිකාර මණ්ඩලයේ අදත්  ගායනවන කවි අතරිනි

            එකල් යාපා නිරිඳු යුදයට ගොසින් දෙවරක්                         පැරදුනේ

            සියල් සිව්රඟ සෙනග සමගින් තුන්වෙන්ව වඩිනා                     දිනේ

            මෙකල් මැදගම යන ගමේදී සක් නදක් අසමින්                        වනේ

            විපුල් රිවිකුල ප්‍රභාපති මේ කිමෙක් දැයි වදහල                       තැනේ

                                 මහත් වලියෙන්එගම දැනුමැති එක්කෙනෙක් ලොව පැවත        ආවේ

                                 දොහොත් මුදුනේ තබා නිරිඳුට අභිමුඛව මේ ලෙසට                  කීවේ

                                 සැපත් සිරිලක මගුල් ගෙය මෙන් දිගා ආසිරි ඔබට                 බෝවේ

                                  සවත් දෙවිඳුගෙ රන් අවියකට පරදේසියෙක් කරන                 තේවේ

           කියූ මෙතෙපුල් අසා නරනිඳු සිරිමුවෙන් වදහලේ                     මෙලෙසින

            ගමන යන මේ යුදෙන් ජය ගෙන සැපසේ ආවොත් මෙදෙවි         බලයෙන

            මෙතෙන දෙවිඳුට නුවර කරවා ගමක් පුදවා පඬුරු                         දෙවමින

            රැගෙන රන්පත් පනන් දහසක් පඬුරු බඳවා එරජ                        වැඩිතැන

                                  ගර්ජනා කර සිව්වරන් දෙවි කන්ද කුමරිඳු මවා              පාලා

                                  දුර්ජනා අසුරා දෙපළු කර නූනීතියත් පවත්                    වාලා

                                  වර්ජනා කර වඩින සව්සත එක්සනයෙන් දිවස්              ලාලා

                                  නර්තනා කර නීරෝහියෙන් මාලිගාවට වැඩම             වාලා

             දිමුත් යාපා එභූපා රජු සෙනග ගනිමින් වැඩම                        කරගෙන

            තුරුත් සිඳබිඳ මුළුත් උදුරා සතරවීදිය තනා                                අවටින

            මහත් නුගයක් බිඳී ගිනි ගෙන අළු ගොඩක් විය එදෙවි           බලයෙන

            සවත් දෙවිඳුගෙ මාලිගාවට ලකුණු මේ යයි බලා                      නුවනින

                                   බින්දවා තුරු මුළුත් උදුරා සතරවීදිය තනා                              අවටින

                                  ඉන්දවා කප සුබ මොහොත් ගෙන තනා දෙමහල් පාය               අවටින

                                 බන්දවා සත ආවැඩුන් දී රන් අවිය එහි වැඩම                        කරමින

                                  වන්දවා පුද පඬුරු සමගින් ගමුත් පුදවා එරජ වැඩි                     තැන

            තිරකර රන් අවිය දෙව් රුව                                 සැදි විමන

            මනහර රන් රිදී පුද                                        පඬුරෙන් පුදන

            නරවර එභූපා                                                කරවූ පුරවරුණ

            සිරිසර අළුත් මේ පුර                                    යසසින් දිලෙන

(මේ කවි උපුටා ගැනීම භාරතරත්න කපුනිළමේ ලබා දුන් “කන්දකුමාර සිරිත” පිළිබඳ අත්පිටපතෙනි. මේ කවි දේවාල කවිකාර මණ්ඩලයේ අද ද තේවා වලදී ගැයේ. උපුටා ගැනීමට අවසර දුන් මේ ඇත්තන්ට ස්තුතිය පළ කරමි. )

පුරාණ ලේඛනයේ මේ පුවත සඳහන්ව ඇති ආකාරය

“…..පන්සිය හතර අවුරුදු පිරී ගිය වරුසයෙහි ඇසලමස පුර සතවක් නම් තිථියලත් බ්‍රහස්පතින්දා උත්‍රපල්ගුණේ නැකතින් පාන්වූ හත්පෑ කාලෙන් දේවාලේ වැඩ සිද්ධ කරවන්ඩ වැඩ අල්වමින් දුනුමිටි පහක උස මළුව බන්දවමින්  දුනුමිටි පහලවක ඉඩම ගනිමින් සමභූමි කරවා ………….ඉල්මස පුරපසලොස්වැනි ගුරු දින පාන්වූ අටපෑ කාලෙන් මුලේ නැකතින්………..තුන්මාල්පාය කරවා දාගොබ විහාර වහන්සයක් කරවා දෙවියන් වහන්සේට කෝවිලක් කරවා තුන්මාල් ප්‍රාසාදයට පස්විසි රියන් දිග්ගෙය කරවා දන්මුළුතැන් ගෙවල් අතුළුව ගබඩා ගෙවල් කරවා පනස් සත් බඹයක් මළුව වට හතරස් පවුර බන්දවා සිව් දෙසට සතරවාහල් දොරකඩ කරවා උළුසුනු කර්මාන්තයෙන් නිමකර දේවාලෙ වට සතර දෙස වීදි ගෙවල් කරවා සතරමන් වාසල්කඩ සතරක් කරවා එහි දේවාලෙ ඉදිරිපිට පත්තිනි දේවාලෙ සිද්ධ කරවා ……… වෙසක් මස පුරතෙලෙස්වක ලත්බුද දින පාන්වූ නව පෑ කාලෙන් හතේ නැකතින් සිද්ධ කරවාපු දේවාලෙට දෙවියන් වැඩමවාපු සැටි නම්……….කන්දකුමාර දෙවියන් වහන්සේගේ ස්වර්ණායුද වැඩමෙව් සේක්වා……..කොට්ටයාකන්දේ වන්නිරාලට රන්මුදු ඇල්ලෙන් පහළ වුනු හළඹ දෙනම පත්තිනි දේවාලෙට වැඩමෙව් සේක්වා…………එම දේවාලෙ දහ අටක් තේවාව සිද්ධ කරන පිණිස…..හත්දෙනෙක්…….යාපාමහවාලස රජ්ජුරුවන්ඩ දුග්ගන්නා කමට පැමිණ සිටිය දෙන්නෙක්…කපුබත්වඩන නිල දෙකක්…” ආදී වශයෙන් පත් කළ නිළධාරි මණ්ඩලය පිළිබඳ විස්තර සහිතව දක්වන මෙම ලේඛනය ඉන්පසුව පිදවිලිගම් හා දේවාලගම් වලින් පුදවන ලද ඉඩමි විස්තර දක්වයි.  “…………. නින්දගං නවයක්………ඇතුළුව පිදවිලිගං   හතලිස් අටක් පුදවා ඇසලමස අවඅමාමාසය ගතව පෑලවිය ලත් බ්‍රහස්පතින්දා අම්‍රතයෝගවූ පුසේනැකතින් මෙම දින රෑවූ විසිතුන්පැයට ඉඳුරු දෙසට අභිමුව………..මඟුල්කප හිඳුවා පහලොස්දවසක් පෙරහර මංගල්‍යය සිද්ධ කරවා……………….දියකපන මංගල්‍යය සිද්ධ කර ජලනිරෝහියෙන් වැඩමකර……… (ලෙසින් උපුටා දක්වා ඇත්තේ 1954 සිට තමාට එළඹෙ වාරයේ අත්තනායක මොහොට්ටාල නිළමේවරයා උපුටා දැක්වීමට අවසර දෙමින් ලබාදුන් අත්පිටපතේ දැක්වෙන ලෙසිනි.) මේ අනුව මාස 10 ක්වැනි කෙටි කාලයක් තුළ පරිශ්‍රය මෙන්ම ගොඩනැගිලි කරවා පෙරහර ද පැවැත්වූ බව පෙනේ. මේ ලේඛනයේ දැක්වෙන ආකාරයට සමානව උපුටා දක්වා ඇති ලේඛනයක් මහාචාර්ය පුංචිබණ්ඩාරයන්ගේ  සොරගුණු දේවාල පුවතේද ඒ.එම්.කුලසිංහයන්ගේ උග්ගල් අලුත්නුවර වත කෘතියේද පූජ්‍ය කිරිඇල්ලේ ඤාණවිමල හිමිපාණන්ගේ සපරගමුවේ පැරණි ලියවිලිහිද වෙයි. සපරගමුවේ පැරණි ලියවිලි වල උපුටා දක්වා ඇත්තේ දේවාලයේ තිබී හමුවූ ‍ලේකම් මිටියේ උපුටනයක් සේ සඳහන් කරමිනි.

වැඩිදුර පරිශීලනය

  1. ජාතික කෞතුකාගාරය – සීමාසංකර විනෝදනී පුස්කොල ග්‍රන්ථයේ අග පිටු
  2. මධ්‍යකාලීන සිංහල කලා – ආනන්ද කුමාරස්වාමි
  3. සපරගමුවේ පැරණි ලියවිලි – පූජ්‍ය කිරිඇල්ලේ ඤාණවිමල ස්වාමීන්ද්‍රයන් වහන්සේ
  4. සිංහල විකි පොත්හි උග්ගල් අලුත්නුවර යටතේ ඇති ලිපි
  5. පෙරසිරිත සුරකින උග්ගල් අලුත්නුවර ලෙස මෙහි ඇති ලිපිය
About these ads

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / වෙනස් කරන්න )

sugv

Glory of a regional historical and sub cultural heritage

අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය

Glory of a regional historical and sub cultural heritage

බිත්තිය

Glory of a regional historical and sub cultural heritage

කුරුටු ගෑ ගී පවුර

Glory of a regional historical and sub cultural heritage

Sri Lankan Atheists| ලාංකික නිර්ආගමිකයෝ

Site dedicated for atheists, agnostics, secularists, humanists, free thinkers, rationalists, and skeptics of Sri Lankan origin.

විද්‍යා විජ්ජා | Science Magic

Glory of a regional historical and sub cultural heritage

Aru-ge adaviya

Just another WordPress.com site

Sinhala story Blog

for Sinhala readers

මගේ රට | My Country

Glory of a regional historical and sub cultural heritage

Glory of a regional historical and sub cultural heritage

Glory of a regional historical and sub cultural heritage

Thambaru's Blog

To be bloomed over the mud...

Open Minds! (formerly: Moving Images blog)

An opinionated Asian comments on media, science & development - NOTHING official about this!

Glory of a regional historical and sub cultural heritage

පඨිත

සමාජ විද්‍යා හා සංස්කෘතික අධ්‍යයන ශබ්දකෝෂය

Gold fish ගේ blog ටැංකිය

:) , :( , ;) , :o , අතර ♥ත් සමගින්...

Glory of a regional historical and sub cultural heritage

Glory of a regional historical and sub cultural heritage

Glory of a regional historical and sub cultural heritage

Glory of a regional historical and sub cultural heritage

Glory of a regional historical and sub cultural heritage

Just another WordPress.com site

මුතුහර

සාර සංග්‍රහය

මීදුම.

Glory of a regional historical and sub cultural heritage

බෞද්ධ තොරතුරු සංචිතය

“යෝ ධම්මං පස්සති සෝ මං පස්සති” යමෙක් ධර්මය දකී ද හේ මා දකී.

Glory of a regional historical and sub cultural heritage

Glory of a regional historical and sub cultural heritage

බළන්ගොඩ නගර සභාවේ නිල බ්ලොග් අඩවිය

ශ්‍රී ලංකාවේ පලාත් පාලන ආයතනයක් ආරමිභ කල පළමු බ්ලෝග් අඩවිය

M U R A G A L A

Archaeology, History, & Culture

ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary

පර්යේෂණාත්මක බ්ලොග්කරණයේ රැඩිකල් පැත්ත

විචාරකගේ අඩවිය - සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය - wicharaka.blogspot.com

~~~ පහන් යාය ~~~

Glory of a regional historical and sub cultural heritage

රතු රජරට

Glory of a regional historical and sub cultural heritage

.: මල් කැකුළු : Sri Lankan Kids :.

Glory of a regional historical and sub cultural heritage

හෙළයේ ඉතිහාසය

අපේ ඉතිහාසය කාලයේ වැලිතලාවෙන් වැසී යන්නට ඉඩ නොදී ඔබේ දෑස මානයට ගෙන ඒමට හෙළයේ ඉතිහාසය දරනා උත්සාහයට සහය දෙන්න

සංස්කාර විනිවිද

arts history archaeology films books

අරුණි ශපීරෝ‍ වෙතින්

ධනාත්මක චින්තනය හා දාර්ශනික සිතුවිලි

Follow

Get every new post delivered to your Inbox.

Join 89 other followers

%d bloggers like this: